දෙසැම්බර් 31 වෙනිදා මීයා ටෙලිනාට්‍යයේ සුවි‍ශේෂ සිදුවීමක් තිබුන.

ඒ තමයි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන චින්තන ධර්මදාස යට ඇඳුම ගලවන ජවනිකාවක් එයට ඇතුලත් වීම. 

මෙතෙක් ලාංකේය ටෙලි චිත්‍රපට ඉතිහාසයේ කිසිම අධ්‍යක්ෂවරයෙක් තිරය මත යටඇඳුම් උනා දමා නැති නිසා මෙය ඓතිහාසික සිදුවීමක් වේවි.

චින්තන ධර්මදාස විසින් මෙසේ යටඇඳුම් උනා දමන්නේ ඔහු එහි චරිතයක් නිරූපණය කරන නිසා නෙ‍ාවේ. අරගලය සම්බන්ධ සිදුවීමකදී එහි නිළිය (තිවංකා) එහි ප්‍රධාන චරිතයක් වන මෝඩ තරිඳුට (ධනුක) අධ්‍යක්ෂවරයා විසින් යටඇඳුම් උනාදැමීමේ සිදුවීම පෙන්නනවා. 

මේ සිදුවීම ඇත්තටම අරගලයේ සිදුවුනු දෙයක් වන අතර චින්තන ධර්මදාස විසින් රාජපක්ෂ රෙජීමයට විරුද්ධව යටඇඳුම ගලවා පාර්ලිමේන්තු වැටක එල්ලනු ලැබුවා. මේ නිසාම අරගලයට ‘ජංගි අරගලය’ නම් විරුදාවලියක්ද ලැබුනා.

කෙසේ වෙතත් උපහාසයට වගේම අපහාසයටත් බඳුන් වූ මෙම ජංගිය උනා දැමී‍මේ සිදුවීම චින්තන ධර්මදාස විසින් රූපවාහිනී තිරය හරහා ලංකාවේ සෑම සාලයකටම ගෙනැවිත් තිබුනා.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්