අපි ජීවත්වන්නේ සදාකාලික හදිසි අවස්ථාවක් තුළය. කොවිඩ්-19 වසංගතය, දේශගුණික ව්‍යසනය, දූෂිත ණය අර්බුදය, උද්ධමනය, දිළිඳුකම,

අසමානතාව ආදි ආඛ්‍යානයන් නිර්මාණය කිරීම සහ ඒවා සම්බන්ධ ගෝලීයකරණවාදි ප්‍රතිපත්ති සැදීම සඳහා කටයුතු කළ එක්සත් ජාතින්ගේ සංවිධානය සහ බ්‍රෙට්න්වුඩ් කවයන් තුළ මේ දිනවල ඉතා ජනප්‍රියව ඇති වදනක් වන්නේ “ බහුවිධ අර්බුද” යන්නයි. මේ අතර ජාතික සහ කලාපීය මට්ටමේ දැවැන්ත ප්‍රතිපත්තිමය වැරදිවලට නිරතුරුව හේතුවන පරිදි අතිශයෝක්තියට නගන ලද “ බහුවිධ අර්බුද” සහ යෝජීත “ගෝලීය විසඳුම්” විසින් ගෝලීය දකුණේ දේශිය, ජාතික සහ කලාපීය යථාර්ථයන් සහ සංවර්ධන ප්‍රමුඛතාවන් කොන්කර අතුරුදහන් කිරීම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.

මෙම “බහුවිධ අර්බුදවල ” මූලය වන්නේ යුරෝ-ඇමෙරිකානු මිලිටරි ව්‍යාපාරික නිෂ්පාදන සංකීර්ණය බව බොහෝ ජාත්‍යන්තර සම්මේලන පද්ධතීන් විසින් නොතකා හැර තිබීම මේ අතර දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. මෙලෙස නොතකා හැර ඇති කරුණු අතර, ද්විත්ව ක්‍රියාකාරි ජීව විද්‍යාත්මක යුද මෙහෙයුම්,දේශගුණය වෙනස්කිරීමේ තාක්ෂණය(weather modification technology) සඳහා සෘජු බලශක්ති ආයුධ( Direct Energy Weapons) භාවිතා කිරීම,නේටෝව විසින් දියත්කර ඇති යුද්ධ සහ එක්සත් ජනපදය ප්‍රමුඛතාව සහිත මෙහෙයවෙන ගෝලීය ආයුධ නිෂ්පාදනය, එක්සත් ජනපදය විසින් ලොව පුරා පිහිටුවා ඇති හමුදා කඳවුරු 750 කට ආසන්න ප්‍රමාණය ආදිය වේ. විනාශකාරි ආයුධ නිෂ්පාදනය සීමාකිරීමට මතුව ඇති සමගාමි අවශ්‍යතාවයද නොසළකා හැර තිබේ.

ගෝලීය ගිනියම්වීම පිළිබඳ මානව කේන්ද්‍රීය ආඛ්‍යානය

7704332996 2b8f3f72cf z

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මෑතකදී ප්‍රකාශ කර සිටියේ ගෝලීය උණුසුම්වීම දැන් ගෝලීය උණුවී දියවී යාමක් බවට පත්ව ඇති බවය. කෙසේ වුවද මේ වර්ෂය තුළදී ඝර්ම කලාපීය දකුණු සහ නැගෙනහිර ආසියාවේ වාස්තවික යථාර්ථයන් විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් මානව කේන්ද්‍රීය දේශගුණික ව්‍යසනයන් පිළිබඳ මාධ්‍ය හරහා වපුරන ලද රැවැටිලි සහගත අතිශයෝක්තීන්ගේ බලාපොරොත්තු සුන් කර දමා ඇත්තේ එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ තවත් සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය.

කල්පාන්තයක් පුරා සිදුවන්නට ද ඇති අයුරින් මෙන්ම මට මතක ඇති කාලයක සිට ද මෝසම් වැසි ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බුබුළුලමින් උතුරායන ගිනියම් උෂ්ණත්වයක් පිළිබඳ එල් නිනෝ දේශගුණික ආඛ්‍යානයට ප්‍රතිපක්ෂව මෝසම් සුළං විසින් නැවතත් සීතල සුළං සහ අධික වර්ෂාපතනයක් ගෙනවිත් තිබේ. ඒ මගින් ජලාශ පුරවමින් ජල විදුලිය නිෂ්පාදනය කරමින් නිවාස ආලෝකමත් කිරීමට සහ වගාවන්ට අවශ්‍ය ජලය ලබාගැනීමට අවස්ථාව උදාකර ඇත. සුපුරුදු පරිදි 2023 දී ද සංක්‍රමණික පක්ෂින් පැමිණ තිබේ.

සැබෑ වශයෙන් ගත්කල කාබන් විමෝචනය (කාබන් පිය සටහන්- carbon footprint) නොසළකා හැරිය තරම් අවම මට්ටමක පවතින්නාවූත් භූ දේශපාලනික වශයෙන් වැදගත් ලක්ෂ්‍යයක පිහිටා ඇත්තාවූත් ශ්‍රී ලංකාව, සමහර දේශගුණික විපර්යාස ආකෘතින් විසින් යෝජනා කරන අන්දමට සෞම්‍ය සිසිල් ස්ථානයක් ලෙස සැළකිය හැකිය. මෙවර එයට සාමාන්‍ය සුපුරුදු ප්‍රමාණයට වඩා මඳක් වැඩිපුර වැසි ලැබෙමින් පවතී. නැතහොත් ඇතැම්විට ඒකාධිපතිවාදි දේශගුණික ව්‍යසන සහ ගෝලීය ගිනියම්වීම පිළිබඳ වාචාල කතාවන්ට පිළිතුරු දීම පිණිස සොබාදම් මාතාව විසින් සිය වර්ෂා සමය දිගුකරන්නට ඇත!

කෙසේ වුවද දේශීය මට්ටමේදී අයෝග්‍ය සහ ඉහල වියදමක් දැරීමට සිදුවන්නාවූ ප්‍රතිපත්තිමය වැරැදිවලට නිරතුරුව හේතුවන “ දේශගුණික ව්‍යසනය” පිළිබඳ නිල ආඛ්‍යානය සමග ජාතික සහ දකුණු ආසියාතික යථාර්ථයන්ගේ පවත්නා පරස්පරතාවන් සහ නොගැළපීම් පිළිබඳව දේශගුණික ව්‍යසනයන් පිළිබඳ භීෂණය වපුරමින් වාචාල දොඩවන ගෝලීය මාධ්‍ය සහ එක්සත් ජාතින්ගේ සම්මේලනය විසින් නොතකා හැර තිබේ.

Climate Change 04 740x463

ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹදී පවැති දේශගුණික විපර්යාස සමුළුවේදී

විදේශීය නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වය සහිතව මෑතකදී කොළඹදී පැවැත්වුණ පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ “හරිත පරිවර්තනය ” සඳහා වන සිය උන්නතකාමී සැලසුම් හඳුන්වා දෙන ලදි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනිවාර්ය පාරිසරික තිරසාරත්වය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ අපභ්‍රංශ එකට අමුණමින් වියන ලද සිය කතාව තුළ ජනාධිපතිවරයා “හරිත ආර්ථිකයක් ” සාක්ෂාත් කරගත් කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සිය අධිෂ්ඨානයද ඉදිරිපත් කළේය. එමෙන්ම උපායමාර්ගික වශයෙන් වැදගත් ඉන්දීය සාගර දිවයිනේ දේශගුණික සශ්‍රීකත්වය සඳහා වන සිය සැලසුම් නොවැම්බර් අගදී කටාර්හිදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ “ COP 28 ” සමුළුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවද ප්‍රකාශ කරන ලදි.

ලංකාවේ “හරිත පරිවර්තනය” සඳහා වන නිෂ්ඵල ව්‍යාපෘතියට ඇමෙරිකන් ඩොලර් බිලියන 100ක්?

carbon dioxide emissions title 1200x800

ලෝකයේ ප්‍රධාන දේශගුණික දූෂක රටවල් විසින් හයිඩ්‍රෝකාබන් ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවීම සහ කාබන් විමෝචනය වැඩි කරමින් සිටීම යන කරුණ ඉත සිතින් නොසළකා හරින ලද ජනාධිපතිවරයා විසින් යුරෝ-බැඳුම්කර ණය බරින් පීඩිත මෙම ඉන්දීය සාගර දිවයින තුළ 2040 වසර වනවිට “කාබන් විමෝචනය ශුන්‍ය ” කිරීම සඳහා ඉදිරි 20 වසර තුළ ඇමෙරිකන් ඩොලර් බිලියන 100ක් වැයකිරීමට සිදුවනු ඇතැයි ගණන්හිලව් ඉදිරිපත් කර තිබේ.

බිලියන 100ක් යනු පසුගිය වර්ෂයේදී ශ්‍රී ලාංකික ජනතාව දුප්පත්බවේ පත්ලට ගිල්වා දමමින් දේශිය මුදලේ වටිනාකම පිරිහෙලීමට හේතු වූ ශ්‍රි ලංකාව සිය ස්වෛරී ණය ගෙවාගැනීමට නොහැකිබව ප්‍රකාශකරමින් පළමුවරට රට ආර්ථිකමය වශයෙන් බංකොළොත් බව ප්‍රකාශ කිරීමට හේතුවූ සම්පූර්ණ ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි.

ශ්‍රි ලංකාවේ විදේශ ණය ප්‍රමාණය වර්තමානයේදී ඩොලර් බිලියන 35ක් බව සැලකිල්ලට ගත් කළ ජනාධිපතිවරයා සිය “හරිත පරිවර්තනය” සඳහා වියදම් කිරීමට සුදානම්වන මුදල ලංකාවට දැරිය නොහැකි සහ අනවශ්‍ය වියදමක් බව පැහැදිලිව දැකගත හැකිය.

පවත්නා මෙම තත්ත්වය කෙරෙහි කිසිදු සැළකිල්ලක් නොමැතිව ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“ හරිත පරිවර්තනයේ මූල්‍යමය අභියෝග ජයගැනීම සඳහා එම අත්‍යවශ්‍ය අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් වාණිජමය වශයෙන් ලබාගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටී.”

මෙම ප්‍රකාශයේ තේරුම වන්නේ දේශීය දේශපාලකයන් සහ ඔවුන්ගේ ව්‍යාපාරික හෙංචයියන් සමග සිදු කරන ලද දූෂිත ගනුදෙනු හරහා ශ්‍රී ලංකාව යුරෝබොන්ඩ් ණය උගුලට හසුකරගත් බ්ලැක්රොක් සහ අදානි වැනි මූල්‍ය සමාගම්වලින් තවදුරටත් දැවැන්ත ණය ප්‍රමාණයක් ලබාගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බවය.

Screenshot 2023 11 27 at 12.34.32

මේ වනවිට ලංකාණ්ඩුව විසින් බ්ලැක්රොක් සමාගමේ දකුණු ආසියාතික හවුල්කරුවා වන අදානි සමාගම වෙත ඔවුන්ගේ “හරිත බල ශක්ති ව්‍යාපෘතින් ” සඳහා ලංකාවේ මන්නාරම් වෙරළේ වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් පවරා දී තිබේ. එමෙන්ම කොළඹ වරාය අසල වටිනා ඉඩම්ද පැරිස් ණය කණ්ඩායමේ ණය හිමියන් වෙත තිලිණ කර තිබේ.

මෙහිදී ඔහු විසින් සඳහන් නොකරන ලද කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ නිල ණයවලින් 40%ක හිමිකරුවන් වන්නේ කොල්ලකාරි පොලී අනුපාතයන් අයකරන පුද්ගලික මූල්‍ය සමාගම් සහ හෙජ් අරමුදල් හිමියන් බවයි. බ්ලැක්රොක් සහ අදානි වැනි ඒවායින් වැඩි ප්‍රමාණයක් හරිත සහ නිල් බැඳුම්කර මගඩි මගින් තමන්වම “හරිත ශෝධනය” කරගනු ලබන ඒවා වෙයි.

ශ්‍රී ලංකාවේ ඉතිරි ණය 19%ක ප්‍රතිශතයෙන් චීනය 10%ක්ද, 7%ක් ජපානයද, 5%ක් ඉන්දියාව ද හිමිකාරත්වය දරති. කෙසේ වුවද කොල්ලකාරි ණය දෙන්නන් සහ දේශීය දේශපාලකයන් අතර සිදු වූ දූෂිත ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස දූෂිත ණය කන්දරාවක් ගොඩ ගැසීමත් ඉන් අනතුරුව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩු පැවැරීමේ ප්‍රතිඵලයක් ලෙස බංකො‍ළොත් බව ප්‍රකාශ කිරීමේ නාටකය රඟදැක්වීමත් සම්බන්ධව වගකිව යුතු වන්නේ මෙම පුද්ගලික ණය සමාගම් වේ.

ලංකාවේ බදු වැඩි කිරීම් ගැන IMF විශේෂ නිවේදනයක්

දැන් මෙම බැඳුම්කර අලෙවිකරුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ තුළින් වාසි ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටිති. මක්නිසාද යත් එම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ අනුව ආණ්ඩුවට කොල්ලකාරි පොලී අනුපාතයන් යටතේ ණය දෙන ඉහත පුද්ගලික ප්‍රාග්ධන වෙළඳපොළෙන්ම වැඩි දුරටත් ණය ගැනීමට බල කෙරී ඇති බැවිනි.එසේ වුවද මෙවර එම ණය “හරිත ශෝධනය” කර පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ බැඳුම්කර (Environment, Social and Governance (ESG) bonds) ලෙස හඳුක්වනු ලබයි.

බැඳුම්කර මගඩි හරිත‍ ශෝධනය කිරීම සහ මූල්‍ය අපරාධ

නමුත් පුද්ගලික මූල්‍ය සමාගම්වලට දැවැන්ත ප්‍රතිලාභ හිමිවන පරිදි කිසිදු පාරදෘෂ්‍යභාවයකින් තොරව සිදු කෙරෙන කාබන් ණය ගණනය කිරීම මත පදනම්ව ඇති “ස්වභාව ධර්මය උදෙසා ණය” (Debt for Nature Swaps-DFNS) යන ආකෘතිය යටතේ හෝ “පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ ”(Environment, Social and Governance-ESG) ආකෘතිය යටතේ ණය ලබාගනිමින් තවතවත් ණය කන්දරාවක් ගොඩගසා ගැනීම ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් විය යුතුද?

මේ මස ආරම්භයේදී කොළඹදී පැවැත්වුණ දේශගුණික විපර්යාස සංසදයේ රැස්වීම අමතා ඉදිරියේ ඇති දුෂ්කර ඉලක්ක ගැන සඳහන් කළ ජනාධිපතිවරයා “ග්‍රහලෝකයේ යහපැවැත්ම සඳහා ලංකාවේ හරිත ශෝධනය අත්‍යවශ්‍ය සාධකයක් බව” ට දැවැන්ත සහ අභූත ප්‍රකාශයක් සිදු කරන ලදි.

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !

කෙසේ වුවද කාබන් විමෝචන මට්ටම අවම මට්ටමක පවතින්නා වූත් විදේශීය ණය බරින් පීඩිතව දරිද්‍රතාවයේ පත්ලේම ගිලී සිටි ජනතාවක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක් යුරෝ බැඳුම්කර ණය වැඩි වැඩියෙන් ගැනීමට සිදුවන “හරිත පරිවර්තනයක් ” කරා යොමුවීමට මෙතරම් හදිසියක් දැක්විය යුත්තේ මන්දැයි යන්න ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකාගාරයේ සිටියවුන්ගෙන් ඉදිරිපත්වූයේ කීප දෙනෙකු පමණි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පළමුවරට තමන් ලබාගත් ණය සහ වාරික ගෙවීමට අසමත් බව ප්‍රකාශ කිරීමට බලපාන ලද මූලික හේතුව වූයේ දූෂිත යුරෝ බැඳුම්කර ණය යන කරුණ අවධානයට ගත්කල තවතවත් එවැනි අනවශ්‍ය ණය කන්දක් ලංකාවේ ජනතාව මත පැටවීම කෙතරම් යුක්ති සහගතද යන පැනය මෙහිදී මතුවේ.

Screenshot 2023 11 27 at 12.40.39

රනිල් වික්‍රමසිංහ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව සිදුකරමින් සිටින ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ පිළිබඳවත් අධි සාමාන්‍යකරණයකට ලක්කරන ලද දේශගුණික ව්‍යසන පිළිබඳ ගෝලීය ආඛ්‍යානය මත පදනම්ව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ තාර්කික බව පිළිබඳවත් ප්‍රශ්න ගණනාවක් මතුව තිබේ. මෙම දේශගුණික ව්‍යසන පිළිබඳ ගෝලීය ආඛ්‍යානය වූකලී ගැටළු ගණනාවකින් සංයුක්තවන්නාවූත් ප්‍රෝඩාකාරි කොවිඩ්-19 වසංගත භීෂණය තුළ සාක්ෂි සහිතව සනාථ වූ පරිදි විද්‍යාව ඔළුවෙන් සිටුවමින් ක්‍රියාත්මක කරන භාවිතාවකි. එම ඊනියා වසංගත භීෂණය තුළ පනවන ලද නිරෝධායන ඇඳිරි නීති හෙවත් ගෝලීය ලොක්ඩවුන් මගින් රටවල ආර්ථිකය බිඳ දමමින් ගෝලීය දකුණේ ණය උගුල උත්සන්න කිරීමට හේතුවූ අයුරින්ම මෙම දේශගුණ විපර්යාසය පිළිබඳ ආඛ්‍යානය විසින්ද ගෝලීය දකුණ තවතවත් ණය උගුලේ සිරකරනු ලබමින් සිටියි.

ගෝලීය කෝපරේට් මාධ්‍යය විසින් අතිශයෝක්තියට නගන ලද ඊනියා දේශගුණික ගිනියම්වීම් පිළිබඳ ආඛ්‍යානයන් මත පදනම් වූ ප්‍රතිපත්ති වෙනුවට දේශිය සහ ජාතික වශයෙන් සුවිශේෂිත සංදර්භයන්ට අදාළ වන්නාවූත් සාක්ෂි මත පදනම්වූත් ප්‍රතිපත්ති සම්පාදනයක අවශ්‍යතාවක් පවතින බව පැහැදිලිව දක්නට ඇති සත්‍යයකි.

මේ වනවිට භූ උපායික වශයෙන් වැදගත් මෙම දේශයේ ආර්ථික ස්වාධිපත්‍යයත් ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ස්වෛරී බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සහ පැරිස් ණය හිමියන්ගේ එකතුව විසින් දියත්කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය විසින් පැහැරගෙන තිබේ. ඒ අතරම රටේ ආර්ථික අර්බුදය පිළිබඳව චීනය සහ ඉන්දියාව වැනි එහි අසල්වැසි රටවලට චෝදනා කිරීමද සිදුවේ.

ශ්‍රී ලංකාවේ හරිත පරිවර්තනය මගින් බ්ලැක්රොක් සහ අදානි වෙත ප්‍රතිලාභ ලැබීම

green kl

අතිශයෝක්තියට නගන ලද දේශගුණික විපර්යාස/ ගෝලීය ගිනියම් වීම පිළිබඳ ආඛ්‍යානයන්ට පසුබිමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් භූ උපායික වශයෙන් වැදගත් මෙම දිවයිනේ ණය උගුල තවත් තදකරනු සඳහා උත්සාහ දැරෙමින් පවතියි. එමගින් ජනතාව තවතවත් දරිද්‍රතාවයට පත්කරනු ඇත. එය සිදුවන්නේ යුරෝ බැඳුම්කර ණය ගනුදෙනුවලට අදාළව කිසිදු පාරදෘෂ්‍යතාවකින් තොරව සිදු කෙරෙන ණය පිළිබඳ දත්ත ගණනය කිරීම් හරහාය. මේවා දේශගුණ සඳහා ණය හුවමාරුකරණය (DFNS) හෝ පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ සඳහා වන බැඳුම්කර (ESG-bonds)ලෙසද හැඳින්වේ. නමුත් මෙවැනි හරිත පරිවර්තනයක් විසින් පැහැදිලිවම යහපතට වඩා හානියක් සිදු කරනු ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පළමුවරට සිය ණය ගෙවාගත නොහැකි බවත් රට ආර්ථික වශයෙන් බංකොළොත් බවත් ප්‍රකාශකිරීමට බලකෙරෙන තත්ත්වයක් උදාවූයේ G7 රටවල්, චීනය සහ ඉන්දියාව අතර එදිරිවාදුකම් නිසාත් දේශීය දේශපාලකයන් සහ ඔවුන්ගේ ප්‍රභූ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ දූෂණ නිසාත් බව නොරහසකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ යටතේ වසර 4ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට කොටස් වශයෙන් ලබාදීමට නියමිතව ඇති ඇමෙරිකන් ඩොලර් 3.9ක ණය මුදල සැලසුම්කර ඇත්තේ උපායමාර්ගික වශයෙන් වැදගත් මෙම දිවයිනේ ප්‍රතිපත්ති සම්පාදන අවකාශය සහ ආර්ථික ස්වෛරීත්වය මත සිය ආධිපත්‍යය සහ පාලනය තවදුරටත් ගැඹුරුකිරීමටත් දිගින් දිගටම පවත්වාගෙන යාමටත් අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරනු පිණිස බව පැහැදිලිය. එමගින් කොල්ලකාරි පුද්ගලික යුරෝ-බැඳුම්කර වෙළඳපොළෙන් දිගින්දිගටම ණය ලබාගැනීමට බලකෙරෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “විස්තෘත අරමුදල් ගිවිසුම ” (Extended Fund Facility Arrangement) අනුව ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකන් ඩොලර් බිලියන 2කකට ආසන්න ණය ප්‍රමාණයක් මෙම වසර සඳහා පමණක් පුද්ගලික මූල්‍ය වෙළඳපොළෙන් සහ ජාත්‍යන්තර බැඳුම්කර අලෙවිකරුවන් වෙතින් ලබාගත යුතුව තිබේ. පාස්කු ඉරිදා ISIS ප්‍රහාරයෙන් පසු සහ කොවිඩ්-19 ලොක්ඩවුන්වලින් පසු ආර්ථිකය බිඳවැටුණ ශ්‍රී ලංකාවට කොල්ලකාරි පොලී අනුපාතයන්ට ණය ලබාදෙමින් එය ණය උගුලක සිරකර ගැනීමට කටයුතු කළේ මේ එකම පුද්ගලික මූල්‍ය සමාගම් සහ ජාත්‍යන්තර බැඳුම්කර අලෙවිකරුවන්ම විසිනි.

හමාස් හෙළා දකින සිංහල වමට - (තිලක් කෝදාගොඩ)යානිස් වෙරොෆාකිස්මෙම සංදර්භය තුළ මහාචාර්ය ජයති ගෝෂ්, තෝමස් පිකටි, ඩැනී රෝදික්, යානිස් වෙරොෆාකිස්, ඇතුළු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 80 කට වැඩි පිරිසක් විසින් විනිවිද භාවයකින් තොරවීම, කොල්ලකාරි පොලී අනුපාත ආදිය හේතුවෙන් යුරෝ බැඳුම්කර ණය මුළුමණින්ම අහෝසි කර දමන ලෙස ඉල්ලා සිටිමින් කරන ලද ප්‍රකාශනය උපුටා දැක්වීම වැදගත්වේ. මෙම ප්‍රකාශනය Debt Justice UK නම් වෙබ් අඩවියේ සම්පූර්ණයෙන්ම පළ කෙරී ඇත.

Screenshot 2023 11 27 at 11.25.26

මෙම ප්‍රකාශනයට ප්‍රතිවිරුද්ධ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ණය ප්‍රතිව්‍යුහගතකරණ” න්‍යාය පත්‍රය සැලසුම් කර ඇත්තේ රටේ යුරෝ-බැඳුම්කර ණය උගුල වඩාත් ගැඹුරු කරණු පිණිසය. දැන් මෙම බැඳුම්කර හරිත, නිල්, හෝ රෝස පැහැයෙන් වර්ණගන්වා තිබේ. නැතහොත් පාරිසරික, සමාජීය(ලිංගිකත්ව) සහ ආණ්ඩුකරණ සංවේදී බැඳුම්කර ලෙස හඳුන්වනු ලබයි. ඒවා පදනම්ව ඇත්තේ “දේශගුණික විද්‍යාප්‍රබන්ධ” ආඛ්‍යානයන්ගේ පාරදෘෂ්‍යභාවයක් නොමැතිවීම යන සාධකය සඟවනු පිණිස ඉදිරිපත් කර ඇති ගූඩ අපැහැදිලි කාබන් ගණනය කිරීම් මතය.

එයට අමතරව මෙම බැඳුම්කර ණය හිමියන්ගේ නම් තවමත් රහසකි.

කෙටියෙන් පවසන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය ඇප ලබාදීමේ කොන්දේසි මගින් රටේ ණය උගුලද රටේ ආර්ථික ප්‍රතිපත්ති මත සිය ආධිපත්‍යයද ක්‍රමානුගත ලෙස ගැඹුරු කරනු ලැබේ.ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යටත් විජිතවාදි පැරිස් කණ්ඩායම විසින් ESG ණය බන්ධන සැලසුම මගින් රට තවදුරටත් දරිද්‍රතාවයේ ගිල්වා දමමින් තිබේ.

ඒ අතර ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක් වන ලෝකයේ විශාලතම වත්කම් අරමුදල වන බ්ලැක්රොක් සමාගම සහ අදානි දැන් හරිත, නිල් සහ රෝස පැහැයෙන් තමන්ව සායම් කරගනිමින් පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ(ESG) බැඳුම්කර සහ දේශගුණය සඳහා ණය (Debt for Nature Swaps-DFNS)බැඳුම්කර නැතහොත් හරිත සහ නිල් බැඳුම්කර මගඩිය අලෙවි කිරීමට සුදානම්ව සිටියි.

මේ සියල්ල විසින් එක් වැදගත් ප්‍රශ්නයක් මතු කරනු ලබයි. මෙම විෂය පිළිබඳව කටයුතු කිරීමට රට තුළ දේශිය විශේෂඥයන් නොමැති යැයි ජනාධිපතිවරයා විසින්ම පිළිගෙන ඇති තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ මෙම “උන්නතිකාමි හරිත පරිවර්තනය ” සඳහා කෙටුම්පත සකස් කර ඇත්තේ කවුරුන්ද?

දෙවන කොටස

අවශ්‍යව ඇත්තේ දේශගුණික යුක්තිය මිසක ස්වභාව ධර්මය මූල්‍යකරණය කිරීම හෝ දූෂිත ණය හරිත ශෝධනයට ලක්කිරීම කිරීම නොවේ.

පුද්ගලික මූල්‍ය වෙළඳපොළෙන් ණය ගැනීම සහ විනිවිදභාවයකින් තොර බැඳුම්කර ගනුදෙනු හේතුවෙන් ගොඩ ගැසුණු දූෂිත ණය කන්දරාව කෙරෙහි මතුව ඇති විවේචනයන් හේතුවෙන් පරිසර සංරක්ෂණයේ නාමයෙන් ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුකරණය (Debt for Nature Swaps-DFNS), හරිත හෝ නිල් බැඳුම්කර,පාරිසරික, සාමාජීය සහ ආණ්ඩුකරණ (Environment, Social and Governance-ESG))බැඳුම්කර ආදි වශයෙන් මගඩි බැඳුම්කර ගනුදෙනු හරිත ශෝධනයට ලක්කිරීමේද එමගින් ණය උගුල තව තවත් තද කිරීමේද උත්සාහයන් දැරෙමින් පවතී.

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල:  සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? -(ආචාර්ය ලයනල් බෝපගේ)

ජනාධිපතිවරයා සිය හරිත ප්‍රතිපත්ති පිළිබඳ දේශනයේදී සඳහන් නොකළ දෙය නම් දැනටමත් යුරෝ බොන්ඩ් ණය උගුලේ සිරව ඇති ශ්‍රී ලංකාවට ඇප ලබාදීමේ ගනුදෙනුවල කොටසක් ලෙස හරිත, නිල් හෝ ESG බැඳුම්කර වශයෙන් තවත් තවත් කොල්ලකාරි බැඳුම්කර අලෙවිකරුවන්ගෙන් ණය ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය විසින් බලකෙරෙමින් පවතින බවයි. ‘පරිසර සංරක්ෂණයේ’ නාමයෙන් සිදු කෙරෙන මෙම ක්‍රියාවලිය ඇම්ස්ටර්ඩෑම් හි ට්‍රාන්ස්නැෂනල් ආයතනය (Transnational Institute) විසින් හඳුන්වා ඇත්තේ “සාගර අල්ලා ගැනීම” සහ “ඉඩම් කොල්ලකෑම” ලෙසය. එමගින් දේශීය ප්‍රජාවන්ට, දේශීය ගොවීන්ට ඔවුන්ගේ වනාන්තරවලට සහ ධීවරයන්ට සමුද්‍ර ආරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කෙරෙන ධීවර ප්‍රදේශවලට ඇතුළුවීමට අවසර ලබා නොදෙයි. අවසානයේදී සිදුවන්නේ ‘පරිසර සංරක්ෂණය’ නාමයෙන් මෙම ජනතාවන්ගේ ජීවනෝපායන් ප්‍රතික්ෂේප කිරීමය.

යුරෝ බොන්ඩ් ණය උගුලේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යටත් විජිතවාදි පැරිස් කණ්ඩායමේ ඇප ගනුදෙනුවල සිරවුණ ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ රටවල සම්පත් කොල්ලකෑම සඳහා කාබන් වෙළඳාම හරහා “පරිසර සංරක්ෂණයේ නාමයෙන්” ස්වභාව ධර්මය මූල්‍යකරණයටද, දත්තකරණයටද, ආයුධකරණයටද ලක්කිරීම වේගවත් කෙරී ඇති බව පෙනී යයි. මෙහිදී ඉතා වැදගත් ප්‍රශ්නයක් මතුවෙයි. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමේ බැඳුම්කර හිමියන්ගේ ණය ගෙවීම සඳහා කෘර සූරාකෑමට ලක්වෙමින් සිටින ජනතාවක් සිටින ණය උගුලේ බෙල්ලටම හිරවුණ රටක් විසින් සිය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාව ලබා දිය යුත්තේ මිල අධික හරිත පරිවර්තනයක් සඳහාද යන්නයි ඒ.?

විශේෂයෙන්ම මෙම ඊනියා “හරිත පරිවර්තනය” රටේ යුරෝ බැඳුම්කර ණය උගුල තවතවත් ගැඹුරුකිරීම සඳහා සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති තත්ත්වයක් තුළ එවැන්නකට ප්‍රමුඛතාව දීමෙන් ඉටුවන්නේ කාගේ අවශ්‍යතාවන්ද?

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)

දේශගුණික යුක්තිය යනු ණය අවලංගු කිරීමක් විය යුතුවා මිසෙක පාරිසරික, සාමාජීය හෝ ආණ්ඩුකරණ සඳහා වන යුරෝ බැඳුම්කර මුවාවෙන් ණය ගැති බව තවත් උත්සන්න කිරීමක් නොවිය යුතුය. හරිත සහ නිල්බැඳුම්කර යනු දේශගුණික යුක්තිය සඳහා වන මූලධර්ම පැහැදිලි ලෙසම උල්ලංඝණය කිරීමක් වෙයි. දේශගුණික යුක්තිය ඉටුකිරීමට නම් අවශ්‍යවන්නේ වායුගෝලය දූෂණයෙහිලා විශාල වශයෙන් වගකිව යුතු G7 කාර්මික රටවල් විසින් දේශගුණික විපර්යාසයෙන් පීඩා විඳින ගෝලීය දකුණේ රටවලට වන්දිගෙවීමය.

කාබනික පොහොර සහ විද්‍යුත් වාහන

රාජපක්ෂ දේශපාලන ඉතිහාසය සහ අනාගතය !

Screenshot 2023 11 27 at 11.33.09දේශගුණික අර්බුද ආඛ්‍යානය සහ ඒ හා සම්බන්ධිත ප්‍රතිපත්තිමය වැරදි ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. වසර කීපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තුළ කිසිදු සංක්‍රමණීය සැලසුමකින් තොරව රසායනික පොහොර තහනම් කිරීමටත් කාබනික පොහොර වෙත මාරුවීමටත් දැඩි හදිස්සියක් තිබිණි. ප්‍රතිඵලය වූයේ පරිසර සංරක්ෂණයේ නාමයෙන් වගාවන් සහ ගොවීන්ගේ ජීවනෝපායයන් විනාශවීමත් කාබනික පොහොර මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ දූෂණ මගඩි පැතිර යාමත්ය. අවසානයේදී සිදු වූයේ සාරවත් ඝර්ම කලාපීය රටක් තුළ සාගත බිය පැතිර යාමය.


කෙසේ වුවද මෙවැනි විනාශකාරි ප්‍රතිඵල අත්කරදුන් ප්‍රතිපත්තිමය වැරදිවලින් කිසිදු පාඩමක් ඉගෙනගෙන නැතිබව පෙනී යයි. ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වියදමක් කිරීමට සිදුවන අතිශයොක්තියට නංවන ලද “හරිත පරිවර්තනය ” සඳහා දේශිය දේශපාලකයන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩි උත්සුක බවක් පෙන්වන්නේ එහෙයිනි.

මෑතකදී ප්‍රවාහන ඇමැතිවරයා විසින් මිල අධික විද්‍යුත් වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාව ගැන “වෙළඳ ප්‍රචාරයක” නිරත විය. ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය විදුලිය පවා නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිව පැය ගණනක් විදුලිය ක්ප්පාදු කරන රටෙක මෙම විද්‍යුත් වාහන සඳහා අවශ්‍ය වන අමතර විදුලිය නිපදවා ගන්නේ කෙසේදැයි යන පැනය මෙහිදී යළිත් වරක් මතුවේ. මෙහි අවසාන අර්ථය වන්නේ මෙම මිල අධික විද්‍යුත් වාහන මිලදී ගනු ලබන ධනවත් පුද්ගලයන්ගේ විදුලි බිලද දුප්පත් මිනිසුන්ගේ විදුලි බිලටම එක්වීම බව පැහැදිලිය. එමෙන්ම මෙමගින් මෙම වාහන මිලදී ගැනීම සඳහා රටේ විදේශ විනිමය සංචිතයන් වැය කිරීම මගින් ඒවා තවදුරටත් සිඳීයාම සිදුවනු ඇත.

කොවිඩ්-19 සිට දේශගුණික ව්‍යසනය දක්වා: ගෝලීය ආඛ්‍යාන සහ දේශිය ප්‍රතිපත්තිමය වැරදි

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 3ක්

ආර්ථික විශේෂඥයෙකු ලෙස තමන්වම හඳුන්වාගනු ලබන ජනාධිපතිවරයා තව තවත් දූෂිත විදේශ ණය ගොඩගැසීමේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හාම්පුතුන්ගේත් ESG බැඳුම්කර මෙන්ම ඩොලර් බිලියන 100ක් වියදම් කරමින් දියත් කිරීමට යන නාස්තිකාරි දූෂිත හරිත පරිවර්තනයද මෙහෙයවන ආර්ථික ඝාතකයන්ගේත් නියෝගය පරිදි සිදුකෙරෙමින් පවතින දුප්පත්කම ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයේ හේතුවෙන් දැරීමට සිදුවන මානුෂික පිරිවැය පිළිබඳව දක්වන්නේ අවම සැලකිල්ලකි. මෙම දැවැන්ත ණය ගැනීම්ද අවසානයේ ගෙවන්නට සිදුවන්නේ අවාසනාවන්ත රට වැසියන්ටය.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඊනියා දේශගුණික විශේෂඥයන්ගේද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද, යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමේ සහ යුරෝ බැඳුම්කර අලෙවිකරුවන්ගේ ද වහලෙකු බවට පත්ව සිටියි.

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම - (ජයශ්‍රී ප්‍රියලාල්)

කෙසේ වුවද ප්‍රංශ ජනාධිපති මාක්‍රොන් විසින් දැඩි අවධානයකින් යුතුව ලියන නාට්‍ය පිටපතට අනුව සිදුවන කොල්ලකාරි බැඳුම්කර වෙළඳාමෙන් සහ දූෂිත නව යටත්විජිතවාදි ණය බන්ධනවලින් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමය ඉක්මණින්ම වෙන් කළ යුතුව තිබේ. පසුගිය දිනවල මාක්‍රොන් ශ්‍රී ලංකාවේ හදිසි රාත්‍රි සංචාරයක නිරතවූයේ වංචනික කාබන් ණය ගණනය කිරීම් හරහා සිදුවන හරිත සහ නිල් බැඳුම්කර වෙළඳාම යුරෝ බැඳුම්කර අලෙවිකරුවන්ට සහ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමට අවශ්‍ය පරිදි සිය නාට්‍ය පිටපතට අනුව සිදුවන බව සහතික කරගැනීම සඳහාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනවලත් මෙහෙයවීම සහ අනුග්‍රහය යටතේ ගෝලීයකරණවාදින් විසින් දියත්කරන ලද ලෝක ව්‍යාප්ත ලොක් ඩවුන් සහ සමූල එන්නත්කරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූ ඊනියා කොවිඩ්-19 භීෂණ වසංගතයේ සිට කථාපුවත් සහ ඡායාරූප වපුරමින් දියත් කරමින් සිටින දේශගුණික ව්‍යසනයන් පිළිබඳ දැවැන්ත ආඛ්‍යානයන්ගේ සහ ඒකාධිපතිවාදය ගොඩනගනු පිණිස දියත්කර ඇති එම භීෂණ ප්‍රතිපත්තිවල ගොදුරක් බවට ගෝලීය දකුණේ බොහෝ රටවල් ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්සත් ජාතින්ගේ සංවිධානයත් විසින් මානුෂික ව්‍යසන ධනවාදය කෙරෙහි යොමුකර ඇති අධි අවධානය විසින් ගෝලීය දකුණේ රටවල් වෙත යහපතට වඩා හානියක් සිදුකර තිබේ.

Screenshot 2023 11 27 at 11.38.19

අවසාන වශයෙන් නැවතත් අවධාරණය කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ යුරෝ බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සැඟවුණු සහ ගුප්ත විදේශීය බැංකු ජාලයන් සහ බදු පාරාදීස ලෙස නම් කෙරී ඇති රටවල් හරහා සිදු කෙරෙන දූෂිත, සාපරාධී,කොල්ලකාරි බැඳුම්කර වෙළඳාම වෙතින් ඉවත් කර වෙන්කිරීම සිදුකළ යුතුව ඇති බවයි.

ආර්ථිකය වැටුනොත් ඔක්කොම ඉවරයි. - මහාචාර්ය චරිත හේරත්

බැඳුම්කර අපරාධ, දූෂිත ණය සහ අර්ධ යුක්තිය

රටේ ආර්ථිකය වැරැදි ලෙස හසුරුවමින් රට තුළ ආර්ථික දරුණු අර්බුදයක් නිර්මාණය කිරීම පිළිබඳ චෝදනාවට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු රාජපක්ෂ සහෝදරවරුන්ට එරෙහිව පසුගියදා ශ්‍රී ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන සංකේතීය තීන්දුවක් දෙන ලද එය කල්යල් බලා දෙන ලද තීන්දුවක් ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

හිටපු ජනාධිපතිවරුන්වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්දරාජපක්ෂ ඇතුළු හිටපු උසස් නිලධාරින් කීපදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ දූෂණ විරෝධී ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා නම් සංවිධානයේ ක්‍රියාකාරිකයන් සිව් දෙනෙකු විසිනි. ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයට අනුව ඉහත වගඋත්තරකරුවන්ගේ ක්‍රියාමාර්ග රටතුළ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට දායක වී තිබෙන බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

තමන් විසින් ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ලබන ප්‍රශ්න පිළිබඳව බලධාරින් තුළ අවබෝධයක් තිබිය යුතු බවටත් ඒවා උග්‍ර කිරීම වෙනුවට ඒවා විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතුව තිබුණු බවටත් මහජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇති බවත්, මහජන විශ්වාසය තහවුරුවන පරිදි ක්‍රියාකිරීමට සැලකිය යුතු බලතල පැවරී ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධානයන් පිළිපැදිය යුතු බවත් තීන්දුවෙන් අවධාරණය කර ඇත.

සිය ක්‍රියාමාර්ගවල පදනම ප්‍රතිපත්තිමය තීරණ බවට වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ අයහපත් ප්‍රතිඵල වැළක්වීම සඳහා අවශ්‍ය දැනුම සහ බලතල වගඋත්තරකරුවන් සතුව තිබූ නමුත් ඔවුන් මහජන යහපත සඳහා ක්‍රියාකිරීමට අසමත්ව ඇති බව අවධාරණය කරමිනි. වගඋත්තරකරුවන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අසමත්වීම සහ වැරදි ක්‍රියාමාර්ග දිගින් දිගටම ගැනීම යන හේතුන් රටේ ආර්ථික විනාශයට බලපෑ ප්‍රධාන හේතුන් බවද අධිකරණය විසින් පෙන්වා දී තිබේ.

රටේ ආර්ථික විනාශය කෙරෙහි බලවේගවල මැදිහත්වීම මෙම තීන්දුව තුළ සහමුලින්ම නොතකා හැර තිබේ.

කෙසේ වුවද මෙම දැක්ම තුළ රට බංකොළොත් බව ප්‍රකාශ කරන ලෙස බාහිර බලවේගයන් විසින් එල්ලකරන ලද බලපෑම් මෙන්ම ප්‍රධාන වශයෙන්ම රට ණය ගෙවාගත නොහැකි තරමට බංකොළොත්යැයි ප්‍රකාශ කිරීමට අදාළ පසුබිම සකස්කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ රජය යටතේ ලබාගත් දූෂිත යුරෝ බැඳුම්කර ණය කන්දරාව විසින්ය යන කරුණ මුළුමණින්ම නොසලකා හැර තිබේ. 2015 දී සිදු වූ අපකීර්තිමත් ශ්‍රි ලංකා මහබැංකු බැඳුම්කර මගඩිය විසින් රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනය දුර්වල කරන ලද අතර එමගින් ‍විදේශීය කොල්ලකාරි බැඳුම්කර ජාවාරම්කරුවන්ට දෙන ලද විවෘත සංඥාව වූයේ ශ්‍රී ලංකාව එවැනි දූෂිත බැඳුම්කර ගනුදෙනුවලට සුදානම් බවයි.

Screenshot 2023 11 27 at 11.40.34

“මෙම තත්ත්වය විසින් සමස්ත සමාජයේම ආර්ථික සහ සමාජීය ජීවිතය බිඳ දමන ලදි. එම බිඳවැටීම විසින් අවසානයේදී මහජන සාමය සහ නීතියේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටීමක් කරා යොමු කරන ලදි ” යනුවෙන් තීන්දුවේ සඳහන් විය.

කෙසේ වුවද රට සිය ඉතිහාසයේ පළමු වතාවට තමන්ට විදේශීය ස්වෛරී ණය ගෙවාගත නොහැකි බවට ප්‍රකාශකරමින් බංකොළොත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලපාන ලද ප්‍රධාන හේතුව වූයේ බ්ලැක්රොක් සහ ජේපී මොර්ගන් වැනි කොල්ලකාරි හෙජ් අරමුදල්වලින් ණය ලබාගනිමින් ගොඩ ගසන ලද ණය කන්ද නිසා බව දැන් මනා ලෙස සාක්ෂි සහිතව තහවුරුව ඇති කරුණකි. එය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ රජයක් පැවැති සමයේ වූ අතර එවකට මුදල් ඇමැතිවරයා සහ අගමැතිවරයා වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

2019 දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව මේ ණය උගුලේ සිර කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කරමින් අඩු ආදායම් ලබන රටවලට සහන පොළියට ලබා දෙන ණය ලැබීමේ අවස්ථාව අහිමිකිරීම මගිනි. එමගින් අති විශාල පොලී අනුපාත අයකරන ඉහත පුද්ගලික මූල්‍ය සමාගම්වල ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලදි.

කෙසේ වුවද පසුගිය වසරේ විදේශීය අන්තර්ජාල වේදිකාවන් හරහා කරලියට ගෙන ලද “අරගලය” මගින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කෙරෙන අතර හැමිල්ටන් රිසර්ව් නම් කූඨ අභිරහස් බැංකුවක් විසින් නිව්යෝර්ක් අධිකරණයේ පවරන ලද නඩුවක් මගින් රට බංකොළොත් බව ප්‍රකාශ කිරීමට බල කෙරෙන නීතිමය හේතුවක් නිර්මාණය කරන ලදි.

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)

Screenshot 2023 11 27 at 13.10.412015 යුරෝ බැඳුම්කර මගඩිය විසින් රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනය වන මහබැංකුවේ කීර්තිනාමයට සිදුකරන ලද හානිය සහ ඔහු යටතේ ගන්නා ලද දූෂිත ණය පිළිබඳව මෙම නඩුවේදී විභාග නොකෙරිණි. මෙම නඩුව පැහැදිලිවම දේශපාලන අරමුණකින් පවරන ලද්දක් හෙයින් එහි ප්‍රතිපලයද පක්ෂපාතිය. රාජපක්ෂ සහෝදරවරුන් 4 දෙනාගෙන් 2 දෙනකුම එක්සත් ජනපද පුරවැසියන් වන අතර ඔවුන් රටේ ආර්ථික අර්බුදයට සැළකිය ප්‍රමාණයකින් වගකිව යුතු බව සත්‍යයකි. නමුත් ඔවුහු දූෂණයේ අර්ධයක් පමණක් වෙති අනෙක් අර්බුදය එක්සත් ජාතික පක්ෂයයි. මෙම නඩුව පක්ෂපාති එකක්වන්නේ එක් අර්ධයක් සම්පූර්ණයෙන්ම ආර්ථික අර්බුදය පිළිබඳ වගඋත්තරකාරිත්වයෙන් නිදහස් කර ඇති බැවිනි.

Screenshot 2023 11 27 at 13.11.02

කෙසේ වුවද ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය අපරාධය වූ 2015 මහබැංකු බැඳුම්කර මගඩිය ගැන කිසිදු සඳහනක් නොවීය. එය සිදුවූයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, කබීර් හසීම්, අර්ජුන මහේන්ද්‍රන් යනාදින් යටතේ වූ අතර විදේශීය විගණන වාර්තාව යටපත් කරමින් එයට සහායවූයේ තවත් ආර්ථික ඝාතකයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ය. ආචාර්ය හර්ෂද සිල්වා බැඳුම්කර මගඩිය පිළිබඳ වාර්තාවක පාද සටහන් ලියමින් එය සාධාරණීකරණය කළේය. මේ සියල්ලන්ද ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවන් වූ නමුත් ඔවුන් ගැන කිසිදු සඳහනක් නොවිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකඅර්බුදයේ මූල හේතුව ලෙස සැලකිය හැක්කේ ගෝලීය දකුණේ රටවල් බොහොමයක් ආර්ථික විනාශය කරා යොමු කිරීමට හේතුවී ඇති නවයටත්විජිතවාදි යුරෝ බැඳුම්කර ව්‍යාපාරයේ නෛසර්ගික ලක්ෂණයක් වන්නාවූත් එය මෙහෙයවන්නා වූත් දේශීය සහ ගෝලීය දූෂණ සහ මූල්‍ය අපරාධ ජාලය වන අතර එය විසින් දූෂිත ණය උගුල් අටවමින් ණය ගොඩගසමින් රටවල් බංකොලොත් බවට පත්කරමින් ඒවායේ සම්පත් කොල්ලකනු ලබන ආකාරය දිගින් දිගටම මහජන විමසුම් ඇසින් සඟවා තැබීමට සංවිධානාත්මක කටයුතු සිදුවෙමින් පවතී.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයක් ද...? - (ජයසිරි අලවත්ත)

දැන් යටපත් කෙරී ඇති 2015 ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැනද ඉහත නඩු තීන්දුව තුළ කිසිදු සඳහනක් නැත. ඔහුගේ මරණය සිදුවූයේ මිනීමැරුමකින් බව ප්‍රතික්ෂේප කිරීමට දැඩි වෙහෙසක් ගත් බලවේග එය සියදිවිනසා ගැනීමකින් සිදු දෙයක් බවට ව්‍යාජ ආඛ්‍යානයක් පෙරට දැමීමට දැඩි වෙහෙසක් දරන ලදි.

මේ අයුරින් යුරෝ බැඳුම්කර ණය උගුලේ හිරවුණු සියලු ගෝලීය දකුණේ රටවල ඉරණම පිළිබඳ උදාහරණයක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබේ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙත බලකෙරෙමින් සිටින්නේ එම ණය උගුල තුළ තවතවත් හිර කරමින් රටේ ආර්ථික ස්වෙරිත්වය තවදුරටත් අහිමිකිරීමත්, දරිද්‍රතාවය සහ අසමානත්වය උත්සන්න කිරීමටත් හේතුවන පරිදි නැවතත් කොල්ලකාරි පුද්ගලික මූල්‍ය සමාගම්වලින් ඩොලර් බිලියන ගණන් යුරෝ බැඳුම්කර ණය ගැනීමටය.

Dr Darini Rajasingham Senanayake 150x150(ධරිණි රාජසිංහම් සේනානායක)

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි. ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

(උපුටා ගැනීම - vimarshana.org)

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ Greenwashing Bond Scams & Financializing Mother Nature: Climate Science Fiction Versus Local Realities සහ ලංකාවෙබ් වෙබ් අඩවියේ පළවූ Climate Justice needed: Not Financializing Mother Nature and Greenwashing Odious Debt-PART 2 ලිපි දෙකේ පරිවර්තනයකි.

මූලාශ්‍ර

[i] President unveils ambitious green vision for Sri Lanka paving the way for a sustainable future 

[ii] Statement by academics on dealing with Sri Lankan debt, January 2023 

[iii]Sri Lanka Supreme Court rules government officials breached public trust in management of the economy

සටහන්

අවදානම් වාරිකයක් (risk premium) යනු කුමක්ද?

අවදානම් වාරිකයක් යනු ණය වශයෙන් කෙරෙන ආයෝජනයකදී ණය දෙනු ලබන්නාට දැරීමට සිදුවන අවදානම වෙනුවෙන් ණය ගනු ලබන්නා විසින් ගෙවන අමතර වාරිකය හෝ වාරික වේ. වත්කමක අවදානම් වාරිකය ආයෝජකයින් සඳහා වන්දි ගෙවීමේ ආකාරයකි. එය අවදානම් රහිත වත්කමකට වඩා දී ඇති ආයෝජනයක අමතර අවදානම ඉවසා සිටීම සඳහා ආයෝජකයින්ට ගෙවීමක් නියෝජනය කරයි.නිදසුනක් වශයෙන්, විශාල ලාභ උපයන ස්ථාපිත සමාගම් විසින් නිකුත් කරන ලද උසස් තත්ත්වයේ බැඳුම්කර සාමාන්‍යයෙන් කුඩා පෙරනිමි අවදානමක් ඇත . එබැවින්, අවිනිශ්චිත ලාභදායිත්වය සහ පැහැර හැරීමේ වැඩි අවදානමක් ඇති අඩු-ස්ථාපිත සමාගම් විසින් නිකුත් කරන ලද බැඳුම්කරවලට වඩා මෙම බැඳුම්කර අඩු පොලී අනුපාතයක් ගෙවයි. මෙම අඩු-ස්ථාපිත සමාගම් ගෙවිය යුතු ඉහළ පොලී අනුපාතය ආයෝජකයින්ට ඔවුන්ගේ ඉහළ අවදානම් ඉවසීම සඳහා වන්දි ලබා දෙන ආකාරයක් ලෙස දැක්වේ..


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්