The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පිට පිට තෙවැනි වසරටත් ලෝකයේ ලොකුම ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයා ඉන්දියාව - WADA

T

The Leader Desk

December 22, 2025 • 10:02 AM

පිට පිට තෙවැනි වසරටත් ලෝකයේ ලොකුම ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයා ඉන්දියාව - WADA

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඛණ්ඩව තෙවැනි වසරටත් ඉන්දියාව ගෝලීය ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ සිටින බව ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව එම රටට පිට පිට තෙවැනි වරටත් (hat-trick) ලැබී තිබෙන්නේ ක්‍රීඩාවේ සැක සහිත සලකුණක්.
  •   මේ සොයා ගැනීම් ඉන්දියාවට ප්‍රබල පහරක් වී තිබෙන්නේ ඔවුන් 2030 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමට සූදානම් වන බැවින්.
  • එය 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉන්දියාව ට ලබා ගැනීමට දරණ උත්සාහයේ පළමු පියවර ලෙස ඔවුන් සලකනවා.
  • බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් 43ක් ද, මල්ලවපොර ක්‍රීඩාවෙන් 29ක් ද තහවුරු වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (NADA) 2024 වසරේ එකතු කරගත් මුත්‍ර සහ රුධිර සාම්පල 7,113න් 260ක මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බව ජාත්‍යන්තර මුරබල්ලා ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් කියා සිටිනවා.

WADA doping og image

 

මේ සොයා ගැනීම් ඉන්දියාවට ප්‍රබල පහරක් වී තිබෙන්නේ ඔවුන් 2030 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමට සූදානම් වන බැවින්. එය 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉන්දියාව ට ලබා ගැනීමට දරණ උත්සාහයේ පළමු පියවර ලෙස ඔවුන් සලකනවා.

පසුගිය වසරේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ මලල ක්‍රීඩාවෙන්. එය 76ක්. බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් 43ක් ද, මල්ලවපොර ක්‍රීඩාවෙන් 29ක් ද තහවුරු වී තිබෙනවා.

 

cla2vsa4tsi67lc7vteg5m62sm 20240810134718.Mediරීටිකා හූඩා (Reetika Hooda)

ජූලි මාසයේදී, ඉන්දියාවේ වයස අවුරුදු 23න් පහළ මල්ලවපොර ශූරිය හා පැරිස් ඔලිම්පික් අර්ධ අවසන් පූර්ව ක්‍රීඩිකා රීටිකා හූඩා (Reetika Hooda) මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බවට ඔප්පු වූ අතර ඇයට තාවකාලික ක්‍රීඩා තහනමක් පනවනු ලැබුවා.

මේ මස මුල පැවති ඉන්දියානු සරසවි ක්‍රීඩා උළෙලේදී, මත්ද්‍රව්‍ය විරෝධී නිලධාරීන් පැමිණ සිටීම නිසා සෙසු තරගකරුවන් පළා ගොස් තිබීම හේතුවෙන් සමහර ජවන හා පිටිය ඉසව්වලට පෙනී සිට ඇත්තේ එකම එක ක්‍රීඩකයෙකු පමණක් බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 



බිලියන 1.4ක ජනතාවක් සමග ලොව වැඩිම ජනගහණයක් ඇති රට බවට පත්ව සිටින ඉන්දියාව ලෝකයේ අංක 1 ක්‍රීඩා මත්ද්‍රව්‍ය වරදකරු ලෙස 2022 හා 2023 වසරවලදී ද හංවඩු ගැසුනා. 2024 ලැයිස්තුවේ ඊළඟට වැඩිම මත්ද්‍රව්‍ය භාවිතය වන නඩු 91ක් වාර්තා වී තිබෙන්නේ ප්‍රංශ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්. ඉතාලිය 85ක් සමග තෙවැනි ස්ථානයේ පසුවනවා.මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට පරීක්ෂණවලදී ඔප්පු වූ අවස්ථාවන් 76 බැගින් වාර්තා වෙමින් රුසියාව හා අමෙරිකාව ලැයිස්තුවේ ඊළඟට සිටින අතර ඔවුන්ට පිටුපසින් ජර්මනිය (54) හා චීනය (43) සිටිනවා.

WADA වාර්තාව පළවීමෙන් පසුව ප්‍රකාශයක් කරන NADA, මෑත වසරවලදී ඉන්දියාව ඔවුන්ගේ මත්ද්‍රව්‍ය විරෝධී රාමුව සැලකිය යුතු අන්දමින් ශක්තිමත් කර ඇතැයි පවසනවා. “ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය තර්ජනය වැළැක්වීම පිණිස ඉන්දියාවේ NADA මත්ද්‍රව්‍ය විරෝධී පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර තිබෙනවා පමණක් නොව ඒ පිළිබඳ අධ්‍යාපනය හා දැනුවත් කිරීම ද වැඩිකර තිබෙනවා” යනුවෙන් ඔවුන් නිවේදනයක් මගින් කියා සිටිනවා.

දෙසැම්බර් 16 වනතෙක්, මේ වසරේ සිදුකළ පරීක්ෂණ සංඛ්‍යාව 7,068ක් බවත් එයින් 110ක් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට තහවුරු වූ බවත් NADA තවදුරටත් සඳහන් කරනවා.

AWdLqp e
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශරීර උත්තේජන මත්ද්‍රව්‍ය අසීමිතව භාවිතා කිරීම සම්බන්ධයෙන් සැලකිල්ල මතුකරමින්, මේ වරද නිවැරදි කරගන්නා ලෙසට ඉන්දියාව ට දන්වා මාස කිහිපයකට පසුවයි ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය මේ වාර්තාව නිකුත් කර තිබෙන්නේ. ඉන්දියාවේ මේ දුර්වල වාර්තාව පිළිබඳව IOCය සංඥා කිරීමෙන් පසුව ඉන්දියා ඔලිම්පික් සංගමය අගෝස්තු මාසයේදී නව මත්ද්‍රව්‍ය විරෝධී මණ්ඩලයක් පත්කළා.

මීට අමතරව, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ බලය ක්‍රියාත්මක කිරීම වැඩි කිරීම, පරීක්ෂණ පහසුකම් වර්ධනය කිරීම හා උසස්ම මට්ටමින් අවංකත්වය තහවුරු කිරීම පිණිස ඉන්දියා රජය නව ජාතික මත්ද්‍රව්‍ය විරෝධී පනතක් සම්මත කර ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...