2000 වර්ෂය වන විට වර්ෂ 181 කට පෙර ශ්‍රීමත් ස්ටම්ෆෝඩ් රෆල්ස් විසින් ගොඩනැගූ අග්නිදිග ආසියාවේ කුඩා වෙළෙඳ නගරය ලෝකයේ දවැන්ත
ආර්ථිකයක් හිමි සාර්ථක රාජ්‍යක් බවට පත්ව තිබේ.

2019 වසර තුළ සිංගපූරුව සියලුම රටවල් පරදවා දියුණම මානව ප්‍රාග්ධනයෙන් ලොව පළමුවැනි ස්ථානයට පත්වන්නෙ එවැනි පසුබිමකය. ජාත්‍යන්තර මූල්‍ය වර්ගීකරණයට අනුව සිංගපූරුව ඉහළ අදායම් ලබන රටක් ලෙස වර්ග කෙරේ. ලෝක බැංකු වාර්තා අනුව 2019 වසර තුළ සිංගපූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 59,590 කි. එම වර්තාවේම සඳහන් පරිදි එම වසරේ ශ්‍රී ලාංකික පුරවැසියකු ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,852 ක් ලෙස දැක්වෙයි. ශ්‍රී ලංකිකයෙකු හා සිංගප්පූරු පුරවැසියෙකුගේ ජීවන තත්වයන් අතර වෙනස වටහා ගැනීමට එම ආර්ථික දත්ත සරල උදාහරණ වෙයි. සිංගපූරුවේ ආර්ථිකය දෙවැනි වන්නේ කිහිපයක් වූ යුරෝපීය රටවලට හා ඉතා සුළු ගණනක් වූ මැදපෙරදිග රටවල් කිහිපයකට පමණි.
 
Singapore
 
වර්තමාන ලෝකයේ ලොව දෛනික ජීවන වියදම අධිකම නගරය බවට සිංගපූරුව පත්වීමෙන් එම රාජ්‍යය ලෝක ආර්ථිකයේ හොබවන ස්ථානය වටහා ගත හැකිය. එමෙන්ම ආයෝජනය කිරීම සඳහා ලොව සුදුසුම රටවල් ලෙස 2019 වසරේ ලෝක බැංකුව නිර්දේශ කරන රටවල් අතුරින් දෙවැනියට සිටින්නේ සිංගපූරු රාජ්‍යයයි. එය දෙවැනි වන්නේ නවසීලන්තයට පමණි.
 
 
මේ ආකාර වූ දැවැන්ත ආර්ථිකයක් කරා ලඟා වන්නට එරට තුළ බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වූ පසු ක්‍රියාත්මක වූ දේශපාලන යාන්ත්‍රණය, ආර්ථික ප්‍රතිපත්ති, නීති පද්ධතිය මෙන්ම භෞතික පිහිටීමද බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. භූගෝලීය වශයෙන් ඉපැරැණි සේද මාවතේ තමන්ට හිමිව තිබූ ස්ථානය අද දක්වා රැක ගැනීමට හැකිවීම තුළ සිංගප්පූරු රාජ්‍යය අද ආසියාවේ දැවැන්ත ආර්ථිකයක් හිමි දූපත් රාජ්‍යක් ලෙස පෙරමුණ ගෙන සිටී.
 
2018 තුළ දී සිංගප්පූරු ජාත්‍යන්තර වරායන් හරහා සිදුවී ඇති අඩි විස්සේ භාණ්ඩ බහාලුම් (20-foot shipping containers) හුවමාරු ප්‍රමාණය මිලියන 36.6 කි. එය දෙවන වන්නෙ චීනයේ ෂැන්ගායි (Shagai) වරායේ මෙහෙයුම් වළට පමණි. ලොව කාර්යක්ෂම වරායන් පිහිටි රටවල් අතරින් දෙවැනි ස්ථානයට පැමිණෙන්නට විසිඑක්වන සියවසේ ආරම්භයේදීම සිංගප්පූරු රාජ්‍යට හැකිව තිබේ.
 
Singapore to Increase Port Dues Rates From 2022
 
2019 වසරේ සිට එපිටින් වූ වසර ගණනාව මුළුල්ලේම සිංගපූරු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලොව කාර්ය්‍යබහුලම ගුවන්තොටුපොළ 20 අතර අතර ශ්‍රේණි ගත විය. 2019 වසරේදී පමණක් සිංගප්පූරූ භූමිය හරහා ගමන්ගත් ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන් 68.3 බවට එරට රජයේ සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.
 
විසි එක්වන සියවසේ දෙවන දශකය වනවිට ආසියාව තුළ මේ සා දියුණු ජාත්‍යන්තර ගුවන් හා නාවුක ප්‍රවාහන සේවා පද්ධතියක් අත් පත් කරගැනීම තුළින් සිංගප්පූරු රාජ්‍යය, සේද මාවතේ තමන්ට හිමිව තිබූ අතීත පෞරුෂය නූතන ලෝකය සමග ගලපා ඇති අයුරු ආකර්ෂණීයය. අදටත් ගුවනින් සහ සමුද්‍ර මාර්ගයෙන් පෙර අපර දෙදිග යා කිරීමේ සංධිස්ථානයක් ලෙස සිංගප්පූරු රාජ්‍යය සිය අතීත සේවාව එළෙසම නූතන සේද මාවත තුළ ඉටුකරමින් සිටී. අදටත් විවිධ මට්ටමේ ජාත්‍යන්තර වෙළෙඳ  අයිතම,  ජාත්‍යන්තර  සේවාවන්  මෙන්ම “ජාත්‍යන්තර මිනිස් සංක්‍රමණයේ” පෙරදිග මධ්‍යස්ථානයක් ලෙස එරට වරාය හා ගුවන්තොටුපොළ විවිධ ජාතීන් විසින් භාවිතයට ගනිමින් තිබේ.
 
සිංගපූරුව ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙන්නේ, විනෝදය සහ විවේකීව ගතකිරීම, සඳහා ලොව ඇති ඉල්ලුම සැපයීම වෙනුවෙන්  කදිම පසුබිමක් එරට තුළ නිර්මාණය කොට ඇති බැවිනි.
 
d116bd379d64b014f99a99beb0cce891 singapore food foodie
 
බහු සංස්කෘතික පසුබිමකින් යුතු එරට වඩා ප්‍රසිද්ධ වන්නේ ප්‍රණීත ආහාර සඳහාය. ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ අවධානය යොමුවන්නේ, චීන ආහාර, ඉන්දියානු ආහර, මැලේසියානු හා යුරෝපීය ආහාර පිරි සිංගපූරුවේ අවන්හල් ජාලයය. එයට අමතරව  ආරක්ෂිත සහ ඉතා පිරිසිදු පරිසරය, අලංකාර ගෘහනිර්මාණ, දියුණු පොදු ප්‍රවාහන පද්ධතිය, නගරය තුළ පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලය මෙන්ම ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි ජනතාවක් වාසය කිරීම ජාත්‍යන්තර සංචාරකයන් සිංගප්පූරුව වෙත ආකර්ෂණය කරනු ලබන සාධක වේ. ජාත්‍යන්තර ශේණිගත කිරීම් වළට අනුව 2019 වර්ෂයේ ජාත්‍යන්තර සංචාරක ආකර්ෂණය ලබන රටවල් සිය ගණනක් අතරින් සිංගපූරූවට ලොව 05 වන ස්ථානයට පැමිණෙන්නට සමත් වේ. 2019 වර්ෂය තුළ එරටට පැමිණි ජාත්‍යන්තර සංචාරකයන් සංඛ්‍යාව මිලියන 19.11 ක් ලෙසට වාර්තා වෙයි.
 
මේ සා දැවැන්ත ආර්ථිකයක් හිමි ජාත්‍යන්තර සංචාරක පුරවරය එළෙස ගොඩ නගන්නට, සිංගප්පූරු ජාතිකයන්ට අමතරව ලොව නන්දෙසින් එරටට සංක්‍රමණය වූ විදේශීය ශ්‍රමිකයන් සපයන දායකත්වය අති මහත්ය. එරට රජයේ නවතම සංගණන වාර්තා අනුව ජනගහනය මිලියන 5.70 වන එරටෙහි සේවය කරන විදේශීය ශ්‍රමිකයන් සංඛ්‍යාව එයින් මිලියන 1.3 ක් ලෙස වාර්තා  වේ. සමස්ථයක් ලෙස ගත් කල එරට ජනගහනයෙන් 36% ක් කිසියම් හෝ ආකාරයකින් එරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයන විදේශිකයෝ වෙති.
 
foreign workers singapore web
 
 
එයින් ගම්‍ය වන්නේ වර්තමාන සිංගපූරුව තුළ විශාල ශ්‍රම වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බවයි. මේ සංක්‍රමණික ජාවාරම්කරුවන්ට  සහ මිනිස් ජාවාරම්කරුවන්ට තම ආදායම් තරකර ගැනීම සඳහා වූ කදිම තෝතැන්නකි. සිංගපූරුව ප්‍රසිද්ධව ඇත්තේ ආගමන විගමන නීති ඉතා තදින් ක්‍රියාත්මක වන රාජ්‍යක් ලෙසටයි. උදාහරණයක් ලෙස එරට තුළ නීතිවිරෝධීව රැඳී සිටීම “කස පහර” තුනකට නො අඩු හා සිරදඩුවම් ලබාදිය හැකි වරදකි. සිංගප්පූරුව තුළ ශාරීරිකව දඩුවම් ලබා දීම අද දක්වා සිදුවේ. නමුත් ඒ නීතියේ ඇස් වසා මිනිස් ජාවාරම්කරුවෝ සිංගපූරුව කේන්ද්‍ර කොටගෙන ඉතා සංවිධානාත්මකව තම කූට ජාවාරම් මෙහෙයවමින් සිටිති.
 
 
අපායේ කතාව ලබන සතියටත්....... නීතියට වැලි ගසා සිංගපූරු නඟරය තුළ ක්‍රියාත්මකවන  මිනිස් ජාවාරම  ගැන  ලබන සතියේ කියවමු...



 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 

සිංගපූරූවෙ ඉතිහාසය - අපායේ කතාව 4 වැනි පරිච්ඡේදය

සිංගපූරුවේදී අත්විඳි තවත් අමුතු අත්දැකීම් - අපායේ කතාව 5 වැනි පරිච්ඡේදය


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා