ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ මේවනවිට "පොරක්" වී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් එබව සඳහන් කර ඇත්තේ, සේපාල අමරසිංහගේ අතීත භාවිතයද සිහිපත් කරමිනි.
එම ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.
'' Udan Fernando ගේ ඉල්ලීම පිට නැවත ලියමි. ඒක උනේ මෙහෙමයි. 2008දි සියත පත්තරේ පටන් ගන්නට පෙර තෝරාගෙන සිටි එඩිටෝරියල් එකට දින තුනක වැඩ මුළුවක් පවත්තන්න මට ආරාධනා කලා. මංජුල වෙඩිවර්ධන තමා එඩිටර් ඒ පත්තරේ. සේපාලුත් ඒ එඩිටෝරියල් එකේ හිටිය. මම මුලුන්ම ඇහැව්ව "ඇයි ජනමාධ්‍යය රස්සාවක් විදියට තෝරගත්තෙ කියල එක එක්කෙනාගෙන්. ඉතිං කට්ටිය එක එක උත්තර දුන්න - හඩක් නැති අයට හඩක් වීමට, සමාජ සේවය, අසාධාරණයට එරෙහිව වැඩ කරන්න පුළුවන් නිසා - වගේ උත්තර. සේපාල්ගෙ වාරෙ ආවම සේපාල් කියපි "පොරක් වෙන්න ඕන නිසා" කියල. මගෙ ජීවිතේට මම එහෙම උත්තරයක් කාගෙන්වත් අහල තිබ්බෙ නැහැ. මම සේපාල්ගෙ උත්තරෙත් වෝල් එකේ ලිව්ව.
මාධ්‍ය ගැන පහුගිය කාලෙ මනෝරම වීරසිංහ ගෙ වෝල් එකේ සාකච්ඡාවක් ගිය වෙලාවක මම ඔය කතාව ලිව්ව. සේපාල් කොහෙදෝ ඉඳන් ඇවිත් ඒකට ලව් එකක් දාල තිබ්බ. සේපාල් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ 2018ට කලින් හිටිය. නමුත් ඒගොල්ල ගෝටලට වැඩකරන කාලෙ තාජූඩීන්ගෙ මරණයට රාජපක්‍ෂල සම්බන්ධ නැහැ කියල තර්ක කරන කොට මම මට තියෙන කරුණු තර්කානුකූලව පෙන්නුව. ඊට පස්සෙ මාව අන්ෆ්‍රෙන්ඩ් කරල මාරුවෙලා තිබ්බ. කොහොම හරි සේපාල් දැන් "පොරක්"
දළදා වහන්සේට ලබ්බක් කියල !
දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කළේය.
සැකකරු විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසා බෞද්ධ සමාජය තුළ දැඩි කැලඹීමක් හටගෙන තිබෙන බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දෙපාර්ශ්වයක් අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් කළේය.
මෙම ප්‍රකාශය තුළින් බරපතළ වරදක් සිදුකර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමක් සිදුකර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මල්වතු අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේලා සහ දියවඩන නිලමේවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට සූදානම්වී සිටින බවත් පවසා තිබේ.
මෙම සැකකරුට විදේශ රටවලින් ද මුදල් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව ත්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් සඳහන් කර ඇත.
සැකකරු සිදු කළ එම ප්‍රකාශය හරහා බෞද්ධ ප්‍රජාව අතර විශාල කැලඹීමක් හටගෙන තිබෙන හෙයින් මෙම සැකකරු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නාමල් රාජපක්ෂ කියපු කතාව :
එම වීඩියෝ තුළින් ඔහු නිර්මල බුදුදහම මිත්‍යා මතවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෑම අවස්ථාවකම පෙනී සිට ඇතැයි ද සඳහන් කළ නීතිඥවරයා බුදුදහමට අපහාස කිරීමේ චේතනාවක් ඔහු තුළ නොමැති බවත් පෙන්වා දුනි.
වර්තමානයේ රට තුළ නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදය යටපත් කිරීම සඳහා ආණ්ඩුව දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බවත් එවැනි කටයුතුවලින් ආර්ථික අර්බුදය යටපත් කිරීමට නොහැකි බව පෙන්වා දෙමින් තම සේවාදායකයා ප්‍රශ්න ගත ප්‍රකාශය සිදු කළ බව කී නීතිඥවරයා බුදුදහම මිත්‍යා මතවලින් ගලවා ගැනීම සඳහා ඔහු එම ප්‍රකාශය සිදු කළ බවත් සඳහන් කර තිබුණි. තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන පළිගැනීමක් සිදු කිරීමේ චේතනාවෙන් බවද මෙම නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුනි.
එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාර සේපාල් අමරසිංහ අමතමින් දළදා වහන්සේ යනු ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බව සඳහන් කළාය.
එමනිසා මෙවැනි ප්‍රකාශ සිදු කිරීමේදී වඩා පරිස්සම් වන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කළාය.
කෙසේවෙතත් සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම ඉවත දැමූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
සිංහල මහාචාර්ය රත්නසිරි අරංගල කියන කතාව
අධිකරණයේ දී ප්‍රකාශ වූ පරිදි බෞද්ධ බැතිමතුන් කැළඹී ඇත්තේ සේපාල අමරසිංහ විසින් දළදාවට 'ලබ්බක්' කියා කල සඳහනකි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ තවත් මෙවෙනි සටහනක් පළකර ඇත.
'' ජ'පුරෙ සිංහල මහාචාර්ය රත්නසිරි අරංගල මෙහෙම කියනව: 337 වන සීගිරි ගීයේ ''සිරිබර්නි ලබුයට් අත් රුකුරයු" යනුවෙන් යෙදේ. මෙහි "ලබු" යනු මල් පොකුර බව පරණවිතාන මහතාත් සෝරත නා හිමියෝත් පවසති. ඒ අනුව දළදාව මල් පොකුරක් කියා සැලකිය හැකිය.
කරුමෙට සේපාල්ගෙ නඩුවට සාක්කියකට කැඳවන්න වෙන්නෙ නැහැ එයාව. මේ දවස්වල අධ්‍යයන කටයුතු සඳහා ලන්ඩන් ඇවිත් ඉන්නෙ. :)

කෙසේවුවද මිට ඉහතදී මුස්ලිම් බැතිමතුන්ගේ අල්ලා දෙවියන් ට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ඥානසාර හිමියන් සේපාල චෝදනාවට ලක්ව ඇති වචනයම කියා ඇතත්, සේපාලට එරෙහිව යොදාගත් නිතිය උන්වහන්සේට එරෙහිව ක්‍රියාමක නොවුබව උවිඳු සටහන් කර ඇත්තේ මෙසේය.
''අල්ලටත් සේපාල් කියපු වචනෙම කිය කිය නානසාර දිගට හරහට බැන්න. ඔය ICCPR නීතියත් තව නීතිත් තිබ්බ. ඒත් දැම්මද ඒකට ඇතුලට? ඒ ඇයි?''

එසේම පුජ්‍ය සමන්ත භද්‍ර හිමියන් ද සේපාල අමරසිංහ දළදාව සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයටත් වඩා බරපතල ප්‍රකාශයක් සිදුකර තිබීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කරයි.
මෙහෙම

එයා ඔක්කොම ධාතු කරඬු ගංගට දානවලු. ධාතු කරඬුවලට ආරක්‍ෂා කර කර ඉන්න අය අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙනවලු
ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතු ලෙස ඌරු දත් වන්දනාමාන කරමින් නියම මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින වලු.
ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙන වලු. නිවැරදි ආර්‍ය මාර්ගයේ ගමන් කරමින් ලෝකයාගෙන් අපහාස විදිමින් හෝ විමුක්තිය ලගා කරගැනීම වැදගත් වලු.
අහල බලන්න මෙතනින්:

දිලිත් සහ සේපාල් - එකම වැඩේ ඉරණම් දෙකක්!
එසේම, සිද්ධාර්ථ කුමරුට අපහස කළ දිලිත් ජයවීර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ අකාරය මාධ්‍යවේදී උවිඳු ප්‍රශ්නකර ඇත්තේ මෙසේය.
'' සිද්ධර්ථට අපහාස කලා කියල දිලිත්ට නඩු දානවටවත් මම එකඟ උනේ නැහැ. මේ සාක්කි. ඒත් අද දිලිත්ල සේපාල් ගැන හැසිරෙන්නෙ සත්තු වගේ. දිලිත් නඩුව ගොඩින් බේරගත්ත නෙහ්?

සේපාල අමරසිංහ සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ සිදුකල ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.
''උදේ විජේදාස කිව්ව දේවාපහාස නීති (blasphemy law) නම් එංගලන්තෙයි වේල්ස්වලයි නීති පොතින් අයින් කරේ 2008 මැයි මාසෙදි. ඒහෙම කලේ ඒ නීතිය යල් පැන ගිය, අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහසට බාධාවක් කියල. ඒක අයින් කරන්න ඉස්සෙලත් ඒ නීතිය යටතෙ දාන්න ගිය කේසස් උසාවියෙන් රිජෙක්ට් කරා. බීබීසී ඩිරෙක්ටර් ජෙනරල්වත් ට්‍රයි කරා ඒ නිතිය යටතෙ. ඒකත් උසාවියෙන් රිජෙක්ට් කරා. ඒ උනාට වෛරීය ප්‍රකාශණ කිරීමට එරෙහි නීති තාමත් තියෙනව.
දෙරණෙ ලොක්ක දිලිත් කොහොමද දන්නෙ නැහැ නීතියෙන් බේරුනේ. ඒයාටත් සාදුල ගිහින් පැමිණිලි කරානෙ සිද්ධර්ථට අපහාස කලා කියල. මොකක්ද අර සූස්ති කතාවක් කියල. හැබැයි දිලිත්ව නම් අත්අඩංගුවටවත් ගත්තෙ නැහැ!

සේපාල්ගෙ ප්‍රශ්ණෙ ජවිපෙටයි අනුරටයි පැටවීම !
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහගේ ප්‍රශ්නය හරහා ඇතැමුන් ජවිපෙට හා එහි නායක අනුර කුමාර දිසානායකට එරෙහිව ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වන කලම්බෝ ටෙලිග්‍රාෆ් සංස්කාරකවරයා සිය ෆේස් බුක් පිටුවේ පහත සටහන ද පළකර ඇත.
''සේපාල්ගෙ ප්‍රශ්ණෙ ජවිපෙටයි අනුරටයි පටවන්න හදන අය මල්වත්තෙ මහ නායක සාදුට කතා කරන්න. අනුරල ගියාම එයාගෙ පන්සලේ නිදාගෙනත් ඉඳල එන්නෙ. යන්න දෙන්නෙ නැහැලු. සාදු එච්චර ආදරෙයි අනුරට. මට ඒකෙ ඉන්න මගෙ යාලු තව සාදු කෙනෙක් කිව්ව හැටියට නායක හමුදුරුවො කැබ් එක පිරෙන්න එක එක කෑම බඩුත් දානවලු අනුර එපා කියත්දිත්. අනික මම දැක්ක මේ දවස් දෙක තුනකටත් ඉස්සෙල්ල සේපාල්ම විඩියෝ එකක් දාල තිබ්බ එයා ජවිපෙත් නෙමෙයි, අනුර කියන ඒව එයා අහන්නෙ මොකටද කියල. ඒවත් බලල ඔය මඩ පෝස්ට්ස් තේරුම් ගන්න.