උසස් පෙළ හදාරණ සමයේ පෞද්ගලික ගැටලුවක් නිසා මාස හයක පමණ කාලයක් ඉගනුම සම්පුර්ණයෙන්ම කඩාකප්පල් වීම තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බව

ඇමෙරිකාවේ, මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (Michigan State University) න්‍යෂ්ටික තාරකා භෞතික විද්‍යාව (Nuclear astrophysics) පිළිබඳ ආචාර්ය උපාධිය හදාරණ නෙෂාද් අමරසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

ඔහු සිය ආචාර්ය උපාධිය සඳහා විශ්වයේ වයස පිළිබඳව ගණනයක් සිදු කිරීමට අදාල පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 2020 උපාධි ප්‍රධානෝත්සවයේ දී භෞතික විද්‍යාවෙන් දස්කම් දක්වන සිසුන්ට ලබා දුන් සියලු සම්මාන සහ පදක්කම් ඔහු විසින් දිනා ගැනීම විශේෂත්වයකි.

එමෙන්ම ඔහු භෞතික විද්‍යාව හැදෑරූ කණ්ඩායමේ දක්ෂතම සිසුවා (Batch Top) විය.

''උසස් පෙළ කාලේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මට මාස හයහතක් ඉස්කෝලේ යන්න, පන්ති යන්න බැරි වුණා. බොහෝ දෙනෙක් හිතුවේ නැහැ අඩු තරමේ මම පළවෙනි වතාවේ උසස් පෙළ ලියයි කියලා. ඒත් මම අවසානයේ කොහොමහරි විභාගය ලියලා ඉංජිනේරු පීඨයට තේරුණා. මගේ ආසාව නිසා ඉංජිනේරු පැත්ත අතහැරලා භෞතික විද්‍යාවෙන් ඉස්සරහට යන්න හිතුවා.'' යනුවෙන් ඔහු පැමිණි ගමන් මග විස්තර කරමින් නෙෂාද් අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.




(BBC  සිංහල සේවය)



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්