The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවේ Uber රියදුරා දැන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දවාලන පන්දු යවන්නෙක්

T

The Leader Desk

January 26, 2024 • 3:38 PM

ඔස්ට්‍රේලියාවේ Uber රියදුරා දැන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දවාලන පන්දු යවන්නෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේදී පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවෙන් පාකිස්තානයට
  • මේ තරගමාලාවේදී පාකිස්තාන කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා බවට පත්වෙමින් ඔස්ට්‍රේලියානු පිතිකරු පෙළ කඩා බිඳ දැමූ මේ පන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ සිටි Uber කුලී රථ රියදුරෙක්.
  • ආමිර් ජමාල්ගේ මේ විශිෂ්ට හපන්කම වඩාත් විස්මයජනක කතාවක් බවට පත්වන්නේ ඔහු මීට වසර හයකට පෙර ඔස්ට්‍රේලියාවේ Uber රියදුරෙකුව සිටි බව දැනගත් විට.
  • තමාගේ පැරණි රැකියාව පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ප්‍රකාශයක් කරමින් ජමාල් මෙසේ කියා සිටියා: “පහේ ඉඳන් උදේ දහය හමාර වෙනකං මම මගේ පළමු වැඩමුරය වෙනුවෙන් ඔන්ලයින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්වුනේ තරග 3-0ක පරාජයක්.

නමුත් තම කණ්ඩායමේ පරාජයන් මධ්‍යයේ පන්දුවෙන් දීප්තිමත්ව සිටීමට 27 හැවිරිදි ආමිර් ජමාල් (Aamir Jamal) සමත් වුනා.

මේ තරගමාලාවේදී පාකිස්තාන කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා බවට පත්වෙමින් ඔස්ට්‍රේලියානු පිතිකරු පෙළ කඩා බිඳ දැමූ මේ පන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ සිටි Uber කුලී රථ රියදුරෙක්.

ආමිර් ජමාල්ගේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය වුනේ පර්ත් නුවර පැවති පළමු තරගය. එහිදී මේ මඳ වේග පන්දු යවන්නා පළමු ඉනිමේදී කඩුලු හයක් සමග සමස්ත තරගයේ කඩුලු හතක් ලබා ගත්තා.

getrt
ඉන්පසු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් කඩුලු පහක් බිඳ හෙලූ ඔහු සිය සුපිරි දක්ෂතාව සිඩ්නි නුවරටත් ගෙන යමින් තෙවැනි තරගයේදී තවත් කඩුලු හයක් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේදී ලබා ගැනීමට සමත් වුනා.

ආමිර් ජමාල්ගේ මේ විශිෂ්ට හපන්කම වඩාත් විස්මයජනක කතාවක් බවට පත්වන්නේ ඔහු මීට වසර හයකට පෙර ඔස්ට්‍රේලියාවේ Uber රියදුරෙකුව සිටි බව දැනගත් විට.

dgfse345
තමාගේ පැරණි රැකියාව පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ප්‍රකාශයක් කරමින් ජමාල් මෙසේ කියා සිටියා:


“පහේ ඉඳන් උදේ දහය හමාර වෙනකං මම මගේ පළමු වැඩමුරය වෙනුවෙන් ඔන්ලයින් ඉන්නවා. මේ අරගලය හරියටම වෙලාවට වැඩකරන ගතිය මා තුළ රෝපනය කළා. මම ජීවිතයේ දේවල් අගය කරන්න පටන් ගත්තා. වෙහෙස වී වැඩ කරලා හම්බ කරන ලෙසට ජීවිතය ඔබට බල කරන විට ඔබ යම් යම් දේවල් අගය කරන්න පටන් ගන්නවා.”


කුලී රථ රියදුරෙකු ලෙස ඔස්ට්‍රේලියානු ජාතිකයන්ව තැන තැන ගෙන ගිය පුද්ගලයෙක් අවසානයේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දවාලන පන්දු යවන්නෙක් බවට පත්ව සිටීම අරුමයක් නොවන්නේද?

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...