කොරෝනා වසංගතයත් සමග කඩා වැටුන ආර්ථිකයත්, වසර ගණනාවක් තුළ ණය ගෙවමින් පවත්වාගෙන ගිය

ආර්ථිකයත් උත්තේජනය කිරීම සඳහා වත්මන් රජය මූලික වශයෙන් ක්‍රියාත්මක කළ ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්තිය වූයේ ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට අඩු පොළියට ණය ලබා දීමය.

වසර ගණනාවක් තිස්සේ සියයට 10% ක ප්‍රමාණයේ තැන්පතු පොළී අනුපාතයක් ක්‍රියාත්මක කර ඩොලර් බිලියන 60 කට ආසන්න තැන්පතු ප්‍රමාණයක් ගොඩ නගා තිබූ මෙරට තැන්පතු පොළී අනුපාතය 5.5 % දක්වා අඩු කර අත්තිකාරම් පොළී අනුපාතය 8% - 10% අතර ප්‍රමාණයකට පහත හෙලුවේ ශ්‍රී ලංකා බහ බැංකුවට ද පීඩනයක් එල්ල කරමිනි.

ඒ හා සමගම වාහන ආනයනය මාස හයකට තහනම් කරන ලද අතර එය දැන් වසරක් දක්වා දීර්ඝ කර ඇත.

අද වන විට මෝටර් වාහන ආයාත කර අලෙවි කල සමාගම්වල සියලුම වාහන අලෙවි වී අවසන්ය.

Vehiclesඅද වන විට මෝටර් වාහන ආයාත කර අලෙවි කල සමාගම්වල සියලුම වාහන අලෙවි වී අවසන්ය.

වසර කිහිපයක් තිස්සේ සාමාන්‍ය මිල ගණන් යටතේ තිබූ වෙලද සහ ගෘහස්ත ඉඩම් වල අගය අහස උසට ඉහල ගොස් ඇත.

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් 19 ආර්ථික අර්බුදයත් සමග ජනතාවට අදායම් අහිමි වීම නිසා වාහන, ව්‍යාපාර කොටස් වෙළෙඳපොළ සහ ඉඩම් මිළ පහත ගියත්, නියාමනයක් නොමැතිව පොලී අත්තිකිරම් අනුපාතය අඩුවීමේ වාසියෙන් ප්‍රයෝජනයට ගත් දක්ෂ (smart) ශ්‍රී ලාංකිකයන් ඉඩම් මිලදී ගැනීමටත් වාහන මිලදී ගැනීමටත් මෙම පහසුකම් පරිහරණය කළ බව නොරහසකි.

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් 19 ආර්ථික අර්බුදයත් සමග ජනතාවට අදායම් අහිමි වීම නිසා වාහන, ව්‍යාපාර කොටස් වෙළෙඳපොළ සහ ඉඩම් මිළ පහත ගියත්, නියාමනයක් නොමැතිව පොලී අත්තිකිරම් අනුපාතය අඩුවීමේ වාසියෙන් ප්‍රයෝජනයට ගත් දක්ෂ (smart) ශ්‍රී ලාංකිකයන් ඉඩම් මිලදී ගැනීමටත් වාහන මිලදී ගැනීමටත් මෙම පහසුකම් පරිහරණය කළ බව නොරහසකි.

මෝටර් රථ ආනයනය සඳහා රජය සීමා පැනවීම හේතුවෙන් මේ වනවිට මෝටර් රථවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ද පසුගිය දා සඳහන් කර තිබිණ.

වෙළෙඳපොළේ පැරණි වාහන මිළ පවා රුපියල් මිලියනයේ සිට මිලියන 10 දක්වා ඉහල ගොස් ඇත.

 

පසු විපරමට ලක්වී නොමැති කාරණයක් !

අප මුලින් සඳහන් කළ ආකාරයට රජය විසින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල සංචිත අනුපාතය අඩු කිරීම නිසා මුදල් වෙළඳපොළට ගලා ආ රුපියල් බිලියන 130 ක් පමණ වූ මුදලත් ප්‍රතිමුල්‍ය ණය පහසුකම් යටතේ නිදහස් කරන ලද රුපියල් බිලියන 50 ක පමණ මුදලක් ආර්ථිකය අගුලු දැමීමෙන් පසු ව්‍යාපාර අකර්මන්‍ය වීම නිසාත්,  බැංකු වල තිබූ තවත් බිලියන 50 කට ආසන්න මුදල් ප්‍රමාණයත් දේශීය වෙලදපලෙහි ආයෝජනය කිරීමට කල්බදු සමාගම්, බැංකු, මූල්‍ය සමාගම් කල දුටු කල වල ඉහගත්තා සේ අප මුලින් සඳහන් කළ ඉඩම් මිලදී ගැනීමටත් නිවාස ණයත්, වාහන මිලදී ගැනීම කල්බදු පහසුකම් යටතේ ලබා දීම නිසාත්,  වෙළෙඳපොළේ වත්කම්වල කෘතිම ඉහල යාම මුදල් අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පසු විපරමට ලක්වී නොමැත.

ඇත්ත වශයෙන් රජයේ අවංක අභිප්‍රාය වූයේ ආර්ථික අවපාතයෙන් මිදී අපනයන වෙළෙඳපොළ ජයගැනීම සඳහාත්, තහනම් කරන ලද කෘෂි භෝග ශ්‍රී ලංකාව තුළ වගා කිරීමටත්, කෘෂි අංශය ශක්තිමත් කිරීමටත්, විද්‍යානුකූල පදනමක් යටතේ බෙදා වෙන් කරන ලද අමාත්‍යංශ හරහා මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්ය.

එහෙත් මෙම කාර්ය ඉටු වූවාද යන්න ප්‍රශ්නාර්ථයකි.

විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන මාසිකව තම අත්තිකාරම් ලබා දීම පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ නොකිරීමටත් ජනාධිපති කාර්යාලය හෝ මුදල් අමාත්‍යංශය මෙම තොරතුරු ලබා ගෙන සමාජයට යොමු නොකිරිමත් නිසා ශ්‍රී ලාංකීය මූල්‍ය වෙළෙඳපොලෙහි කලු කඩයක් නිර්මාණය වී ඇති බව නොකියාම බැරිය.

''විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන මාසිකව තම අත්තිකාරම් ලබා දීම පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ නොකිරීමටත් ජනාධිපති කාර්යාලය හෝ මුදල් අමාත්‍යංශය මෙම තොරතුරු ලබා ගෙන සමාජයට යොමු නොකිරිමත් නිසා ශ්‍රී ලාංකීය මූල්‍ය වෙළෙඳපොලෙහි කලු කඩයක් නිර්මාණය වී ඇති බව නොකියාම බැරිය.''

PM Mahindaණය ප්‍රතිපත්ති ලිහිල් කරන්නැයි අගමැති රාජ්‍ය බැංකු ලොක්කන්ට කියයි

වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය සෑම රජයකටම ප්‍රශ්නයක් වූ අතර පසුගියදා මුදල් විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වාණිජ බැංකු මීට වඩා නම්‍යශීලී විය යුතු බවයි.

ආර්ථික අර්බුදයන්ට ලක්ව ඇති ජනතාව ඉන් මුදාගැනීමට ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි අගමැතිවරයා පසුගිය 09 දා මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබිණ.

නැගී ඒන ව්‍යවසායකයින්ට හා නව ව්‍යාපාරවලට අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය සැපයීමට බාධා වන සාම්ප්‍රදායික “අවදානම් දැරීමට අකමැති“ මානසිකත්වයෙන් මිදී, බැංකු අංශය තම ණය ලබාදීමේ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බලන ලෙසට තමන් යෝජනා කරන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ද ඉල්ලීමක් කර තිබිණ.

ඔහු එම ඉල්ලිම සිදුකරනු ලැබුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘පෙර දැක්ම 2020‘, 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

වාණිජ බැංකු තම ලාභාන්තිකය (ලාභ කොටස) අඩුවෙන් තබාගෙන ජනතාවට අත්තිකාරම් ලබා දිය යුතු බවටද ඔහු යෝජනා කර තිබිණ.

 

ගම ගොඩනැගීමට :

Gotabaya village

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගියදා අවධාරණය කළේය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා එබව පැවසිය.

දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ගෙන ගෙවීම පැහැර හරින අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බව එහිදී සඳහන් කර තිබු  ජනාධිපතිවරයා, රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය අයකරගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

වානිජ බැංකු වෙත රුපියල් බිලියන 50ක් නිකුත් කරන ලෙස, ජනාධිපතිවරයා 2020 මාර්තු 27දා මහ බැංකුවට උපදෙස් දී තිබු නමුත් එය ක්‍රියාත්මක නොවීය.

ඒ අනුව, 2020 ජුනි 16දා ජනාධිපති රාජපක්ෂ මහ බැංකුවේ ඉහල නිලධාරීන් ඔහුගේ කාර්යාලයට කැඳවා, මීට පෙර ඔහු දුන් නියෝග ක්‍රියාත්මක නො කිරීම ගැන දෝෂාරෝපණය කිරීමෙන් පසු ජූලි 01දා පටන් වානිජ්‍ය බැංකු මගින් රටෙහි මහ ව්‍යාපාරයන්ට රුපියල් බිලියන 150ක මුදාහරින බව ශ්‍රී ලංකාවේ මහ බැංකුව ජුනි 28දා නිවේදනය කලේය.

 

ජනාධිපතිගේ අපේක්ෂා ඉටුවේද ? කඩාකප්පල් කරයි ද?

කෙසේවුවද වර්තමාන ණය පහසුකම් යටතේ රජයේ හෝ ජනතාවගේ රටට දැවෙන අවශ්‍යතාවයක් ඉෂ්ඨවේද යන්න සිතා ගත නොහැකිය.

මෙම ක්‍රියාවලිය තුළින් තවත් පීඩනයට පත් වූයේ තැන්පත්කරුවන්ය. ඔවුන්ගේ මුලු වත්කම් ප්‍රමාණය අඩු මුදලට ගෙන ජාවාරම්කාර ව්‍යාපාර අංශ සඳහා ණය දෙන්නේ නම් මූල්‍ය වෙළෙඳපොළට දීර්ඝ කාලයක් ක්‍රියාත්මක විය නොහැකිය.  

එබැවින් පසුගිය මාස 9 තුලදී වාණිජ බැංකු මූල්‍ය සමාගම් සහ ආයෝජන බැංකු ණය ලබා දුන් ක්ෂේත්‍ර ප්‍රමාණය සහ පුද්ගලයන්ගේ සහ සමාගම්වල ප්‍රමාණය වහා රටට හෙළි කළ යුතුය.

එය රජයේ සෞඛ්‍යයටද යහපත් වෙනවා ඇත.

 

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය :

V2025එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයට පවා බැංකු වලින් බාධා එල්ලවිය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛම යහපාලන රජයේ අවසාන වසරේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දෙන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමද පොළවේ පය ගැසීමට බොහෝ කාලයක් ගත විය.

ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීමේ පරමාර්ථයෙන් සහ අපනයන වෙළඳාම මූලික කරගත් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වූයේ බල්ලන් නාවන්න ගෙනියනවා වගේය.

දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා දැනුවත් කිරීමේ වැඩමුළු ණය කඳවුරු පැවැත්වුවත් එම වැඩසටහන යටතේ කී දෙනෙකුට කොපමණ ණය ප්‍රමාණයක් දුන්නාද යන්න දන්න කෙනෙක් අදත් නැත.

Sena Sooriyapperuma(සේන සූරියප්පෙරුම)

ආර්ථික හා මූල්‍ය විශ්ලේෂක.

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්