# අප්‍රියෙල් 09 වෙනදා " රනිල්ට යෝජනා දෙකක් " ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.

රටේ රාළ හිතන්නේ ජාතික එකඟතා වැඩපිලිවෙලකට යනවා නම් අපිට රටක් විදිහට පසුබහින්න තියන අවම සීමාව ඒක කියලයි. එතනින් එහාට යනවා කියන්නේ එතන ජාතික එකඟතා වැඩපිලිවෙලක් තියෙන්න විදිහක් නෑ.

 

මෙතනදී රනිල් ඉෂ්ඨ කරන්න ඕනි නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ. ඒ වගකීම රනිල්ට ඒ විදිහට දිගටම තියනවා. එතකොට රටේ රාළගේ සංශෝධිත යෝජනාව වෙන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් කියන එකයි.

ඇත්තටම මෙතනදී එන පළවෙනි ප්‍රශ්නය වෙන්නේ අපි කොහොමද එතනට යන්නේ කියන එකයි. ඒ ආරම්භක පියවර තියන්න රනිල්ට සහ එජාපයට ලොකු කාර්යභාරයක් තියනවා. හැබැයි ඒකෙන් කියන්නේ ජාතික එකඟතා වැඩපිලිවෙල හැදීම රනිල්ගේවත්, එජාපයේවත් වැඩක් කියලා නෙවෙයි. එතෙන්ට යන්න තියන්න ඕනි පළවෙනි පියවර තැබීම ගැන විතරයි.

ජාතික එකඟතා වැඩපිලිවෙල හදන එක රනිල්ට සහ එජාපයට කරන්න බෑ. එහෙම හදන වැඩපිලිවෙලක් ජාතික එකඟතා වැඩපිලිවෙලක් වෙන්නෙත් නෑ. එහෙම කරන්න දෙන්න ඕනිත් නෑ. අනික එහෙම වැඩපිලිවෙලකට ගියා කියලා ඔක්කොම ප්‍රශ්න ටික රනිල්ගේ කරේ ගහලා කෝ ජාතික එකඟතා වැඩපිලිවෙල කියලා අහන්න කාටවත් අයිතියක් නෑ.

ජාතික එකඟතා වැඩපිලිවෙල කියන්නේ රනිල්ගේ අත මිරිකලා උත්තර ඉල්ලන වැඩපිලිවෙලක් නෙවෙයි. ජාතික එකඟතා ආණ්ඩුවක පදනම් ජාතික එකඟතා වැඩපිලිවෙලක්. ඇත්තටම ඒක සාමුහික උත්සාහයක්.

 

රනිල්' අනෙකා වීම

එහෙම නැතිව ඒක එජාපයට හරි රනිල්ට හරි අයිති වැඩක් නෙවෙයි. ඒක රටට අයිති, අපට අයිති වැඩක්.

ඊළග ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ කොහොමද මේ ජාතික එකඟතා වැඩපිලිවෙල හදාගන්නේ කියන එකයි. රටේ රාළ ඒකට ස්වාධීන විද්වත් සභාවක් යෝජනා කරනවා. ඒ විද්වත් සභාව ස්වාධීන විද්වතුන් කණ්ඩායමකින් සමන්විත එකක් වෙන්න ඕනි. මේ ස්වාධීන විද්වත් සහාව ජනාධිපතිවරයාත් සම්බන්ධ කරගෙන යම් කාල රාමුවක් ඇතුලත ජාතික එකඟතා වැඩපිලිවෙල රටට ඉරිපත් කරන්න ඕනි.

ජාතික එකඟතා වැඩපිලිවෙලකට යෝජනා මේ පැනල් එකට දෙන්න කියන ආරාධනය රනිල් මුලින්ම රට හමුවේ කරන්න ඕනි. ඒ ආරාධනයෙන් පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලු දේශපාලන පක්ෂවලට සහ බහුජන සංවිධානවලට තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

ඇත්තටම ඔයාලා දන්නවා පහුගිය කාලේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට පොදු එකඟතාවයකට එන්න බැරි උනත් එයාලා තම තමන්ගේ වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා. ඒ වගේම බහුජන සංවිධානවලිනුත් එහෙම යෝජනාවලි ගණනාවක් රට ඉස්සරහා තිබ්බා. සජබය, ජාජබය, ශ්‍රිලනිපය, උත්තර ලංකා සභාගය, 43 සේනාංකය, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය විවිධ අවස්ථාවලදී තමන්ගේ වැඩපිලිවෙල එළිදැක්වුවා.

 

ඒ වගේම ගෝල්ෆේස් අරගලය තුල හිටපු කණ්ඩායම් එයාලගේ වැඩපිලිවෙල ප්‍රකාශයට පත් කළා. ඇත්තටම මේ ලේඛන සියල්ල දැන් සමාජ ගත කරලා තියන නිසා ඒවා නිසා පරිහරණය කරන්න කිසිම බාධාවක් අපට නෑ. අපේ රටේ මේ දක්වා පක්ෂ, විපක්ෂ අතර පොදු එකඟතා වැඩපිලිවෙලක් හදාගන්න බැරිවුනේ ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් මතුපිටින් විතරක් සම්බන්ධ කරගනිමින් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න පැවති රජයන් හැමවෙල්ම උත්සහ කළ හින්දයි.

sarwa

ඒකට හොඳම උදාහරණය වෙන්නේ ගෝඨාභයට හදන්න යෝජනා කරපු සර්ව පාක්ෂික ආණ්ඩුව. ඇත්තටම එතනදී රාජපක්ෂලා හැදුවේ රටට සර්වපාක්ෂික චිත්‍රය පෙන්නලා තමන්ගේ පවුල් පාලනය දිගටම ක්‍රියාත්මක කරගන්න.

සර්වපාක්ෂික ආණ්ඩුවක් සමිබන්ධව සාකච්ඡා කරන්න ආපු ශ්‍රිලනිප මන්ත්‍රීවරු කීපදෙනෙක් ඩැහැගන්න තරම් රාජපක්ෂලාගේ දේශපාලනය එතනදී කුහක වුනා. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන රනිල් සහ ශ්‍රිලනිපය අතර ඇතිවුන සාකච්ඡාවත් කෙලවර උනේ ඛේදවාචකයකින්.

ඒක නිසා මේ ස්වාධීන විද්වත් පැනල් එකේ මූලික වගකීම වෙන්නේ එතෙන්ට නොවැටී රටට අවශ්‍ය ජාතික එකඟතාවය නිර්මාණය කරලා දීමයි. සමහරවිට දැන් පක්ෂ අතර තියන ප්‍රති විරෝධතා සහ අවිස්වාසය නිසා මුල් මොහොතේදී මේ වගේ ක්‍රියාවලියට යෝජනා දෙන්න එයාලා මැලි වෙන්න පුළුවන්.ඒ වගේ වෙලාවක උනත් ස්වාධීන විද්වත් සභාවට උත්තරයක් තියෙන්න ඕනි.

පැනලයේ ක්‍රියාකාරීත්වය මත එහෙම තියන ගොඩක් මත වෙනස් කරන්න පුලුවන්. ඊළඟට එයාලට පුළුවන් දැනට පක්ෂ සහ සංවිධාන ඉදිරිපත් කරලා තියන වැඩපිලිවෙලවල් අධ්‍යයනය කරලා ඒවා ඇතුලේ තියන සාධනීය යෝජනා ජාතික එකඟතා වැඩපිලිවෙලට එකතු කරන්න.

එතනදී වෙන්නේ ඒ පක්ෂ හා කණ්ඩායම්වලට සියට සීයක් මේ වැඩපිලිවෙල විරුද්ධ වෙන්න බැරිවීමයි. මොකද ඒයාලගේ යෝජනා ජාතික එකඟතා වැඩපිලිවෙල ඇතුලේ අන්තර්ගත වෙනවා. එතකොට ඒ යෝඡනා පදනම් කරගෙන සාකච්ඡා පටන් ගන්න පුළුවන්.

එතනදී එක්සත් ජාතික පක්ෂයටත් පක්ෂයක් විදිහට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුවේ කොටස්කාරයින් වන පොහොට්ටුවට, පොහොට්ටුව ඇතුලේ ඉන්න අනිත් පක්ෂවලටත් යෝජනා දෙන්න පුළුවන්. ජනාධිපති රනිල්ටත් තමන්ගේ යෝජනා ඒ පැනල් එකටම දෙන්න පුළුවන්.

විශේෂයෙන්ම ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා වන යෝජනා ලබාගැනීම ජාතික එකඟතාව වැඩපිලිවෙලේ මූලික ඉලක්කය වෙන්න ඕනි.

 

48371387 10218627499067204 2245764761864110080 o e1546196535341 1200x550

උදාහරණක් ගත්තොත් IMF ක්‍රියාවලිය ගැන සහ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගැන තියන එකඟතා සහ ප්‍රතිවිරෝධතා මොනවද කියලා හදුනා ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් 13 සම්බන්ධ තියන එකඟතා සහ විරෝධතා මොනවද කියලා හදුනා ගන්න පුළුවන්. විධායක ජනාධිපතිධූරය ගැන තියන එකඟතා ප්‍රති විරෝධතා හදුනා ගන්න පුළුවන්.

හැදෙන එකඟතා මේ වැඩපිලිවෙලට එකතු කරගන්නත් පරස්සරතා ගැන සාකච්ඡා කරමින් ඉදිරියට යන්න පැනල් එකට පුළුවන්. ඒක තුලත් අලුත් එකඟතා හදාගන්න පුළුවන්. හැදෙන එකඟතා මත පදනම් වෙමින් කොටිකාලින සහ දිගුකාලීන වැඩපිලිවෙල හදාගන්න පුළුවන්.

ඕනි නම් ජනාධිපතිවරණ පැවැත්වෙන තැන දක්වා කොටිකාලින වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. දිගුකාලීන යෝජනාවලිය ඊළගට නිර්මාණය වෙන ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නක් නොවෙන්නේ ඒක නව ජනවරමක් එක්ක හැදෙන ආණ්ඩුවක් හින්දයි.

මෙතනදී පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් මේ ක්‍රියාවලියට බාධාවක් නොවෙන විදිහට පවත්වාගෙන යෑම ස්වාධීන විද්වත් සභාවේ සහ පක්ෂ විපක්ෂ හැමදෙනාගෙම වගකීමක්.

ඇත්තටම ජාතික එකඟතා වැඩපිලිවෙලක් හැදෙන්න ඕනි රට ගොඩනැගීමේ යෝජනා පදනම් කරගෙන.

ඊළගට මෙතනදී වෙන්නේ එජාපයෙත් නොවන, පොහොට්ටුවෙත් නොවන, රනිල්ගේත් නොවන විපක්ෂයේත් නොවන සාමුහික ක්‍රියාවලියක් සක්‍රීය කරගන්න එකයි.

 

ඇත්තටම එහෙම එකකට ජනතා විශ්වාසය හදන්න පුළුවන්. මොකද දැන් රටේ ජනතාව කොයි අන්තයකවත් නෑ. බහුතර ජනතාව ඉන්නේ උත්තරයක් හොයන තැනක. ඒක නිසා ජාතික එකඟතා වැඩපිලිවෙල ජනතාව අතරට ගෙනියන්න පුළුවන්. ජනතාව අතර තහවුරු කරන්න පුළුවන්.

 

අවශය නම් ඒ වගකීම රටේ රාළ බළකාය බරාගන්නත් ලෑස්තියි.

මෙතනදී තමයි එජාපයට ලොකු රෝල් එකක් පැවරෙන්නේ. ඒ මේ ක්‍රියාවලියේ අඛණ්ඩතාවය සහ සාමූහිකත්වය පවත්වාගෙන යන්න.

ඒ සද්භාවය සහ සුභවාදය එජාපය ඇතුලේ තියෙන්න ඕනි. ජනතාව ඉස්සරහා හැදෙන ජාතික එකඟතා ආණ්ඩුවකට සහය දෙන්නේ කොහොමද කියන එක ඒ ඒ දේශපාලන පක්ෂවලට සහ බහුජන සංවිධානවලට තීරණය කරන්න පුළුවන්. දේශපාලන පක්‍ෂවලට සහ පුද්ගලයන්ට සෘජුව ආණ්ඩුවට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. එහෙමත් නැත්තං විපක්ෂයේ ඉදින් සහයෝගයට දෙන්නත් පුළුවන්.

ඇත්තටම මේකෙන් ඉතිහාසය ඇතුලේ තියලා දේශපාලනඥයා හම ගැසීමේ භූමිකාවත් අවසන් කරන්න පුළුවන්. ඉතිහාසයේ මොන භාවිතාව තිබුනත් ඒ කාටත් රට ගොඩනගන්න දායක වෙන්න අයිතියක් තියනවා. එතනින් එහාට එයා ගැන හැදෙන්නේ තීරණාත්මක මොහොතේ රට නැගිවටින්න දායක උනා කියන චිත්‍රයයි.

ඒක රනිල්, අනුර ,සජිත්, මෛත්‍රී, පාඨළී ඇතුළු ඕනිම කෙනෙක්ගේ දේශපාලනය මනින මිනුම් දණ්ඩ බවට පත්කරගන්නත් පුළුවන්.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්