The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ICC දෝෂාරෝපණයට අභියෝග කරන්න කවාජා සැරසෙයි

T

The Leader Desk

December 23, 2023 • 10:47 AM

ICC දෝෂාරෝපණයට අභියෝග කරන්න කවාජා සැරසෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළු අත්පටියක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් කර තිබෙන දෝෂාරෝපණයට අභියෝග කරන බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා ප්‍රකාශ කරනවා.
  • පර්ත් නුවර පැවති ඔස්ට්‍රේලියා - පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කළු අත්පටියක් පැළඳ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් පාලකයින් වන ICCය පාකිස්තානයේ උපන් 37 හැවිරිදි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවාට තදින් දොස් පවරා තිබෙනවා.
  • “මම කළු අත්පටිය පැළඳ ක්‍රීඩා කළේ පෞද්ගලිකව වියෝවට පත්වීමක් නිසා බව ඔවුන්ට කීවා.
  • මම මෙය කළේ වෙනත් කිසිම හේතුවක් නිසා බවක් මම කිසිම විටෙක කියලා නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තානය ට එරෙහි ටෙස්ට් තරගයේදී තමා කළු අත්පටියක් පැළඳ සිටියේ “පෞද්ගලික වියෝ වීමක්” නිසා බවට ඔහු කියා තිබෙනවා.
පර්ත් නුවර පැවති ඔස්ට්‍රේලියා - පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කළු අත්පටියක් පැළඳ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් පාලකයින් වන ICCය පාකිස්තානයේ උපන් 37 හැවිරිදි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවාට තදින් දොස් පවරා තිබෙනවා.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවැත්වෙන යුද්ධයෙන් මිය යමින් සිටින පුද්ගලයන් වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කිරීම පිණිස ‘සියලු ජීවිත සමානයි’ – All Lives are Equal - සහ ‘නිදහස යනු මානව අයිතියක්’ – Freedom is a Human Right - යන පණිවුඩ පලස්තීන ධජයේ වර්ණවලින් තමාගේ ක්‍රීඩා පාවහන්වල ප්‍රදර්ශනය කිරීමටයි කවාජා මුලින් සැරසුනේ. නමුත් පර්ත් ක්‍රීඩාංගණයේ පැවති තරගයට එසේ පෙනී සිටීම ICCය විසින් වැළැක්වීමෙන් පසුව ඔහු කළු අත්පටියක් පැළඳ ක්‍රීඩා කළා.

4ddb1bd0 a05a 11ee 93ef 54406bf2d82bජගත් ක්‍රිකට් කවුන්සලයේ දෝෂාරෝපණයට තමා අභියෝග කරන බවත් තමාට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ නීති භාවිතයේ ස්ථිරභාවයක් බවත් කවාජා පවසනවා.

“මම කළු අත්පටිය පැළඳ ක්‍රීඩා කළේ පෞද්ගලිකව වියෝවට පත්වීමක් නිසා බව ඔවුන්ට කීවා. මම මෙය කළේ වෙනත් කිසිම හේතුවක් නිසා බවක් මම කිසිම විටෙක කියලා නැහැ. සපත්තු වැඩේ වෙනම දෙයක්. මම එහෙම කියන්නේ සතුටින්. අවසානයේ මම ඒ සපත්තු ඇන්දේ නැහැ. මම නීතිවලට ගරු කරලා ඒ ක්‍රියාව එතනින් නතර කළා” යනුවෙන් කවාජා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කියා සිටියා.

“නමුත් කළු අත්පටිය සම්බන්ධයෙන් ඔවුන් ගත් තීරණය ගැන මට තේරෙන්නේ නැහැ. මම ICCටත් ඔවුන්ගේ නීතිවලටත් ගරු කරනවා. මම ඔවුන්ගෙන් අසා සිටින්නේත්, ඔවුන්ට අභියෝග කරන්නේත්, ඒ නීති හැමෝටම එක සමාන හා සාධාරණ විය යුතුයි කියලයි. ඔවුන්ගේ ක්‍රියාකලාපයට ස්ථිරභාවයක් තිබිය යුතුයි කියලයි. මම ඉල්ලන්නේ එච්චරයි.”

             


ඔස්ට්‍රේලියා ක්‍රිකට් මණ්ඩලයෙන් හා ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් නියමිත පරිදි කළින් අවසර නොගෙන කවාජා පාකිස්තානයට එරෙහිව පෞද්ගලික පණිවුඩයක් ප්‍රදර්ශනය කර තිබෙන බව ICC ප්‍රකාශකයෙක් කියනවා.

අතීතයේ පැවති තරගවලදී ක්‍රීඩකයින් ICCයේ අනුමැතියකින් තොරව පෞද්ගලික පණිවුඩ ප්‍රදර්ශනය කර තිබෙන බවත් ඔවුන්ට සම්බාධක පනවා නැති බවත් කවාජා පෙන්වා දෙනවා.

“ක්‍රීඩකයින් ඔවුන්ගේ බැට්වල ස්ටිකර් අලවා තිබෙනවා. ඔවුන්ගේ සපත්තුවල නම් ගසා තිබෙනවා. මේ වගේ නොයෙකුත් දේවල් අතීතයේ කරලා තියෙන්නේ ICCයේ අවසරයක් නැතිව. ඔවුන් කිසිම කෙනෙකුට දොස් පවරලා නැහැ. මම දකින විදියට නීතිවල ස්ථිරභාවය තවම ක්‍රියාත්මක වෙලා නැහැ.”
කෙසේ වෙතත් තමා නැවත කළු අත්පටිය නොපළඳින බව උස්මාන් කවාජා සඳහන් කරනවා.

හිටපු ක්‍රීඩකයන්ගේ, පවුලේ සාමාජිකයන්ගේ හෝ අනෙකුත් වැදගත් පුද්ගලයන්ගේ මරණ සංකේතවත් කෙරෙන කළු අත්පටි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විටින් විට දකින්නට ලැබෙන සාමාන්‍ය දසුනක්. නමුත් ඒ සඳහා ජාතික ක්‍රිකට් මණ්ඩලයෙන් හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අවසරය අවශ්‍ය වනවා.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඊශ්‍රායලය සමග යුද්ධය ආරම්භ වූ තැන් පටන් මේ දක්වා 20,000කට අධික පිරිසක් මිය ගොස් තිබෙන අතර මේ ලේ ගැලීම නතර කරන ලෙසට ඉල්ලමින් කවාජා සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීව සිටියා.

4c51707f3bd5ba582fd6ca2147460946
ඔස්ට්‍රේලියා ක්‍රිකට් මණ්ඩලය කවාජාගේ කළු අත්පටියට හෝ ඔහුගේ පාවහන්වලට අනුමැතිය දී නැතත් තරග බිමේදී මේ පිතිකරුවාට ඔහුගේ පණිවුඩය බෙදා හැරිය හැකි ඇත්තටම ගෞරවාන්විත ක්‍රමයක් තිබේද කියා සොයා බැලීම පිණිස කවාජා සහ ජගත් ක්‍රිකට් කවුන්සලය සමග කටයුතු කරමින් සිටින බව ‘ක්‍රිකට් ඔස්ට්‍රේලියා’ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලී (Nick Hockley) පවසනවා.

ක්‍රීඩාව පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින්ට දේශපාලනික පණිවුඩ ප්‍රදර්ශනය සඳහා ඉඩ දීමේදී ICCය වරණාත්මක වී තිබෙනවා.

Black Lives Matter 2023
2020 වසරේ එංගලන්තය ට එරෙහි ටෙස්ට් තරගමාලාවක ‘කළු ජාතික ජීවිතත් වැදගත්’ – Black Lives Matter - යනුවෙන් සඳහන් ලාංජන තමන්ගේ කමිසවල පැළඳ ක්‍රීඩා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට අවසර දී තිබුනා.
කෙසේ වෙතත්, 2014 වසරේ එංගලන්තයේ පැවති ඉන්දියාව ට එරෙහි ටෙස්ට් තරගයක ‘ගාසා බේරගන්න’ – Save Gaza - හා ‘පලස්තීනය නිදහස් කරනු’ – Free Palestine - යන පණිවුඩ සඳහන් වළලු පැළඳ ක්‍රීඩා කිරීම එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ට තහනම් කර තිබුනා.

 

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ICC දෝෂාරෝපණයට අභියෝග කරන්න කවාජා සැරසෙයි | The Leader