ජූලි 10 වැනි දා ශ්‍රී ලංකාවේ මාරක බස්රථ අනතුරු ද්විත්වයක් සිදුවිය. මේ වන විට ඒ අනතුරු දෙක නිසා

මියගොස් ඇති මඟීන් සංඛ්‍යාව 12ක් වන අතර, තුවාල ලැබූවන් සංඛ්‍යාව 70 ඉක්මවා තිබේ.

මින් එක් අනතුරක්, කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් සිදුවූ අතර, අනෙක, කූරගල වන්දනාවේ ගොස් යළි ගම්බිම් බලා ගමන් කරමින් තිබූ බස්රථයක් අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් සිදුවී තිබෙයි.

ඊට අමතරව, තලවකැලේ වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් ද දුනුකේදෙණිය, කිරිඳිකැටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයෑමෙන් අනතුරක් සිදුවී, 26 දෙනෙකු රෝහල්ගත කර තිබුණ ද ජීවිත හානි සිදුවී නොතිබුණි.

මාරක අනතුරුවලට ලක්වූ බස්රථ ද්විත්වයම පෞද්ගලික බස්රථ වීමත්, ඒවා නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කර තිබේය යන්න හෙළිවීමත් නිසා, අනතුරෙහි වගකීම සම්බන්ධයෙන් බොහෝදෙනා ඇඟිල්ල දිගුකරමින් සිටින්නේ බස් රථවල රියැදුරන් දෙසටබව පෙනීයයි.

විශේෂයෙන්ම, අඹන්පොළ දී අනතුරට ලක්වූ බස් රථයේ වින්ඩ්ස්ක්‍රීනය වැසෙන පරිදි පුළුන් පිරවූ සෙල්ලම් බඩු හා සැරසිලි මෝස්‌තර එල්ලා තිබීම අනතුරට හේතුවක් වශයෙන් සමාජ මාධ්‍යයන්හි දී උපුටා දක්වා තිබුණි.

lksdklf



මනම්පිටිය බස් එකට අවසර පත්‍රයක් හෝ නැහැ


මේ අතර, මනම්පිටියේ දී අනතුරට ලක්වූ බස්රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් නිකුත් කළ අවසර පත්‍රයක් ද නැතැ යි, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

"අපිට තොරතුරු ලැබුණහම ජංගම පරීක්ෂණ කණ්ඩායම් යොදවලා පරීක්ෂා කරනවා. මෙම කණ්ඩායම් යෙදෙන දවස්වලට සමහර වෙලාවට මෙම බස්රථ ධාවනය කරන්නෙත් නෑ. එවැනි බස් ගැන තොරතුරු ලබාගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දුන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව තමා මෙයාලා මේ කිසිම අවසරයක් නැතුව ධාවනය කරලා තියෙන්නේ," ඔහු එහිදී කියා සිටියේ ය.

එනමුදු, එයට පළාත් අධිකාරියක් මඟින් යම් බලපත්‍රයක් නිකුත්කොට ඇත්දැ යි මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙනබව ඔහු ප්‍රකාශ කළේ ය.

උතුරු මැද පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වන ටී. එම්. ආර්. සිරිපාල බීබීසීය සිදුකළ විමසීමක දී ප්‍රකාශ කළේ, බස්රථය නැගෙනහිර පළාතට අයත්බවත්, උතුරු මැද පළාත තුළ මඟී ප්‍රවාහනය සිදු කිරීම සඳහා අතුරු ගමන් වාර බලපත්‍රයක් ලබාදී ඇතිබවත් ය.

"මේක අපේ බල සීමාව තුළ කදුරුවෙල ඉඳලා - අයිතිකාරයා කදුරුවෙල - වැලිකන්ද අපේ සීමාවට එනකල් අපි අතුරු ගමන් වාර [බලපත්‍රයක්] බස්වලට දෙනවා. ඒ දෙන්නේ, නීත්‍යානුකූල බස් එකක් [අදාළ මාර්ගයේ] ගමන් කරන්නේ නැත්නම් එයාට ගමන් වාරයක් දෙනවා මේ මහජනතාව ප්‍රවාහනය කිරීම සඳහා. වෙලාවක් දීලා ගමන් වාරයක් දෙනවා. එහෙම දීපු බස් එකක් තමයි ඔය අතුරු ගමන් වාරෙ යන ගමන් තමයි ඔය අනතුරට පත්වෙලා තියෙන්නේ," සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළ කරුණුවලට අනුව, ඇතැම් බස් මාර්ගවල ධාවනයවීමට නියමිත බස් රථයක් නොමැති අවස්ථාවන්හි දී, 'අතුරු ගමන් වාර' බලපත්‍ර ලද බස්රථ එම ගමන් වාර ආවරණය කිරීම සඳහා බස් නැවතුම්පොළ විසින් යොදවනු ලැබේ. අදාළ බලපත්‍රය නිකුත් කෙරුණු පළාත තුළ ධාවනය කිරීමට මෙවැනි බස්රථයන්ට හැකි ය.

මෙම බස්රථය සඳහා අදාළ බලපත්‍රය නිකුත්කර ඇත්තේ ඔහු මෙම ධුරයට පත්වීමට පෙරබව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

"මං මේ සම්බන්ධව අපේ පරීක්ෂණ කණ්ඩායමක් පොළොන්නරුවට ඇරියා, මේක මොකද්ද මේ හුළං බැහැලා ද, මොකද්ද හේතුව, ඩ්‍රයිවර් අපේ බස් ස්ටෑන්ඩ් එකෙන් අවසරය අරන් ගිහිපු එකක් ද කියලා හොයලා බලන්න,"යි කියූ ඔහු, එම කණ්ඩායම තවමත් ආපිට පැමිණ නැතැ යි ද පැවසීය.

ljkzsdfo

මේ, අඹන්පොළ දී අනතුරට ලක්වූ බස් රථය ගැන සමාජ මාධ්‍ය පරිශීලකයෙකු තැබූ සටහනකි.


රියැදුරා පෙර වැරදි ඇති අයෙක්

මනම්පිටියේ දී අනතුරට පත්වූ බස් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මාධ්‍යයට පැවසීය.

මීට පෙර ද අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් අදාළ බස්රථ රියදුරුට එරෙහිව දඩ නියමකර ඇතිබව ද, අනතුර සිදුවන අවස්ථාවේ දී රියැදුරා මත්පැන් පානයකර නොසිටිබව ද ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

රියැදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුවී ඇතැ යි ද මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත පැවසීය.

බස් රථවල වින්ඩ්ස්ක්‍රීනය වැසෙන පරිදි සැරසිලි එල්ලාගෙන සිටීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී, එසේ බස් රථය සැරසීම නීතිවිරෝධීබව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිසිය විසින් එවැනි සැරසිලි ගලවා ඉවත් කළ ද රියැදුරන් හා හිමිකරුවන් විසින් නැවතත් ඒවා එල්ලාගන්නාබව ද කියා සිටියේ ය.



අනතුරු නිසා මිනිත්තු 90කට වරක් පුද්ගලයින් දෙදෙනෙකු මියයන රටක්

ldfjoes


අනතුරු නිසා, සෑම පැය තුනකට වරක්ම ශ්‍රී ලංකාවේ පුද්ගලයින් සිව්දෙනෙකුට ජීවිත අහිමිවනබව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ප්‍රකාශ කළේ ය. මෙම අනතුරු අතරට මාර්ග අනතුරු ද අයත් ය.

ලෝක බැංකු දත්ත වාර්තා කරන පරිදි, අසල්වැසි දකුණු ආසියානු රාජ්‍යයන්ට සාපේක්ෂව හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිශතාත්මකව වැඩිම පිරිසක් මියයන රට ශ්‍රී ලංකාව යි. එහි දත්තවලට අනුව මාර්ග අනතුරු නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ජීවිත 3000ක් පමණ අහිමිවන අතර, 8000ක් පමණ දෙනා දරුණු තුවාලවලට ලක්වෙති.

මාර්ග අනතුරුවලට ගොදුරුවූවන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් වයස අවු. 15-64 අතර පසුවන, ක්‍රියාශීලි සහ ශ්‍රම බලකායට දායකත්වය සපයන වයසේ වැඩිහිටියන් ය.

මාර්ග අනතුරු මරණ සහ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ඒවායේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% අතර මුදලක් වැයවිය හැකිබව ලෝක බැංකුව ඇස්තමේන්තුකර ඇත.

ජූලි 10 වැනි දා සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන්, රථය නොසැලකිලිමත්ව ධාවනය කළේයැ යි සැක කෙරෙන රියැදුරාට පමණක් නොව, එවැනි රියැදුරන් අල්ලා දඬුවම් නොකරන පොලීසියට ද, අබලන් මාර්ග හා පාලම් නඩත්තු හා අලුත්වැඩියා නොකරන බලධාරීන්ට ද ජනතාව චෝදනා එල්ලකර තිබුණි.

dmnfඊයේ මනම්පිටියේ සිදුවූ අනතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි පළවන දෙයාකාරයක අදහස් ය මේ.




ඔබ ඔබේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් ද?

ඇතැම් මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මඟීන් තම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්ව සිටීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම ඉතා වැදගත් වේ.

උදාහරණයක් ලෙස, ඔබ ගමන් කරනා බස්රථයේ රියැදුරා රථය අධික වේගයෙන් හෝ අනතුරුදායක ලෙස හෝ ධාවනය කරන්නේ නම් ඊට එරෙහිවීමේ අයිතිය ඔබ සතු වේ.

 


ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති මඟී අයිතිවාසිකම් මෙසේ ය:

# ගමන ආරම්භයේ දී බස් රථය බස් නැවතුම්පොළින් පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමේ අයිතිවාසිකම ඔබ සතු ය

# බස් රථයට නැගි ස්ථානය හා බැස යන ස්ථානය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතු ය

# ඔබ විසින් ගෙවනු ලැබූ ගාස්තුවට අදාළ ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් ගැනීමේ අයිතිය ඔබ සතු ය

# විධිමත් ඇඳුමකින් සැරසුණු විනීත රියැදුරුවරයෙකුගේ හා කොන්දොස්තරවරයෙකුගේ ආචාරශීලී, ප්‍රියමනාප සේවය ඔබ වෙත ලැබිය යුතු ය

# සාමාන්‍ය සේවා බස් රථයක නම් වයස අවුරුදු තුනට වැඩි 12ට අඩු දරුවන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් (බාග ටිකට්පතක්) ගෙවා බස් රථයේ ගමන් ගැනීමට හැකි විය යුතු ය

# සුඛෝපභෝගී බස් රථයක් නම්, ප්‍රමාණවත් වායු සමීකරණ පහසුකම් පවතින, අනුමත ආසන ගණන නොඉක්මවන මඟීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන සේවාවක් අත්විඳීමට ඔබට හැකි විය යුතු ය

# පොදු ප්‍රවාහන සේවා තුළ දුම්බීම තහනම් බැවින්, දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතු ය

# බස් රථය අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස හා අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් ඊට විරුද්ධවීමේ අයිතිය ඔබ සතු ය. බස් රථය ධාවනය කරන අතරතුර දී රියදුරුවරයා ජංගම දුරකථනය භාවිත කරන්නේ නම් එයට විරුද්ධවීමට ද ඔබට අයිතියක් තිබේ

# ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිත නොකරන බස් රථයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතු ය. බස් රථය තුළ ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම්, එකී ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් 80ක් නොඉක්මවන ලෙස භාවිතා කෙරෙන බස් රථයක ගමන් ගැනීමට ඔබට අයිතියක් ඇත.

# බස් රථය ධාවනය කරනු ලබන්නේ බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ බැවින්, බස් රථය ධාවනය කෙරෙන අතරතුර එහි දොරවල් වසා තිබෙන බවට තහවුරුකර ගැනීමට ඔබට හැකිවිය යුතු ය.

# මඟියා බස් රථයේ වැදගත්ම පුද්ගලයා වන බැවින් ආචාරශීලී, සුහද සේවයක් ඔහුට/ඇයට ලැබිය යුතු ය

# මතින් සේවයට වාර්තා නො කරන්නා වූ බස් සේවක පිරිසකගේ සේවය ඔබට ලැබිය යුතු ය

# කාල සටහනට අනුව නියමිත වේලාවට බස් රථය ගමන් ඇරඹීම හා ගමන් අවසාන කිරීම සිදු කළ යුතු ය

# ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන අවසන් කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්‍රදර්ශනය කළ යුතු ය


(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
 

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්