නිශ්චිත විසඳුම් නැති “අරගලය” හමුවේ ජනතාව වෙනුවෙන් “සංක්‍රමණික” විසඳුම්


01. ගෝඨාභය හා රනිල් සිය තනතුරු වලින් වහා ඉල්ලා අස්විය යුතුයි.

02. කතානායක තාවකාලික ජනාධිපති ලෙස පත් කිරීම.

03. නව අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලය නම් කිරීම ජනතාව බාර ගැනීම.

04. පාර්ලිමේන්තුව මගින් දෙසතියක් ඇතුළත ක්ෂණික සහන වැඩපිළිවෙලක් සමහ වියදම් සැළසුමක් සම්මත කර ක්‍රියාවට නැගීම.
 
05. මහ මැතිවරණය ලබන වසරේ (2023) ජුලි මාසයේ දිනක පැවැත්වීමට දින ප්‍රකාශ කිරීම.

06. දකුණේ කිසිදු පක්ෂයක් හා “අරගලය” විසින් අභියෝග නොකරන “සිංහල-බෞද්ධ” රාජපක්ෂවාදය ප්‍රතික්ෂේප කරමින්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් අගමැති ලෙස පත් කිරීම (මෙය මීට පෙරද මා යෝජනා කෙරුවකි)

07. මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී රාවුෆ් හකීම් කතානායක ලෙස පත් කිරීම


ඇමති මණ්ඩලය 12 ට සීමා කර වෙනත් කිසිදු ඇමති වර්ග නොමැතිව, නියෝජ්‍ය ඇමතිවරුන් 12 කු සමගින් පත් කිරීම

1. අගමැති - විදේශ කටයුතු, මාධ්‍ය හා මානව හිමිකම් පිළිබඳ ඇමති

2. සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂක කටයුතු ඇමති

3. එරන් වික්‍රමරත්න - මුදල්, බැංකු කටයුතු හා ක්‍රමසම්පාදන ඇමති

4. අනුර කුමාර දිසානායක - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු (පොලිස් දෙපාර්තමේන්තුව සමග) ඇමති

5. රොහිණි විජේරත්න - අධ්‍යාපන, සංස්කෘතික, කාන්තා හා ළමා කටයුතු ඇමතිනි

6. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - සෞඛ්‍ය හා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන ඇමතිනි

7. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් - අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමති

8. ආචාර්ය හරිනි අමරසූරිය - කම්කරු, සංත්‍රමණික සේවා හා සමාජ සේවා කටයුතු ඇමතිනි

9. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඉන්ධන, බල ශක්ති, පොදු මගී ප්‍රවාහන සහ මහා මාර්ග ඇමති

10.ආචාර්ය චරිත හේරත් - කෘෂිකර්ම (ධීවර සමග), වන සංරක්ෂණ, වන ජීවි හා පරිසර සංරක්ෂණ ඇමති

11.සෙල්වම් අඩෙයිකිලනාදන් - පළාත් පාලන හා පළාත් සභා ඇමති

12.ජීවන් තොන්ඩමන් - වැවිලි කර්මාන්ත හා ග්‍රාමීය යටිතල පහසුකම් ප්‍රවර්ධන කටයුත ඇමති


ඉදිරි දෙමස ඇතුළත -


# වෘත්තීය සමිති 10 ක එකතුව විසින් ප්‍රසිද්ධකර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන කෙටුම් පතත් ඊට අදාලව ඔවුන් යෝජනා කරන වත්කම් හා බැරකම් පනත හා මැතිවරණ නීති සංශෝධනත් සමාජ කතිකාවට තබා සම්මත කළ යුතුය.

# පළමු මාසය තුල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය

# ඉදිරි වසර සඳහා විදේශ විනිමය ඉපැයීම හා දේශීය ආදායම් ප්‍රවර්ධනය සඳහා කෙටි කාලීන සැළසුමක් සමාජ කතිකාවකින් පසු දෙමසක් ඇතුළත පාර්ලිමේන්තුවෙහි සම්මත කිරීම නව ඇමති මණ්ඩලය බාර ගත යුතුය.

 ඒ සියල්ලට ආරම්භයක් වන්නේ මෙම කෙටි සටහන සංවාදයට ගැනීමට ඇති සමාජ සූදානම අනුවය.

Kusal.jpg

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 ජුලි 09

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්