(ඔක්තෝම්බර් මස 01 දිනට යෙදෙන චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික දිනය නිමිත්තෙනි)

 
mawo
1949 ඔක්තෝබර් මස පල වනදා මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවනු ලැබුවේ මිලියන ගණනාවක විප්ලවවාදීන්ගේ ලේ දහඩිය හා කඳුළු මතිනි. මාවෝ  සේතුංගේ අසහාය නායකත්වය යටතේ දේශීය හා විදේශීය බලවේගවලට එරෙහිව දශක ගණනාවක් සටන්  කරමින් මෙම සුවිශේෂ ජයග්‍රහණය ලබා ගන්නා ලදී.


 චීයාන් කායිෂෙක් ගේ අධිරාජ්‍යවාදී ග්වොමින්දොන් (kuomintang) KMT  වරුන්ට හා ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව  මහා පා ගමන් වල යෙදෙමින් දශක ගණනාවක සටනක නිරත වීමට සභාපති මාඕ සේතුං හට සිදුවිය..

 රාජ්‍ය අත්පත්  කරගැනීමෙන් පසුවද දශක කීපයක් පුරා බාහිර බටහිර බලවේග වලට එරෙහිව කටයුතු කිරීමට චීන මහජන සමූහාණ්ඩුවට සිදු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් පිළිගැනීමට දශක දෙකකට වඩා වැඩි කාලයක් ගත කළේය.
 
cfgdfg

1971 ඔක්තෝබර් 25 දින එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ අංක 2758 දරන යෝජනාව මගින් චීන මහජන සමූහාණ්ඩුව එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස පිලිගැනීමටත් තායිවානය සාමාජිකත්වයෙන් ඉවත් කිරීමත් සිදුවිය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළි නො ගැනීමෙන් දශක දෙකකට අධික කාලයක් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවීය.


 වී අයි ලෙනින් ප්‍රකාශ කළා මෙන් 'පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට' තබමින් ගමන් කළ චීන ආර්ථිකය 1978 දී ඩෙං ෂියා ඕ පින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ අධිවේගෙන් සංවර්ධනය කරා ගමන් කිරීම ආරම්භ කළේය.

 ආරම්භයේ සිටම විධිමත් පස් අවුරුදු හා දස අවුරුදු සංවර්ධන සැලසුම් යටතේ ක්‍රියාත්මක වූ චීන ආර්ථිකය 1980 දී විශේෂ ආර්ථික කලාප පහක් හඳුන්වාදීමෙන් පසු වේගවත් ගමනක් ආරම්භ කළේය. මේ වන විට ඩොලර් බිලියන 18 ක දල  ජාතික නිෂ්පාදනයක් ඇති චීනයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13721 දක්වා වර්ධනය වී ඇත.
 
cvxde

 ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ගේ සංකල්පයක් අනුව 2013  වසරේ ආරම්භ වූ එක් තීරයක් එක් මාවතක්(OBOR- one belt one road) ව්‍යාපෘතියේ සාමාජික රටවල් සංඛ්‍යාව මේ වනවිට 154 කි. බටහිර මාධ්‍ය මෙම වැඩසටහනට එරෙහිව විශාල මතවාදයක් ගොඩ නගමින් සිටියත් මේ වන විට අප්‍රිකානු සහ ආසියානු කලාපවල  අඩුආදායම්ලාභී රටවල සංවර්ධනයට විශාල පිටුවහලක් මෙය මගින් සැලසි  ඇති බව එම රටවල ඒක පුද්ගල ආදායම වර්ධනය ලෙස බැලීමේදී පෙනී යයි.
 
brics

බ්‍රික්ස් (BRICS)සංවිධානය මගින් නව ලෝක බැංකුවක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ මහජන චීන සමූහාණ්ඩුවයි.  ලෝකයේ විශාලතම ආර්ථිකයන් සහිත නැගී එන රටවල් වන මහජන චීන සමූහාණ්ඩුව, ඉන්දියාව බංග්ලාදේශය, බ්‍රසීලය, රුසියාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා උරුගුවේ මේ වන විට බ්‍රික්ස් සංවිධානය මේ ආරම්භ කරන ලද නව සංවර්ධන බැංකුවේ(NDB) සාමාජිකයන් වී සිටී.


 2020 වසර වනවිට මහජන චීනය  නිරපේක්ෂ දරිද්‍රතාවය දුරු කරලීමට සමත් විය. පසුගිය වසර 40 ක කාලය තුල මිලියන 850ක් පමණ චීන ජාතිකයන් දුගී බවින් මුදවා ගෙන ඇත. 2021 වසරේදී දුප්පත්කම තුරන් කරලීම ඔවුන්ගේ ඉලක්කයක් බව 2012 වසරේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන සමුළුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී. එම සමුළුවේදීම ප්‍රකාශයට පත් වූ තවත් අරමුණක් වූයේ 2049 වන විට චීනය නවීන සංවර්ධිත, සෞභාග්‍යමත්, සහජීවනයෙන් පිරි අලංකාර හා හරිත වූ සමාජවාදී රාජ්‍යයක් බවට පත් කරලීමයි

 බටහිර බලවතුන්ගේ අසාධාරණයට ලක් වන රටවලට මහජන චීන සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දී මහඟු ශක්තියක් පසුගිය කාලසීමාව තුළදීම සපයා ඇත.

 සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිඳ වැටුණේ වසර හැත්තෑ හතරකට පසුවය(1917-1991),  මිහායිල් ගොර්බචොෆ් ගේ  පෙරස්ත්රොයිකා  වැනි වැඩසටහන් වලට එම බිඳ වැටීම නැවැත්වීමට හැකි වූයේ නැත. නමුත් චීන කොමියුනිස්ට් පක්ෂය වසර හැත්තෑ හතරකට පසුවත් ඔවුන්ගේ ලක්ෂණ  රැකගනිමින් ඉදිරියට ගමන් කිරීමට සමත් වී තිබේ.

 
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්