ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව දකුණු ආසියානු පාපන්දුවේ (SAAF) ඉහළින් ම සිටින ඉන්දියාව හා පහළින් ම සිටින පාකිස්තානය අතර බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ හෙට (5) පැවැත්වෙන තරගයෙන් 15 වැනි සාෆ් පාපන්දු ශූරතාවලිය (SAAF Championship) ආරම්භ වනවා. සත්කාරක බංග්ලාදේශය හා භූතානය අතර ගැටුම ආරම්භක දිනයට නියමිත අනෙක් තරගය යි.
ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික තරග පැවැත්වෙන්නේ භූතානය (නොවැම්බර් 8) හා බංග්ලාදේශය (නොවැම්බර් 11) ට එරෙහිව වන අතර එම තරග දෙක ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වනවා.
“ශ්‍රී ලංකාවට මෙය ලෝක කුසලානයක්” - ශ්‍රී ලංකා නායකයා
“ලංකාව වගේ රටකට දකුණු ආසියානු කුසලානය කියන්නේ ඇත්තටම ලෝක කුසලානයක්. අපි අවසන් වතාවට එය ජයග්‍රහණය කළේ 1995 වසරේ. අපි කණ්ඩායමක් විදියට පහුගිය කාලයේ මේකට හොඳින් සූදානම් වුණා. මෙය රටටත් අපටත් හැමෝටමත් වැදගත් තරගාවලියක්” යනුවෙන් සුජාන් පෙරේරා පවසනවා.
ශ්‍රී ලංකා සංචිතය
සුජාන් පෙරේරා, කවීශ් ප්‍රනාන්දු, මොහමඩ් මුර්සිත්, මොහමඩ් හස්මීර්, මුහම්මදු මුන්සිෆ්, චලන චමීර, ජූඩ් සුපුන්, ජේසන් තයාපරන්, ජෙරම් පරේරා, විලියම් තොමාසන්, අනුජාන් රජේන්ද්රම්, ක්ලෝඩියෝ කමර්ක්නෙක්ට්, භාරත් සුරේෂ්, ස්ටීවන් සාකයරාඩ්ජි, ලියොන් පෙරේරා, අධවාන් රාජාමෝහන්, ගැරට් කෙලී, නිලෝෂන් සෙන්තුර්වාසන්, ඔලිවර් කෙලාට්, ඩිලන් ද සිල්වා, සැමුවල් ඩුරාන්ට්, වසීම් රසීක්, වේඩ් ඩෙකර්, රාහුල් සුරේෂ්, මුතුක්කුමරු රෙමියාන්, අයිමාන් සවාහිර්, රෙගිස් කැනිස්ටන්, අමාන් ෆිසාර්.
- ප්‍රධාන පුහුණුකරු - අබ්දුල්ලා අල්මුටයිරි
කණ්ඩායම් හයේ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්

මෙවර තරගාවලියට සහභාගි වන රටවල් හයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින්නේ සාෆ් කුසලාන වර්තමාන ශූරයින් වන ඉන්දියාව යි.
ඉන්දියාව - 138
නේපාලය - 178
බංග්ලාදේශය - 182
ශ්‍රී ලංකාව - 184
භූතානය - 192
පාකිස්තානය - 197
කණ්ඩායම් හය මෙවර තරගාවලියේ පෙළගැසී සිටින අයුරු
‘ඒ’ කොටස - ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය
‘බී’ කොටස - ඉන්දියාව, පාකිස්තානය, මාල දිවයින්
තරග සටහන (ශ්‍රී ලංකා වේලාවෙන්)
නොවැම්බර් 5 - ඉන්දියාව හා පාකිස්තානය (පස්වරු 3.00)
නොවැම්බර් 5 - බංග්ලාදේශය හා භූතානය (පස්වරු 7.30)
නොවැම්බර් 8 - මාල දිවයින් හා පාකිස්තානය (පස්වරු 3.00)
*නොවැම්බර් 8 - ශ්‍රී ලංකාව හා භූතානය (පස්වරු 7.30)
නොවැම්බර් 11 - ඉන්දියාව හා මාල දිවයින් (පස්වරු 3.00)
*නොවැම්බර් 11 - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය (පස්වරු 7.30)
නොවැම්බර් 14 – ‘බී’ කොටසේ ශූරයන් හා ‘ඒ’ කොටසේ අනුශූරයන් (පස්වරු 3.00)
නොවැම්බර් 14 – ‘ඒ’ කොටසේ ශූරයන් හා ‘බී’ කොටසේ අනුශූරයන් (පස්වරු 8.00)
නොවැම්බර් 17 - අවසාන තරගය (පස්වරු 7.30)