පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.



කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඒ බව තහවුරු කරයි.

බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක්ව තිබේ.

ඔවුන් අද අලුයම 03 යි 15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්  ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව 'නෙත් නිවුස්'  වාර්තාකර තිබේ.

බැසිල් රාජපක්ෂ එසේ විදේශගතවීමට පෙර අලුතින් ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පිළිබඳ මීළඟ නායකයා ලෙස බැසිල් රාජපක්ෂ ගෙන ඒමට සූදානම් වීමත් සමග එම පක්ෂය තුළ බරපතල ගැටුම්කාරි ගැටුමක් ඇති වී ඇති බව 'ඩේලි මිරර්' වාර්තා කරයි.

පසුගිය මැයි දින රැලියට බැසිල් රාජපක්ෂ ට කැපී පෙනුණ පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන් ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇතැයිද සඳහන්ය.


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්