මහජන යහපත යන්න උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය විවාදය අතර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තුළ ගැබ් වී ඇති යථාර්ථය

කිසිවෙකුට බැහැර කළ නො හැකිය.

ජනාධිපති වරයා සිය කතාවේදී රට අසීරුවට පත් අවස්ථාවේ මහජන මුදලින් යැපෙන දේශපාලනඥයන් සිය දේශපාලනික වගකීම් මග හැර යමින්  සිටියදී මහජන යහපත වෙනුවෙන් තමා ඉදිරිපත්ව සිටින බව කීය. අතීතයට යයි නම් රනිල් රටේ ජනාධිපතිවූ වහා කිව්ආර් කේතය හරහා හිඟවූ ඉන්ධන සැපයුම විධිමත් වී ප්‍රවාහන සේවා යථාවත් විය. පාසල් විවෘත විය. කිව්ආර් කේතය ගැන අදහසක් තිබුණා නම් ගෝඨා ගෙදර යන්නේ නැත.

මහජන යහපත අර්ථයෙන් ගත් කළ නවසිය හැට ගණන්වල ඛනිජ තෙල් ව්‍යාපාර ජනසතු කිරීම නිසා රට හැර ගිය ව්‍යවසායිකයන් යොදා  සිංගප්පූරුව  ගොඩ නැගුණේ අප බලා සිටියදීය. අදටත් ඉලිප්පෙන ජාතික සම්පත් වලිප්පුව නිසා රටේ අසාර්ථක ව්‍යාපාර පවරා ගෙන ආයෝජන කිරීමට බහු ජාතික සමාගම් මතු නොව දේශීය ව්‍යවසායිකයන්ද දක්වන්නේ මැලිකමකි. ආර්ථීකයට හානි කර එකී ඊනියා ජනසතු ප්‍රතිපත්තිය අඩ සිය වසකටත් වැඩි කාලයක් රටේ මහජන යහපතට ආර්ථික පැවැත්මට හානි කර වූ ආකාරය අපට කිසිවෙකු පන්ති පැවැත්විය යුතු නැත. බිඳ වැටුණ රටේ ආර්ථීකය ගොඩ ගැනීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව කරන දේශපාලනික උසි ගැන්වීම් රටේ මහජන යහපත පිණිස වේද යන්න විවෘතව සාකච්ඡා කළ  යුතුව ඇත.

පසුගියදා නුවරඑළියේ පැවති නිල සාකච්ඡාවක් අතර, ජනාධිපති වික්‍රමසිංහ, නුවරඑළිය තැපැල් කාර්යාල පැරණි ගොඩනැගිල්ල නිදහස් කර නො දීම ගැන තැපැල්පති වරයා ගැන සඳහන් කළේ යම් තරමක තර්ජනාත්මක ස්වරූපය,කලකට ඉහත අගමැති ආර්. ප්‍රේමදාස, රජයේ නිලධාරින් ඇමතූ රටාව සිහිපත් කර වන්නකි. ඒ ක්‍රමය මහජන යහපත පිණිස රාජ්‍ය සේවය මෙහෙයවීමක් ලෙස අප තේරුම් ගත යුතුව තිබේ.



එහෙත් ජනාධිපති වික්‍රමසිංහ, නුවරඑළිය තැපැල් කාර්යාල සිද්ධියේදී තැපැල්පතිට කළ අනතුරු ඇඟවීම සමග ආදායම් බදු ක්‍රියාවලියේදී අසාර්ථකව සිටින දේශීය ආදායම් බදු කොමසාරිස්ට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ තැබීම එක එල්ලේම මහජන යහපත වෙනුවෙන් සිදු කරන නො තකා හැරීමක් නේදයි විපක්ෂය ප්‍රශ්න කරන්නේ නැත. හේතුව බදු ආදායම වැඩි වී ආර්ථිකය ශක්තිමත්වීම විපක්ෂය අපේක්ෂා නො කරන නිසාද? හෝ වෘත්තීය සමිති අමනාප වන නිසාද?

අඩ සියවසකට ආසන්න කාලයක් ලංකාවේ සක්‍රිය දේශපාලනයට බද්ධව රනිල් වික්‍රමසිංහ රටේ යහපතට බොහෝ දේ කළ බව පිළි ගන්නා අතර, රටේ ප්‍රමුඛ දේශපාලන ධාරාව වූ එක්සත් ජාතික පක්ෂය දිය කර හැරීමද කිසිවෙකු අමතක කළ යුතු නැත. ඔහු රටට කළ යහපත, වෙනත් දේශපාලනඳයන් මෙන් බෝඩ් එල්ලා සංවත්සර පවත්වා තම දේශපාලනය ජනතාව අතරට ගෙන ගියේ නැත. ඒ නිසා 2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කුණු කූඩයට විසි කර, විකල්ප දේශපාලනඥයන් ලෙස රටේ ජනතාව තෝරා ගත් ගෝඨාභයත් සජිත් ප්‍රේමදාසත් රටෙන් ප්‍රතික්ෂේප වී හමාරය.

රනිල්ගේ දේශපාලනය රටේ සාමාන්‍ය මිනිසාට තේරුම් නො යන්නේ ඔවුන් තුළ පවත්නා නො දන්නාකම නිසා නොවේ. ප්‍රජාතන්ත්‍රවාදි රටක පක්ෂ නායකයෙකු ලෙස මහජනතාවට තබා සිය පාක්ෂිකයන්ට හෝ ඇහුන්කම් නොදීමේ උද්ධච්ඡකම නිසා ය. 2019 හැට නව ලක්ෂයක් රටේ මිනිස්සු එළඹී මැතිවරණය හරහා රටට මෙවන් විනාසයක් ළඟා කර ගත්තේ රනිල් තුළ පැවති පන්ති මානසිකත්වය හා උද්දච්ඡකම නිසාය. ඒ හරහා රනිල් වික්‍රමසිංහත් සිය අසාර්ථකත්වය තුළ රටේ මහජන යහපතට කළ විනාසයත් සු`ථපටු නොවේ.

ආරේ ගුණ නෑරේ යන්න ලංකාවේ උපන් රනිල් වික්‍රමසිංහටද බෙහෙවින්ම ගැලපෙන ආප්තෝපදේශයකි. කම්මලේ බල්ලාට කෙලවෙන තෙක් ඒකා හෙණ අකුණු හඬ ගණන් ගන්නේ නැත. ඌ හිතන්නේ කම්මල් කාරයා යකඩ තලනවා කියාය. රට වෙනුවෙන් ජනතාව රනිල්ට ලබා දුන් අවස්ථා රාශියක් ඔහු යළි යළි නැති කර ගැනීම විග්‍රහ කළ හැක්කේ අර කම්මල් න්‍යාය අනුවය. මෙහිදී බල්ලා කවුද හෙනකඳ බිසෝ බණ්ඩාර කවුද යන්න වැදගත් නැත.  

උතුර ගැන කතාකරන සර්ව පාක්ෂික සමුළුව අද : සජිත් එයි - අනුර නොඑයි !
කෙසේ වෙතත් ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ රට වැටුණ තැනින් ගොඩ ගැනීමට තෝරා ගැනිණ. එය රටේ මහජන යහපත වෙනුවෙන්  සක්‍රිය වූ ආකාශ්මික බල වේගයක් මිස පොහොට්ටු එහෙයියන්ගේ තේරීම නොවේ. නො වෙස්ට් මිනිස්ටර් ක්‍රමය අනුව සජිත් හෝ අනුර කුමාර පාලකයා වුවද, රාජපක්ෂලාට ඔවුන්ට සහාය දිය යුතුව තිබිණ. රනිල් රටේ පාලකයා වී එක් වසරක් ගෙවුණ තැන අද රටේ මිනිසුන් කති බොති. වැඩ කරති. දරුවන් පාසල් යවති. විභාග පැවැත්වෙති. ඒ පරිසරය තුළ රනිල්ට එරෙහිව සජිත්ලා අනුරලා නිකුත් කරන විවේචන අඩෝ රනිල් පන්නයේ බජාර් අවලාද මිස  ඔහුගේ තාන්ත්‍රික ආර්ථික උපාය මාර්ග ගැන නම් නොවේ.

රනිල්ගේ ස්වභාවය කුමක් වුවත් එක් වසරක් තුළ රට තුළ සිදු කළ සාධනීය වෙනස ගැන නිර්දේශපාලනිකව සිතන,  පුරවැසියන් බොහෝ ය. රට තුළ හුදෙකලාව පවත්නා මේ නව ආකල්පය රටේ පොදු මතය බවට පත් වේ නම් එය රටේ පැවැත්මට හේතු  වේ.

පසුගිය දිනෙක පුද්ගල අවංක භාවය පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනා ගත් පළාත් පාලන සහ ජාතික දේශපාලනයෙහි පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු හමු වූ අවස්ථාවේ ඔහු කතා කරන්නේම සජිත් ගැනය. මා සජිත්ගේ වර්තමාන විපක්ෂ නායක භූමිකාව, අතීතයේ ආචාර්ය ඇන්.ඇම්., ඩඩ්ලි, මැතිනිය හා ජේ.ආර්. ආදීන් උදාහරණයට ගනිමින් සංසන්ධනය කළ අවස්තාවේ ඔහු ගත් කටටම ඇසුවේ ඉතින් රනිලුත් සජිත් වගේ නේද කියාය. 

 
සජිත්, රනිල්  වගේ නම් ඔහු රටේ වගකීම භාර නො ගෙන මේ කරන විකාරය කුමක්දැයි විමසා සිටි අවස්ථාවේ මා කවදත් අගය කරන ඒ විශිෂ්ටයා වචනයක් කතා කළේ නැත. ඔහු සජිත් වෙනුවෙන් පෙනී සිටින්නේ රනිල් කෙරෙහි පවත්නා අකමැත්ත නිසා නොවේදැයි විමසූ විට, ඔහු සිනාසුණා පමණකි. ඔහු කල්පනා කරන්නේ ජන මතය සජිත්ට නිසා ඔහු යමක් කරනු ඇත කියාය. හැට නව ලක්ෂයක් ගෝඨා තේරුවේත් ඔබයි අපේ මිනිසා කියා හිතා ගෙන බව ඔහුට කල්පනා නො වන්නේ දේශපාලන මනසකින් රට දකින නිසාය. අප මේ සිටින්නේ කවුද නොව කුමක් පලදායි වේ දැයි තීරණය කළ යුතු මොහොතකය.  

අනුර කුමාර දිසානායක විශ්වාස කළ අනුරාධපුර මිතුරෙකු දුර කතනයෙන් මා සමග සම්බන්ධ විය. ඔහු අනුර වට කොට නැගෙන මහා ජන රැල්ල ගැන සිටියේ අප්‍රමාණ ප්‍රාබෝධයකිනි. 
 
බොරුකාරයින්ගෙන් රට බේරා ගැනීමට නම්....- (කුසල් පෙරේරා)
වැඩි පඩි ඉල්ලා අරගල කිරීමට වෘත්තීය සමිති පොළොඹවන, බදු ගෙවන්න එපා යයි ව්‍යාපාරිකයන්ට බණ කියන අනුර වැටුප් ගෙවා ගැනීමටත් නො හැකිව සිටින  රටේ භාණ්ඩාගාරය භාර ගෙන රට ගොඩ දාන්නේ කෙසේද මම එක එල්ලේ අසා සිටියෙමි.

“එයා තුවක්කුව පෙන්නලා හරි පැය දහයක් පහළොවක් බලෙන් වැඩ අරන් රට ගොඩ දානවා ෂුවර්..... 1971 පන්ති පහට සහභාගි වූ ළදරු මානසිකත්වයෙන් පසුවන මේ චරිතයට තාර්කික ආර්ථීක හා  දේශපාලනික උදාහරණ දී පලක් නැත.

“දැන් මාලිමාවට තියෙන ශක්තිය වැඩ කරන ජනතාව නේද? ඉරිදාට පැය අසූවක අතිකාල ඉල්ලා කළ සේවක සටන් පසුපස සිටි අනුරලා වැඩ කරන පන්තියට තුවක්කුව ඉස්සුවොත් මාලිමාව රකින්නේ කවුද? ඉන් එපිටට අනුරාධපුර මගේ හිතවතා දේශපාලනය ගැන කතා කළේ නැත. රටට අවශ්‍ය ඩොලර් රාජ්‍ය සේවයට තුවක්කු දික්කර ලබා ගත නො හැකි මේ මාලිමා හිතවාදියා දන්නේ නැත. 

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන දීප ව්‍යෘප්ත වර්ජනය අතර මා මිත්‍ර නීතිඥයෙකු පොදු දේපල විකිණීම ගැන කතා කළේ වෛරයෙනි. අපූරුව වන්නේ ඔහු මාලිමාවට සහාය දැක්වීමට පෙර පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටියෙකි. 

“මං වෙන ප්‍රශ්නයක් අහන්නද? හා අහපන් කියන්නා සේ ඔහු මහත් අභියෝගි ඉරියව්වකින් මා දෙස බැලීය.

“වර්ග අඩි හාර සියක් අවශ්‍ය ව්‍යාපාරයක් සඳහා වර්ග අඩි පන් දාහක භූමියක් යොදා ගැනීම ගැන මොකද හිතන්නේ..... වැරදියි ඔහු මහත් අභිමානයෙන් වහා උත්තර දුන්නේය.  
 
“නුවරඑළියේ තැපැල් කන්තෝරු ප්‍රශ්නයත් ඒ ව්‍යවසායික දැක්මෙන් බලන්න.... ඒ ගොඩනැගිල්ල රටේ පුරා විද්‍යා නීතියෙන් සුරක්ෂිතයි. සමහරු ජාතික දේපල යනුවෙන් දෙන වටිනාකමට හැඟීමක් මිස මිලක් නෑ. එහෙත් ඒ ගොඩනැගිල්ලට බැඳුණ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකමට සංචාරක ආකර්ශණයක් තියෙනවා. ඇන්ටික් පිළිම විකිණුවාට කවුරුත් විරුද්ධ නෑ. මේ කරන්නෙ රටේ සම්පත්, වැඩි පලදායිත්වක් සඳහා යොදවා රටට විදේශීය විනිමය ඉපයීමක්.
 
මගේ මිතුරා වහා මාතෘකාව වෙනස් කළ නිසා ඔහුව මුදා හැරියද මැදට පැන්න තෙවැන්නෙක් මෙසේ කීය. 

“ඒ වුණාට රනිලයා හදන්නේ මේක කාට හරි විකුණන්න. ඒ උත්තරයට ලැබෙන වටිනාකම කුමක්ද? එය තමන්ට වැඩි වැටුප් ලබා දුන්නේ ජෝෂප් ස්ටාර්ලින් යයි කල්පනා කරන ලංකාවේ ගුරු සේවයේ බහුතරයක ඇදහීමට පමණක් සමාන වේ. ලංකාවේ මිනිස්සු හිතන්නේ එහෙමය. 

රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව පරට බසින වෘත්තීය සමිති ඔවුන් වැඩ කරන ආයතනවල ලාභයත් ඉක්මවා යන ප්‍රතිලාභ මාසිකව ලබති. එය ගෙවීමට ආයතනයේ ලාභය ප්‍රමාණවත් නොවන විට, අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අපේක්ෂා කරති. හේතුව තමන් ගත් ණය ගෙවන්නේ අතුරු දීමනා වලින් නිසාලු. රටේ හැම පුරවැසියාම මෙච්චර ණය කාරයන් වී සිටිතී යයි කියන අනුර කුමාරලා මේ කරන විගඩම බලයට ඇති කෑදරකමට වඩා වැඩි යමක් නොවේ. මට මෙහිදී මාලිමාවට බැහැලා වැඩ කරන වරායේ සේවය කරන වෘත්තික මිතුරෙකු සිහිපත් වේ. වරායේ කවුරුන් ඉරිදා දිනයක අතිකාල වැඩ කළත් පැය අසූවක් දීමනාවක් ලැබීම ගැන විමසූ විට ඔහු කීවේ කුමක්ද?

“ඒක අපි දිනා ගත්ත අයිතියක්.......  මේ ප්‍රතිචාරයට දිය හැකි එකම උත්තරය  අම්මට සිරි කියා පමණකි. අම්මට සිරි කියන්නේත් පට්ට කුණු්හරුපයක් බව සමහරු දන්නේ නැත. 

වඩා පව් සිද්ධ වෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයේ හෝටලයක් දැමීමද,  අවුකන පිළිම වහන්සේට වස්ත්‍රයක් ඇන්ද වීමද? මිහින්තලා පන්සලේ ලක්ෂ හතළිස් ගණනක විදුලි බිල ගෙවා දැමූ සජිත් අවුකන සිද්ධිය ගැන කියන්නේ කුමක්ද? 
 
රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් දොට්ට
අලුත්ම වීරයා රොෂාන් රණසිංහ වේ. ඔහුගේ කේන්දරේ රාජ යෝගයට පින් සිද්ධ වෙන්න කැබිනට් ඇමතිකම අහිමි විය. කැබිනට් ඇමතියෙකුව සිටිමින් විපක්ෂ නායක කාර්යාලයට ගොස් තානාපති සේවා සමග සාකච්ඡා කිරීම සිංග්පපුරුවේ ලී ක්වාන් යූගේ පාලනය යටතේ සිද්ධ වුණා නම් ඔහුට සිද්ධ වෙන දේ සිතා ගත හැකිය. 
 
සියල්ලට පළමුව මහජන යහපත වෙනුවෙන් කැප වේ නම් කණ්ඩායමක් ලෙස කල්පනා කළ යුතුවේ. ඔහු කියන පරිදි හොරකමක් වංචාවක් ගැන ලැබුණ ඔත්තුවක් විමසීමට යා යුත්තේ හොරාට දන්වලාය. මෙපමණ කාලයක් රටේ නීතිය රොෂාන් පස්සෙන් ගියේ කලින් කියලා විය හැකිය. රනිල් වික්‍රමසිංහටත් රටේ බහුතර ජනතාවටත් ඉතිරිව ඇත්තේ දිනා ගන්ට යමක් මිස රොෂාන් රණසිංහලාට මෙන් රාජ යෝග පසුපස හඹා යන්ට නොවේ. රොෂාන් කැබිනට් සාමුහික වගකීම රැක්කා නම් අර මහවැලි ඉඩම් ලැයිස්තුව ප්‍රශ්න කිරිමකින් තොරව අනුමත වෙනවාමය. දැන් ඇත්තේ රොෂාන් වෙනුවෙන් පෙනී සිටි රනිල්ගේ අයවැය පරාද කරන කණ්ඩායම එළියට බැසීම පමණකි. 

දැන් සැපදැයි අසන ලංකාවේ කාලකන්ණී දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්