ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මස 04 වෙනිදා ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා දැනට වසර 75ක් ගතවී අවසන් ය.

නමුත් මෙම නිදහස වෙනුවෙන් මෙරට දියත් වූ අරගල සහ නිදහස් ව්‍යාපාරය තුළ ඔවුන්ගේ ජීවිත පූජා කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයින් අපමණ ය.

 

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් ඔවුන්ට එරෙහිව නැගී ඒම වැළැක්වීමට එදා ඉංග්‍රීසි යටත්විජිතවාදීන් විවිධ උපක්‍රම භාවිත කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

 

එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වසර 108කට පසු විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත්දා කළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

 

වසර 108කට පසු විමර්ශනය කරන්නේ කා සම්බන්ධයෙන් ද?

ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහල සහ රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බව පවසමින් මරණ දඬුවමට ලක් කරන ලද ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ත්‍රිපුද්ගල මඩුල්ලක් පත්කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න පත්කොට ඇත.

 

1915 ජුලි මස 07 වැනිදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් යුද අධිකරණයක් හමුවට පමුණුවා කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කර තිබිණි.

 

ඝාතනය කෙරුණු හෙන්රි පේද්‍රිස්ගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවකු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර ඇත.

 

එම ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කරගනිමින් ඔහුට යුක්තිය ඉටුකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත්කර ඇති බව කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

හැමෝම කතාවෙන හෙන්රි පේද්‍රිස් කියන්නේ කවුද?

Henry Pedris dad Mom

ඩී.ඩී.පේද්‍රිස් (පියා) සහ එම්. පේද්‍රිස් (මව)

1888 වසරේ අගෝස්තු 16 වන දින ගාලූ නගරයේ දංගෙදර නමින් හැඳින්වූ ප්‍රදේශයේ දී එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් උපත ලැබීය.

 

ගාල්ලේ විසූ ඩී. ඩී. පේද්‍රිස් සහ කරන්දෙණියේ ඇත්වලගොඩ විසූ කලූවාදේව මල්ලිනෝ ඔහුගේ මව්පියන් විය.

 

හෙන්රි පේද්‍රිස් පවුලේ එකම පිරිමි දරුවා වූ අතර ඔහුට සහෝදරියන් සිව්දෙනෙකු දෙනකු විය.

 

හෙන්රි පේද්‍රිස් ගේ පියා වූ ඩී. ඩී. පේද්‍රිස් මිනිරන් පතලක හිමිකරුවෙකු වූ අතර එකල ජන සමාජයේ ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකු වූ බව පැවසේ.

 

ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි පේද්‍රිස් පවුල කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, කුඩා හෙන්රි පේද්‍රිස් අධ්‍යාපනය හදාරා ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් සහ රාජකීය විදුහල්වලිනි.

අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු හෙන්රි පේද්‍රිස් තරුණයා කොළඹ නගර ආරක්ෂක හමුදාවේ සේවයට එක්වී තිබිණි.

ඉතා කෙටි කාලයකින් ඔහු කපිතාන් නිලයට උසස්වීම් ලැබ එම ඒකකයේ අණදෙන නිලධාරීවරයා ලෙස උසස්වීම් ලද බව සඳහන් ය.

පේද්‍රිස්ට එල්ලවූ චෝදනාව සහ දඬුවම

Henry Pedris

කපිතාන්වරයෙක් ලෙස හෙන්රි පේද්‍රිස් කොළඹ නගර ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී 1915 වසරේ මැයි මාසයේ දී මෙරට සිංහල සහ මුස්ලිම් ජාතින් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් ගැටුමක් බවට පත්විය.

එම ගැටුම පාලනය කිරීමට එකල මෙරට තුළ රාජ්‍ය පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයින් කටයුතු නොකළ බව පේරාදෙණිය සරසවියේ ඉතිහාස අංශයේ අංශාධිපති රෝහිත් දසනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේ රටේ කවදාවත් මුස්ලිම් ජනතාව අරගල කළේ නැහැ සිංහල ජනතාව එක්ක. නමුත් ඉංග්‍රීසි පාලකයින්ට අවශ්‍ය වුනා මේ රට තුළ ඔවුන්ගේ පාලනය පවත්වාගෙන යන්න. ඒ නිසා ඔවුන් මේ තත්ත්වය නිර්මාණය කළා කියලයි ඉතිහාසය ගැන අධ්‍යයනය කරපු කෙනෙක් හැටියට මට කියන්න පුළුවන් වෙන්නේ," මහාචාර්යවරයා පවසා සිටියේ ය.

JSJBN90D8a6klyiF 02ඇතිවූ සිංහල සහ මුස්ලිම් ගැටුම සමථයකට පත් කිරීමට කපිතාන් හෙන්රි පේද්‍රිස් කටයුතු කිරීම එවක සිටි ඉංග්‍රිසි පාලකයින් දැඩි කණස්සල්ලට හේතුවූ කරුණක් වූ බව සඳහන් වෙයි.

කෙසේවුව ද ඉංග්‍රීසි පාලකයින් විසින් කපිතාන් හෙන්රි පේද්‍රිස්ට එරෙහිව චෝදනා ගොනු කළේ ඔහු ඔහුගේ හමුදා ඒකකයේ සෙබළුන් සමග එක්වී මුස්ලිම් වැසියන්ට පීඩා කළ බව පවසමිනි.

ඒ අනුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් අත්අඩංගුවට ගෙන ඔහුව සිරභාරයට පත්කොට නඩු විභාගයක් සිදුකොට ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කරනු ලැබුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙක් බවට නම් කරමිනි.

"බ්‍රිතාන්‍යය රජය හොඳින් දැන සිටියා පේද්‍රිස් තරුණයා වැරදිකරුවෙක් නෙමෙයි කියලා. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයත් ඒක දැනන් සිටියා."

"ඇත්තටම හෙන්රි පේද්‍රිස් තරුණයාගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා ඉංග්‍රීසි පාලකයින් කොහෙත්ම කැමති වුණේ නෑ රට තුළ සිංහල ව්‍යාපාරික ප්‍රජාවක් නැගී සිටීම ගැන. ඒ වගේම පේද්‍රිස් තරුණයට එල්ලවෙලා තිබුණේ බරපතල චෝදනාවක් නෙමෙයි. ඒත් ඉංග්‍රීසින් කල්පනා කළා හෙන්රි පේද්‍රිස් කියන තරුණයා අනාගතයේ දී බ්‍රිතාන්‍යය කිරීටයට අභියෝගයක් ගෙන එයි කියලා. ඒ නිසා ඔවුන් ඉක්මන් වුණා ඒ අවදානම නැති කරන්න," මහාචාර්ය රෝහිත් දිසානායක කියා සිටියේ ය.

'මේක ඉංග්‍රීසි පාලනයේ සැලස්මක්'

aQoWWZRkHt26gsgS 01

සිය පාලන සමයේ දී ඊට එරෙහිව ශ්‍රී ලාංකික තරුණයින්ගේ නැගී සිටීම මර්දනය කිරීමට යටත්විජිත සමයේ දී බ්‍රිතාන්‍ය පාලකයින් මෙරට තරුණයින් ඝාතනය කිරීමට ඉතා සූක්ෂම ලෙස කටයුතු කළ බව මහාචාර්ය රෝහිත් දිසානායක මෙහිදී අදහස් දක්වා සිටියේ ය.

 

"බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී සිටීම මුලිනුපුටා දමන්න ඔවුන් මේ වගේ දේවල් ක්‍රියාත්මක කළා."

Utuwankande Sura Saradiel"බ්‍රිතාන්‍යයින් කැප්පටිපොළ නිළමේවරයාට මේ දේම කළා. ඕක අඛණ්ඩව ක්‍රියාත්මක කළා. මේකේ තවත් නිර්මාණයක් තමයි උතුවන්කන්දේ සරදියෙල් කියන්නේ. සරදියෙල් වංශවත් පවුලක තරුණයෙක්. ඔහුව එතැනට පත්වෙන්න කටයුතු නිර්මාණය කළේ බ්‍රිතාන්‍යය පාලකයින්."

"ඒ වගේමයි මේ අපි කතා කරන පේද්‍රිස් තරුණයා. ඔහුත් එක්කම තවත් සිංහල ජාතික තරුණයෙක් වුණු මිරැන්ඩෝව ඝාතනය කළා. මේ ඔක්කොම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සැලසුම්. තමන්ට විරුද්ධව නැගී එන සිංහල වංශවත් පවුල්වල තරුණයින් ඉලක්ක කළා," මහාචාර්යවරයා කියා සිටියේ ය.

 

පේද්‍රිස් තරුණයාගේ මරණ දඬුවම ක්‍රියාත්මකවූ අයුරු


බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසීම සහ දේශද්‍රෝහි කටයුතුවල නියැලීමේ චෝදනාවට වැරදිකරුයැ යි පැවති නඩු විභාගයෙන් නියම කිරීමෙන් පසු කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් තරුණයා 1915 වසරේ ජුලී මස 07 වෙනිදා වෙඩි තබා මරණයට පත් කළේ වැලිකඩ බන්ධනාගාරයේ දී ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉතිහාස අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය රෝහිත් දිසානායක පැවසුවේ පේද්‍රිස් තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට පෙර සැලසුම් කළ දිනයට කලින් එය ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි පාලකයින් කටයුතු කළ බව යි.

ඔහුව වෙඩි තබා ඝාතනය කළ පසු පේද්‍රිස් තරුණයාගේ රුධිරය ගලා ගිය ඔහු අසුන්ගෙන සිටි පුටුව වැලිකඩ බන්ධනාගාරයේ සිරගතකොට සිටි එකල අමද්‍යප ව්‍යාපාරය සංවිධානය කළ එෆ්. ආර්. සේනානායක මෙන්ම පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා, රිචර්ඩ් සල්ගාදු වැනි නිදහස් සටනට උරදුන් පුද්ගලයින්ට පෙන්වූ බවට ඉතිහාසයේ සඳහන් වන බව ද ඔහු පවසා සිටියේ ය.

"මරණ දඬුවම දෙන්න නියම වෙලා තිබුණේ 1915 ජුලි 08 වෙනිදා. නමුත් එදාට කැරැල්ලක් ඇතිවෙයි කියලා බයට පේද්‍රිස් තරුණයාට මරණ දඬුවම පැමිණවීම ජුලි 07 වෙනිදා සිදුකළා."

 

"පේද්‍රිස් තරුණයා තමන්ට මරණ දඬුවම පමුණුවන්න කලින් සිය අවසන් කැමැත්තේ දී ඉල්ලන ඉල්ලීම් ටික බලන්න."

 

"ඔහු අවසන් වරට දෙමවුපියන් දැකීමට අවසර ඉල්ලනවා. මහා සංඝයාට අට පිරිකර පූජා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න කියා ඉල්ලනවා. තමන්ව බ්‍රිතාන්‍යය සොල්දාදුවන් අතින් නොව එවකට මෙරට සේවයේ යොදවා සිටි පන්ජාබ් සොල්දාදුවන් ලවා වෙඩි තැබීමට නියම කරන්න කියා ඉල්ලනවා. ඒ වගේම තමන් සමග සේවය කළ හමුදාවේ හිතවතුන්ට තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට අවසර ඉල්ලා සිටීම වගේම තමාගේ මළ සිරුර පවුලේ සොහොන් බිමේ භූමදානය කිරීමට අවසර ඉල්ලනවා."

"ඉංග්‍රීසි පාලකයින් බොහෝම කපටි. ඔවුන් කිසිම පැකලීමකින් තොරව පේද්‍රිස් තරුණයාගේ අවසාන ඉල්ලීම් ඉෂ්ට කරන්න කැමති වෙනවා. මේ වගේ ඉල්ලීම්වලින්ම පේනවා ඒ සමයේ දී හෙන්රි පේද්‍රිස් වගේ වංශවත් සිංහල තරුණයින්ගේ හිත්වල තිබුණේ මොනවගේ පදනමක් ද කියලා. මොකද වීර පුරන් අප්පු, ඇල්ලේපොළ නිළමේ, කැප්පටිපොළ නිළමේ වගේම සූර සරදියෙල්ව ඝාතනය කරද්දී ඉංග්‍රීසි පාලකයින් මේ වගේ ඔවුන්ගේ අන්තිම කැමැත්ත ඉටුකරන්න ඉහළින්ම කැමති වෙලා තියෙනවා."

"නමුත් ඉංග්‍රිසී පාලකයින් පෙද්‍රිස් තරුණයාගේ ඉල්ලීම් ඔක්කොම ඉටු කරන්නම් කියලා පොරොන්දු වුණාට අර අන්තිම පොරොන්දු ඉටු කළේ නැහැ. "

 

"ඔවුන් අර මුලින්ම තිබුණු පොරොන්දු 04 ඉටු කරලාත් අවසන් ඉල්ලීම ඉෂ්ට කලේ නැහැ. පේද්‍රිස් තරුණයාගේ දේහය ඔවුන් පවුලේ අයට භාර නොදී රහසිගත තැනකදී ආදාහනය කළා කියලයි සඳහන් වෙන්නේ."යනුවෙන් මහාචාර්යවරයා පැවසුවේය.

 

"මේ කාලයේදී අසල්වැසි ඉන්දියාව තුළත් බ්‍රිතාන්‍යය පාලකයින් විසින් එරටේ වංශවත් පවුල්වල තරුණයින් ඝාතනය කළා විවිධ සැලසුම් ඔස්සේ," මහාචාර්යවරයා කියා සිටියේ ය.

 

රටට ආදරය කරන පාලකයින් අහිමිවී ගියා

z p17 hero1

එදා ඉංග්‍රීසි පාලකයින් ගෙන ගිය මෙම ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටකට සිටිය යුතු පාලකයින් අහිමිවී ගිය බව මහාචාර්ය රෝහිත් දිසානායක මෙහිදී පෙන්වා දුන්නේ ය.

 

"ඒ අහිමිවීම කොච්චරද කියනව නම් ශ්‍රී ලංකාව අද මේ තැනට පත්වෙලා තියෙන්නේ ඒ තැන නිසා. අපේ රටට ආදරය කරන නායකයින් බොහෝමයක් බ්‍රිතාන්‍ය පාලකයින් අපිට අහිමි කළා."

"1915 වසරේ දී හෙන්රි පේද්‍රිස් තරුණයාගේ වයස අවුරුදු 27 යි. ඔහුට 1965-70 දක්වා ජීවත් වුණා නම් රටේ නායකයෙක් වෙන්න ඉඩ තිබුණා. ඉංග්‍රීසි පාලකයින් පේද්‍රිස් පවුලට නෙමෙයි ඔහුව අහිමි කළේ, ශ්‍රී ලංකාවට අනාගත නායකයෙක් ඔවුන් විසින් අහිමි කළේ," ඔහු කියා සිටියේ ය.

‘වැරැද්ද නිවැරදි කරන්න අවශ්‍ය යි’

 

හෙන්රි පේද්‍රිස් තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනාව සහ ඒ වෙනුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය රෝහිත් දිසානායක මෙසේ අදහස් පලකරන ලදී:

 

"ඉංග්‍රීසි යටත්විජිත සමයේ දී තමන්ගේ වැසියන් ඝාතනය කිරීම හා රටේ ශ්‍රමය සූරාකෑමට එරෙහිව ඉන්දීය පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නගලා ඔවුන් වන්දි ඉල්ලන තැනටම ආවා."

 

"මේ පේද්‍රිස්ගේ මරණ දඬුවම වැරදි කියලා ඒ දවස්වල ඒ ගැන කරුණු හොයා බලපු නිලධාරින් කියලා තියෙනවා. ඒ නිසා අලුත් විමර්ශනයක් කරලා පේද්‍රිස් තරුණයාගේ නිවැරදිභාවය ඔප්පු කිරීම වගේම ඔහුට අලවපු දේශද්‍රෝහී කියන ලේබලය ගලවන්න ඕන."

 

"ඒ වගේම බ්‍රිතාන්‍යය මේ කළේ වැරදි දෙයක් නිසා ඔවුන් ඒ වැරැද්ද නිවැරදි කරන්නත් ඕන," මහාචාර්යවරයා කියා සිටියේ ය.


(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image