බදු ආදායම ඉහළට: රුපියල් බිලියන 9.5ක අයවැය අතිරික්තයක්
භාණ්ඩාගාරයේ වසර මැද මූල්‍ය දත්තවලට අනුව, මෙරට සමස්ත රාජ්‍ය ආදායම සහ ප්‍රදාන 27.1%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,956.0ක් දක්වා වර්ධනය වීමත් සමඟ රුපියල් බිලියන 9.5ක දුර්ලභ සමස්ත අයවැය අතිරික්තයක් (overall budget surplus) වාර්තා වී තිබේ.

මෙහිදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,244.1ක් (රුපියල් ට්‍රිලියන 1.24ක්) දක්වා ඉහළ ගොස් ඇති අතර, නව දේශීය ණය ලබාගැනීම්වලට වඩා ණය ආපසු ගෙවීම් වැඩිවීම හේතුවෙන් ශුද්ධ දේශීය මූල්‍යනය සෘණ අගයක් (-රුපියල් බිලියන 42.1ක්) ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම අතිරික්තය කෘත්‍රිමව නිර්මාණය වූවක් වන්නේ ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 276.6ක ඉතා අවම මට්ටමක පවතිමින්, රාජ්‍ය සංවර්ධන ආයෝජන නිසි පරිදි උපයෝජනය නොවීම හේතුවෙනි.
TIN පෝලිම් අර්බුදය හමුවේ රජය පියවරක් පස්සට ගනී
TIN පෝලිම් අර්බුදය හමුවේ රජය පියවරක් පස්සට ගනී

දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට දින දෙකක් පුරා ඇතිවූ දැඩි ජන තදබදය සහ වෙබ් අඩවිය අක්‍රිය වීමෙන් මතු වූ අර්බුදය හමුවේ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විසින් තාවකාලික පරිපාලන සහනයක් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව, බැංකු ගිණුම් විවෘත කිරීමේදී සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී භෞතික TIN සහතික පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන අතර, අදාළ ලියාපදිංචි කිරීම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පසුබිම් පද්ධතිය (background processing) මඟින් සකසන තෙක් එම සේවාවන් ලබා ගැනීමට පුරවැසියන්ට අවස්ථාව හිමිවේ.
කැසිනෝ බදු පොලු බිලියන 1.4 පනී; 2028 වන විට ඩොලර් බිලියන 3ක ණය

කැසිනෝ ව්‍යාපාරිකයන් විසින් නොගෙවා පැහැර හැර ඇති බදු මුදල රුපියල් බිලියන 1.4 ඉක්මවා ඇති බවට විගණන වාර්තාවකින් හෙළිවීමත් සමඟ, ඒ පිළිබඳ දැඩි නීතිමය පියවර ගැනීමට රජය සූදානම් වේ.
මේ අතර, මෙරට වාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.87ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ගෙවුම් ශේෂය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
එසේම, ණය තිරසාරභාවය පිළිබඳ IMF මූලික ආකෘතියට අනුව, ශ්‍රී ලංකාව 2028 වන විට ස්වෛරී බැඳුම්කර (sovereign bonds) හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ලබාගැනීමට ප්‍රවේශය සලසා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොලොන්නාවට බැටරි බලශක්ති පද්ධතියක් සහ සම්පූර් සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය
නොවැම්බර් 3 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික විදුලිබල පද්ධතියට අදාළ ප්‍රධාන ප්‍රසම්පාදන දෙකක් චයිනා ෂින්නෙන්ග් (Xingneng) සහ සෙයිලෙක්ස් ඉංජිනේරු සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපාරයකට පිරිනැමීමට අනුමැතිය ලබා දෙන ලදී:
කොලොන්නාව උපපොළ:
මෙරට ප්‍රථම 100MW / 100MWh බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සඳහා කොලොන්නාව උපපොළ නවීකරණය කිරීමට ඩොලර් මිලියන 4.3ක බහු-මුදල් කොන්ත්‍රාත්තුවක්.
සම්පූර්–කප්පල්තුරෙයි රැහැන් මාර්ගය:
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු (AIIB) අරමුදල් මඟින් ක්‍රියාත්මක සම්පූර්–කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4.15ක්, යුරෝ මිලියන 0.78ක් සහ රුපියල් මිලියන 1,096.08ක (බදු රහිත) වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුවක්.
ගංවතුර පාලනය, මාර්ග අලුත්වැඩියාව සහ සංචාරක සංවර්ධනයට කැබිනට් අනුමැතිය

තිරසාර හා හරිත වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ලැබෙන යුරෝ මිලියන 10ක සිව්වසර ප්‍රදානය පිළිගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මීට අමතරව අනුමත වූ ව්‍යාපෘති:
රත්ගම ගංවතුර පාලනය:
නිරන්තර ගංවතුර තත්ත්වය වැළැක්වීම සඳහා රුපියල් මිලියන 3,380.22ක (රු. බිලියන 3.38) ජලාපවහන හා ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක්.
මාර්ග අලුත්වැඩියාව:
'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් මාර්ග (වත්තේගම–කන්දෙනුවර–වාරියපොළ මාර්ගය ඇතුළුව) මාස තුනක් ඇතුළත පිළිසකර කිරීමට රුපියල් මිලියන 3,334.28ක්.
හැමිල්ටන් ඇළ සංවර්ධනය:
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ අරමුදල් මඟින් හැමිල්ටන් ඇළ ආශ්‍රිත සංචාරක කලාපය සංවර්ධනයට රුපියල් මිලියන 700ක්.
හදිසි ඖෂධ:
වකුගඩු රෝග සහ දැඩි ආසාදන සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ගුවන් මගින් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් 702,000ක්.
රාජ්‍ය සේවා ගිවිසුම:
අසර්බයිජානය සමඟ රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ තෙවසර අවබෝධතා ගිවිසුමක්.
ජෝන් කීල්ස් ලාභය බිලියන 5.82ට; සෙලාන් වත්කම් ට්‍රිලියනය පනී
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම 2026/27 දෙවන කාර්තුවේදී බදු පසු සමස්ත ලාභය රුපියල් බිලියන 5.82ක් (+39% YoY) සහ කොටස් හිමියන්ට හිමි ශුද්ධ ලාභය 213%ක දැවැන්ත වර්ධනයක් සමඟ රුපියල් බිලියන 5.17ක් ලෙස වාර්තා කරමින්, කොටසකට ශත 10ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කළේය:
ප්‍රවාහන අංශය:
බටහිර පර්යන්තය (CWIT) දෙවන කාර්තුවේදී TEUs 502,351ක් හසුරුවමින්, මාස 18ක් තුළ TEU මිලියන 2 සීමාව පසුකළ වේගවත්ම පර්යන්තය බවට පත්වීමත් සමඟ EBITDA ඉපැයීම් රුපියල් බිලියන 4.89 දක්වා දෙගුණයකින් වැඩිවිය.
City of Dreams Sri Lanka:
හෝටල් සහ කැසිනෝ ව්‍යාපාර පුළුල් වීමත් සමඟ මෙහෙයුම් ලාභය (EBITDA) රුපියල් මිලියන 340ක් දක්වා ධන අගයකට පැමිණියේය.
මෝටර් රථ අංශය (JKCG Auto):
වාහන 2,400කට වඩා බෙදාහැරියද, සිල්ලර EBITDA ආදායම පසුගිය වසරේ ඉහළ ඉල්ලුමට සාපේක්ෂව 70%කින් පහත වැටී රුපියල් බිලියන 2.34ක් විය.
මූල්‍ය සේවා:
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් HSBC සිල්ලර බැංකු ව්‍යාපාරය අත්පත් කරගැනීමෙන් ලැබුණු බදු සහනය ද සමඟ EBITDA අගය 44%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.62ක් සටහන් විය.
සෙලාන් බැංකුවේ සමස්ත වත්කම් සැප්තැම්බර් අග වන විට රුපියල් ට්‍රිලියනයේ සීමාව පසුකළ අතර, ලබන වසරේ 18%ක ලාභ වර්ධනයක් අපේක්ෂා කෙරේ.
මේ අතර, ක්‍රිප්ටෝ මුදල් සහ ඩිජිටල් වත්කම් මෙරට දේශීය ගෙවීම් සඳහා භාවිත කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යළිදු අවධාරණය කළේය.
කොටස් වෙළෙඳපොළ යළි පිබිදෙයි; සංචාරක පැමිණීම් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයේදී 332.65/70ක් ලෙස සුළු වශයෙන් දුර්වල වූ අතර, ද්විතීයික බැඳුම්කර වෙළෙඳපොළ ස්ථාවර මට්ටමක පැවතුණි (2029 බැඳුම්කර 11.10/25% සහ 2030 බැඳුම්කර 11.55/60%).
කොළඹ කොටස් වෙළෙඳපොළ නැවතත් ධන මාවතට පිවිසෙමින් වර්ධනයක් පෙන්නුම් කළේය:
| සියලු කොටස් මිල දර්ශකය (ASPI): ඒකක 40.09කින් (+0.20%) ඉහළ ගොස් ඒකක 20,119.64ක් විය.
| S&P SL20 දර්ශකය: ඒකක 20.71කින් (+0.36%) ඉහළ ගොස් ඒකක 5,722.57ක් ලෙස සටහන් විය.
| වෙළෙඳපොළ තක්සේරුව: ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඩොලර් අගයෙන් 17%කින් පහත වැටීම සාධාරණීකරණය කළ නොහැකි අධික පසුබෑමක් බව AFC ආසියානු ෆ්‍රොන්ටියර් අරමුදලේ කළමනාකරු රුචිර් දේසායි පෙන්වා දෙයි.
2026 ඔක්තෝබර් මාසයේදී සංචාරක පැමිණීම් 168,625ක් දක්වා 2.1%කින් වර්ධනය වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් (62,211ක් හෙවත් 37%) වාර්තා විය. මීට අමතරව එක්සත් රාජධානියෙන් 12,402ක් සහ චීනයෙන් 11,190ක් පැමිණ තිබේ. මේ අතර, වසරේ මේ දක්වා කුරුඳු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 185ක් දක්වා ළඟා වී ඇත.
(සටහන | සම්පත් ධීරසේකර)