ඔස්ට්‍රේලියාවේ 'යුනයිටඩ් සෝලා ගෲප්' සමාගම විසින් ඉදිකිරීමට නියමිත මෙගාවොට් 700කින් සමන්විත සූර්යය බලශක්ති ව්‍යාපෘතියෙන් විදුලිය

මිල දී ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, මෙගාවොට් 1,500 බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙම සූර්යය බලශක්ති ව්‍යපෘතිය කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඉදිකිරීමට නියමිත බවයි.

අදාළ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය කංචන විජේසේකර ගේ X සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

WhatsApp Image 2023 12 12 at 12.40.03

මෙගාවොට් 134ක විදුලිබල සැපයුමක් ලබා දීමට හැකි වන පරිදි කිලිනොච්චිය පූනකරි වැවෙහි බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම පිණිස ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා එනර්ජි එස් එල් පෞද්ගලික සමාගම විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100%ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණු අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යෙදවීමට වෙන් කිරීමට යෝජනා වී තිබුණි.

යෝජිත ව්‍යාපෘතියෙහි කොටසක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5ක පිරිවැයක් යටතේ මුහුදු ජලය ඇතුළුවීම වැළැක්වීම සඳහා පූනකරි වැව වටා අමුණු 03ක් ඉදි කර එම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘති යෝජක සමාගම විසින් යෝජනා කරනු ලැබ ඇත.

ඒ වෙනුවට එම වැවේ නොගැඹුරු ප්‍රදේශයෙන් අක්කර 1,080ක් මෙගාවොට් 700ක සූර්ය බලාගාරය ස්ථාපිත කිරීම සඳහා වසර 35ක බදු ගිවිසුමක් මත එම සමාගම වෙත ලබා දීමට මීට පෙර උතුරු පළාත් සභාව, උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබුණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්