දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ලබා දුන් මෙම ඓතිහාසික තීන්දුව මඟින්, අදාළ ඝාතන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට තහවුරු වූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට නියෝග කරන ලදී.
නීතිපතිවරයා විසින් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ මෙම නඩුව මඟින් හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම මෙන්ම ඔවුන්ගේ දේපළ කොල්ලකෑම යන චෝදනා විමර්ශනයට ලක් විය. සමස්ත රටේම අවධානය දිනාගත් මෙම නඩු තීන්දුවට පාදක වූ විශේෂිත කරුණු සහ නීතිමය විග්‍රහය කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමේ පළමු පියවර ලෙස මෙම හැඳින්වීම සටහන් කරමු.

******************************
ගම්පහ මහාධිකරණයේදීය
නඩු අංකය : HC 29/2023
දිනය : 2026/02/11
තීන්දුව
මෙම නඩුවේ චූදිතයන්ට එරෙහිව අධිචෝදනා පත්‍රයෙන් පහත දැක්වෙන චෝදනා නගා ඇත.
01. වර්ෂ 2022 ක්වු මැයි මස 09 වෙනි දින හෝ ඊට ආසන්න කාල සීමාව තුලදී මෙම අධිකරණයේ සීමාව තුල පිහිටි නිට්ටඹුව හිදී යුෂ්මතුන් දැනට මියගොස් සිටින ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස, හෙන්ද විතාරණ නිපුන බුද්ධික දිල්ෂාන් සහ පැමිණිල්ල නොදත් අන් අය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට තුවාල සිදු කිරීමේ පොදු අරමුණ කොට ගත් නීති විරෝධි රැස්ස්කවීමක සාමාජිකයන් වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය.
02. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු හෝ ඉන් කිහිප දෙනෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල නැමැත්තාගේ මරණය සිදු කළ බවද, එම වරද ඉහත කී පොදු අරමුණ ඉෂ්ඨ කර ගනු වස් සිදු කළ බවද, නැතහොත් එම වරද සිදු විය හැකි බව එකී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයන් හේ ඉන් කිහිප දෙනෙකු දත් බවද, එබැවින් එම වරද සිදු කරනු ලැබු අවස්ථාවේදී යුෂ්මතුන් එකී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයන්ව සිටීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වෙනි වගන්තිය සමඟ කියවිය යුතු 296 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු මිනිමැරීමේ වරද සිදු කළ බවය.

03. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නිති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු හෝ ඉන් කිහිප දෙනෙකු විසින් පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන නැමැත්තාගේ මරණය සිදු කල බවද, එම වරද ඉහත කී පොදු අරමුණ ඉෂ්ඨ කර ගනු වස් සිදු කළ බවද, නැතහොත් එම වරද සිදු විය හැකි බව එකී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයන් හෝ ඉන් කිහිප දෙනෙකු දත් බවද, එබැවින් එම වරද සිදු කරනු ලැබු අවස්ථාවේදී යුෂ්මතුන් එකී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයන්ව සිටීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වෙනි වගන්තිය සමඟ කියවිය යුතු 296 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු මිනිමැරීමේ වරද සිදු කළ බවය.

04. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු හේ ඉන් කිහිප දෙනෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබු රජයට අයත් WP KJ 2649 දරන නිල ජීප් රථය ගිනිතබා විනාශ කිරීමෙන් රුපියල් මිලියන 14 ක අනථයක් සිදු කල බව ද, එම වරද ඉහත කී පොදු අරමුණ ඉෂ්ඨ කර ගනු වස් සිදු කළ බවද, නැතහොත් එම වරද සිදු විය හැකි බව එකී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයන් හෝ ඉන් කිහිප දෙනෙකු දත් බවද, එබැවින් එම වරද සිදු කරනු ලැබු අවස්ථාවේදී යුෂ්මතුන් එකී නිති විරෝධි රැස්වීමේ සාමාජිකයන්ව සිටීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වෙනි වගන්තිය සහ එකී සංග්‍රහයේ 408 වන වගන්තිය සමඟ කියවිය යුතු 1988 අංක 76 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ පනතේ 02 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවය.
05. ඉහත කී වේලාවේ දී ස්ථානයේදි හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති චිරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු 34 වන වුදිත වන යුෂ්මතා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ රජයට අයත් WP KJ 2649 දරන නිල ජිප් රථයේ රු.150,000/- ක් වටිනා අමතර රෝදය සවිකරන පිටුපස දොර සොරකම් කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 366 වන වගන්තිය සමඟ කියවිය යුතු 1988 අංක 76 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ (සංශෝධන) පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ පනතේ 03 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවය.
06. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු 03 වන චුදිත වන යුෂ්මතා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබු රජයට අයත් WP KJ 2649 දරන නිල ජිප් රථයේ රු.75,000/- ක් වටිනා අමතර රෝදය සොරකම් කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 366 වන වගන්තිය සමඟ කියවිය යුතු 1988 අංක 76 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ (සංශෝධන) පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ පනතේ 03 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවය.
07. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු 05 වන චුදිත වන යුෂ්මතා පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇමති ආරක්ෂක කොට්ඨාශය මගින් නිකුත් කර තිබු රු.15,434/- ක් වටිනා 6009952 දරන NP 22 වර්ගයේ පිස්තෝලය සහ මැගසීනය ඔහුගේ සන්තකයෙන් කොල්ලකෑමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 379 වන වගන්තිය සමඟ කියවිය යුතු 1988 අංක 76 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ (සංශෝධන) පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිලිබඳ පනතේ 04 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවය.
08. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු ඉහත නම සඳහන් 37 වන වුදිත වන යුෂ්මතා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාලට අයත් දේපළක් වන රු.180,000/-ක් වටිනා රතු ගල් ඔබ්බවන ලද රන් මුදුවක් ඔහුගේ සන්තකයෙන් කොල්ලකෑමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 380 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවයි.
09. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු ඉහත නම සඳහන් 36 වන වුදිත වන යුෂ්මතා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාලට අයත් දේපළක් වන රු.529,000/-ක් වටිනා රන් මුදු දෙකක් ඔහුගේ සන්තකයෙන් කොල්ලකෑමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 380 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවයි.
10. (මුල් 10 වන චෝදනාව)
ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වූ ඉහත නම සඳහන් 17 වන චුදිත වන යුෂ්මතා හල්පිටිගම ඉහළගමගේ සමන් කුමාර යන අයගේ බිරිඳට අයත් ලංකා බැංකුවේ ගිණුම් අංක 3817140 දරණ ගිණුමට අදාල අංක 5391572000064117 දරන ATM කාඩ්පත සොරකම් කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 367 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවයි.
(2024.10.24 දිනැති සංශෝධිත 10 වන චෝදනාව)
ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නීති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු ඉහත නම සඳහන් 17 වන චුදිත වන යුෂ්මතා හල්පිටිගම ඉහළගමගේ සමන් කුමාර යන අයගේ සන්තකයේ තිබු මුදල් පසුම්බියේ තුල තිබු ඔහුගේ බිරිඳට අයත් ලංකා බැංකුවේ ගිණුම් අංක 3817140 දරණ ගිණුමට අදාල අංක 5391572000064117 දරන ATM කාඩ්පත එකී ඉහල ගමගේ සමන් කුමාර යන අයට අයුතු ලෙස අවහිරයක් සිදුකර ක්ෂණික තුවාල ඇති කිරීමේ බියක් පමුණුවමින් බලෙන් ලබා ගෙන කොල්ලකෑමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 379 වන වගන්තිය සමඟ කියවිය යුතු එකී සංග්‍රහයේ 380 වගන්තිය යටතේ වරදක් සිදු කළ බවයි.
11. (මුල් 11 වන චෝදනාව) ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නිති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වු 18 වන වුදිත වන යුෂ්මතා ඉහත කී 10 වන චෝදනාවේ සඳහන් වරද සිදු කිරීමට 17 වන වුදිත භට ආධාර අනුබල දුන් බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් එකී 10 වන චෝදනාවේ සඳහන් වරද එකී 17 වන චූදිත විසින් සිදුකළ හෙයින් යුෂ්මතා දණ්ඩ නීති සංග්‍රහයේ 102 සමඟ කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 367 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවයි.





