''අපේ පවුල් ජීවිත ඇතුලෙ පිරිමි 95%ක් සුරතාන්තය අත්විඳිනවා. ඒ සතුට විඳින කාන්තාවො ඉන්නෙ 65%යි. ලංකාව වගේ රටක මේක මීටත් වඩා අඩු ඇති. ඇයි මේ සුරතාන්ත පරතරය?
එක නොදැනුවත්කම. සුරතාන්තය කියල දෙයක් තියෙනවද කියලවත් නොදන්නා කාන්තාවො ඉන්නවා. අපේ රටේ ලිංගික අධ්‍යාපනය තියෙන්නෙ අන්තිම පහල මට්ටමක. තමන්ගෙම ක්ලිටොරිස් එක ගැනවත් ගොඩක් ගැහැනු දැනුවත් නෑ.
දෙක අපේ ආගමික සාම්ප්‍රදායික විශ්වාස. සුරතාන්තයක් ලැබීම වරදක් නැත්තං පවක් කියල හිතන අයත් ඉන්නවා. මේ විශ්වාස අපේ සතුට බාධා කරනවා.
තුන, අපි පිරිමියා එක්ක පවත්වන සම්බන්ධතාවයේ ස්වරූපය. අපි අපිට දැනෙන හිතෙන දේ කියනවද? අපි අතර හොඳ සන්නිවේදනයක් තියෙනවද? එයාගෙ අරමුණ එයාගෙ සතුට විතරමද? අපේ අරමුණ සතුටු කිරීමම විතරද?
හතර, අතීතයේ මූන දීලා තියෙන ඛේදජනක අත්දැකීම්. දූෂන, බලහත්කාරකම්. අපචාර. මේ ඛේදනීය මතකයන් නිසා ගැහැනු තමන්ගෙම ස්ත්‍රීත්වය ප්‍රතික්‍ෂේප කරනවා. ඒ ගැන ලැජ්ජා වෙනවා. සතුටේ දොරටු වහලා දානවා.
සුරතාන්තය කියන්නෙ ගැහැනියකගෙ නිර්මාණශීලීත්වය අවදි කිරීම. ගැහැණියක් ඇගේ පූර්ණ ගැහැණුභාවය අත්විඳින මොහොත. ඇගේ ශරීරයේ උපරිම විකසිත වීම. සුරතාන්තයක් කියන්නෙ ගැහැණියගෙ සැබෑ බලය. සියල්ලට පෙරාතුව ඇගේ සුරතාන්තය ඇය සතු වෙන්න ඕන. ඒක ඇගේ අයිතියක්.
සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම
දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!