නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡනය වෙනුවට කළු පැහැති පසුබිමක සුදු පැහැති X අක්ෂරය

ලාංඡනය ලෙස යොදා ගනිමින් ට්විටර් ප්‍රධානියා එම සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ නව ලාංඡනය එළිදක්වා තිබේ.

සඳුදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලින්ඩා යාකරීනෝ ප්‍රකාශ කළේ, "දැන් X ඇවිල්ලා තියෙන්නේ! අපි මේක කරමු," යනුවෙනි.

ටිව්ටර් හිමිකරු ඊලොන් මස්ක්ට අනුව "tweets" ලෙස හැඳින්වූ එහි පළ කෙරුණු සටහන් ඉදිරියේදී "x's" ලෙස හඳුන්වනු ඇත.

මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සිය ට්විටර් ගිණුමේ ඡායාරූපය සඳහා නව ලාංඡනය යොදා ගෙන ඇති අතර ඔහුගේ ට්විටර් ජීව දත්ත තොරතුරුවලට "X.com" යන්න එක් කර තිබේ.

මස්ක්, "X" නමින් "සුපිරි යෙදුමක්" නිර්මාණය කිරීමේ අවශ්‍යතාවකින් පසුවෙයි. මාස ගණනාවක් මුළුල්ලේ නව ආකාරයක සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා වන තම දැක්ම පිළිබඳව ඔහු සාකච්ඡා කරමින් සිටියේ ය.

ට්විටර්හි ලාංඡනය වෙනස් කිරීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බව ඉරිදා, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ: "ඉක්මනින් ම අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් පක්ෂීන් සම්බන්ධ සියලු ම දේවල්වලට සමු දෙනවා," යනුවෙන් සඳහන් කරමිනි.

ඉන් අනතුරුව ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි ට්විටර් මූලස්ථානයේ ගොඩනැගිල්ලේ එක් පසකට ප්‍රක්ෂේපණය කරන ලද නව X සන්නාමය සහිත ඡායාරූපයක් නිකුත් කළේ ය.

 
 
elon x
 

සිය ව්‍යාපාරයේ නම X Corp ලෙස වෙනස් කර ඇති මස්ක්, පැවසුවේ මෙම වෙනස් කිරීම ද "බොහෝ කලකට පෙර සිදු කළ යුතුව තිබූ" බව ය.

මස්ක් ට්විටර්හි දිළිසෙනසුලු "X" අක්ෂරයේ ඡාරූපයක් පළ කළ අතර පසුව ට්විටර් ස්පේස් ශ්‍රව්‍ය සංවාදයකදී ට්විටර් ලාංඡනය වෙනස් වේ ද යන්න ඇසූ විට "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නේ ය.

යාකරීනෝ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, නැවත සන්නාමකරණය කිරීම, ආකර්ෂණීය නව අවස්ථාවක් බව ය.

"අපි සන්නිවේදනය කරන විධියට දැවැන්ත බලපෑමක් ඇති කිරීම වගේ ම, ඒකේ වෙනසක් ට්විටර් සිදු කළා," ඇය පැවසුවා ය.

"දැන්, X ඩිජිටල් ලෝකය වෙනස් කරමින්, ඉදිරියට යාවි."

ට්විටර්හි පක්ෂියා ලැරී ලෙස හඳුන්වනු ලබන අතර එම සමාගමේ සම-නිර්මාතෘ බිස් ස්ටෝන් 2011 වසරේදී පැවසුවේ, පැසිපන්දු තරුවක් සහ බොස්ටන් සෙල්ටික්ස් පැසිපන්දු කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන ලැරී බර්ඩ්ට උපහාරයක් ලෙස එය යොදා ගත් බව ය.

මෙම ජනප්‍රිය ලාංඡනය අහිමි වීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කිරීම සඳහා 2012 වසරේදී එම ලාංඡනය නිර්මාණය කළ මාටින් ග්‍රාසර් ඇතුළු ජනතාව ට්විටර් වෙත පැමිණයහ.

"අපි අද මේ විශිෂ්ට නිල් පැහැති පක්ෂියාට සමුදෙනවා," ඔහු පැවසීය. පසුව එම ට්විටර් පණිවිඩය ට්විටර්හි සම-නිර්මාතෘ ලෙස වඩා ත් ජනප්‍රිය ජැක් ඩෝර්සි විසින් ෂෙයාර් කරනු ලැබ තිබිණි. 

සියලු දේ කළ හැකි යෙදුමක්

ආසියාවේ ඇතැම් පිරිස් සඳහා, ඉන්දියාවේ PayTM සහ ඉන්දුනීසියාවේ GoJek ඇතුළු සුපිරි යෙදුම් පසුගිය වසර කිහිපය තුළ එදිනෙදා ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් විය.

මෙම යෙදුම් මගින් පරිශීලකයින්ට මූල්‍ය පද්ධතියක් හරහා සේවා සඳහා මුදල් ගෙවීමට ඉඩ සලසයි.

WeChat යනු, එහි සේවා පරාසය සහ පරිශීලකයින් සංඛ්‍යාව අනුව කලාපයේ විශාලතම යෙදුම්වලින් එකක් බවට පරිණාමය වී ඇති පණිවිඩ හුවමාරු කර ගන්නා සහ සමාජ මාධ්‍ය වේදිකාවකි.

පසුගිය වසරේ, චීනයේ පමණක් එය භාවිත පරිශීලකයින් ගණන බිලියන 1.29ක් ලෙස ගණන් බලා ඇත.

සමාජ මාධ්‍ය විචාරක සහ බැටන්හෝල් ඩිජිටල් ඒජන්සියේ නිර්මාතෘ ඩෲ බෙන්වී පැවසුවේ, "මස්ක් උපරිම උත්සහ කරන්නේ, පරණ ට්විටර් යෙදුම පැත්තකට දාලා හැම දෙයක් ම කරන්න පුළුවන් ඇප්ස් තියෙන අවකාශයට ඇතුළු වෙන්න, අලුත් විශේෂාංග ඉස්සෙල්ලා ම හඳුන්වලා දීපු WeChat සහ Moj වගේ ඇප්ස් දිහා ඇහැ ගහගෙන ඉන්න ගමන්.

"භාණ්ඩ මිල දී ගැනීමට හෝ ගෙවීම් සිදු කිරීම වැනි අමතර සේවා කිහිපයකින් සාර්ථක වෙන එක ට්විටර්වලට වඩා X වඩා හොඳ තත්ත්වයකට ගේන්න කරන්න අවශ්‍ය එක ම දේ වෙන්න පුළුවන්. ඒත් ඕනෑ තරම් විකල්ප තියෙන නිසා, ඒ තැනට එන්න මස්ක් සහ කණ්ඩායම ලොකු සටනක යෙදිලා ඉන්නේ."

ට්විටර් වෙබ් අඩවියේ සඳහන් වී ඇත්තේ, නිල් පැහැති පක්ෂියෙකුගේ අනුරුව සහිත එහි ලාංඡනය "අපගේ වඩාත් ම හඳුනාගත හැකි වත්කම" බව ය.

"ඒ පිළිබඳව අප එතරම් සුපරීක්ෂාකාරී වන්නේ එබැවින්," යැයි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

සමාගම විසින් අප්‍රේල් මාසයේදී සිය ලාංඡනය තාවකාලිකව ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන Dogecoinහි Shiba Inu සුනඛයාගේ අනුරුව සහිත ලාංඡනයකට වෙනස් කරන ලද අතර, එය එහි වෙළෙඳපොළ වටිනාකම ඉහළ නැංවීමට උපකාරී විය.

පසුව මස්ක් නීති විරෝධී ලෙස කොටස් හුවමාරු කළ බවට Dogecoin ආයෝජක කණ්ඩායමක චෝදනාවට ලක් විය. ඔවුන් කියා සිටියේ, මස්ක් Dogecoinහි වටිනාකම ඉහළ නැංවීමෙන් ලාභ ඉපැයූ බව ය.

මස්ක් ට්විටර් සමාගම මිල දී ගැනීමෙන් පසු සමාගම එහි ශ්‍රම බලකායෙන් අඩකට වඩා සේවයෙන් ඉවත් කර තිබේ.

ව්‍යාපාරික විචාරක ජස්ටින් අර්කාර්ට් ස්ටුවර්ට් පැවසුවේ, ට්විටර්හි "දිගු කලක් තිස්සේ ට්විටර් භාවිත කරන පරිශීලකයින්" වෙනස්කම්වලට අකමැත්තක් දක්වන බව ය.

"තරුණ පරම්පරාව වෙනත් යෙදුම් වෙත මාරු වෙලා ඉන්නේ. ඒකත් එක්ක ට්විටර් ටිකක් පැරණි තාලයේ යෙදුමක් වගේ පේන්නේ."

"මුල් සන්නාමයට හානියක් ඇති කරන ගමන් පැරණි පරිශීලකයින් පිරිසක් එක්ක මුළුමනින් ම වගේ, මුල ඉඳලා ම පටන් ගන්න වෙන නිසා, මස්ක් පරිස්සම් වෙන්න ඕනේ," ඔහු පැවසීය.

X උමතුව

මස්ක් බොහෝ කලක සිට X අක්ෂරය කෙරෙහි ඇල්මක් දක්වන නමුත් කිසිවෙක් සත්‍ය වශයෙන් ම ඊට හේතුව නොදනිති.

ඔන්ලයින් බැංකුකරණ වේදිකාවක් වූ 1999 වසරේ දියත් කළ සිය ප්‍රථම ව්‍යාපාරික කටයුත්ත හැඳින්වූයේ, X.com ලෙසිනි.

ඉන් වසර තුනකට පසුව, ඒ වන විට PayPal සමග ඒකාබද්ධව සිටි X.com, eBay විසින් මිල දී ගන්නා ලද අවස්ථාවේ මස්ක්ට ඩොලර් මිලියන 165ක මුදලක් ඉපැයීමට හැකි විය.

Elon

 

X.com ඩොමේන් නාමය ද ඔහු සතු වන අතර ඒ හරහා දැන් ට්විටර් වෙත පිවිසිය හැකි

මස්ක් 2002 වසරේදී ආරම්භ කරන ලද වාණිජ ඇමෙරිකානු අභ්‍යවකාශ සමාගමක් වන SpaceXහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරයි.

X Æ A-12 Musk ලෙස සංගීතඥයෙකු වන ග්‍රයිම්ස්ට දාව උපන් සිය පළමු දරුවාගේ නම ද තිබේ.

මස්ක් පසුගිය දා බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි ChatGPT සඳහා විකල්පයක් ගොඩ නැගීමට සිය කෘත්‍රිම බුද්ධි සමාගම වන xAI - දියත් කළේ ය.

මූලික වාර්තාකරණය ටොම් එස්පිනර් සහ නූර් නන්ජි, බීබීසී ව්‍යාපාර විසිනි.

 

ෂියෝනා මැකලම්
BBC තාක්ෂණ වාර්තාකරු

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්