වියට්නාමයේ ඩැන්නොග් පළාතේ පසුගියදා පැවැති ‘Miss Business Global -2023’ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නදීශා මධුමාලි දිසානායක ‘ගෝලීය උරුම ව්‍යාපාරික රැජින 2023’ කිරුළ

හිමිකරගැනීමට සමත්වූවාය.

රටවල් 28 ක විවාහක හා අවිවාහක තරගකාරියන් 28 දෙනකු සමග තරගවැදි ඇය මෙම කිරුළ හිමිකර ගෙන තිබේ. 

2022 වසරේ මෙරටදී පැවැති ‘Mrs Business Blobal Sri Lanka’ තරගාවලියේ කිරුළ හිමිකරගැනීමෙන් පසු මෙම තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවුණි. මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස තිළිණි ද සිල්වා කටයුතු කර තිබේ.

ජයග්‍රහණය පිළිබඳව නදීශා පැවැසුවේ මෙවන් අදහසකි.

“මම අධ්‍යාපන ආයතනයක කළමනාකාරවරියක ලෙස කටයුතු කරනවා. ඒ නිසා තමයි මට මේ තරගයට යන්න සුදුසුකම් ලැබුණේ. රටවල් 28 ක තරගකාරියන් 28 දෙනකු සමග තරගවැදීමෙන්දී ඔවුන් හරිම නිහතමානීව හා බොහොම මිත්‍රශීලීව එකිනෙකාට උදවු කිරීම විශේෂත්වයක් වුණා. බොහෝ ප්‍රශ්න මැද මෙවැනි තරගාවලියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිරුළක් හිමිකරගැනීමට හැකිවීම ගැන මට ඇත්තේ ලොකු සතුටක්.

මම බොහොම කෙටි කාලයකින් සියලු‍ දේ ඉගෙන ගෙන මෙම තරගයට සහභාගි වුණේ. මගේ අම්මා, තාත්තා, නංගී, මල්ලී වගේම මගේ සැමියාගේ අම්මා, තාත්තා, අක්කා මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ හැමෝටම මම ස්තූති කරනවා. ඒ වගේම  මගේ පිටුපස සිටිමින් මට විශාල ශක්තියක් වුණේ පුෂ්පා රම්‍යානි සොයිසා. ඇයට බොහොම පින්.

ඉදිරියේදී මම විවාහක ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මා දිනාගත් මේ කිරුළ ප්‍රයෝජනයට අරන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ තැනකට යන්න කටයුතු කරනවා. ඒ වගේම හැම කාන්තාවකටම පුංචි ව්‍යාපාරයකින් හෝ පටන්ගෙන ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්න දැනුවත් කිරීම තමයි මගේ එකම අරමුණ. මේ කිරුළ ඒ සඳහා මම යොදාගන්නවා.“ යැයිද කීවාය.

5 79
(lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්