‘‘ක්‍රිකට් නෙයියාඩගම ගැන යමක් ලියන්නේ නැතිදැයි ඉතාලියේ මිතුරා විමසීය.


‘‘මොන ක්‍රිකට්ද........ ඇහුනද අනාගත ජනාධිපති කෙනෙක් ක්‍රිකට් විවාදයේදී පාර්ලිමේන්තුවේ පාවිච්චි කළ භාෂාව...... ? මම පෙරළා ප්‍රශ්න කළෙමි.

‘‘ආ ඔය කියන්නේ අර බලු වැඩ කියලා සජිත් බර දාලා කියපු කතාව වෙන්න ඇති.

‘‘එහෙනම්... එයා ජනාධිපති වුණොත් කේලමකත් ඇත්ත නැත්ත නො සොයා ඒ භාෂාව පාවිච්චි කරලා  නියෝග දෙයි කියලා මට හිතෙන්නේ......

‘‘එයාට බල්ලෝ මතක් වුණේ ක්‍රිකට් පරාද වෙච්චි වේදනාවෙන් නම් නෙවෙයිනේ... ඉතාලි මිතුරා තවත් අසම්බන්ධ කතාවක් ඇද ගත්තේය.



‘‘එහෙනම්.......  

‘‘දෙමටගොඩ අඩහ‍ඳ අයිස්ක්‍රිම් පොට් එකේ පරණ ඇරියස් එකක් හින්දා... මේ කියන අයිස් ක්‍රීම් පොට් එක හැත්තෑ ගණන්වල නැගලා ගිය දේශපාලන ගොසපියකි. මේ ඉතාලියේ සිටි ලාංකිකයෙක් ලංකාවේ ක්‍රිකට් ජරමරයේ දේශපාලන චලනය දකින ආකාරයයි. මිනිස්සු එහෙම හිතන එක වැරදිද? එය තීරණය කළ යුත්තේ මා නොවේ.  වී රිපෝට්. යූ ඩිසයිට් ය. එහෙත් පාර්ලිමේන්තුවේ එක් දින විවාදයක් ඉල්ලා මුලු පාර්ලිමේන්තුවම සජබ මතයට නමා ගත්තා කියලා සජිත් ඉරිදා ආඩම්බර ප්‍රකාශයක් කරනවා රටම අසා සිටියහ.

පාර්ලිමේන්තු විවාදය හරහා ක්‍රිකට්වලට වෙච්ච විනාසය ෂම්මි සිල්වා අතින්වත් සිදු නො වුණාත් විය හැකිය. එ පමණක් නොවේ. ආණ්ඩුව හෙවත් රනිල් වික්‍රමසිංහ සජිත්ගේ වීර ක්‍රියාව හරහා උපයා ගත් ලකුණු ප්‍රමාණය ද විශාලය. මාලිමා විකට් තුනම බිඳී ගියෙත් සජිත්ගේ එකම බෝලෙට ය. මාලිමාව නැගිටලා ගියේ සජිත්ගේ යෝජනාවට අත් උස්සන වේය යන කුහක කල්පනාව නිසා ය. එපමණක් නොවේ. ඒකමතිකයි කියන තැනකවත් ඉන්න මාලිමාව කැමතිම නැත. මේ මිනිස්සු කවදාවත් දේශපාලනයෙන් තොරව රට හෝ ජනතා ප්‍රශ්න වෙනුවෙන් එකතු වෙන්නේ නැත.

එක මොහොතක. ක්‍රිකට් ක්‍රීඩාවට කළ විනාසය රටේ කාටත් දැන් තේරුම් ගොස් ඇති නිසා ඒ ගැන කතා කළ යුතු නැත. මාලිමාව ඡන්දෙට මුහුණ නොදී මග හැරයාම ගැන සමාජ මාධ්‍යයේ පළවූ කතා මෙහිදී යළි සිහිපත් කළ  යුතු නැත. ඒ ගැන පළවූ පෝස්ටුවකට මාලිමා හිතවතෙක් ලියා තිබුණේ ඉතියෝපියාවට පාන් රාත්තලක් වැටුණා කියලාය. ඔවුන් දැන් ඉන්නේ දිනලාය. කරන විවේචන ඉරිසියාව නිසා මිස යථාර්තවාදි නොවේ යන්න ඔවුන් සිතන විදිය වේ.

සජබය පරණ අයිස් ක්‍රීම් ඇරියස් එක හිතේ තියා ගෙන ලෙඩේ කර තබා  අනා ගත් අතර මාලිමාව මඟ හැර යාමට ගොස් නා ගත්තා යයි සමහරු කීහ. රනිල් සහ සාගලගේ මැදිහත්වීම ගැන ඒ දෙදෙනාගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින පුර වැසියන් දස මාසේ උරේ කත්වා ගාථව කියමින් කාගේ කාගේත්  මව් ගුණ සිහි කළහ.

07 Remembering 2
ක්‍රිකට් නෙයියාඩගම ගැන වෙන ලියන්න දෙයක් නැත. එහෙත් ගාමිණි දිසානායක ලංකාවේ ක්‍රිකට් ව්‍යාපාරය ටෙස්ට් තත්වයට ගෙනවිත් දුන් වටිනාකම කවුදෝ ජේ.ආර්. ගේ නම මුලට දමා අවතස්සේරු කළේ දේශපාලන ඉරිසියාව නිසාය. පසුව මයන්ත දිසානායක ලංකාවේ ක්‍රිකට් බිඳ වැටිම ගැන තම පියා දිව්‍ය ලොකේ සිට බලා සිටිති යයි කියනු ඇසිණ. ඒ කාලේ ගාමිණි ලලිත් ප්‍රේමදාසලා නිදහසේ වැඩ කළා මිස ඒ කිසිවෙකු  ජේ.ආර්.ගේ විධානයන්ට අනුගත නොවූහ, එහෙත් පරණ කතාවක් මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වරක් ගාමිණිට කතා කළ ජනාධිපති ජයවර්ධන ළඟකදී ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන්නේ නැතිදැයි විමසා තිබිණ. සතියක් පුරා පැවැත්වීමට සැලසුම් කළ ක්‍රිකට් තරඟාවලියක්  පිළිබඳ සිය`ථ විස්තර ගාමිණි සිය නායකයාට වාර්තා කළේය. ඊට සාවධානව ඇහුන්කම් දුන් ජේ. ආර්. ඒ තරඟාවලිය ඊටත් වඩා ආසන්න දිනයකට සැලසුම් කළ නො හැකිදැයි විමසා ලාවට සිනාසී ඇත. මෙවැනි සිල්ලර කරුණු ගැන උනන්දු නොවන ලොක්කා ගෙන් ඇයි මොකද හදිසිය කියා පෙරළා නො විමසීමට තමන් පරෙස්සම් වූ බව ගාමිණි අප සමග කීය. අවසානයේ  සැලසුම් කළ ආකාරයට ක්‍රිකට් තරඟාවලිය මහනුවර අස්ගිරි ක්‍රිඩාංගනයේ පැවැත්විණ. එය ලංකාවේ පමණක් නොව ක්‍රිකට් ලෝකයම උනන්දු කළ  තරඟවලියක් විය. තරඟය ආරම්භයේ අර විමසීම සිහිපත් කළ ගාමිණි තරඟාවලිය නැරඹීමට පැමිණෙන්නේදැයි ජනාධිපති ජයවර්ධන ගෙන් විමසා තිබිණ. නෑ ඔය දවස්වලට මම වෙන වැඩක් සැලසුම් කරලා තියෙන්නේ.... වැඩි කතා නොකර ජේ.ආර්.කෙටි පිළිතුරකින් සාකච්ඡාව අවසන් කර තිබිණ. මේ හතර බීරි කතාව ගාමිණි පසුව නිරවුල් කර ගත් ආකාරය අනුව මෙසේය.

pic1 gamini

කොටි සංවිධානය නැගෙනහිර පළාතේ අලුත් ස්ථාන ගණනාවක කුඩා කඳවුරු රාශියක් ස්ථාපිත කිරිම ගැන බුද්ධි අංශ වාර්තා කර තිබිණ, ඒ යම් කිසි මහා විනාසයක් සැලසුම් කිරීමේ යටිතල පහසුකම් පිළියෙල කිරීමක් බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අනුමානය විය. ජේ.ආර්.ට අවශ්‍යව තිබුණේ කඩිනමින් එකී කුඩා කඳවුරු වලට පහර දී කොටින්ගේ ඒ සැලැස්ම ව්‍යර්ථ කර දැමීම ය. රටේම අවධානය වෙනස් කළ හැකි ක්‍රිකට් වැනි සංසිද්ධියක් අතර හමුදා මෙහෙයුම දියත් කිරීමේ අරමුණෙන් ජේ.ආර්. මේ හොර ගල් ඇහිලිල්ල කර තිබිණ.

ජේ.ආර්. තුළ පැවති ක්‍රිකට් උනන්දුව ගැන ගාමිණි, රවි ජයවර්ධනට සිහිපත් කළ අවස්ථාවක මේ රහස හෙළි වී ඇත. පසු කලෙක මාධ්‍ය වේදියෙකු ලෙස මා රවි ජයවර්ධන හමු වූ අවස්ථාවක මේ සිද්ධිය සිහිපත් කළ විට, රවි ජයවර්ධන ගාමිණි කී කතාව සත්‍ය බව කීය. විශේෂ කාර්ය බලකාය නිර්මානය කළ රවි ජයවර්ධන ජේ.ආර්. ජයවර්ධනගේ එකම පුත්‍ර රත්නයයි. ඩී.එස්.සේනානායකගේ පුතා ලෙස ඩඩ්ලි, සහ ජේ.ආර්. ජයවර්ධනගේ පුතා ලෙස රවි ජයවර්ධන  අනෙක් පුතානෝලාගෙන් වෙනස් බව සටහන් කරමින් මේ අතීත කතාව අවසන් කරමි.

ක්‍රිකට් යනු ජාතික උරුමයකි. එවැනි ව්‍යාපාරයක දරාගත නොහැකි පසුබෑමකදී පවා තම බල අරගලයට එය ඈඳා ගැනීමෙන් තම අපරිනත භාවය අපේ විපක්ෂය ක්‍රිකට් අර්බුදය හරහා යළි තහවුරු කර හමාරය. රොෂාන් රණසිංහ යනු කාගේ ඉත්තාදැයි රටේ මිනිසුන් තේරුම් ගෙන හමාරය. ඔහු මුලින්ම ජනාධිපති රනිල්ට තඩි බෑවේය. පසුව රනිල් අතහැර සාගල පටලා ගත්තේය. දැන් කියන්නේ ජනාධිපපති ගැන අවුලක් නැතත් ජනාධිපති මන්දිරයෙන් තේ කෝප්පයක් හෝ බොන්නේ නැත කියාය. ඒ කිසිවෙකු වස පොවා තමන් මරා දමති බියෙනි. 

 
ක්‍රිකට් වස කෝප්පය පානය කිරීමට රොෂාන්ට දුන්නේ කවුදැයි ලංකාවම දනිති. 2022 ජූලියේදී සජිත් ඩලස් අලහප්පෙරුම ජෝකර්ට අන්දවා පන බේරා ගත්තේය. 2024දී කවුදෝ රොෂාන් රණසිංහට ඒ ඉරණම අත් කර දීමට කරන උඔහු නො දන්නවා නොවේ. පසුගිය මාසයේ මහනුවර පැමිණි රෝෂාන් රණසිංහ තමා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන බවට යම් පිරිස් දැනුවත් කළහ. එයින් එක් අයෙකු මේ බව පොහොට්ටුවේ ඉහළට වාර්තා කළේ කේලමක් ලෙස ය. බොණ්ඩ හංගාගෙන සිටි බීඩියක් අසුවූ විට සමහර විට ලැබෙන දඬුවම එය හපා ගිලින්නට නියම කිරීමය. රොෂාන්ට ලැබුණේ එවැනි දඬුවමකි. මේ උත්සාහය පොළොන්නරුවේ බැඳිවැවේ මිනිස්සු කොකෙක් ගිය උඩු කියන්නේ මෙවැනි කස්තිරම් වලටය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ක්‍රිකට් සම්බන්ධව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යෝජනාව ගැන ඇසූ කෙනෙකු පාර්ලිමේන්තුවට එවැනි බලයක් ඇතිදැයි මගෙන් විමසීය. මුන් විහි`ථ කරනවා යනුවෙන් මා ප්‍රතිචාර දැක්වූවිට මිත්‍රයා ඇති යන්තම් කියා සිනාසිණ. 

පාර්ලිමේන්තුවේ ඒකමතික යෝජනා ස්ථිරත්වය දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස කල්පනා කළ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ලංකාවේ ක්‍රිකට් වාරණයට ලක් කළ පසු අර මිත්‍රයා යළි මා ඇමතීය. 
 
IMG 20231110 WA0015
‘‘මොකද හිතෙන්නේ ... 

‘‘ක්‍රිකට් මගේ විෂය නොවේ යයි මා කී විට ඔහුගේ ප්‍රතික්‍රියාව පහතින් පළවේ. 
 
‘‘මේක මෙහෙම නොවුණා නම් මුන් ගමේ මරණාධාර සමිතියේ නිලධාරි මණ්ඩලය අයින් කරන්නටත් පාර්ලිමේන්තුවට යෝජනා ගේන්න තිබුණා. මේ කතාවෙන් පිළිබිඹු වන්නේ ක්‍රිකට් බිඳ වැටීම නොවේ. ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන තබා ජන විඥානය ගැන හෝ අල්ප මාත්‍ර යථාවබෝධයක් නැති සජිත්ලාගේ හැඩරුවය. රටේ නායකත්වය ඩැහැ ගැනීමට එල් බෝඩ් එල්ලා ගත් විපක්ෂයේ බොරු කකුල් කාරයන් ගැන රටේ ජනතාව මීට වඩා ප්‍රවේශම් විය යුතුවේ. 
 
මා මිත්‍ර ගාමිණි දිසානායක ගැන තවත් කතාවක් සිහිපත් වේ. මේ කියන්නේ ගාමිණි දේශපාලන පොඩියෙන් කෙනෙකුව සිටි එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් කාලයේ  සිද්ධියකි. අප නුවරඑළියේ දේශපාලන ක්‍රියාකාරකම් රැසකට සහභාගි වීමට ගාමිණිලා කොළඹ සිට එන තෙක් හැටන් ප්‍රසිද්ධ තානායමේ රැඳී සිටියෙමු. 
කොළඹින් පැමිණි පිරිස අපට එක් වූ අතර තේ පානය පිණීස යම් වෙලාවක් එහි ගත කළහ. එකී විවේකයේ එකල බෙහෙවින් ජයප්‍රියව පැවති අතේ ගෙන යන (පෝටබල් කැසට්) රේඩියෝවක ගාමිණි දිසානායක කළ කතාවක් වාදනය වෙමින් තිබිණ. ඒ කාලයේ ලංකාවේ ආකර්ශණීය තරුණ පෙනුමකින් යුක්ත ගාමිණි දිසානායක ජනප්‍රියම කතිකයාත් විය. යම් වෙලාවක් එකී කතාවට සවන් දුන් මා ගාමිණී සිටි ස්ථානයට ගොස් පුටුවක් ඇද වැඩි ගතිමි. 

‘‘එකයි දෙකයි තුනයි හතරයි ආදි වශයෙන් මගේ අත් ඔරලෝසුව දෙස බලා ගෙන ගාමිණි දිසානායකට බාධාවන ආකාරයෙන් මම උස් හඬින් ගණන් කරන්නට පටන් ගතිමි. 

‘‘ මොනවද ඔය ගනින්නේ.... ගාමිණි විමතියෙන් විමසීය. 

‘‘විනාඩි හයක් අතර ඔබ මේ කතාවේදී සිරිමා සිරිමා කියලා හතර වතාවක් කියනවා. ඒකයි ගණන් කළේ. මා ගැන යම් අවබෝධයක් ගාමිණිට විය.

‘‘ඉතින් මොකද කියන්න හදන්නේ... ඔහුගේ මුහුණෙහි දැඩි කුතුහලයක් පිරී පැවතිණ.

‘‘කවුද මේ සිරිමා කියන්නේ.....? රටේ අගමැතිනිය, අම්මා කෙනෙක්, කුල කාන්තාවක්. රටේ මිනිස්සු මෙහෙම කතා කරනවාට කැමති වෙන එකක් නැහැ. අපි අනුරලාගේ චන්ද්‍රිකාලාගේ වයසේ නේද?... එපමණකි. ඉන්පසුව සිරිමා බණ්ඩාරනායක ගැන සඳහන් කළ යුතු හැම විටෙකම ගාමිණි දිසානායක එතුමිය හැඳින්වූයේ මැතිනිය කියාය.
 
රනිල් මොහොත - චින්තන ධර්මදාස
මේ කතාව රනිල්ටත් සජිත්ටත් දෙදෙනාටම සාධරණය. කට පමණක් නොව තමන් කවුදැයි දේශපාලනඥයෙකු තේරුම් ගැනීමට හැදෙනවා නම් මේ සිද්ධිය ප්‍රමාණවත්ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ක්‍රිකට් වලට මැදිහත්වූ ආකාරය තේරුම් ගෙන සිටියා නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාගලගේ ලණුව ගිල ඔහුට ආදරය කරන්නන් ගෙන් කුණු කතා අසන්නේ නැත. 

මා තරම් රනිල් විවේචනය කළ තවත් සිංහල ලේඛකයෙක් නැති තරම්ය. එහෙත් පවත්නා තත්වය තුළ ඔහු රට සමබර කිරීමට ගන්නා උත්සාහය රටේ බහුතරයකගේ කැමැත්තට හේතු වී ඇත. දැන් රනිල් වැටුණොත් රට ඉස්සෙන්නේ නැත. නැවත රට 2022ත් වඩා පහතට යනවාය. රැවුල් ගිනි ගත් මේ නිමේෂයේ සාගලලා  සුරුට්ටු පත්තු කරන්නට යාම ගැන නිර්දේශපාලනික මිනිසුන්ට ඇත්තේ දැඩි කෝපයකි. 

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්