The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චමරි WPL තරගාවලියෙන් ඉවතට

T

The Leader Desk

February 19, 2025 • 6:19 AM

චමරි WPL තරගාවලියෙන් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ එක්වීමටය.
  • ඊට පෙර පෙබරවාරි 27 වැනිදා සහ 28 යන දෙදින තුළදී ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් වෙනුවෙන් එක්වේ.
  • චමරි නියෝජනය කරන්නේ අප් වොරියර්ස් කණ්ඩායමයි.
  • ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ එක්වීමටය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 4 වැනිදා පැවැත්වීමට  නියමිතය.

ඊට පෙර පෙබරවාරි 27 වැනිදා සහ 28 යන දෙදින තුළදී ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් වෙනුවෙන් එක්වේ.

ඒ අනුව මේවනවිට කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ අවසන් අදියරට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට නියමිතය.

chamari athapaththu leave wpl 18 02 2025

චමරි නියෝජනය කරන්නේ අප් වොරියර්ස් කණ්ඩායමයි.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යන අතර පෙබරවාරි 27 සහ 28 පුහුණු තරග දෙකකට එක්වනු ඇත.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරග දෙක මාර්තු 7 සහ 9 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 14,16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වේ.

| adaderana

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...