"සොල්දාදුවෝ මගේ මල්ලි අල්ලාගෙන එයාගේ අත් බැන්ද. එයාව හෙලිකොප්ටරේ ළඟට අරගෙන ගිහින්, රයිෆල් එකක් අල්ලගන්න දීල,

ෆොටෝ අරගෙන වීඩියෝ කළා. ඊට පස්සේ එයාව ගෙදරට අරගෙන ඇවිත් අපිට තුවක්කුවලිනුයි, බූට් වලිනුයි ගැහුවා. මගේ මල්ලි එල්ටීටීඊ කාරයෙක් කිවුව. ඒක ඔප්පු කරන්න මල්ලි තුවක්කු අරගෙන ඉන්න ෆොටෝ තියෙනව කීව."

පසුගියදා බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථයකින් උපුටා ගන්නා ලද ඡේදයකි, ඒ.

"එයාල කියන දේ පිළිගන්නේ නැත්නම්, දරුවෝ එක්ක අපි සේරම මරල දානවා කිවුව. ඊට පස්සේ අපේ ගෙදරට ගිනි තිබ්බ."

1985 ඔක්තෝබර් 02 වෙනි දින හෙලිකොප්ටරයකින් පිරමන්තනාරු ගමට කඩා වැදුණු සොල්දාදුවන් පිරිස අතර සුදු ජාතික ගුවන් යානා පදවන්නෙකු ද සිටි බව එම දෙමළ ජාතික තරුණයාගේ සොයුරිය 'දේවී' පවසයි. ග්‍රන්ථයේ දැක්වෙන අන්දමට සොල්දාදුවන් විසින් රැගෙන යන ලද ඇයගේ සොයුරාගේ මළ සිරුර දින කිහිපයකට පසු ඔවුන්ට හමුවී තිබේ.

''දශක ගණනාවක සිවිල් යුද සමයේ බරපතල යුද අපරාධ සිදු කළ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා නගන "Keenie Meenie: the British Mercenaries Who Got Away with War Crimes" නම් වූ එම ග්‍රන්ථය, යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා හමුදාව පුහුණු කළ බවට සහ එම යුද අපරාධවලට හවුල් වූ බවට බ්‍රිතාන්‍ය කුලී හමුදා සමාගමකට බරපතල චෝදනා එල්ල කරයි.''

දශක ගණනාවක සිවිල් යුද සමයේ බරපතල යුද අපරාධ සිදු කළ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා නගන "Keenie Meenie: the British Mercenaries Who Got Away with War Crimes" නම් වූ එම ග්‍රන්ථය, යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා හමුදාව පුහුණු කළ බවට සහ එම යුද අපරාධවලට හවුල් වූ බවට බ්‍රිතාන්‍ය කුලී හමුදා සමාගමකට බරපතල චෝදනා එල්ල කරයි.


ගවේෂණාත්මක මාධ්‍යවේදී ෆිල් මිලර් විසින් සම්පාදනය කරන ලද එම ග්‍රන්ථය මගින්, ලොව රටවල් ගණනාවක යුද අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා නගන්නේ Keenie Meenie Services නම් Milar 2020දැනට ක්‍රියාත්මක නොවන සමාගමකටය.

එබැවින් ග්‍රන්ථයේ ඇතුළත් චෝදනා සම්බන්ධයෙන් අදාළ සමාගම පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

Keenie Meenie Services සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ ඩේවිඩ් වෝකර් (David Walker) පසුව එයින් ඉවත්ව සලඩින් සිකියුරිටි (Saladin Security) නම් සමාගමක් ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) පිහිටුවීමේදී KMS සමාගම විසින් ඊට සහය මෙන්ම උපදෙස් ද දෙන ලද බව 2017 වසර වනවිට විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් වෙත ඩේවිඩ් වෝකර් විසින් යොමු කරන ලද ලිපියකින් පිළිගෙන තිබේ.

Letter keenie meenie servicesඩේවිඩ් වෝකර්, එවක විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් වෙත යොමු කළ ලිපියක්

සිවිල් යුද සමයේ යුද අපරාධ සිදු කළ බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ආරක්ෂක හමුදා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති.

පසුගිය ජනවාරි මාසයේ "Keenie Meenie: the British Mercenaries Who Got Away with War Crimes"ග්‍රන්ථය එලි දැක්වීමෙන් අනතුරුව එහි ඇතුළත් චෝදනා පිළිබඳ මූලික විමර්ශනයක් ආරම්භ කළ බව බ්‍රිතාන්‍ය පොලිසිය පසුගියදා නිවේදනය කළේය.

 

කවුද මේ කීනි මීනි සර්විසස්?

ග්‍රන්ථයේ කතුවර Phil Miller පවසන පරිදි Keenie Meenie Services හෙවත් KMS, බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ද අනුදැනුම සහ අනුග්‍රහය සහිතව 1980 දශකයේ මුල සිට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය කුලී හේවා සමාගමකි.

''ග්‍රන්ථයේ කතුවර Phil Miller පවසන පරිදි Keenie Meenie Services හෙවත් KMS, බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ද අනුදැනුම සහ අනුග්‍රහය සහිතව 1980 දශකයේ මුල සිට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය කුලී හේවා සමාගමකි.''

ශ්‍රී ලංකාව, ඕමානය, නිකරගුවා ඇතුළු රටවල් ගණනාවක සිය කුලී හේවායන් යොදවමින් යුධ අපරාධවල යෙදුන බවට ෆිල් මිලර් සිය ග්‍රන්ථයෙන් එම සමාගමට චෝදනා කරයි.

ඇතැම් අවස්ථාවල සෘජුවම ද, ඇතැම් අවස්ථාවල වක්‍රව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුව එම සමාගම සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ඔහු නඟන තවත් චෝදනාවකි.

 

අතුරුදහන් වූවෝ

 114194983 756fd486 27bd 4de2 88ad de5526638e32ඡායාරූප මූලාශ්‍රය, Amnesty international

එබැවින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව තවමත් සිය ගවේෂණයට බාධා කරන බව පවසන මාධ්‍යවේදී ෆිල් මිලර්, බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කරන ලද බැවින් බ්‍රිතාන්‍ය බලධාරීන් තමන්ගෙන් සැඟ වූ ඇතැම් ලිපි ලේඛන ද විමසා බැලීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

"ඇත්තටම මේක ලොකු වර්ධනයක්. මීට කාලෙකට කලින් සිදුවිය යුතුව තිබුණ දෙයක්. පොලිසියට දැන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මගෙන් ෆයිල් හැංගීම ගැන මම බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයට විරුද්ධව නඩු පවරනවා, නමුත් ඒක දීර්ඝ කාලයක් ගතවෙන ක්‍රියාවලියක්," යනුවෙන් ද ෆිල් මිලර් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

 

ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව:

කීනි මීනි සර්විසස් සමාගම සමඟ කටයුතු කළ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පිළිබඳ අදහස් දැක්වූ ඔහු, "සමාගමෙන් පුහුණුව ලැබූ සමහර හමුදා නිලධාරීන් පසුව ඉතා ඉහළ තනතුරු දක්වා උසස්වීම් ලැබුවා. ශ්‍රී ලංකා බලධාරීන් ළඟත් ඒ ගැන තමන්ගේ වාර්තා තියෙනවා."

8fa0b9c40e66c14100381595f719decbවිශේෂ කාර්ය බලකාය (ඡායාරූප මූලාශ්‍රය, Getty Images)

පොලිසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණය මගින් වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ දැයි මා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කතුවර ෆිල් මිලර් කියා සිටියේ, පොලිසිය නිසි විමර්ශනයක් පැවැත්වුව ද යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම වැළැක්වීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවය.

KMS සමාගම සමඟ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇඟවීමට බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය උත්සහ දරන හැඩක් දක්නට ලැබෙන බව ද ඔහු පැවසීය.

 

STF නිර්මාණය කිරීම සහ විදේශ ආධාර:

දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පෙන්වාදෙන පරිදි එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව වරින්වර විදේශීය රටවලින් ඒ සඳහා උපකාර පතා තිබේ.

Claim in the book keenie meenie servicesKMS සමාගම පිළිබඳ ග්‍රන්ථය

සිවිල් යුද්ධය සඳහා එසේ විදේශවලින් උපකාර පැතීම ආරම්භ වූයේ 1984 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ විශේෂ කාර්ය බලකාය (STF ) නිර්මාණය කළ සමයේ බව ඔහු පෙන්වා දෙයි.

''සිවිල් යුද්ධය සඳහා එසේ විදේශවලින් උපකාර පැතීම ආරම්භ වූයේ 1984 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ විශේෂ කාර්ය බලකාය (STF ) නිර්මාණය කළ සමයේ බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.''

"ඒක කළේ ඒ කාලේ පාකිස්තාන ජනාධිපති ෂියා උල් හක් ගේ අවවාදයක් උඩ. මොකද කළු ජූලිය වෙලාවේ හමුදාවේ පහළ තට්ටුව ගැන ජේ ආර් ට විශ්වාස නැති වුණා," යනුවෙන් ආචාර්ය දයාන් ජයතිලක සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ විග්‍රහයක දෙමිනි.

"ඒ නිසා පැරා මිලිටරි ෆෝස් එකක් වගේ වෙනම යුනිට් එකක් හදාගන්න කියල, පාකිස්තානයේත් ඒ වගේ කණ්ඩායම් තියෙනව කියල ෂියා උල් හක් උපදෙස් දුන්න."

කීනි මීනි සර්විසස් සමාගම විසින් විශේෂ කාර්ය බලකායේ භටයන් පුහුණු කරනු ලැබ තිබෙන්නේ ඉන් අනතුරුවය.

 

කීනි මීනි ශ්‍රී ලංකාවට පිවිසීම:

බරපතල යුද අපරාධ සහ යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා හමුදාව පුහුණු කිරීම පිළිබඳ චෝදනා ලබා සිටින කීනි මීනි සර්විසස් සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ද ජේ ආර් ජයවර්ධන පාලන සමයේ ශ්‍රී ලංකා ආණ්ඩුව එවක බ්‍රිතාන්‍ය අගමැතිවරිය වූ මාග්‍රට් තැචර් ගෙන් කළ ඉල්ලීමක් පදනම් කරගෙනය.

 114194985 gettyimages 187869699අතුරුදහන් වූ සිය ඥාතියා සොයා දෙන මෙන් ඉල්ලන දියණියක් -(ඡායාරූප මූලාශ්‍රය, Getty Images)

"ඒ කාලේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි. ඒ කියන්නේ ජේ ආර් - ලලිත් රෙජීමය කාලේ. ඒ රෙජීමය තැචර් ගෙන් ඉල්ලීමක් කළා ශ්‍රී ලංකා හමුදාවට SAS (විශේෂ බලකාය) එකේ පුහුණුව ගන්න ඉඩ දෙන්න කියල. SAS ලෝකේ පරණම විශේෂ බලකාය කියන්න පුළුවන්," ආචාර්ය දයාන් ජයතිලක විස්තර කළේය.

"ඒ ඉල්ලීමෙ වරදක් නෑ. වරද තියෙන්නේ තැචර් ගේ. එයා කීව එහෙම කරන්න බෑ දේශපාලන ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා හිටපු SAS අය හදපු එකක් තියෙනව ඒකෙ සහය දෙන්නම් කියල. ඒක තමයි වැරදි. මොකද එතන කිසිම නිල තත්ත්වයක් නෑ."

කුලී හේවායන් කිසිදු ජාත්‍යන්තර නීතියකට යටත් නොවන බව පෙන්වාදෙන දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් කරුණු දක්වමින්, "ජේ ආර් - ලලිත් රෙජීමය දෙවෙනි වැරදි කාරය. ලෝකේ නිල හමුදාවකින් පුහුණුවක් ගත්තට කමක් නෑ, නමුත් කුලී හේවායන්ගෙන් පුහුණුව ලැබීම පිළිගන්න බෑ," යනුවෙන් ද කියා සිටියේය.

''මුලින්ම ශ්‍රී ලංකා හමුදාවේ කමාන්ඩෝ භටයන් පුහුණු කළ කීනි මීනි සර්විසස් සමාගම, ඉන් අනතුරුව ගුවන් හමුදාව ද පුහුණු කළා පමණක් නොව සිවිල් වැසියන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරමින් යුද අපරාධවලට සම්බන්ධ වූ බවට ද කතුවර ෆිල් මිලර් සිය ග්‍රන්ථයේ චෝදනා කරයි.''

මුලින්ම ශ්‍රී ලංකා හමුදාවේ කමාන්ඩෝ භටයන් පුහුණු කළ කීනි මීනි සර්විසස් සමාගම, ඉන් අනතුරුව ගුවන් හමුදාව ද පුහුණු කළා පමණක් නොව සිවිල් වැසියන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරමින් යුද අපරාධවලට සම්බන්ධ වූ බවට ද කතුවර ෆිල් මිලර් සිය ග්‍රන්ථයේ චෝදනා කරයි.

 

බ්‍රිතාන්‍ය පොලිසියේ ප්‍රතිචාරය

 114194565 63abb6d3 573b 4996 86c3 90d002b5634eලන්ඩන් පොලිස්  (ඡායාරූප මූලාශ්‍රය, AFP)

විමර්ශනය ආරම්භ කළ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින්, ග්‍රන්ථයේ ඇතුළත් චෝදනා වසර 40 ක් තරම් පැරණි ඒවා බැවින් ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට තරමක කාලයක් ගතවනු ඇති බව කියා සිටියේය.

ඔහු පවසන්නේ සිය පොලිසියේ, යුද අපරාධ පිළිබඳ කණ්ඩායම විසින් සැබවින්ම මේ මොහොතේ සිදුකරමින් සිටින්නේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කළ හැකි දැයි සලකා බැලීම (assessing) පමණක් බවය.

ඔහු එය හැඳින්වූයේ විමර්ශනයට පෙරාතුව කෙරෙන මූලික හැදෑරීමක් (precursor) වශයෙනි.

එබැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හෙළි කිරීමට තරම් තවමත් විමර්ශනයක් සිදු වී නැති බවද මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේය.

 

මොසාඩ් සහ යුක්‍රේන හමුදාව:

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිවිල් යුද සමයේ යුක්‍රේන ගුවන් නියමුවන් සහ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය ද වරින්වර එයට සම්බන්ධ වූ බව ඇතැම් වාර්තාවල දැක්වේ.

''ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිවිල් යුද සමයේ යුක්‍රේන ගුවන් නියමුවන් සහ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය ද වරින්වර එයට සම්බන්ධ වූ බව ඇතැම් වාර්තාවල දැක්වේ.''

මොසාඩ් ඔත්තු සේවයේ සාමාජිකයන් හමුදාව සමග එක්ව කටයුතු කරන බවට උතුරේ වැසියන් අතර ද විශ්වාසයක් පැවති බව ෆිල් මිලර් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ, "අපි දන්නේ නෑ යුක්‍රේන ගුවන් හමුදා නියමුවන් කුලී හේවායෝ ද නැද්ද කියල. කුලී හේවායෝ කියන්නේ ආණ්ඩුවට හෝ නිල සම්බන්ධයක් නැති පිරිසක්. Mi24 හෙලිකොප්ටර් අපි ගත්තේ ඒ රටින්. ඒ නිසා අපි දන්නේ නෑ එයාල කුලී හේවායෝ ද කියල. මට එහෙම ලේබල් කරන්න බෑ," යනුවෙනි.

JR Lalith''මොසාඩ් සංවිධානයේ උදවු ගත්තේ ජේ ආර් - ලලිත් ඇතුලත්මුදලි රෙජීමය''

"මොසාඩ් සංවිධානයේ උදවු ගත්තේ ජේ ආර් - ලලිත් ඇතුලත්මුදලි රෙජීමය. ලලිත් ට විශේෂ සම්බන්ධයක් තිබුණා ඊශ්‍රායලය එක්ක. පස්සේ ප්‍රේමදාස ඇවිත් ඊශ්‍රායලයට යන්න කිවුව. ඊට පස්සේ ආයෙත් අලුත් වෙන්නේ 2008 දි විතර ගෝඨාභය රාජපක්ෂ (එවක ආරක්ෂක ලේකම්) සහ අගමැති රත්නසිරි වගේ අය ඊශ්‍රායලයට යන්න එන්න ගත්ත."

ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ අවශ්‍යතාවක් මතු වූ අවස්ථාවක ආණ්ඩුවක් තවත් ආණ්ඩුවකින් නිල වශයෙන් හමුදා සහය ඉල්ලීමේ වරදක් තමන් නොදකින බවය.

"කුලී හේවායෝ ගැන මකියවෙල්ලි පැහැදිලිව කිව කුලී හේවායෝ යොදවාගන්න එපා කියල. ඒ කියන්නේ වැඩි මුදලක් සතුරා ගෙවුවොත් උන් අනිත් පැත්තට යනව කියල."

"කුලී හේවායෝ ගැන මකියවෙල්ලි පැහැදිලිව කිව කුලී හේවායෝ යොදවාගන්න එපා කියල. ඒ කියන්නේ වැඩි මුදලක් සතුරා ගෙවුවොත් උන් අනිත් පැත්තට යනව කියල."

ග්‍රන්ථයේ දැක්වෙන අන්දමටම යුද්ධයේ ආරම්භක අවදියේ දී ශ්‍රී ලංකාව කුලී හේවායන් යොදාගනු ලැබූ නමුත් පසු කාලීනව කුලී හේවායන් යොදාගත් බවට සාක්ෂි නැතැයි ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

(සරෝජ් පතිරණ -BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්