BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

කරදර නොවී විදේශ රැකියාවකට යමු

T

The Leader Desk

August 22, 2023 • 7:11 PM

කරදර නොවී විදේශ රැකියාවකට යමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරදරයකින් හා අග හිඟයකින් තොරව යහපත් දිවියක් ගත කිරීම සෑම අයෙකුගේම පාහේ
  • මෙය විවිධ කාරණා සිදු විය හැකිවා සේම ඇතැම් විට රැකියාවක් ලැබුණද එය තමන් අපේක්ෂා කළ රැකියාව නොවීම නිසාද අමාරුවේ වැටීම සිදු වේ.
  •   කඳානේ පාතිමා මාවතේ, නිමල් පෙරේරාගේ කතාව මේ සඳහා උදාහරණයක් ලෙසින් ගත හැකිය.
  • බ්‍රෝකර්වරයා නිමල් පෙරේරාට පවසා ඇත්තේ නිවාස පිරිසුදු කරන්නන් ලෙස ඉතාලියේ රැකියා අවස්ථා බොහෝ තිඛෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේක්ෂාවය. ඒ සඳහා ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් සලසා ගත යුතුය. මේ වෙනුවෙන් සිහින මැවීම අරුමයක් නොවේ.  එනිසාම මේ සිහින සැබෑ කර ගැනීමට විවිධ මං පෙත් ඔස්සේ යාමටද සිහින මවන්නෝ උනන්දු වෙති.  සිහින මැවීම හා ඒවා සැබෑ කර ගැනීම සඳහා අද වන විට ශ්‍රී ලාංකිකයන් තෝරා ගන්නා ප්‍රධානතම මාර්ගයක් වන්නේ විදේශ රැකියාවකට යාමය.



නිසි පිළිවෙතකින් හා සොයා බැලීමකින් තොරව රැකියාවක් සඳහා විදේශගත වීම හේතුවෙන් සිහින අතරමග බිඳ ගන්නෝ අපමණ වෙති. මෙය විවිධ කාරණා සිදු විය හැකිවා සේම ඇතැම් විට රැකියාවක් ලැබුණද එය තමන් අපේක්ෂා කළ රැකියාව නොවීම නිසාද අමාරුවේ වැටීම සිදු වේ.  


zdfsef

කඳානේ පාතිමා මාවතේ, නිමල් පෙරේරාගේ කතාව මේ සඳහා උදාහරණයක් ලෙසින් ගත හැකිය. නිමල් පෙරේරා සුළු වශයෙන් මාළු වෙළඳාමක් කරමින් ජීවිතය ගැට ගසා ගත් අයෙකි. ලැඛෙන ආදායම තම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවූ හෙයින් ඔහු කල්පනා කළේ විදෙස් රැකියාවකට යන්නටය.
කඳාන වැනි ප්‍රදේශයන්හි දිවි ගෙවන පුද්ගලයෙකුට මැද පෙරදිග රටක සුළු රැකියාවක් කර ලැඛෙන ආදායම ඔවුන්ගේ අනාගත සිහින සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් නොවේ.  ඒ මන්ද යත් හොඳ නිවෙසක්, වාහනයක් මිල දී ගෙන අනාගතය සරු සාරවත් දිවි පෙවෙතක් ගත කිරීම ඔවුන්ගේ ඒකායන අභිලාශය වන බැවිනි.

මේ සිතිවිල්ලට තිබූ නිමල් පෙරේරා කල්පනා කළේ ඉතාලියේ රැකියාවකට යාමටය. එනිසා ඉතාලියට යෑමට පහසුකම් සපයන්නෙකුගේ උපකාරය ලබා ගන්නට ඔහු සිතුවේය.

වැඩි දුරටත් සොයා බලද්දී නිමල්ට බ්‍රෝකර්වරයෙකුගේ මාර්ගයෙන් පහසුකම් සපයන්නෙකු සොයා ගත හැකි වූයේය. බ්‍රෝකර්වරයා නිමල් පෙරේරාට පවසා ඇත්තේ නිවාස පිරිසුදු කරන්නන් ලෙස ඉතාලියේ රැකියා අවස්ථා බොහෝ තිඛෙන බවය.

ඉතාලියට යැවීම සඳහා ඔහු අයකරන මුදල රුපියල් ලක්ෂ දහයකි. ඉන් රුපියල් ලක්ෂ දෙකක් මුලින් ගෙවිය යුතු අතර, ඉතිරිය සියලූ කටයුතු සූදානම් කර ගමන පිටත් වෙන්නට පෙරාතුව ගුවන් තොටුපොළේදී ගෙවිය යුතු විය. බැලූ බැල්මටම පහසුකම් සපයන්නාගේ කොන්දේසි ආකර්ශනීය වූ බැවින් නිමල් පෙරේරා සතියකින් රුපියල් ලක්ෂ දෙකක් ගෙවීය. කට වචනය මිසක මේ ගනුදෙනු සඳහා කිසිදු ලියකියවිල්ලක් හුවමාරු වන්නේ නැත.

නිමල්ගේ අපේක්ෂා මල් ඵල ගන්වමින් තවත් සති තුනක් යද්දී ගමනට කටයුතු තීන්දු වූයේය. සිය නිවෙස රුපියල් ලක්ෂ දහයකට උගස් කළ නිමල් ඉන් රුපියල් ලක්ෂ දෙකක් ගෙදර වියදමට බිරිඳ අතට දුන්නේය. ඉතිරි ලක්ෂ අටද රැගෙන නියමිත වේලාවටත් කලින් ඔහු කටුනායක ගුවන් තොටුපළට ගියේය.


අවිධිමත් ලියවිලි

පහසුකම් සපයන්නාද පැමිණ සිටියේය. නිමල් පෙරේරාගේ ගමන් බලපත්‍රය සහ ඉතාලි වීසා බලපත්‍රයද ඔහුට ලැබිණ. මුදල් ලබා ගත් පහසුකම් සපයන්නා ගුවන් තොටුපොළෙන් බැහැර විය.

ගුවන් ගමනට සූදානම්ව ගුවන් තොටුපොළ පර්යන්තයට පිවිසි නිමල් සිය ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ආගමන විගමන නිලධාරීන්ට ඉදිරිපත් කළේය.  ඔවුන් එය පරීක්ෂා කිරීමේදී ඉතාලි වීසා බලපත්‍රය ව්‍යාජ එකක් බවට අනාවරණය කරගත් අතර නිමල්ට සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වීමය.

එතැනින් අධිකරණයට ඉදිරිපත් කළ නිමල්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. පසුව ඇප ලබා පැමිණ නඩුවකටද මුහුණ දී දඩත් ගෙවා ආපසු පැමිණෙන විට නිමල්ගේ නිවෙස හා ඉඩම උගස්කරුට සින්න වී තිබුණේය.



නිමල්ගේ ඉතාලි සිහිනය බොඳ වූයෙන්, කිසිත් කරගත නොහැකිව නැවතත් සුළු වශයෙන් මාළු  වෙළඳාමක් කරමින් කුලී ගෙයක දැනට කල් ගෙවයි.
''ආයෙත් නම් ඔය වගේ ගොන් වැඩ කරන්නෙ නෑ. ඉතාලියේ, ඕස්ට්‍රේලියාවේ රස්සාවලට යන්න දඟලන අයටත් කියන්නෙ කපටින්ට අහුවෙලා අමාරුවේ වැටෙන්න එපා කිය එක තමයි.''



නිමල් පෙරේරා පාඩමක් ඉගෙන ගන්නා විට පෙරහැර ගොසින් හමාර මුත්, නිමල් වැන්නන්ගේ තවත් කතා එමට ඇති බැවින් තීන්දුවක් ගැනීමට පෙර හතර පස් වතාවක් දිතා බැලිය යුතු බවට නිමල්ගේ කතාව අතිශයින් වැදගත්ය.

විදේශ රැකියා සඳහා  මෙවැනි අවිධිමත් අයුරින් සංක්‍රමණය වන්නන් නීතියේ රැහැනට කොටු වී ඇති බව බොහෝ දෙනා නොදන්නේ ඒ ගැන සෙවිල්ලක් බැලිල්ලක් නැති බැවිනි. විදේශ රැකියා සඳහා දුවන්නන් වාලේ දුවන පිරිස්වල ස්වභාවයද එයය.

xfgsdger

කඳානේ පදිංචිකාරියක වන තක්ෂිලා මධුවන්ති ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ඒජන්සියක් හරහා කුවේට් රාජ්‍යයේ රැකියාවකට යන්නේ ගෘහ හෙදියක් ලෙස සේවය කිරීමටය. එහෙත් ඇය පවසන්නී එහිදී ඇයට සේවය කිරීමට සිදු වූයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කිරීමට සිදු වූ බවය.

'' ඒජන්සියෙන් මට කීවේ ගෘහ හෙදියක් ලෙස ක්වේට් රටේ නිවසක සේවය කිරීමට ඇති බවයි. මට ඒ ගෙදර පැය දොළහක් සේවය කරන්න තිඛෙන බවත්, ඒජන්සියේ අය කිව්වා. ඒ වුණාට මට ඒ ගෙදර පැය 24ම වැඩ කරන්න සිද්ධ වුණා.''

තක්ෂිලා මධුවන්ති තමාට සිදු වූ ඇබැද්දිය කෙටියෙන්ම පැවසුවේ එලෙසය.

ගෘහ හෙදියක් ලෙස සේවය කිරීම සඳහා ඇය ඒජනිස්යට ඉදිරිපත් කර තිබුණේ පෞද්ගලික රෝහලක පුහුණුවන්නියක ලෙස සේවය කළ බවට ලබාගත් සහතිකයකි. එය කිසිසේත්ම වෘත්තීය සුදුසුකමක් ලෙස සැලකිය නොහැකි වුවත්, ඒජන්සි කරුවා ඇය නොමග යවා ගෘහ හෙදියක් ලෙස සේවයට යවන බව පවසා ගෘහ සේවිකාවක් ලෙසින් මෙරටින් පිටත් කර තිබු‚. එය සනාථ කරනුයේ ගුවන් තොටු පොළේදී ඒජන්සි කරුවා විසින් ලබා දී තිබුණු සේවා ගිවිසුමය. එහි ඇයගේ වෘත්තිය ගෘහ සේවිකා (හවුස්මේඩ්) යනුවෙන් සඳහන්ව තිබේ.

විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීමට අපේක්ෂා කරන බහුතරයක් දෙනාගේ තත්ත්වය මෙලෙස බවත්, ඔවුන් දුවන්නන් වාලේ දුවනවා විනා, තමන් අපේක්ෂා කරන රැකියාව සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් මෙන්ම තමන් සතු කුසලතාවන් වර්ධනය කරගෙන තිබේද යන්න ගැන ඔවුන්ටම ඒ ගැන තක්සේරුවක් නැත.



කුසලතා සංවර්ධනය

ශ්‍රී  ලංකාවෙන් විදේශ රැකියා සඳහා සංක්‍රමණය වන පිරිස්වලින් බහුතරයකට තමන් අපේක්ෂා කරන රැකියාව සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් හා කුසලතා වර්ධනය කර ගැනීමක් නැති බවට වඩාත් තහවුරු කරන සාක්ෂි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන ඔස්සේ ලබාගත හැකිය.

2022 වසරේ සංඛ්‍යා ලේඛන අනුව දුර්වල කුසලතාවන් සහිතව විදේශගත වූ පිරිස එක් ලක්ෂ හයදහසක් පමණ වේ. එම වසරේ කුසලතාවන් සහිතව විදෙස්ගත වූ පිරිස අනූදෙදහසකට ටිකක් වැඩිය. ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ පිරිස හැත්තෑ හතර දහසක් පමණ වේ. වෘත්තීකයන් ලෙස විදෙස්ගත වූ සංඛ්‍යාව දහ හතර දහසකට ටිකක් වැඩිය.

2023 වසරේ මුල් මාස හය තුළ දී ශ්‍රී ලංකාවෙන් විදෙස්ගත වූ දුර්වල කුසලතාවන්ගෙන් යුතු පිරිස හතළිස් දහසකි. කුසලතාවන් සහිතව විදෙස්ගත වූ සංඛ්‍යාව තිස් හත් දහසකට ආසන්නය. වෘත්තීය සුදුසුකම් සහිතව විදෙස් රැකියා සඳහා යොමු වූ පිරිස හය දහසකට ටිකක් වැඩිය.    



මෙම සංඛ්‍යාලේඛනවලින් තහවුරු වවන කරුණ වන්නේ, විදෙස්ගත වන පිරිසෙන් බහුතරයක් දෙනා වෘත්තීය මට්ටමේ සුදුසුකම් ලාභීන් නොවන බවය.
මේ හේතුව නිසා සමහරෙකුට සිය සේවාව හරිහැටි ඉටු කිරීමට නොහැකිව අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වෙනවා පමණක් නොව රැකියාව අත්හැර දමා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට ද සිදු වේ.


තක්ෂිලා මධුවන්තිගේ කතාව මේ සදහා සාක්ෂි දරයි.

වෘත්තීය කුසලතාවන් වර්ධනය කර නොගත් සේම හරිහැටි වෘත්තීය සුදුසුකම් සපුරා නොගත් පිරිස් යුරෝපා රටවලටත් ඕස්ට්‍රේලියාවටත් සංක්‍රමණය වන්නට උත්සාහ දරති. මේ අය ඒ රටවලට සේන්දු වන්නේ අවිධිමත් ලියකියවිලිවලින්ය. එසේම මුහුදු මාර්ගයෙන් හා ගුවන් මාර්ගයෙන්ය. ඇතැමෙක් ගුවන් මගින්ද එවැනි රටවල්වලට සංක්‍රමණය වීමට උත්සාහ දරති.  


නීතියේ රැහනට කොටු වීම:

තොරතුරු පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුව යුරෝපා සහ වෙනත් රටවලට අවිධිමත් ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සහ මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වන්නට උත්සාහ කර අත් අඩංගුවට පත් වූවන්ගේ සංඛ්‍යා ලේඛන මෙලෙස දැක්විය හැකි වේ.  



ක්‍රිස්තු වර්ෂ 2009 සිට 2023 දක්වා කාල පරාසය තුළ මෙසේ අවිධිමත් ලෙසින් සංක්‍රමණය වීමට උත්සාහ කළ 5615 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. මේ කාලය තුළ දී මෙවැනි සංක්‍රමණිකයින්ට පහසුකම් සැපයූ පුද්ගලයන් 348 දෙනෙකු අත් අඩංගුවට පත්ව තිබේ.  



විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීම වලකා ලීම හෝ ඒ සඳහා ඇති උනන්දුව අධෛර්යමත් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. ලිපියේ සැබෑ අරමුණ වන්නේ වර්ධනය කර ගත් කුසලතාවන්ද, ඉහළම වෘත්තීය සුදුසුකම්ද සහිතව විධිමත් අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමේ වැදගත්කම පෙන්වා දීම බව අවධාරණය කළ යුතු වේ.



අවිධිමත් සංක්‍රමණය

sdfq3wrdf


සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ''සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණය සඳහා මාර්ගෝපදේශනය''  නම් ග්‍රන්ථයේ අවිධිමත් සංක්‍රමණය යන්න අර්ථ දක්වා ඇත්තේ මෙලෙසය.

'' මුල් රට මාර්ගස්ථ රට හෝ ගමනාන්ත රට ගමනාන්ත රට තුළට ඇතුල්වීම හෝ එයින් පිටවීම පාලනය කෙරෙන නීති නියමයන් හෝ අන්තර් ජාතික ගිවිසුම්වලට පරිබාහිරව පුද්ගලයින් සංචරණය වීම''.

මෙම අර්ථ කථනය තවත් සරලව පවසන්නේ නම්, ඕනෑම රටක හා ජාත්‍යන්තරව පවතින ආගමන විගමන නීතිවලට පටහැනිව රටකට ඇතුල්වීම හෝ පිටවීම යනුවෙන් සඳහන් කළ හැකිය.



මිනිස් ජාවාරම සහ මිනිස් වෙළඳාම :

විදේශ රැකියා සඳහා අබිමුඛ වන්නන් ඉතා පහසුවෙන් මිනිස් ජාවාරමට සහ මිනිස් වෙළඳාමට ගොදුරු වීමේ ප්‍රවනතාවක් පවතී.

මිනිස් ජාවාරම සහ මිනිස් වෙළෙඳාම යන සංසිද්ධීන් දෙක එකට බැඳී පවතින්නකි.  මිනිස් වෙළෙඳාමට ගොදුරු වන්නන් පුද්ගල සූරා කෑමට, බලහත්කාරයෙන්, බලපෑම් කිරීමෙන්, රැවටීමෙන් සේවා සඳහා බඳවා ගැනීමට වෙනත් අයට අලෙවි කිරීමට බඳුන් වේ. මේ හේතුව නිසා එසේ ගොදුරු වුවත් ලිංගික සූරා කෑමට, අවයව ඉවත් කර ගැනීමට හා බලහත්කාරයෙන් අනාරක්ෂිත සහ අනතුරුදායක සේවාවන්හි යොදවා ගැනීමේ ඉඩකඩ පවතී.



විදෙස් රැකියා සඳහා යැයි පවසමින් එසේ විදෙස් රැකියා සඳහා  සිය කැමැත්තෙන් මුදල් ගෙවා ඉදිරිපත් වෙන පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් හෝ ගොඩබිම් ප්‍රවාහන මාර්ගයෙන් රැගෙන යාම මිනිස් ජාවාරම ලෙසින් හැඳින්විය හැකිය.  මෙයට භාජනය වන්නන්ටද මිනිස් වෙළෙන්දාමේදී සිදු වෙන දූෂණයන්ට හා අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වීමේ ඉඩ ප්‍රස්ථා ඉහළ අගයක් ගනී.

 

බාධාවකින් තොරව විදේශ රැකියාවකට යෑම

මේ සඳහා පුහුණුවක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. මෙහිදී පුහුණුව ලෙසින් සලකනු ලබන්නේ සේවායෝජකයින්ගේ ඉල්ලූම තිඛෙන ආකාරයේ පුහුණුවක්ය. එය විශේෂඥ, කුසලතා, පුහුණුව, දැනුම හා හැකියාව ඇත්තෙකු පුහුණු ශ්‍රමිකයෙකු ලෙසින් අර්ථ දැක්විය හැකිය.

අද ලොව තුළ පුහුණු මට්ටම අනුව නිකුත් කරනු ලබන බොහෝ වීසා බලපත්‍ර තිඛෙන බැවින් එවැනි පුහුණුවක් දත් අයෙකුට පහසුවෙන්ම පුහුණු සංක්‍රමණිකයෙකු විය හැකිය.

ශ්‍රී  ලංකාව තුළ විශේෂඥ පුහුණුව ලබා ගත හැකි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන තිබේ. මේ ආයතන මොනවාද යන්න ගැන තම ප්‍රදේශයේ තරුණ සේවා සභා කාර්යාල හා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලවලින් විමසා දැනගත හැකිය.



විදේශ රැකියා සඳහා සංක්‍රමණය වන්නන් වෙනුවෙන්ම පිහිටුවා ඇති රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වේ. මෙම ආයතනය යටතේ ලියා පදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සි අංයතන රැසක්ද තිබේ. ඒවා නියාමනය කරනු  ලබන්නේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයය. මේ ආයතන වැරදි කරන්නේ නම් ඒවා අසාධුගත කිරීම ආයතනය විසින් කලින් කලට සිදු කරනු ලබයි. ඔබ කිසියම් විදෙස් රැකියා ඒජන්සියක් වෙතින් විදේශගත වීමට අපේක්ෂා කරන්නේ නම් පළමුව කළ යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ගොස් එම ආයතනය ලියාපදිංචි වූවක්ද යන්න සොයා බැලීමය. ඊටත් අමතරව වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමටද හැකිය.





වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම:

ඔබ කිසියම් ආයතනයක සේවයේ නියුක්තව සිටින නමුත් ඔබේ පළපුරුද්ද අනුව පිළිගත් සහතිකයක් නොමැති නම් ඔබට පිළිගත් වෘත්තීය සහතිකයක් ලබා ගැනීමටද අවස්ථාව තිබේ. ඒ සඳහා ඔබ යා යුත්තේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව වෙතය.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.ලලිතධීර පවසන්නේ වෘත්තීය පළපුරුද්දක් ඇති අයට සිය කොමිසම  හරහා එන්.වී.ක්‍යු 3 මට්ටමේ සහතික ලබා ගත හැකි බවය. ඒ සඳහා ලිඛිත විභාග නොපවත්වන බවත්, අදාල පුද්ගලයාගේ හැකියාව පිලිබඳ පරීක්ෂණයක් සිදු කර උක්ත සහතිකය පිරිනමන බවත්ය. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ඊට අමතරව එන්.වී.ක්‍යු පළමු මට්ටමේ සිට 7 වන මට්ටම දක්වා, සහතික පිරිනමන බවද, ඒ සඳහා ද ක්‍රමවේදයන් සකසා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

lalithadeeraආචාර්ය කේ.ඒ.ලලිතධීර 


මේ වන විට සිය කොමිෂම ශ්‍රී ලංකා රජයේ අනුදැනුම මත සෞදි අරාබියේ 'තකාමෝල්' ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇති බව පවසයි.

'තකාමෝල්' ආයතනයද සිය ආයතනය මෙන් සහතික පිරිනමන සෞදි රාජ්‍ය අංශයේ ආයතනයකි. මෙම ගිවිසුම අනුව සෞදි අරාබියට අවශ්‍ය සේවකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එන්.වී.ක්‍යු මට්ටමේ සුදුසුකම් ලද්දවුන් ලියාපදිංචි කර ගන්නා බවත් ඉදිරියේදී සෞදි රාජ්‍යයට සේවකයින් බඳවාගැනීමේදී මෙසේ ලියා පදිංචි වූවනට ප්‍රමුඛතාවය හිමිවන බවත්, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිතධීර කියයි.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව පෑස්සුම්, විදුලි කාර්මික, මෝටර් රථ විදුලි කාර්මික, ශීතකරණ හා වායුසමන ශිල්පය හා ඇලූමිනියම් පැබ්රිකේෂන් යන ක්ෂේත්‍රවල සුදුසුකම් ලද පිරිස් ලියාපදිංචි කර ගැනේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර මාස කීපයක් ගත වී ඇතත්, තවමත් ලියා පදිංචි වී ඇත්තේ අයදුම්කරුවන් හත් අට දෙනෙකු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.


වෘත්තීය පුහුණු අධිකාරිය:

වෘත්තීය පුහුණු අධිකාරිය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා රාජ්‍ය අංශයෙන් පවත්වා ගෙන යනු ලබන ප්‍රධානතම ආයතනය වේ. මේ වන විට මෙම ආයතනය මගින් විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව පාඨමාලා 300ක් පමණ පවත්වන අතර දිවයින පුරා ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථා පිහිටුවා ඇත. ඔබගේ ප්‍රදේශයේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෙත ගොස් පාඨමාලා පිළිබඳව විස්තර දැනගත හැකිය.

 විදේශ රැකියාවක් සඳහා යෑමට අපේක්ෂා කරනවා නම්, ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගෙන කටයුතු කිරීම කරදරයකින් තොරව රැකියාවකට අනුගත වීමට පහසුවක් වනු ඇත.    

(සටහන : නිමල් අබේසිංහ විසිනි)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...