මෙවර අයවැයට සහාය ලබා දුනහොත් සිය පාක්ෂිකයින්ගෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන්ම පක්ෂය ප්‍රතික්ෂේප වියහැකි බව පොදුජන පෙරමුණේ

ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

පක්ෂ සම්මේලනය මෙන්ම අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මේ කාරණේ ගැන සාකච්ජා කර ඇති බවයි  වාර්තා වෙන්නේ.

පසුගිය වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා මෙවර අයවැය ලේඛනයට ද ඉදිරිපත් වීම තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි ද ඔවුන්ගේ  අවධාරණය යොමුවී  තියනවා.

එම නිසා අයවැයට සහය දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා සිටින තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ද එහිදී යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් අයවැය ඡන්ද විමසීමට පෙර ජනාධිපතිවරයා සමඟ මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ද එම මන්ත්‍රීවරුන් පිරිස පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම හමුවේ දී ඉදිරි මැතිවරණයක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙනවා. 

(asianmirror.lk)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්