1200 x 80 DMirror

 
 

සිංහල ජාතිය නිර්මාණය වුයේ ගෝත්‍ර සහ වංශ අතර වු ඒකාබද්ධතාවයකිනි. ගෞතම  බුදුරදුන් විසින් ගෝත්‍ර එකමුතුවකට මඟ පෑදු අතර, පණ්ඩුකාභය රජතුමා විසින් එම ගෝත්‍ර සමඟ වංශ එකාත්මික කිරීමෙන් එක්සත්

සිංහලත්වයට මඟ විවර කළේය.

ගෝත්‍ර වලට වඩා වංශ සංස්කෘතිකමය වශයෙන් බලවත් වේ. වංශයක් බිහි වනුයේ මානව සමාජයක පාරිශුද්ධ ජාන බන්ධයක ප්‍රතිඵලයක් ලෙසය.

“වංශ වාදය“ පසු කලෙක අතිශය පටු සංකල්පයක් වුව ද පරම්පරානුගතවාදී ජන සමාජයේ වංශවාදය අතිශය වැදගත් කාර්ය භාරයක් සමාජයට ඉටු කළේය. මන්ද වංශ විසින් සම්ප්‍රද්‍රයන් තහවුරු කරනු ලැබ තිබීමයි.

ඒ අනුව එකී වංශයෙහි ආරක්‍ෂාව එකී සම්ප්‍රදායේ රැකිම තුළ තහවුරු වුයේය. එයින් සමාජයට සාර සම්ප්‍රදායන් උරුම විය. ඒ අනුව සිංහ වංශ සම්ප්‍රදාය සහ ශාක්‍ය වංශ සම්ප්‍රදාය සිංහල ජාතියට මූල සම්ප්‍රාදය වුයේය.



එලෙසම සිංහල සිරිත රැක ගැනිම සඳහා එහි රාජ්‍යයත්වය වෙනුවෙන් පසු කාලිනව මෞර්ය වංශය, ලම්බකර්ණ වංශය, චන්ද්‍ර වංශය, කළිඟු වංශය, බෝධි වංශය, වන් විවිධාකාර වංශයන් විත් සිංහලත්වය හා තත්වාරෝපිත වුයේය. මෙම විවිධාකර වංශයන් එක් එක් සමයන්හි ලාංකික ඉතිහාසය නිර්මාණ කළේය.



මේ සෑම වංශයකම ආරම්භයකු හෝ උත්තරීතරයෙකු හමුවේ. ඔහු හෝ ඇය විසින් මහා සම්ප්‍රදායක් තනා තනනු ලැබ තිබේ. බොහෝ වංශ තම උපරිම කාර්යය සිදු කිරීමෙන් ඉක්බිතිව අතුරුදහන්ව යෑම ද විශේෂ සිදුවිමකි. අවසන බොහෝ වංශ ඉතිහාස මුද්‍රාවක් වි අනිත්‍යාතවය පසක් කර තිබේ.

වංශානුගත ඉතිහාස පෙළපතක උරුමය ඇති ශ්‍රී ලාංකික ගිහි සමාජය මෙන්ම පැවීදි සමාජයද ස්ථිර ලෙසම වංශානුබද්ධ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මන්ද ශ්‍රී ලාංකික සාමාජිය සියළු ගෝත්‍රවල නායකත්වය එම ගෝත්‍රය මත සංස්කෘතික සම්ප්‍රදාය තහවුරු කළ වංශය සතුවුහ.

නාග ගෝත්‍රකයන් තුළ පවා යක්ෂ, රාක්‍ෂ වන් කුමන ගෝත්‍රයක වුවද කතාව එයමය. පසු කලක මෙම ගෝත්‍ර කුල ලෙස වඩා චූල මුලයන් වලට බෙදී ගිය ද එම කුල මුලයන්හි පවා ප්‍රභූත්වය වංශ ආධිපත්‍ය විසින් දරන අයුරු නිරික්ෂණය කළ හැකිය. එය අපුරු එෛතිහාසික ගලායාමකි.



ශ්‍රී ලාංකික වංශ කතාවෙහි කතිකාව බුදු දහම සමඟ අනුරූප විම දෙවනපෑතිස් රජ සමයත් සමඟ දක්නට හැකිය. විශේෂයෙන් දුට්ඨගාමිණි අභය රජ (ක්‍රී: පූ : 161 - 137 ) ගේ විජයග්‍රහණය සමඟ බෞද්ධත්වය දේශපාලනික මුද්‍රාවක් වු අතර, සේන සහ උදය රජ පරම්පාරාව එය තවදු තහවුරු කළහ. ඉන්පසු දක්නට හැකි විශේෂයක් වනුයේ වංශ වඩාත් බෞද්ධ ඥාතිත්වයක් තම වංශයට අරෝපණය කර ගැනීමය.


ඒ අනුව ලාංකික වංශ කතාබහ අතර, සුලභ වංශ අතර එක් දුර්ලභ වංශයක් අපුර්ව සම්ප්‍රාදයක් තහවුරු කළේය. ලාංකික ඉතිහාසවේදින් සිංහ, ශාක්‍ය, මෞර්්‍ය, ලම්බකරණ, කළිඟු, නායාක්කාර වන් විවිධාකාර වංශ ගැන කතිකා කොට ඇත.



 “මෙහණවර වංශය“


නමුදු ඉතිහාසය කතා බහේ “මෙහණවර වංශය“ අප්‍රකටය. මෙහණවර වංශය අප්‍රකට වුව ද එය ලක් ඉතිහාසයේහි අතිශය ප්‍රකට භූමිකාවකට නායකත්වය ලබා දුන් වංශයකි. මාතෘ රාජ සිරිත තහවුරු කිරීමේ භූමිකාව තහවුරු කළ වංශය ලෙස ද “මෙහෙණවර වංශය“ අතිශය වැදගත්ය.

පියාගෙන් පුත්‍රයාට හෝ දෙටු සොයුරාට ලෙස සංකේන්ද්‍රණය වු සිංහල රජ සිරිත මව් පාර්ශවය හරහා කේන්ද්‍රගත වීම සඳහා මෙහණවර වංශයහි ආධිපත්‍ය ප්‍රබල දායකත්වය සැපයීය.

ක්‍රි : පු : 236 දී ලක්දිවට ජයශ්‍රී මහා බෝධිය වැඩමවීම සමඟ බෝධි වංශික පරපුර මෙහි පැමිණියහ. බෝධි කුමරුන් එතැන් පටන් බෝධි වංශය නම් සම්ප්‍රාදයක් ගොඩනැගීය. සමුද්‍ර ගුප්ත නම් මෞර්ය කුමරකු බෝධි Screenshot 2022 02 05 at 4.38.57 PMවංශයෙහි ලක්දිව ආරම්භකයාය.

ඔහු සහ පිරිවර ශ්‍රී මහා බෝධිය භාර මහා ධූරධාරීන් බවට පත්ව, අනාගත රාජ දේශපාලන සම්ප්‍රාප්තියට මුල පිරුවේය. එම වංශය බෞද්ධයත්වය පුර්ණව අරෝපණ කරගත් වංශයක් විය.

ඒ අනුව බෝධි වංශ කුමරෙකු තම වංශය ඉක්මවා යාහැකි පුර්ණ බෞද්ධත්ව වංශයකට උපත දීමේ අසිරිමත් නිර්මාණයක් ගැන සිත යොමු කළේය. ඒ සිතුවිල්ල සිතට ගනුයේ බෝධි ගුප්ත කුමරුය. ඔහු බෝධිවංශයට වෙනම වැඩෙන්නට ඉඩදි නව වංශයකට උපත දීමේ ජානමය නිර්මාණයට යොමු වුයේය.

 


ශ්‍රී මහා බෝධිය රාජ සංකේතය වු කළ බුදු දහම සිංහල ජන ජීවිතයට මුසු වු කළ බෝධි ගුප්ත කුමරුගේ සිතුවිල්ල වඩාත් අනගතවාදී විය.  ඒ අනුව බෝධි ගුප්ත කුමරු සංඝමිත්තා මහ රහත් උත්තමාවිය විසින් පිහිටුවාලු මෙහණවරක මහණව සිටි මෙහෙණින් වහන්සේ නමක සමඟ ආලයෙන් එක් වුහ. බෝධිගුප්ත කුමරුන් සහ මෙම තෙරණියගේ ආදරය දළුලා වැඩෙන්නට විය. ඒ ලාංකික ඉතිහාසයට නව්‍ය ජානමය වංශයක උපතක පෙරනිමිති දකිමින්ය.



මෙහණවරින් රැගෙන සහවාස වු මව් පරපුරින් පැවත එන බැවින් මෙම වංශය ස්ව නාමය “මෙහෙණවර වංශය“ ලෙස නම් ගත කොට ඇත.  ඒතුළ ඔවුන්ගේ ස්ත්‍රීවාදී චින්තාව ද දිස්වේ.

අනෙක් අතින් ලක්දිව මව් පාර්ශවය හරහා රාජ්‍යයත්වය ගලාගිය ස්ත්‍රී සම්ප්‍රදාය සඳහා මුලික භූමිකාව මෙහෙණවර වංශයෙහි දායකත්වයෙන් සිදු විම විශේෂිතය. එමෙන්ම පිය ජානයෙන් ශ්‍රි මහා බෝධි වංශය ද මව් පරපුරින් තෙරණියවක සිටි ජානමුසුවෙන් ද සැදුම්ලත් වීම ද බෞද්ධ රාජ්‍ය මුද්‍රාවකට උචිත වුයේය.

අනුරාධපුර සමයේදි ආරම්භ වු මෙහෙණවර වංශය ගම්පොල යුගය නිර්මාණය කොට තම වංශයෙන් කුමාරවරු රාජය්‍යත්වයට ඔසවා තැබුහ. නමුත් මෙම වංශයෙහි විශේෂත්වය නම් පුරුෂයන්ට වඩා ස්ත්‍රී කුමරියන් සැම විට ප්‍රබලයන් විමය.

තම දීර්ඝ ගමනෙහි ප්‍රර්ථනාව පූරණය කර ගැනීම විෂයෙහි මෙහෙණවර වංශයට බලගතු රජ කුමරු ඇවැසි විය. ඔවුන් එය ඉටු කර ගනුයේ මලයාලි පරපුරකින් ලක්දිවට ගොඩබට සේනාධීලංකාර වංශය සමඟ එක් විමෙනි.

ඒ අනුව මෙහෙණවර වංශ සුනේත්‍රා දේවිය ළැමනි ජයමහලෑන සමඟ එක් වී සවැනි පරාක්‍රමබාහු බිහි කළාය. ඔහු ක්‍රි . ව. (1412 -1467) රාජ පදප්‍රාප්ත ව ලක්දිව සිංහල රජ සිරිත සවිමත් කළේය. ඒ මෙහෙණවර වංශයෙහි කූටාප්ප්‍රාප්තියය. එමෙන්ම බෝධි ගුප්ත කුමරුගේ තෙරණි ප්‍රේමයේ අග්‍රඵලයය.


සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

Leader Whats app

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58