කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් පසුගිය සතිය අවසානයේ වාර්තා විය.

ඒ අනුව පසුගිය 7 වෙනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා විය.

එමෙන්ම S&P SL 20 දර්ශකය ඒකක 47.15කින් ඉහළ ගොස් ඒකක 3,147.45ක් ලෙසින් සටහන් විය.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ මාස 5කට පසුව වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 05 දින එසේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා ගියේය.

එදින බැංකු හා මූල්‍ය සමාගම් දෙකක කොටස් කෝටිය ඉක්මවා අලෙවි වී තිබූ අතර ලක්ෂ 50කට වැඩියෙන් ද මූල්‍ය හා බැංකු කොටස් අලෙවි වූ ආයතන කිහිපයක්ද විය.

(silumina.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්