විපක්ෂයේ සිටින මන්‍ත්‍රීවරියන් දෙදෙනකු ඇතුළු මන්ත්‍රීන් හතර දෙනෙක් පමණ ඉදිරි මාසය වන විට

රජයට සහාය දීම සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි 'ඉරිදා දේශය' පුවත්පත වාර්තා කර තිබේ.

ඒ පුවත් වාර්තාවට අනුව, මෙම මන්ත්‍රීවරියන් දෙදෙනාම දැනට තමන් සිටින පක්ෂ ගැන කලකිරීමට පත්ව දැඩි නිහඬ බවක් පළ කරන දෙදෙනෙකි.

එසේම රජයට සහාය දීමට යන සෙසු විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනාම ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීන් බව දැනගන්නට තිබේ. මෙයින් එක් අයෙක් දැනටමත් තමන්ගේ දේශපාලන පිටිය සඳහා සුබ නැකැත් බැලීමක්ද සිදුකර ඇතැයි කියැවේ.

රජයට සහාය දුන්න ද ඒ වෙනුවෙන් මේ අයට අමාත්‍ය පදවි හෝ රාජ්‍ය අමාත්‍ය පදවි හිමිවේද යන්න ගැන මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

(උපුටා ගැනීම- deshaya.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image