leader s

ආගමික සත්‍යයන් යනු වෙනත් ඕනෑම සමාජ දේශපාලනික සත්‍යයක් වැනි තවත් එක් සත්‍යයකි.

සෑම සත්‍යයකම අසත්‍යය සමග සටන් කරන ක්‍රමවේදයක් තිබේ.

එය උදාහරණයකින් දක්වන්නේ නම් මෙසේය: වාමාංශික සත්‍යය තුළ සමාජයේ පන්ති කියා බෙදීමක් තිබේ. කිසිවෙකු තමන්ට එහෙම එකක් පෙනෙන්නේ නැතැයි කීවොත් වාමාංශිකයන් ඔවුන්ට දක්ෂිණාංශිකයා, නව ලිබරල්වාදියා, ප්‍රතිගාමියා වැනි වචන භාවිතා කරමින් බැහැර කරනු ලැබේ. බලය ලැබුණොත් වාමාංශිකයන් කරන්නේ එකී දක්ෂිණාංශිකයන් බැහැර කිරීමයි. සමාජයේ පන්ති පැවැත්ම විග්‍රහ කර තිබෙන්නේ ආනුභූතිකව මිස ‘විද්‍යාත්මක’ සාක්ෂි මත පදනම්ව නොවේ.

වාමාංශිකයෝ දන්ත ධාතුව ගැන විවිධ දේ කියති. එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමය යෝජනා කරති. එහෙත්, සිංහල-බෞද්ධ සත්‍යයට විද්‍යාත්මක ක්‍රමය හෝ ඒ ආකාරයේ තර්කනයක් අදාළ නැත. එයට මුල් බුදු දහමේ සත්‍යයන්වත් අදාළ නැත. එය වෙනත් සමාජ-ආගමික-දේශපාලනික සත්‍යයකි.



මේවාට අභියෝග කිරීමෙන් සමාජය වෙනස් කරන්නට හැකි යයි සිතීම තේරුමක් නැත. හේතුව, සත්‍යය කියා එක දෙයක් නැති වීමයි. එකම පුද්ගලයා පවා සත්‍යයන් කීපයක් විශ්වාස කරයි. බොහෝ අයට සත්‍යයන් රැසක් පැවතීම ගැටලුවක් නොවේ. ජවිපෙ රැළිවලට කොළඹ යන බස් ද කලුතර බෝධිය ළඟ නවත්තා පඬුරු දමන්නේ එහෙයිනි.



සේපාල් අමරසිංහගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනීසිටිය යුතු බව පවසන ලිබරල් සත්‍යයට මම ද කැමැත්තෙමි. එහෙත්, මා කිසිදු සත්‍යයක් ගැන ස්ථාවරව විශ්වාස නොකරන සාමාන්‍ය මිනිසකු නිසා මට වෙනත් සත්‍ය්‍යන් ද පෙනේ.

සේපාල් අමරසිංහ මේ මොහොතේ දේශපාලනිකව ඉතා වැදගත්ය. සේපාල් අමරසිංහටත් වඩා වැදගත් වන්නේ ඔහුට එරෙහිව ගනු ලබන සිංහල-බෞද්ධ ක්‍රියාමාර්ගයයි. මේ වන විට සිංහල-බෞද්ධ අධිපතිවාදය පොළට ගෙනියද්දී බයිසිකල් ලගේජයෙන් බිම වැටුණු දෙහි ගෝනියක් සේ හතර අත විසිර ගොසිනි. සේපාල් අමරසිංහ යන සාධකය නිසා මේ දෙහි ටික එකතුකර යළි ගෝනියට දමාගැනීමට සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රජාවට හැකි වේදැයි මම බලාසිටිමි.

ඉතිහාසයේ යම් යම් දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පුද්ගලයන්ට මිල ගෙවීමට සිදුවේ. ගෙවන මිලට වටිනාකමක් ගන්නා හැටි බොහෝ අය දනිති. සේපාල් අමරසිංහ ද ඒ ගැන දන්නා අංකූරෙකු බැවින් ඔහු ගැන ඕනෑවට වඩා කම්පා වීමට උවමනා ද නැත.

සේපාල් අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ ප්‍රවර්ධකයකු බව මා අසා ඇත. කාලය කා දමන යූටියුබ් වීඩියෝ නොබලන අයෙකු නිසා මා මෑතදී ඔහුගේ රූපය පවා දැක ඇත්තේ චලන රූප ලෙස නොවේ. එය එසේ නම්, ඉදිරි කාලයේදී මැතිවරණ ද පැවැත්වේ නම්, 1956 මැතිවරණ සමයේ ප්‍රචලිත වූ මේ සමග දැක්වෙන කාටුනය සේපාල් අමරසිංහගේ ඡායාරූපයකට වඩා වැදගත් වන නිසා එය මෙම ලිපියේ මුල් ඡායාරූපය ලෙස පළ කළෙමි. පහළ ඡායාරූපයේ සිටින්නේ සේපාල් අමරසිංහයි.

sepala



Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

 


JW


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්