‘රාජ යෝග’ නිසා රජකම ලැබූවන් මෙන්ම රාජ උදහසට ලක්වූවන් බොහෝ දෙනෙක් ද ශ්‍රී ලංකාවේ සිටිති.

 

නක්ෂත්‍රකරුවන්ට අනුව මහින්ද සහ ගෝඨාභය දෙබෑයන් ලංකාවේ රජ වූයේ ඔවුන්ගේ දක්ෂතාවක් නිසා නොවේ. ඔවුන්ට රාජ යෝග තිබුන බැවිනි.

එවැනි රාජ යෝග තිබුණු තවත් සමහරු රජකමට තැත් කොට රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් වූහ.

ජනපති ගෝඨා ගෙන් පසු එසේ රජකමට සැරසෙන අලුත්ම අමුත්තා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියයි.

යහපාලන සමයේ ආණ්ඩුවට අධෝ වාතයක් ගියත් වැඩ වර්ජන දියත් කළ පාදෙණිය, ජනපතිවරණයේ සහ මහ මැතිවරණයේ රාජපක්ෂ වේදිකාවට නැග මුලින්ම උත්සහ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පදවියට පත්වීමටය.

මොකක්දෝ කරුමයක් නිසා ඔහුට එය නොලැබිණ.

මුරුත්තෙට්ටුවේ හිමියනුත් ඔහුට එරෙහිව අවි අමෝරා ගත්තේය.

ඒ නිසා ලේකම් පදවියෙන් සෞඛ්‍ය ඇමති පදවියට පැනීමේ කුරුමානම වැරදින.

ඒ අතර නාථ දෙවියන්ගේ ආශීර්වාදයෙන් පාදෙණිය කෝවිඩ් රෝගය වනසන කොවිඩ් කුඩු පැකට් ජාවාරමක් ද ආරම්භ කළේය.

එතනින් නොනැවතුණු පාදෙනියගේ අලුත්ම ඉලක්කය වී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි.

එහි බලය ඇල්ලීමට නම් මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා එහි සභාපති පදවියෙන් පන්නා දැමිය යුතුය. පාදෙනියට පොටක් පෑදිණ.

රුසියාවේ විශ්ව විද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව ගත් තීරණයට එරෙහිව මතුවූ විරෝධයේ එල්ලුණ පාදෙණිය වහාම තීන්දුවක් ගත්තේය.

වෛද්‍ය සභාව ගැන පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් 21 වෙනිදා වැඩ වර්ජනයක නිරතවන බවට ආණ්ඩුවට අනතුරු ඇඟවීය.

දැන් ඇමතිනී පවිත්‍රා කමිටුවක් පත්කොට තිබේ.

ඒ කමිටුවේ තුන් දෙනෙක්ම පාදෙනියගේ ගොලයෝය.

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.

ජනපතිතුමනි, ප්‍රවේශමෙන් !  

(උකුස්සා)

 GMOA Letter

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්