අරුණලු පතිත වන්නේ ඝණදුරු රාත්‍රිය හමාර වීමෙන් අනතුරුවය.



මේ මොහොතේ අපේ මූලික පැවැත්ම පවා අභියෝගයට ලක්විය ඝනදුරු රාත්‍රියක අතරමං වී සිටිමු.

මේ අන්ධකාරයේ රාත්‍රියේ කෙළවර කොහි දැයි නොදනිමු. එහෙත් එපමණකින් අරුණෝදේ ප්‍රාර්ථනාව අප කෙරෙන් දුරුව යන්නේ නැත.


ගණ අඳුර සහ ජනමාධ්‍ය:


ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය මේ ගණ අඳුර උදාකර ලීමට බොහෝසෙයින් දායක විය හැකි බව බවට සැක නැත.

අනෙක් අතට බොහෝ අවස්ථාවන්හිදී බලයට පත්වූ ආණ්ඩු නිදහස් ජනමාධ්‍යයේ හුස්ම හිර කිරීමට දායක වි ඇත.

ජනමාධ්‍ය ග්‍රහකයන් වූ අප නිසරු පක්ෂග්‍රාහී සහ භේදකාරී මාධ්‍ය අන්තර්ගතය මහත් රුචියෙන් අනුභව කොට ඇත්තෙ මු.

මේ සියල්ලේ එකතුව විදුලිය කපා හැරීම්, ගෑස් හිගය, පාර්ලිමේන්තු නාටක සහ දැරිය නොහැකි ජීවන වියදම තුළින් පිළිබිඹු වන ආකාරය වටහා ගැනීමට දැන් කාලය එළඹ ඇත.


විචාරාත්මක ජනමාධ්‍ය පද්ධතියක්:


නිදහස් සහ විචාරාත්මක ජනමාධ්‍ය පද්ධතියකින් තොර ව කිසිදු රටකට සාධාරණ හා යුක්ති ගරුක සමාජයක් බිහි කරගත නොහැක.

මෙම තත්වය හමුවේ සාධාරණත්වය හා යුක්තියට පණ පොවන ජනමාධ්‍ය පද්ධතියක් බිහි කර ගත යුතුව ඇත.



කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම්:


 මේ සඳහා කෙටිකාලීනව පළමුකොට ජනමාධ්‍යයට කර්මාන්තයක් ලෙසින් පැවතීම සඳහා වැඩපිළිවෙළක් සම්පාදනය කර ගත යුතුව ඇත.  

ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් කප්පාදුව නිසා ඔවුන් මහත් දුෂ්කරතාවට පත්ව සිටින අතර ජනමාධ්‍ය ආයතන වලට විදුලි කප්පාදුව, ඉන්ධන හිගය, වෙළඳ දැන්වීම් ලැබීම අඩුවීම සහ මුද්‍රණ කඩදාසි  හේතුවෙන් කර්මාන්තය බිඳ වැටීමේ අවදානම මතුවී තිබේ.

මේ සඳහා ඉක්මන් හා කෙටි කාලීන විසඳුම් සොයා ගත යුතුය.

මධ්‍යම කාල සීමාවක් තුළ සමස්ත ජනමාධ්‍ය පද්ධතියම විවරණයකට ලක් කොට නිදහස් ජනමාධ්‍ය පරිසරයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගත යුතුව ඇත.  

විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන මාධ්‍ය අධිකාරියක් පිහිටුවීමත් පවතින ජනමාධ්‍ය ආයතන වල මූල්‍ය ප්‍රභවයන් හොයා බැලීම සඳහා විගණනයක් පැවැත්වීමත් අත්‍යවශ්‍ය පියවර වේ.

දිගුකාලීනව ජනමාධ්‍ය නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලින් තිර ලෙස සහතික කළ යුතුය.

මේ සඳහා ගත යුතු පියවර පිළිබඳව ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍ය අයිතිකරුවන් ජනමාධ්‍ය විද්‍යාර්ථීන්වි සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර පුළුල් සංවාදයක් ඇති විය යුතු අතර එකඟ වූ මූලික වෙනස්කම් සාධාරණ කාලසීමාවක් තුළ සිදුකිරීම සඳහා පුළුල් වැඩ පිළිවෙලක් දියත් කළ යුතුය.



Devid(කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



( ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය 2022  වෙනුවෙන්  විශ්ව විද්‍යාලිය  ජනමාධ්‍ය ආචාර්යවරුන්ගේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද කතිකාවතට ඉදිරිපත්  කරන ලද අදහස් දැක්වීමේ සාරාංශයකි.)

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්