ජාත්‍යන්තර අරමුදලෙන් අපේක්ෂිත  ඩොලර් මිලියන 300ක දෙවන වාරිකය නිකුත් කිරීමට කල් යන  බව කියයි.

හේතුව ලංකාවේ රාජ්‍ය ආදායම් ප‍්‍රගතිය අපේක්ෂිත ඉලක්ක සපුරා නො ගැනීම ය. ආචාර්ය හර්ෂ සිල්වාට අනුව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් නොව ලංකාණ්ඩුවේ එකඟතාවක් බවය. මෙහිදී එකඟතාව යනු රාජ්‍ය ආදායම එක්ස් මට්ටමට ළගා කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය නිරීක්ෂණය කරමින් සිටියි.

 

ගෝඨාභය දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට  ඍජු බදු අය කිරීම අත් හිටුවීමෙන් ආර්ථිකය බිඳ වැටී රට නො සංසුන් විය.  ඉන්ධන ගෑස් ආහාර සැපයුම් අඩාල වී නිර්මානය වූ  පෝලිම්වල මිනිසුන් මැරී වැටිණ. ප‍්‍රවාහන සේවා හැකිළී  රජයේ කාර්යාල රෝහල් පද්ධතිය අක්‍රීය විය. පාසල් වැසිණ.  නිර්මානය  වූ ජන පීඩනය ඇති කළ  අරගලය හැට නව ලක්ෂයක් ජනතාව පත් කළ විධායක ජනාධිපති සහ ඔහුගේ  කැබිනට් මණ්ඩලය ගෙදර යවන තරමට ශක්තිමත් විය.

Handun

එය නිදහස් ලංකාවේ සක්‍රීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිට්ටනියකදී ප‍්‍රති ව්‍යුහගත කර අවශ්‍ය තීරණ ගැනිමේ බලය පාර්ලිමේන්තුවට පැවරූ අවස්ථාවේ හඳුන්නෙත්ති ලාල්කාන්ත පොල්දූවේ හන්දියේදී පාර්ලිමේන්තු ක‍්‍රමය විනාස කිරීමට ගත් උත්සාහය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව පොළොවේ ගසා විනාස කිරිමට ගත් උත්සාහයකි.  තවත් එවැනි දේශපාලනික අවපාතයක් නිර්මානය නො වීමට නම් මූලිකව රටේ ජන ජීවිතය සන්සුන් විය යුතුවේ.

 

 

රටේ පාලනයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට ලාංකේය ජනතාව තුළ ආකල්පය පවත්නා ජානමය ආකල්පය, 2019 ජනාධිපති මැතිවරණ ප‍්‍රතිපලය අනුව මෙසේ විස්තර කළ හැකිය. යහ පාලන (2015-2019* කාලයේ ආර්ථික සමාජ හා සිවිල් තත්වය 2022 වර්ෂයට සමපාතව බෙහෙවින් යහපත් ය. එය ආණ්ඩුවක් ප‍්‍රතික්ෂේප කිරීමට ජනතාව පොළොඹවන තරමට බරපතල නො වීය. උදාහරණ ලෙස 2022ට සාපේක්ෂව සියළු ඉන්ධන වර්ගවල එක් ලීටරයක සාමාන්‍ය වෙළඳපොල මිල රුපියල් 129 ඉක්මවා නො තිබිණ. ගෑස් මිල රුපියල් එක් දහස් ගණනකි. කිරි පිටි රුපියල් තුන්සිය ගණනකි. නැවත රාජපක්ෂ සම්ප‍්‍රාප්තියට හේතුව බැංකු මංකොල්ලය මිස, පාස්තු බෝම්බය(2019 අපේ‍්‍රල්)  වඳ සැත්කම් චෝදනා (2019 මැයි) වැනි දේශපාලන තුරුම්පු නොවේ යයි තර්ක කරන්නෝ 2018 පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලය හුවා දක්වති. 2018දී පොදු ජන පෙරමුණට වැඩි අයතන සංඛ්‍යාවක බලය අත්පත් කර දුන් 40%ක ජන කැමැත්ත යනු සමානුපාතික විග‍්‍රයක් මිස, පාලකයන් පලවා හැරීමට බලය ලැබෙන ඍජු ජන මත ප‍්‍රකාශයක් නොවීය. ජනාධිපති මැතිවරණ   රීතින්ට අනුව, එහිදී කිසිවෙකු 51%ක් ලබා නො ගත්හ. 2015 ජනාධිපති මැතිවරණයේදී රජපක්ෂලා ලබා ගත්  47.58% හෙවත් 5,768,090ක ඡන්ද ප‍්‍රතිපලයට සමගාමීව 2018දී ඔවුන්ට ලැබුණේ 44.65ක් හෙවත් 4,941,952කි. එදා ශී‍්‍රලනිපය ලබා ගත් ඡන්ද 491853 එක් කළද එය සංඛ්‍යාවෙන් ඡන්ද 5,433789කි. තුච්ඡ දේශපාලන කුමන්ත‍්‍රණ සැලසුම් කළේ ඒ නිසාය. සත්තකින්ම එහි පළමු වැන්න රනිල් නෙරපා මහින්ද අගමැති ලෙස පත් කිරීමය.

xdfgter4t

 

මෙයින් පෙනී යන්නේ  2019 දේශපාලන බල පෙරළිය ජනතාව මුලා කිරීමක් මිස, ආර්ථීක හේතු බල නො පෑ බවය. රජයේ සේවක වැටුප් වැඩිකර තිබිණ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ජීවන දර්ශකය විෂම නො වීය.  එහෙත් රටේ බහුතරය ආගම් ජාතිවාදී  උමතුවෙන්   පාලකයාට එරෙහිව  පෙළ ගැස්සූහ. එක වේදිකාවකට පැමිණිය යුතු ජනාධිපති අගමැති දෙදෙනාගේ ගැටුමෙන්  යහ පාලනයේ සාර්ථකත්වය අවතැන් විය. විශේෂයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන නැවත රාජපක්ෂලා රටේ බලයට ගෙන ඒමට ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේය. 2018 ඔක්තෝබරයෙන් පසු ආරක්ෂක කවුන්සියට අගමැති පොලිස්පති නො කැඳවීම පාස්කු ප‍්‍රහාරයට පහසුකම් සැපයීමක් ලෙස වැඩි දෙනා සැක කරන්නේ ඒ නිසා ය.  

 

රනිල් ජනාධිපති වූ වහාම විපක්ෂය, රනිල් ඉලක්ක කර ප‍්‍රහාර දියත් කිරීමෙන් රාජපක්ෂලා දේශපාලන චෝදනා වලින් කොන්දේසි රහිතව මුදා හැරිණ.  ඔවුන්ට අවශ්‍ය වුණේ පාලකයා එළවා බලය ලබා ගැනීමට මිස විෂය මූලික දේශපාලන අභියෝගය පරාජය කිරීම නොවේ.අපේ‍්‍රල් අරගලය විදේශීය කුමන්ත‍්‍රණයක් බව කියන තරමට ශක්තිමත්ව සිටින රාජපක්ෂලා නැවත ආගම් වාදය ජාති වාදය අවුළුවමින් සිටිති. මුලතිව් මහේස්ත‍්‍රාත් රට හැර යාම පුද්ගල බද්ධ සිද්ධියක් නෙවේ. හෙල්පින් හම්බන්තොට නඩුවෙන් රාජපක්ෂලා නිදහස් කිරීමත් බාහුවක බුදුරුවක් සහිතව දිවයිනට පැමිණි බි‍්‍රතාන්‍ය තරුණියට සහ නදීෂා එදිස්සූරියට එරෙහිව මීගමුව සහ කොටුව මහේස්ත‍්‍රාත් වරුන් දුන් නියෝග සමග සරත් වීරසේකර මුලතිව් මහේස්ත‍්‍රාත් ගැන කළ ප‍්‍රකාශ මහජන ආවේග සමග සමාලෝචනය කළ යුතුවේ. අධිකරණ සේවා කොමිෂමේ ලේකම්ට විවෘත ප‍්‍රදේශයකදී පහරදීමද රාජපක්ෂ පාලනයේ කැබිනට් ඇමතියෙකු මන්නාරම් මහේස්ත‍්‍රාත්ට එරෙහිව හැසිරීමත් මහාධිකරණ විනිසුරු වරාවැවට සේවා  දිගුව නොදී විශ‍්‍රාම යැවීමත් මෙහිදී පාද සටහන් වේ.

 xdgfe4

මැතිවරණයෙන් ප‍්‍රතික්ෂේප වූ රනිල් ජනාධිපති වීම සමහර විට ගැටළුවක් වුවද,  රටේ බහුතරය එය ඉවසා සිටින්නේ 2019 තෙක් ඔහු හැසිරවූ රටේ  ආර්ථීක හා සමාජ ක‍්‍රමය අත්පත් කර ගැනීමේ සාධනිය අපේක්ෂාවෙනි. මේ වනවිට උද්ධමන දර්ශකය තනි ඉලක්කමට පමුණුවා හමාරය. රටේ බහුතරය හිතන්නේ රනිල් කියන 2048 කෙහෙම්මල් උටෝපියාව නොව රටේ තත්වය 2019ට වෙත හෝ ළඟා වුණොත් ප‍්‍රමාණවත් කියාය. එවිට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ගොල්පේස්හීදි හෝ පොල්දූවේදී අභියොගයට ලක් නොවනු ඇත.

 

නැවත ලිපියේ මුලට යයි නම් රාජ්‍ය ආදායම අපේක්ෂිත ඉලක්ක කරා ළ`ගා නො වීමට හේතු දෙකකි. පළමුවැන්න ස්කාගාර සමාගම් සහ දයා ගමගේ වැනි දේශපාලකයන් පැහැර හැරිය බවට චෝදනා නැගෙන හිඟ බදු අයකර නො ගැනීමට  පාලකයන් පියවර නො ගැනිම ය. දෙවැන්න බදු ප‍්‍රතිපත්තිය ගැන දේශපාලනිකව බලපෑම් කළ විපක්ෂය බදු ගෙවන්න එපා කීවේ නාස්තිය සහ දූෂණ හොරකම් ගැන කියමිනි. ඒ සටන් පාඨය තුළින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය අංශයේ දූෂිතයන් ගැන කතා නො කිරීම දේශපාලන වාසි තකා විපක්ෂය චේතනාන්විතව කළ කි‍්‍රයාවකි.

 zxdge6

බදු විරෝධී අරගලය බිම් මට්ටමෙන් නො වීය. සතයක් හෝ බදු නො ගෙවන ගුරු සේවයෙන් 96%ක් බදු විරෝධි අරගලය ශක්තිමත් කිරීම ඊට උදාහරණයකි. ඒ ගැන  මා කළ විමසීමකදී, සටන්කාමි විදුහල්පතියෙකු කීවේ, ස්ටාර්ලින් ජෝෂප් අපට පඩි වැඩිකර දුන් නිසා බදු විරෝධි සටනට සහාය වූ බවය. බදු යනු වැටුප් සහනාධාර ආදි සියල්ල නොවේදැයි විමසූ විට මා මිත‍්‍ර සටන්කාමි විදුහල්පති වරයෙකු සිය අත්දැකීමක් විස්තර කළේ ය.

බදු විරෝධි සටන අතර, වර්ජනයට එක් වූ  විශ්වවිද්‍යාල වෘත්තිකයන් ඉල්ලා සිටි සාකච්ඡාව උසස් පෙළ උත්තර පත‍්‍ර පරීක්ෂාව අවසන් වන  තෙක් නො ලැබෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ ප‍්‍රකාශය  විපක්ෂය දුටුවේ හිට්ලර් පන්නයේ ක්‍රියාවක් හැටියටය. ඒ නිවේදනය මාධ්‍ය හරහා සවන් දුන් මා මිත‍්‍ර විදුහල්පතිගේ උසස් පෙළ ප‍්‍රතිපල අපේක්ෂාවෙන් සිටි පුත‍්‍රයා අත්පොළසන් දුන් විට ගුරු සේවයේ නිරත දරුවාගේ අම්මා අත්පුඩි ගැහුවේ  රනිල්ටදැයි විමසූ විට, ලැබුණ උත්තරය මං අත්පුඩි ගැහුවේ රටේ පාලකයා ගත් තීන්දුවට යන්න ය.  මේ අහිංසක සිද්ධිය රටේ යථාර්ථය හා පාරේ සටන් අතර පරස්පරයට නිදසුනකි.  මේ විස්තර කළේ බදු අය කිරීමට වඩා දේශපාලනිකව මැදිහත් විය යුතු එහෙත් විපක්ෂය මඟ හැර යන ප‍්‍රශ්න රටේ ඇති බවය.

 xfdge456

මාසිකව රුපියල් 35000ක් බදු කැපෙන ඉහළ මධ්‍යම පාන්තික පුද්ගලික අංශයේ වෘත්තිකයෙකුගේ අත්දැකීමක් මෙසේය.

පුද්ගලික අංශයේ ඉහළ තනතුරක් දරන ඔහුගේ වැටුපෙන් මාසිකව රුපියල් 35,000ක් බදු හැටියට කපා ගැනෙයි. 2022 මැයි මුල් සතියේ මියගිය සිය නැන්දනියගේ මළගම සඳහා ඔහු වහා ගමට යා යුතු විය. සාමාන්‍යයෙන් කොළඹ සිට ගමේ යාම සඳහා ටැංකියක් පිරවූ පැට්රල් අවශ්‍ය වේග පුරා පැය විසි හතරක් සිය මෝටර් රිය ස‍දහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට නො හැකි වූයෙන් හෙතෙම අවමංගල්‍යයට සහභාගි වීමට සියඹලාණ්ඩුවට ගියේ ත්‍රී විලරයකිනි. ගමනට ගෙවූ කුලිය රුපියල් 41000කි. ඔහු සිය  කතාව අවසන් කළේ  මෙසේ ය.

 

.. මම ගමෙන් ආපු මිනිහෙක්. මගේ පන්තියේ ඉගෙන ගත් සමහර ගමේ ජීවත්වන යාලූවන් ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා.  මම ආණ්ඩුවට මාසිකව ගෙවන බදු මුදලේ ප්‍රමාණය දනී නම් ඔවුන්ට කුමක් සිතෙයිද? කෙසේ වෙතත් නගරයේ වසන අපට හැමදාමත් දැනෙන  පීඩනය ගමට දැනෙන්නේ නැත. ඔවුන් ආවේ ගියේ පයින් ය. කෑවේ අල බතල කොස් දෙල් යග ගමේ ජිවන මට්ටම අනුව ඒ කිසිවෙකු බදු ගෙවිය යුතු ආදායම් සීමාවේ නැත. රටේම බදු ගෙවන පිරිස ලක්ෂ පහක් නෑ කියන්නේ අපි බදු නො ගෙව්වොත් රට කඩා වැටෙන බවය. 2020දී සිද්ධ වුණේ එයයි. දෙදහස් විසි දෙකේ මැයි මාසයේ අද මෙන් රුපියල් තිස් පන් දහසක් වැය කරලාවත් සුව පහසුවට ගමේ යන්න  නො හැකි වුණාට, අද මා බදු හැටියට මාසිකව ගෙවන තිස් පන් දහස නිසා මගේ පුද්ගලික පහසුව පමණක් නොව, රටේ පාසල් අධ්‍යාපනය යළි ආරම්භ වී උසස්පෙළ සා පෙළ විභාග ක්‍රියාවලිය පිළිබද සිසුන්ගේ විශ්වාසය ඇති වීම මට තෘප්තියක්. සෞඛ්‍ය සේවා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙනවා. 202දී රටේ මතුවී තිබුණ ජන ජීවිතය අඩාල කළ දෛනික ගැටලු විසදෙමින් අපේ ජීවිත යහපත් වෙමින් පවතිනවා. මා කල්පනා කරන්නේ අප පාසල් ගිය කාලයේ අද මෙන් බදු නො ගෙවා සිටීමට බල කරන දේශපාලන ව්‍යාපාර තිබුණා නම්, නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිය මා වැනි ගම් දරැවන්ගේ  ඉරණම කුමක් විය හැකිව තිබුණිද?  මේ සියලු කරැණු අනුව මා කැමැත්තෙන් බදු ගෙවන්නෙක් බව කියන්නේ රනිල් වෙනුවෙන්  නොවෙයි. රට වෙනුවෙනි.   එජාපයට ඡන්දයක්වත් දී නැති මා රනිල්ට කඩේ යනවා කීම මට දුකක්. රටේ ප්‍රශ්නයක්   ගැන සාධාරණව හිතන මිනිහෙක් දේශපාලනිකව බ්‍රෑන්ඩ් කිරිම අවලස්සනයි. 2020 රටේ මිනිස්සු ගෙදර යැවූ රනිල් 2022දි රටේ පාලකයා වී යම් විසදුමක් දීම යනු අප දේශපාලනිකව රට ගැන හිතා තීරණ නො ගැනිමේ ප්‍රතිපලයයි. හෙතෙම කතාව අවසන් කළේ ය. අර දරැවා දෙමාපියන් ඉදිරියේත් දෙවනුව කි බදු ගෙවන්නා මිතුරන් ඉදිරියේත් කළ ප්‍රකාශ නිර්දේශපාලනික වේ. ඔහු මේ ප‍්‍රකාශය කළේ බදු විරෝධි සටනට සක්‍රීයව දායක වෙමින් සිටි මිතුරන් සමග විවේකයෙන් සිටි අවස්ථාවකය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවන ණය වාරිකය දීම පමා කරන්නේ රාජ්‍ය බදු ආදායම අපේක්ෂිත ඉලක්ක සපුරා ගෙන නැති නිසා නම්---- මෙහිදී ලී ක්වාන් යූ සිහිපත් කර ගත යුතුවේ. එක් මැතිවරණ සටනක් අතර අගමැති ලී, තමන් රටට ඉටු නො කළ වගකීම් පෙළ ගැස්වීමේදී විශාල වැය බරක් දරමින් පරිසරය ආරක්ෂා කොට සිංගප්පූරු  ජනතාවට පිරිසිදු වාතය ආශ්වාස ප‍්‍රශ්වාස කිරීම ලබා දීම වෙනුවෙන් බද්දක් අය කිරීමට අසමත් වීම ගැන පසුතැවිලි විය. බදු මුදල් ජනතාවට සහන ලබා දීමට වැය කෙරෙන හැම සතයක්ම නැවත අය නො කරයි නම් එය දූෂණයටත් වැඩි නාස්තියකි. එබැවින් රජයෙන් ලබන හැම සහනයකටම ජනතාව ඍජුව බදු ගෙවිය යුතුවේ. මේ අසීරු මොහොතේ එකී වගකීම ජනතාවට සිහිපත් කළ යුත්තේ රටේ විපක්ෂය විසිනි.

දිගු කලක් රටේ ප‍්‍රගතියට අකුල් හෙළමින් වර්ජන මෙහෙයවා රට විනාස කළ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා රටේ මුදල් ඇමති හැටියට රජයේ රෝහල් වලින් ප‍්‍රතිකාර ලබන රෝගින් ශත විසි පහක බද්දක් අය කිරීමට පියවර ගත්තේය. මා පසුගිය ලිපියකින් රජයේ රෝහලකින් ප‍්‍රතිකාර ලබන්නෙකුගෙන් රුපියල් පනහක මුදලක් අය කළ යුතු බවට කළ යෝජනාව ආර්ථික විද්‍යාඥ සිවිල් නිලධාරි ආචාර්ය ජී. උස්වත්තආරච්චිගේ පැසසුමට ලක්වූ බව ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරි දිසා වීරපාන මට යොමු කළ විද්යුත් තැපැල් සටහනකින් කියැවීමි.මගේ ඒ යෝජනාව ඇතුළත් ලිපිය කියවූ රජයේ වෛද්‍ය නිලධාරියෙක් කීවේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා හැම රෝගියෙකු ගෙන්ම එක් දිනයකට රුපියල් සියයක ගාස්තුවක් අය කළ යුතු බවය. එසේම මගේ තවත් ලිපියකින් හැම සමෘධිලාභියෙකුම මාසිකව රුපියල් සියයක මුදලක්  බද්දක් ලෙස අය කළ යුතු බවට යෝජනා කළෙමි. මේ යෝජනා දෙක ක‍්‍රියාත්මක කරයි නම් රෝගින් ගෙන් දිනකට රුපියල් 5,000,000.00ක බදු ආදායමක්ද,  සමෘධිලාභින් දස ලක්ෂයක් නම්, රුපියල් 100,000,000.00ක බදු ආදායමක්ද,   මාසිකව රජයට හිමි වේ.

බදු ගහන්නත් එපා නම් ණය ගන්නත් එපා නම්  කළ යුත්තේ එකම උත්තරය ඡන්දයක් කැඳවා බත් පාර්සල් අරක්කු බෙදීම විය හැකිය.


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්