මේ ලිපිය ලියන මොහොත වෙද්දි ‘‘ගෝඨා ගෝ ගම’’ අරගලයට දවස් 44යි. අරගලය මුඛ්‍ය තේමා දෙකින් සමන්විතයි. ඒ දෙකෙන්, ‘එක මේක සහ දෙක

මේක’ කියල වෙන් කරගන්න අපහසු වුනත් මේ දෙක ම රටට හිතකරයි.

එකක් තමයි //GOHOMEGOTA//. අනෙක තමයි //SYSTEM CHANGE//. කවුරු හරි ප්‍රශ්න කරන්න පුළුවන් ‘‘කෝ තවම ඔය දෙකෙන් එකක්වත් වුණේ නැහැ නේද?’’ කියල.  ඔවු දෙකෙන් එකක්වත් වුණේ නැහැ කියල කියන්නත් පුළුවන්. හැබැයි මොනවත් ම වුණේ නැහැ කියල කියන්නත් බෑ.

තමන්ගෙ අශික්ෂිත දේශපාලන ක්‍රියාපටිපාටිය තව දුරටත් පවත්වාගෙන යන්න උත්සාහ කරපු මහින්ද රාජපක්ෂට අරලියගහ මැදුරෙ පස්ස දොරෙන් පැනල යන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ ගමට ගිහින් අඩුම ගානෙ 2015 වගේ ජනේලෙවත් එල්ලෙන් බැරි වුණා.

ලංකාවෙ දකුණෙ ඉපදිලා, රටේ ඉන්න මුග්ධ රැළකගෙ අප්පච්චි වෙලා, මහ රජා වෙලා හිටපු කෙනාට ලංකාවෙ ගිනිකොණ දිශාවෙ තියෙන නාවික හමුදා කඳවුරක හැංගිලා ඉන්න වුණා.

එයාගෙන් පටන් ගත්තම ජනතාව හැමදාම මෝඩයො වගේ තමන්ගෙ බලයට යටවෙලා ඉඳිවි කියල හිතපු දේශපාලන නරුමයොන්ගෙ දේපොළ එක රැයකින් විනාශ වුණා. එක් දේශපාලකයෙක් අවාසනාවන්ත විදියට මරු වැලඳගත්තා.

මිනිස් ඝාතන, දේපොළ හානිය මොනම විදියකින් හරි අනුමත කරන්න බැරි වුනත් රාජපක්ෂවරු ම ඈතට විසිකරල සැප සේ බලාගෙන හිටපු බූමරංගය ආයෙ කැරකිලා එයාලගෙ පැත්තට ම ආව. තමන්ගෙ දෙමාපියන්ගෙ සොහොන්වලට පවා හානි වුණා.

 

මේ හැම දේකින් ම ඔප්පු වුණේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ අනුගාමිකයො එපා කියන සංඥාර්ථය. ඒ දේවල් සිද්ධ වුණේ ‘‘ගෝඨා ගෝ ගම’’ අරගලය නිසා කියල කවුරුහරි චෝදනා කරනවා නම් ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි ‘‘නෑ’’ කියන එක. හැබැයි නිදාගෙන හිටපු මිනිස්සු අවදි කරන්න පුළුවන් වුණේ ‘‘ගෝඨා ගෝ ගම’’ අරගලය නිසා කියල කවුරු හරි කියනවනම් ඒකට ‘‘ඔවු’’ කියල කියන්න කවුරුවත් බය වෙනන් වුවමනා නෑ.

 

එහෙම තමයි. අරගලයක් කරද්දි... සාධනීය දේ වගේ ම නිෂේධනීය දේවලුත් සිද්ධ වෙනව. ඒක වළක්වන්න බෑ. වෙනසකට තියෙන්නෙ ආණ්ඩුව පාර්ශවයෙන් එවන් තත්ත්ව ඇති කරන්නෙ කිසියම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මොනයම්ම හෝ වරදාන වරප්‍රසාද ප්‍රදානය කරමින්. නමුත් අරගලය පාර්ශ්වයෙන් ප්‍රතිචාර දක්වන්නෙ කිසිදු පුද්ගලික ලාබ ප්‍රයෝජනයකින් තොරව; සමස්ත ලාංකීය ප්‍රජාවගේ ම සුබ සිද්ධිය වෙනුවෙන්.




පසුගිය නව වෙනිද රට පුරාම ඇතිවුණ සිද්ධි එක පක්ෂයක්, එක කණ්ඩායමක් හෝ එක ජනවර්ගයක් තනි තනිව වගකියන්න ඕන කියල කවුරු හරි කියනව නම් ඒක ඉතාම මුග්ධ, අමනෝඥ අදහසක්. මොකද දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න සමහර මුග්ධයො එහෙම කතා නිර්මාණය කරනව.

ඒ විතරක් නෙනෙවයි... සැලසුම්සහගතව ම එක් හෝ වෙනත් පක්ෂයකට, කණ්ඩායමකට අයත් යැයි පවසමින් පිරිස් අත්අඩංගුවට ගන්නව. ඒකෙන් මේ අමනයො රැළ ප්‍රදර්ශනය කරන්න හදන්නෙ මොකද්ද..., ඔප්පු කරන්න හදන්නෙ මොකක්ද...? ‘‘අපි වෙනුවෙන් තවම හැට නව ලක්ෂෙ ඉන්නව. මේ කලහකාරි වැඩ කරන්නෙ දේශපාලන හෝ පුද්ගලික ඉරිසියාකාරයො’’ කියන ප්‍රලාපය.

එහෙම ප්‍රලාප ප්‍රසිද්ධ කරල ඒ මාර්ගයෙන් තමන්ගෙ දේශපාලන විරුද්ධවාදියො මර්දනය කරන්න උත්සාහ කරනව. උන් එහෙම කරන එක වැරැදිත් නෑ. මොකද උන් හිතාගෙන ඉන්නෙ මේ පවතින්නෙත් 71 වගේ හරි 87-89 වගේ හරි නොදියුණු යුගයක් කියල. දැන් ඒ යුගය අවසන් වෙමින් පවතිනව කියල මේ මූඪ රැළට තේරෙන්නෙ නෑ.

 ඒකනෙ ආයෙ රට ආපස්සට අරගෙන යන්න උත්සාහ කරන්නෙ; ‘ඉස්සර කාලෙ අපි අහවල් වැඩේ කරේ මෙහෙමයි, අපි කෑවෙ මෙහෙමයි, බිව්වෙ මෙහෙමයි.’ කියල අතීතෙ ම ඇද ඇද ඉන්නෙ.

හැබැයි මේ මුග්ධ රැළ තමන්ට වාසියක් නම් සැණෙකින් නූතන ලෝකෙට හරියන විදියට අනුගත වෙනව. ඒකනෙ ‘‘අපි ළඟ CCTV දර්ශන තියෙනව’’ කියල පම්පෝරි ගහන්නෙ. ඒ, හුදු එක් එක් පුද්ගලයන්ගෙ ම වරදක් නෙවෙයි. මේ ධනේෂ්වර ක්‍රමයෙ වැරැද්ද. එහෙම නම් අපි මොකක්ද කරන්න ඕනෙ...?

මේ ප්‍රශ්නෙට එක් එක් පුද්ගලයො, පක්ෂ, කණ්ඩායම් වගේ ම සිවිල් සංවිධාන විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක //SYSTEM CHANGE// කියල හඳුන්වන්නත් පුළුවන්. ඇත්ත... අපිට, අපේ රටට //SYSTEM CHANGE// එකක් වුවමනා ම තමයි. හැබැයි මොකක් ද මේ//SYSTEM CHANGE// කියන්නෙ...?

 

මේ ඉදිරිපත් කරන //SYSTEM CHANGE// එකට අනුව නම් රට ක්‍රියාත්මක වෙන්න හෝ ක්‍රියාත්මක කරන්න ඕන කොහොම ද...? සමහර අය කියාවි ධනවාදී ක්‍රමය ම කියල. තවත් අය කියාවි නව ලිබරල්වාදි ක්‍රමය කියල. තවත් සුළු පිරිසක් කියාවි සමාජවාදි ක්‍රමයක් කියල. හැබැයි අරගලය ඇතුළෙ මේ ක්‍රම තුනෙන් පැහැදිලිව ම ඉදිරිපත්වෙන එක ක්‍රමයක්වත් නැහැ.

 

bautizo en otras religiones

නියම //SYSTEM CHANGE// එකක් බලාපොරොත්තු වෙනව නම් අත්හළ යුතු සාම්ප්‍රදායික දේවල් තව දුරටත් Promote කරන්න බැහැ. උදාහරණයක් විදියට දන්නා කාලෙකදි ඉඳන් මිනිස් ප්‍රජාවගෙ දියුණුවට පුළුවන් තතරම් බාධා පමුණුවපු, මිනිස්සු බිය ගන්වපු, දේශපාලකයන්ගෙ අතකොළුවක් වුණු ‘‘ආගම’’ නමැති සංකල්පය තව දුරටත් Promote කරන්න බැහැ. සංස්කාතිකාංග යැයි කියාගන්නා නාස්තිකාර ව්‍යාපෘති තව දුරටත් Promote කරන්න බැහැ.



ආගම අවශ්‍යයමයි කියල හිතෙනව නම් ඒක වුවමනා අයට, වුවමනා විදියට, වුවමනා දෙයක් කරගන්න කියල රාජ්‍යය පැත්තකට වෙන්න ඕන. තවත් සරලව කියනව නම් //SYSTEM CHANGE// එකෙන් පස්සෙ බිහිවෙන කුමන හෝ ආණ්ඩුවක් කුමන හෝ ආගමක් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය නොදැක්විය යුතුයි.

හැබැයි මම දැක්කෙ නැහැ, මම ඇහුවෙ නැහැ //SYSTEM CHANGE//  එකක් ඉල්ලන කිසිම පුද්ගලයෙක්, පක්ෂයක්, කණ්ඩායමක් එහෙම යෝජනාවක් ඉදිරිපත් කරනව.

 ඒ වගේ ම තමයි මිථ්‍යා මත සම්බන්ධයෙන් පවතින තත්ත්වය. මේ //SYSTEM CHANGE// එක කෙරෙනවා නම් ඒ යටතෙ පවතින ආණ්ඩුවක් කිසිම දවසක කිසිම ආකාරයකින් මිථ්‍යා මත Promote කරන්න බැහැ. ඒවා විශ්වාස කරන්න කියල කිසිදු මාධ්‍යයක් තුළින් ප්‍රචාරය කරන්න බැහැ.

හැබැයි මේ අරගලය ඇතුළෙ //SYSTEM CHANGE// ඉල්ලන හෝ බලාපොරොත්තු වෙන කිසිම පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ පක්ෂයක් මේ ගැන අදහසක් ඉදිරිපත් කරල නැහැ.

 

අරගල භූමිය පුරා ම යම් යම් සාධනීය වෙනස්කම් දකින්න තිබුණත් හැමදා ම දකින්න, අහන්න ලැබෙන සාම්ප්‍රදායික දේවලුත් ඒ විදියට ම වැලඳගෙන තිබුණ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම //SYSTEM CHANGE// කරන්න වුවමනා නම් මේ සියල්ල වෙනස් වෙන්න ඕන.

 

මම ඒක තවත් පැහැදිලි කරන්නම්. ආගම අදහන්න කැමති අය ඒක කරපුවාවෙ කියල මං කලින් කිව්වනෙ. දැනටත් අපි දන්නව බෞද්ධ භික්ෂුවට සාම්ප්‍රදායිකව ම විශේෂ සැලකිල්ලක් දක්වනව නෙ. හැබැයි අනෙක් ආගම්වල පූජ්‍ය පක්ෂයටත් ඒ විදියට ම විශේෂත්වයක් දක්වනව ද...? නැහැ.

උදාහරණයක් විදියට පොදු ප්‍රවාහනයෙ යෙදෙන වාහනවල ‘‘පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇත’’ කියල සඳහන් කරපු ආසනයක් තියෙනව නෙ. හාමුදුරු නමක් බස් රථයට ගොඩවෙන වෙලාවෙ ඒ ආසනයෙ කවුරු හරි වාඩිවෙලා හිටිය නම් එයා ක්ෂණිකව ම නැගිටල ඒ හාමුදුරුවන්ට ආසනය දෙනව. හැබැයි කතෝලික පියතුමෙක්, කතෝලික පූජ්‍ය සොයුරියක්, හින්දු පුජකවරයෙක් හරි මුස්ලිම් පුජකවරයෙක් බස් රථයකට ගොඩ වුණාම ඒ අයට අදාළ ආසනය දෙනව ද...? මම දන්න තරමට නම් නැහැ. ඔවුන් අසුන් ගන්නෙ වෙනත් අසුනක.

‘‘පුජ්‍ය පක්ෂය’’ කිව්වම හාමුදුරුවරු විතරයි කියල තමයි හුඟ දෙනෙක් හිතන්නෙ. අනෙක් පූජ්‍ය පක්ෂයට ඒ ගෞරවය දෙන්න ඕන කියල කවුරුවත් අදහස් කරන්නෙ නැහැ. //SYSTEM CHANGE// එක ඇතුළෙ මෙන්න මේවත් වෙනස් වෙන්න ඕන.

 

කවුරු හරි කියන්න පුළුවන් ‘‘ඔය හැම දෙයක් ම එකපාරට කරන්න බෑ’’ කියල. මමත් ඒක පිළිගන්නව. හැබැයි අවම වශයෙන් මේ //SYSTEM CHANGE// එක බලාපොරොත්තු වෙන අය ඒ ගැන යෝජනා කරලවත් තියෙන්න ඕන.

 lawks

මේ රටේ තවමත් පවතින්නෙ රෝම ලන්දේසි නීතිය වෙනස් කරන්න ඕන නැද්ද...?

 

අපි ලංකාවෙ නීති පද්ධතිය දිහා බලමු. මේ රටේ තවමත් පවතින්නෙ රෝම ලන්දේසි නීතිය නෙ. අපි ඒක වෙනස් කරන්න ඕන නැද්ද...? අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕන. අවම වශයෙන් නිතිඥයන්ගෙ සංගමයෙ යෝජනාවලියෙ හෝ මේ ගැන සඳහන් වෙලා තිබුණ ද...? නෑ... මොකද ඒක වෙනස් කරොත් සමහර විට නීතිඥ වෘත්තියේ ඉහළ සිට පහළට ම අවාසි වෙන්න පුළුවන්.

එහෙම අවාසියක් නොවෙනවා නම් හරි රටේ නීති පද්ධතිය වෙනස් කරන් ඕන කියල හරි හිතෙනවා නම් ඒ ගැන අදහසක් ඔයාලගෙ යෝජනාවලියට ඇතුළත් කරන්න. ඒකත් //SYSTEM CHANGE// එකේ ම කොටසක් විය යුතු යි.

 

අපේ රටේ වෙනස් වෙන්න ඕන තවත් පද්ධති කිහිපයක් ම තියෙනව. පළමුවැන්න අධිකරණ පද්ධතිය, දෙවැන්න පොලිස් පද්ධතිය, තෙවැන්න පාසල් පද්ධතිය. සිවුවැන්න රෝහල් පද්ධතිය. මේ හැම පද්ධතියක් තුළට ම ඇතුළු වෙන සාමාන්‍ය පුද්ගලයො හැම දෙනා ම අදාළ පද්ධති ඇතුළෙ ගතකරන්නෙ වහල් කාල සීමාවක්.

 

අධිකරණ පද්ධතිය ඇතුළෙ මනුස්සයෙකුට ස්වාභාවිකව ම පැන නැගෙන කිවිසුමක් පිට කරන්න බෑ. කැස්සක් පිට කරන්න බෑ. ශරිරයේ කිසියම් තැනක කැසිල්ලක් ඇති වුනොත් ඒක කරන් බෑ.

පාසල් පද්ධතිය ඇතුළෙ පවතින්නෙ විදුහල්පතිවරයා හෝ විදුහල්පතිවරිය සහ ගුරුවර ගුරුවරියන්ගෙ ආධිපත්‍යය. ළමයට අදහසක් ඉදිරිපත් කරන්න අවකාශ නැහැ. එහෙම කරොත් ඒ දරුවගෙ සමස්ත අනාගතය ම විනාශ කරනව.

ඒකට හොඳම උදාහරණය පසුගිය දවස්වල මුහුණු පොතෙන් දකින්න ඇති කියල මං විශ්වාස කරනව. ඒ දරුවට තවමත් සාධාරණය ඉෂ්ට වෙලා නැහැ. එහෙම දරුවො තව කොච්චර ඉන්නව ඇද්ද...

රොහල් පද්ධතියට ඇතුළු වුනාට පස්සෙ වුනත් එහෙමයි. පළමුවෙන් ම රෝගී පුද්ගලය වගේ ම එම පුද්ගලයගෙ ඥාති මිත්‍රාදින් බැටකන්නෙ ආරක්ෂක අංශයෙන්. දෙවනුව සුළු සේවකයගෙ ඉඳල වෛද්‍යවරයා දක්වා වෙන පිරිසගෙන්. අපේ රටේ රෝගීන්ට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්න නිදහසක් හෝ අයිතියක් නෑ. ඉංග්‍රීසි භාෂාව දන්න අයට සුළු සහනයක් හරි තිබුණත් අනෙක් පිරිසට ඒ අයිතිය ඇත්තෙ ම නැහැ.

 //SYSTEM CHANGE// එකට උනන්දු වෙන අය මෙන්න මේ ගැනත් අවධානය යොමු කරන්න ඕන. රටේ දේශපාලන ව්‍යහය වෙනස් කිරීමෙන් පමණක් මේ SYSTEM එක CHANGE කරන්න බැහැ.



මේ හැම දෙයක් ම මෙහෙම වුණත් අරගල භූමියෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිද්ධ කරපු //SYSTEM CHANGE// එකක් දකින්න ලැබුණ. ඒ තමයි මුල්ලිවයික්කාල් සැමරුම. ඒක සැබැවින් ම //SYSTEM CHANGE// එකක්. අපි මෙන්න මේ තත්ත්ව වර්ධනය කරගන්න ඕන.

හැබැයි එහෙම //SYSTEM CHANGE// කරන එකටත් අකුල් හෙළන මුග්ධයො ඉන්නව. //SYSTEM CHANGE// එක ගැන තව බොහෝ දේවල් ල්යන්න තිබුණත් මං අකුල් හෙළන මුග්ධයො ගැන උදාහරණයක් ලියල දැනට මේ ලිපිය අවසන් කරන්නම්.

ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවො අදහසක් ප්‍රකාශ කරල තිබුණ මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක පොල් තෙල් මිල අධික නිසා පහන් දැල්වීම මේ මොහොතේ අවම කරන්න කියල. ඒක ධනාත්මක අදහසක්. ඒක හරියට අර අවුරුද්දට සහ නත්තලට වගේ ම ජනවාරි පළමුවෙනිදට රතිඤ්ඤ පත්තු කරනව වගේ නාස්තිකාර වැඩක්. ඒ යථාර්ථය තේරුම් ගන්න බැරි වෘෂභ වර්ගයෙ හාදයෙක් ධම්මානන්ද හාමුදුරුවන්ගෙ අදහස විවේචනයට බඳුන් කරල තිබුණෙ ‘‘පොල් තෙල් පහන් පත්තු කරන්න එපා. මුල්ලිවයිකාල් පහන් හොඳයි’’ කියල.

හැබැයි මේ වෘෂභයට තේරෙන්නෙ නෑ මුල්ලිවයික්කාල් පහන පත්තු කරේ ගෝඨාගෝ ගමේ විතරයි කියල. ඒ වෘෂභය හිතාගෙන ඉන්නෙ මුළු රටේ ම ඒ වෙනුවෙන් පහන් පත්තු කරා කියල. ඉතිං මෙන්න මේ වගේ වෘෂභයො ඉන්න රටක තමයි අපි //SYSTEM CHANGE// කරන්න අරගල කරන්නෙ.


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/05/22


 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්