leader s

සාමාන්‍යයෙන් අපි කෙනෙකුට හරි දෙයකට හරි වැඩපිළිවෙළකට හරි ආදරෙයි නම් - ඇත්තටම ආදරෙයි නම් - මොකද කරන්නේ?

අපි ඒ දේ විනාශ වෙන විදියේ දේවල් කරන්නේ නැහැ නේද?

ඒ කියන්නේ අපි අපි ආදරය කරන දේවල් පරිස්සම් කරගන්නවා. වර්ධනය කරනවා. විකසිත වෙන්න ඉඩ අරිනවා.

 

දැන් ඔය කට්ටිය කියනවනේ සේපාල් කාරය ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රවර්ධකයෙක් කියල. අපි හිතමු එහෙමයි කියල. එහෙම නම් ලබ්බ ගලේ ගැහුව වගේ දේවල් කියල ඒ දේශපාලන වැඩපිළිවෙල අවුල් කරලා දායි ද?

 

එක්කෝ ඇත්තටම එහෙම ලව් එකක් තිබිල නැහැ. නැත්නම් වෙනත් ගේම් එකක්. එහෙම නැත්නම් උපන්ගෙයි අවුලක්.

අපිටත් ආවේගයන් එනවා තමයි. එතකොට කෙළවිලා යන්න දේවල් කියන්න හිතෙනවා තමයි. ඒ උනාට වැඩේට ඊට වඩා ආදරේ නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. ඕනිනම් කියන්න පුළුවන් ඒ ඉවසීම ඕනි නැහැ කියලත්. හැබැයි වසර ගණනාවක මහන්සිය වතුරේ යන වඳුරු කුණුහරප වැඩ මම නම් කරන්නේ නැහැ.

කට අරින්න හදනකොටම වැඩේ මතක් වෙනවා. එතකොට කටේ සැර බාල කරන්න හිතෙනවා. ඒක තමයි ඇත්ත.

අනික් පැත්තට දේශපාලන සංවිධාන යමෙක්ගේ සේවය ගණන්වා නම් ඒ ගැනත් පරිස්සම් වෙන්න ඕනි. 

 

මෙන්න මෙතන (වැඩේ) තමයි අදහස් ප්‍රකාශනය හරි ප්‍රකාශනයේ අයිතිය හරි සීමා වෙන තැන. බලන්නකෝ විසි වෙනි සියවසේ දේශපාලන සංවිධාන ගැන. සමහර අවුල් තිබ්බ උනත් එයාල වැඩේ ඇතුලේ හිටිය. වැදගත් උනේ වැඩේ. වැදගත් උණේ මිෂන් එක. ප්‍රකාශනය නෙවෙයි.

 

ඒකයි ලෙනින් අහන්නේ නිදහස කුමක් වෙනුවෙන් ද කියල....

හදවත් ඇතුළෙන් මිෂන් එකක ඉන්න. ඒ මිෂන් එකෙන් ඔයාව මෙහෙයවයි.

නිකම් හිතන්න මියුනික් ෆිල්ම් (Munich, 2005) එක ගැන. ඒකෙ අව්නර් කියන්නේ අඩුවෙන්ම කතාකරපු කෙනෙක්.

 

ඇත්තටම බොක්කෙන් වැඩක් කරන අයට කතාකරන්න වෙලාව නැති තරම්!



අද අහසත් අඬන්න වගේ... ITN රාත්‍රී බලන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 
JW

 

 


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්