මේ ළඟදි එක්තරා දේශපාලන පක්ෂ නායක සයිස් මහත්තයෙක් බොහොම ප්‍රබල ඈත රටක සංචාරයෙ යෙදුණා...

මෙතුමාගෙ සංචාරය සූදානම් කළේ උන්නැහේගෙ පක්ෂයට ළඟදි එකතුවෙලා පට්ටමක් ගත්ත තරුණ ගුණ-වර්ධන කෙනෙක්ලු.

ඉතින් මේ නායකතුමා ඒ රටට ගියාම පිළිගැනීම් සංවිධානය කිරීම රාත්‍රී භෝජන සංවිධානය කිරීම සේරම පැවරුණේ ඔය තරුණ සංවිධායකවරයට. උන්නැහේ ඒ සඳහා හුඟක්ම මහන්සි වුණත් ඒ කියන විදියට පිළිගැනීම් හෝ රාත්‍රී භෝජන සංවිධානය කරගන්න අමාරු වුණාලු...

අන්තිමේදි ඒ වැඩේ කරගන්න මේ තරුණ සංවිධායකතුමා දේශපාලන ගැටයක් ගැහුවා.. ඒ අනුව එයා ඒ රටේ අය අතර ප්‍රචාරය කළා මෙතුමා තමයි ඊළඟ ඡන්දෙන් පස්සෙ අහවල් තනතුරට යන්නෙ.. ඒක ඉර හඳ වගේ ස්ථිරයි වගේ නොයෙක් කතා...

මේ කතා ප්‍රචාරය කරලා ඊළඟට පිළිගැනීම් හා රාත්‍රී භෝජන සංග්‍රහ යෝජනාව ගෙනාවලු.

ඒ කතාව ගියා විතරයි... ඔන්න එච්චර කල් භෝජන සංග්‍රහ පිළිගැනීම්වලට අදිමදි කරන අය පෝලිමේ ආවලු මේ දේශපාලන නායකය පිළිගන්න.

(deshaya.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්