පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊට අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් සහ දේපල බැංකු සහ මුල්‍ය ආයතන විසින් පවරා ගැනීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

එම ව්‍යාපාරිකයින් අවස්ථා කිහිපයකදී පරාටේ නීතිය හේතුවෙන් තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබදව අධිකරණ අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  අවධානය යොමු කළ අතර, ඒ අනුව ව්‍යාපාර සිදු කිරීමේදී ඔවුන්  මුහුණ පා ඇති දුෂ්කරතා අවම කරමින්  කිසියම් සහනයක් සැලසීම මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ අරමුණ වී තිබේ.


සබැඳි පුවත් :
බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්