තරුෂි කරුණාරත්න ධාවන ශුරිය ගැන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මුහුණු පොතේ තැබූ සටහන කියැවූ මට තරුෂි උපුටා දක්වමින් මා ලියු ලිපි සිහිපත් විය.

 

Screenshot 2023 11 03 at 11.53.12
තරුෂිගේ ජයග්‍රහණය හරහා මා දුටු නිර්දේශපාලනික චලනය සමකාලින ලංකාවේ ගැටළුවට මෙන්ම කවදාවත් කාටවත් ඡන්දය නො දෙමි අධිෂ්ඨාන කරගත් පුරවැසියන්ටත් හොඳ ප්‍රවේශයකි.

කොඩිඩ් වසංගතය සහ 2022 ආර්ථීක පීඩනයට මැදිව වසර දෙක හමාරක් අකර්මන්‍ය වූ රටේ ජීවත්වූ තරුෂිගේ මවත් පියාත් දේශපාලකයන් පසුපස යමින් අරගල වර්ජන වලට එක් වූ බව වාර්තා නොවේ. එසේම වලල ක්‍රීඩා මැදි විදුහලට පරිපූර්ණ ක්‍රීඩා පිටියක් නැතිකම තරුෂි ප්‍රශ්නයක් කර ගත්තේ නැත. සිය අරමුණ කරා යාමේදී තරුෂි කරුණාරත්නලා ඉහළ ගිය උද්ධමනය, මන්ද පෝෂණ තත්වය හෝ ඉන්ධන අර්බුදය මතු නොව පාසලේ ජවන පිටිය අඩුපාඩු හෝ අභියෝග ලෙස සැලකුවේ නැත. ඇය ඉස්මතු කළේ තමන් සතු ශක්තියයි.

2020-2023 කාලයෙහි දේශපාලකයන් ජන වරම ගැන කියමින් රටට විය යුතු යුතුකම පැහැර හැරියාට තරුෂිලා එහෙම කල්පනා කළේ නැත, කැමරාවක් දිගු කළ සැනින් අපට මොනවත් ලැබුණේ නෑ. අපව බලන්න කවුරුත් ආවේ නෑ. යනුවෙන් විලාප දෙන රටේ ඉන්ධන නැතිව ඇද වැටුණ රටේ තරුෂිගේ තාත්තා ත්‍රී විලර් රස්සාව කළේ කෙසේදැයි කිසිවෙකු අසන්නේ නැත.  

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)මෑතක අපෙන් සමු ගත් ප්‍රකට සිවිල් සේවක කේ.එච්.ජේ. විජයදාසගේ පහන් සංවේගය නම් චරිතාපදානයේ මෙසේ දැක්වේ. 

'' 1967දී මා පොළොන්නරුව ආණ්ඩුවේ ඒජන්ත ලෙස දිස්ත්‍රීක්කය භාර ගන්නා විට, අක්කරයකට බුසල් 45ක් වූ පොළොන්නරුවේ සාමාන්‍ය වී අස්වැන්න අවුරුදු 4ක් ඇතුළත අක්කරයට බුසල් 110 දක්වා ඉහළ ගිය බව වාර්තා විය.''(74 වෙනි පිට) 

ඒ පොතේ තව තැනක මෙසේ දැක්වේ. 

නිරතුරු පොළොන්නරු ජනතාව පුන පුනා කී දෙයක් මට මතකය. අපට වතුර දෙන්න. අපි මුළු රටටම බත් දෙන්නම් කියා ය. (80 වෙනි පිට) 

එදා කිසිවෙකු සහන ඉල්ලා නැත. මේ මිනිස් ශක්තිය ගෙවී ගිය හැට වසරක කාලය තුළ දේශපාලකයන්ගේ බල අරගලය තුළ විනාස වූ බව මෙන්ම ඒ ශක්තිය රටේ තැන තැන තරුෂිලා තුලින් ඉස්මතු වන බව අප කිසිසේත් මඟ හැර යා යුතු නැත.

ලංකාවේ මැතිවරණ පොරොන් රටට සිදු කළ විනාසය සුළුපටු නොවේ. 1970 හඳෙන් හාල් ගෙනැවිත් දීමේ සිට 2023 තෙක් ගත වූ වසර 53ක අතීතයෙහි හැම මැතිවරණයකදීම සහන පොරොන්දු හරහා මිස ආර්ථීක වැඩ සටහන් නොවේ. එහි ප්‍රතිපලය 2022දී රට එකම ආර්ථීක විලාපයක් බවට පත් විය. අදත් බොහෝ දේශපාලන ව්‍යාපාර, බදු  නො ගෙවා පැහැර හරින්නන්ට නායකත්වය දෙමින් හොරා ගත් මුදල් වලින් රට ගොඩ නගන බව කීම හඳෙන් හාල් ගෙනා පොරොන්දු දේශපාලනයේ ලාංකේය පෙරස්ත්‍රෝයිකා සංසිද්ධිය වන්නේය. (පෙරස්ත්‍රොයිකා යනු බර්ලින් තාප්පය බිඳ දමා ආරම්භ වූ ගොර්බචොප් රුසියාව තිරිහන් කළ (බටහිර ව්‍යාප්තියේ කූට ප්‍රාප්තික සංකල්පයේ නාම කරණය වේ.)

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? - (අජිත් පැරකුම් ජයසිංහ)

1989දී ජන සවිය වූ බඩු මල්ල 1994දී සමෘද්ධිය වී ගෙවී ගිය වසර තිස් ගණන පුරා ඒ පිහිටෙන් සමෘද්ධිමත් වූ එකම පවුලක් හෝ වාර්තා නොවූ අතර, ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් විසි ලක්ෂය ඉක්මවා යමින් පවත්නා අවපාතික අත්දැකීමට අභියෝග කරමින් දුප්පත් තරුෂිලා උඩුගම් බලා යමින් සිටින්නාහ. මාසික වැටුප් ලබන රාජ්‍ය සේවයේ විසි ලක්ෂයක් දෙනා වර්ජන තර්ජන කරමින් සිටිති, විසි ලක්ෂයක් වන සමෘද්ධිලාභීන් දේශපාලනඥයන්ට මැතිවරණ භීතිකාව රඟ දක්වති. තෙවනුව මාසිකව විශ්‍රාම වැටුප් පෝලිමේ සිටින්නන් සංඛ්‍යාවෙන් හත් ලක්ෂයකට ආසන්න වේ. එක් කෝටි විසි ලක්ෂයක් වන  රටේ ජනගහනයෙන් හතළිස් හත් ලක්ෂයක් දෙනෙකු මාසිකව රජයේ බදු මුදල් ඛෙදා ගනිද්දී තරුෂිලාගේ පවුලේ මැදිහත්වීම වෙනම මාතෘකාවකට පෙළ ගැස්විය යුතුවේ. 

දිසානායක මුදියන්සේලාගේ තරුෂි දිල්සරා කරුණාරත්න මෙහි සුවිශේෂ වන්නේ මද්දුම බණ්ඩා මෙන් මැරෙණ හැටි පෙන්වූ නිසා නොවේ. ඇය බංකොලොත් රටේ සුන්බුන් මඟ හැර දිව ගොස් චීන සහ ඉන්දිය ක්‍රිඩිකාවන් පසුකර යමින් රටට ජයග්‍රහණ දිනා දුන්නාය. තරුෂිගේ මව කළේ පුංචි රස්සාවකි. පියා ත්‍රී විලර් රියැදුරෙකි. දෛනික හෝ මාසික නිත්‍ය ආදායම් අහිමි මේ ගැමි පවුලත් කොවිඩ් වසංගත රෙගුලාසි නිසා වසර දෙකකට ආසන්න කාලයක් ගෙදරට කොටු වී සිටියහ. ඔවුන්ගේ ආර්ථීකය මෙහිදී සාකච්ඡා නොවේ.

The Leader | We Lead the Nation
කොවිඩ් වසංගතය නිසා නිවෙස් වලට කොටු වී සිටි මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව, රටේ අති බහුතරයක් වූ තරුෂිලා බඩ වියත රැක ගත් හැටි කිසිවෙකු දන්නේ නැත. කොවිඩ් රුපියල් පන් දහස පවා ඛෙදී ගියේද දේශපාලන තීරුවේම ය. ගුරු සංගම් කොවිඩ් වසංගතය අතරත් වැඩි වැටුප් ඉල්ලා සෞඛ්‍ය නීති කඩමින් මහ පාරේ අරගල කරද්දී තරුෂිලා ලංකාව වෙනුවෙන් නීති ගරුකව කුඩා ගෙවත්තේ අභ්‍යාස කළහ. ගුරු අරගලයට මහ පිරිස් පාරට කැඳවීම  යන වරදට අධිකරණය විසින් පුනරුත්ථාපන යොමු කළ ගුරු නායකයන්ට ඇප ලැබුණ දා ගුරු සංහතිය හැසිරුණේ ඔලිම්පික් ගිය ගැම්මකිනි. බදු දැලට හසුවන මාසික වැටුප් ලබන්නන් ප්‍රමාණයෙන් හාර ලක්ෂයකටත් අඩු ය. තුන් ලක්ෂයකට ආසන්න ගුරුවරු දරුවන්ට ඉගැන්වීම නතර කර බදු වර්ජකයන් ශක්තිමත් කළේ වැටුප් ගෙවීමටවත් ආණ්ඩුවට මුදල් නැති බව දැන ගෙනය. එසේම ගුරු සේවයේ 98%ක් දෙනා බදු සීමාවට අයත් නොවේ. තමන්ටවත් පලදායි නොවන රටට හානිකර වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීම ගැන විමසූ විට එක් ගුරු භවතෙක් කීවේ අපට පඩි වැඩි කර දුන් ජෝෂප් ස්ටාර්ලින් වෙනුවෙන් වර්ජනය කරන බවය. තරුෂිලා ගෙන් ගුරු සේවයේ උදවිය ඉගෙණ ගත යුතු දේ බොහෝය. 

තරුෂිගේ දෙමාපියන් නැති බැරිකම් දෙපයින් මැඩ ගනිමින් සිය දියණිය දිරිමත් කළේ අකුරු වරද්දා ගත් ගුරුන්ටත් පාඩම් කියා දෙමිනි. ඔවුන් මේ අසීරු කාලයේ දියණිය වෙනුවෙන් වලල මැදි විදුහලට ආසන්න තැනක කුලියට ගත් පුංචි නිවෙස පිහිටි ගෙදර වත්තේ තකා ගත් කුඩ මං තීරුවක වසංගතයට කොටු වූ දියණිය අඛණ්ඩව දෛනික අභ්‍යාසවල යෙදවීමට වග බලා ගත් බව තරුෂිගේ මව මාධ්‍ය හමුවේ විස්තර කළාය. 

මේ ලිපිය ලියන නොවැම්බර් දෙවෙනිදා මට හමු වූ වැඩි වැටුප් ඉල්ලන රාජ්‍ය සේවයේ සාමාජිකාවක ගෙන් දුක සැප විමසා සිටියෙමි. 

බුද්ධි ගලනය : වචනයෙන් වහන රාජ්‍ය සේවයේ කුණු ගොඩ - (කිර්ති තෙන්නකෝන්)
''අපට ජීවත් වෙන්න අමාරුයි. ඒ වාගේම ආණ්ඩුවට පඩි වැඩි කරන්න අමාරු තමයි. එසේ කියා සිනාසුණ ඒ කරුණු දැක්වීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ ය. කවුරුත් කරන්නේ ජීවිතය විඳීම නොවේ. දැඩිව බදාගෙන සිටීම පමණකි. දෙ දරු මවක වන ඇයගේ සැමියා කොළඹ රස්සාවක් කර සති අන්තයේ නිවෙසට පැමිණෙන්නෙකි. දරු දෙදෙනා මහනුවර ත්‍රීත්ව විද්‍යාලයේත්, හිල්වුඩ් විද්‍යාලයේත් අධ්‍යාපනය ලබන අතර, ප්‍රතිකාර සඳහා පුද්ගලික රෝහල් වෙත යනවාට සැක නැත. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවා සඳහා වැය කෙරෙන මුදලට අලුත් හැඳින්වීමක් අවශ්‍ය වේ. මේ කතාව ගුරු සේවයේ හැසිරීමට නොව තරුෂිලාගේ පවුලේ නැතිබැරිකමට සමපාතව විමසිය යුතුවේ. 

ගුරු වැටුප් සටන සහ ඉහත කී රාජ්‍ය සේවා සාමාජිකාවගේ පැවැත්ම සමග තරුෂිලාගේ පන්තියේ ජීවන රටාව ගැන ඔබට සිතන්නේ මොනවාද? මාසික වැටුප් ලබන්නන් මේ අසීරු තත්වය තුළ සංවිධානාත්මකව සටන් කළද, තරුෂිලා තම තමන් විඳවා ගත යුතුවේ. අප තක්සේරු කළ යුත්තේ මාසික වැටුප් සඳහා අරගල කරන වෘත්තීය සමිති ශක්තිය නොවේ. මේ නැති බැරි මිනිසුන් සතු ශක්තිය කුමක්ද කියා ය.  

ලංකාවේ ගැමි සමාජය තුළ පවත්නා මේ ඔරොත්තු දෙන ජානගත ශක්තිය හෙවත් පීඩනයට දෙන වටිනාකම ආහාර මල්ලකින් අවතක්සේරු කිරීමට තවදුරටත් දේශපාලනයඥයන්ට ඉඩදිය යුතු නැත. වැස්සකටවත් පාසලකට ගොඩ වී නැති ගමේ අම්මලා ''රෙද්ද විකුණලා හරි........වියදම් කරන්නම්.'' කියා තුන් වේල නො කන දරුවන් දිරි ගැන්වීමට සාපේක්ෂව හෙඳන් හරි හාල් ගෙනත් දෙන්නම් කියා බලයට පත්ව බත් කෑම තහනම් කළ අතීතය පෙළ ගැස්විය යුතුවේ. දහදිය හෙළා ගොවිතැන් කළ මිනිසුන් හඳ පෙන්වා රවට්ටා ජනතාව අවතක්සේරු කළේ එහෙමය. 

දේශපාලනයෙන් වියුක්ත රට වෙනුවෙන් හිතන ව්‍යාපාරයක් හරහා ගමට ආමන්ත්‍රණය කිරීමේ ජාතික අවශ්‍යතාවක් මේ සමාලෝචනය හෙවත් තරුෂිලාගේ දෙ පයින් නැගෙන හඬ අතරින් ඉස්මතු වේ. කේ.එච්.ජේ. විජයදාස විස්තර කරන්නේ ඉල්ලන් නො කන රටට බත සපයන පරපුරක් ගැනය. හඳෙන් හාල් ගේන කතාවට පොළොන්නරුවේ ගොවීන් රැවටුණ ආකාරය මින්නේරි දෙවියන්ගේ අවතාරය ලෙස සැලකුණු සී.පී. ද සිල්වාත් ගෙදර යැවීය යනුවෙන් විජයදාසගේ පොතේ උත්ප්‍රාසයෙන් ලියා තිබේ. (82 වෙනි පිට) ගමේ මරණාධාර සමිතියට පුටු මඩු කූඩාරම් ඛෙදන දේශපාලනඥයන් මරණාධාර සමිතිවල කළමණාකරණය දැන සිටියා නම් රටට මෙහෙම වෙන්නේ නැත.  

උඩ දුම්බර කඳු අතර ගමක ජීවත් වූ මව් පියන් සතු ඒ ජානගත හයියෙන් තම ඉලක්ක හඹා ගිය තරුෂි දුවණිය, රන් හැන්දක් අතින් ගෙන නූපන් ඩඩ්ලි සිරිසේනට මුණ ගැසීම අලුත් අත්දැකීමක් විය යුතුවේ. තරුෂි ගැන මා ලියූ ලිපියක් කියවූ මිතුරෙක් තරුෂි කියන්නේ සීයට එකක් විතරණේ කියා මගේ කියවීම අවතක්සේරු කළේය. රටේ මානව සම්පත සතු ජානගත ශක්තිය යටපත් කර හඳෙන් හාල් ගේන දේශපාලනඥයන් ඩඩ්ලි සිරිසේනලා වැනි තරුෂීලගේ ගැම්මෙන් තනිව සිට ගත් සාර්ථක ව්‍යවසායිකයන්ගේ පරිත්‍යාගයෙන් රට වනසති. ඔවුන් ජන සවිය සමෘධිය වැනි පොරොන්දු මලූ උඩ දමා රටේ බලය ඩැහැ ගනිති. ඒ ගැටයට ඔබ හසු වුණා නම් අද ඩඩ්ලි සිරිසේන කෙනෙක් නැත. මැලිබන් මුදලාලිත් එවැනි ශක්තිවන්තයෙකි. 

මට ඔබ හමු වන්නේ මුහුණ පොතේ තැබූ පහත සටහන නිසාය. තාත්තා කෙනෙක් වගේම, රටේ වගකිව යුතු වැඩිහිටියෙක්  සහ පුර වැසියෙක් වශයෙන් මාගේ යුතුකම් කොටසේ පළමු අදියර අපේ තරුෂි දෝණි වෙනුවනේ ඉටු කළා. (උපුටා ගැනීම අවසන්.) 

තමන් වැඩිහිටියෙකු බව, තාත්තා කෙනෙකු බව, වැඩිහිටියෙකු බව සිතන කිසිවෙකු බලයට වාසියට යට වෙන්නේ  නැත. ඔබේ සටහන තුළ ලංකාව හි`ගන දේශයක් කළ බල දේශපාලනයට එරෙහි පණිවිඩයක් දැවටී ඇතුවා විය හැකිය.  

cmleepTTA20PTdQU 6

තරුෂි කරුණාරත්න යනු ඒ මිනිස් ශක්තියෙන් මහ පොළොව මත බර අඩි තබමින් දිලිසෙන දෙපයින් රටට පැමිණි  එකම ශක්තිවන්තිය නො වන්නීය. උඩකැන්දවල ගමේ ඉපිද 5 ශිෂ්‍යත්වය සමත්ව  ඉබ්බාගමුව මැදි විදුහලට පැමිණි ශ්‍රියානි කුලවංශ ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළාය. කන්දක් මත පිහිටි ඇයගේ නිවසේ සිට කුඩා කාලයේ ගෙදරට අවශ්‍ය දේ ගෙන ඒමට බෑවුමක පිහිටි වෙළඳ සැලට ඉහළට පහළට දිව ගිය තමන් ගෙදර වාහනය ලෙස අනුවර්ත නාමයෙන් තමන් හැඳින්වූ බව වරක් ශ්‍රියානි කුලවංශ සිහිපත් කළේ මහත් ආඩම්බරයෙනි. පීඩනය තුළ තිබුණේ මහා ආශ්වාදයකි. එය නැති කළේ සහන මළු දේශපාලනය විසිනි. 

අම්පාරේ ඈත ගමක ජීවත්වූ දමයන්ති දර්ශා පානදුරේට පැමිණියේ 1983 පැවති කලබල හේතුවෙනි. පහළොස් හැවිරිදි දර්ශා 1990 සුගතදාස ක්‍රිඩාංගනයට ගිය දවසේත් තවත් ක්‍රීඩිකාවක් පමණක් වූවාය. 

වරකාපොල ඇත්නාවල ගමේ උපන් සුසන්තිකාට ධාවනයේදී පැළඳිය යුතු යයි නිර්දේශ කළ සපත්තු කුට්ටමේ මිල, ඇයගේ පවුලේ මාසික ආදායම මෙන් කිහිප ගුණයටක් වැඩි බව කීවේ මහත් සතුටිනි. 

වෙල්පල්ලේ නෙත්මි අහිංසා යනු ජාත්‍යන්තරයට ගිය මල්ලව පොර ශුරිය, පුහුණුවීම් කළේ භාවිතයෙන් ඉවත් කළ කොහු ගුදිරයක බව ඇය කිසි විටෙක සැඟවූයේ නැත. මේ අතීතය කියන්නේ තරුෂි කරුණාරත්න ප්‍රාතිහාර්යක් නොව යටපත් නොවී පවත්නා රටේ ශක්තිය බව තහවුරු කිරීමටය.

Screenshot 2023 11 03 at 12.36.12

පීඩනය මත සිටගත් තරුෂි, නෙත්මී, සුසන්තිකා, ශ්‍රියානි හා දර්ශා ආදී මේ කවුරුත් තම අරමුණ මිස, පීඩනය නැති බැරිකම තෝරා නො ගත් බවය. කිසි විටෙකත් පොරොන්දු ම`ථ ආහාර මළු හමුවේ දන ගැසුවේ නැත. 

දුරකතනයෙන් මා ඇමතූ මගේ හේමලයා චරිත කතාව කියැවූ පාඨකයෙක් තමා දොම්පේ ජීවත්වන ගොවියෙකු බව කීය. දොම්පේ කරන ගොවිතැන ගැන ඇසූ විට තමා බුලත් ගොවියෙකු බව කීය. පාසල් අවදියේ සිට අත නො හැර කියවන මේ බුලතාත් තරුෂිලාගේ දර්ශලාගේ කුලවංශලාගේ කතාවට සමපාත වේ. ඔහු  උසස් පෙළ සමත් වුවද සරසවියට තේරුණේ නැත. දේශපාලනඥයන් දැන නො සිටි නිසා රස්සාවක් නො ලද, හෙතෙම ගොවිතැන තෝරා ගත්තේ විශ්වාසයෙනි. හැත්තෑ හයවෙනි විය ගෙවන මේ අපූරු මිනිසා තවමත් විවේකයේදී පොතක් පත්තරයක් කියවන තරමට නිදහස් ය. සන්සුන් ය. නිදහසින් 75 පස් වසරක් ගෙවුණ ඔහු උපන් රට ඔහුටත් බරකි.  

ගුරුත්වාකර්ෂය සොයා ගැනීමට අයිසැක් නිව්ටන් උනන්දු කළේ ගහෙන් බිමට වැටිච්ච ඇපල් ගෙඩියකි. ඒ ඇපල් ගෙඩිය අහඹුවක් වුණාට තරුෂි, නෙත්මී, සුසන්තිකා, ශ්‍රියානි හා දර්ශා මතු නොව මාගේ බුලතාත් සැබෑ චරිත මිස සහන මළු පසුපස නො ගියෝ වෙති. සාර්ථක තරුෂී යනු සියයෙන් එකක් පමණක් යයි සිතීමට වඩා එවැනි තවත් අනූ නවයක් සොයා ශක්තිමත් කිරීමෙන් මිස, මේ දේශපාලනයෙන් රට ගොඩ ගත නොහැකි බව තවත් අහඹුවක් නොවන ඩඩ්ලිලා රටට කිව යුතුවේ. 

එජාප පොහොට්ටු සංධානය...........? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්