තවත් ටික දවසකින් අමුතුම සිනමා නිර්මාණයක් කරන්න දේශපාලනයට සම්බන්ධ පිරිසක් සැරසෙන බවට වාර්තා වෙනවා.


ඒ අපේ හිටපු ජනකාන්ත නළු විජය කුමාරණතුංගයන් ගැන බවයි කියන්නේ. 

මෙතෙන්දි වෙන්න යන්නේ විජයගේ චරිත කතාව සිනමාවට නැගීමයි. 

දේශපාලනය හා කලාව මිශ්‍ර චරිතයකට හිමිකම් කියූ විජය සම්බන්ධයෙන් මේ නිර්මාණය කරන්න ඔහුගේ ආදරණීය බිරිඳ වූ හිටපු ලොකු නෝනාගෙනුත් අනුමැතිය ලැබිලයි කියලයි ආරංචි. 

චිත්‍රපටයේ විජයගේ චරිතය නිරෑපණය කරන්න තෝරාගෙන තියෙන්නේ එයාගේ සමීපතම ඥාතියෙක් වන හිටපු මන්ත්‍රී රන්ජන් කියලත් තතු දත් අය කියනවා.

rajnastrrhb copy

දැනට අවුරුදු 35කට විතර කලින් අපෙන් සමුගත් විජය නැවතත් සිනමාවට කැඳවන්නේ එක්තරා දේශපාලන ව්‍යාපෘතියක පියවරක් හැටියට කියලත් සමහරු සැක පහළ කරනවා. 


ඒ වගේම මේ සිනමා සිත්තම නිෂ්පාදනය කරන්නේ අපේ රටේ බොලිවුඩ්හි නම් දැරූ සිනමා නිර්මාණ ගණනාවක් කරපු ශ්‍රී ලාංකික නිෂ්පාදකයෙක්ලු. එයත් දැන් අපේ රටේ දේශපාලනය ගැන උනන්දු වෙන බවයි ඇතැමුන්ගේ මතය. 

කොහොම නමුත් විජය නැවත කරළියට කැඳවීම ගැන කොළඹ දේශපාලන අග නගරේ නොයෙක් රසකතා ගෙතෙමින් පවතිනවා.



(deshaya.lk- සංජීවිකා සමරතුංග)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්