1200 x 80 DMirror
 
 

තන්ත්‍ර කියන වචනෙ ඇහුන ගමන් අපිට මතක් වෙන්නෙ සෙක්ස්. තන්ත්‍ර සම්ප්‍රදායෙ විශාල පරාසයම එක තැනකට කොටු කරලා අර්ථයෙන් පටුකරලා තියෙනවා. 

මේක සිද්ද වෙන්නෙ 1900 විතර පියරෙ බර්නාඩ් විසින් බටහිර පටන්ගන්න නියොතන්ත්‍ර ව්‍යාපාරයත් එක්ක. ඒකෙන් බටහිරට තන්ත්‍ර හොඳටම ව්‍යාප්ත වෙනවා. ඒත් අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
 
එතකොට තන්ත්‍රවල සෙක්ස් නැද්ද? තන්ත්‍රවල සෙක්ස් තියෙනවා, අනිත් හැම ක්‍රියාවක්ම විදිහට. සෙක්ස් ප්‍රමුඛ කිරීමක් තන්ත්‍රවල නෑ. විශේෂයෙන්ම සෙක්ස් කියන්නෙ මාර්ගයක් විදිහට ගන්නවා මිස සෙක්ස් කියන්නෙ අවසානයක් විදිහට සලකන්නෙ නෑ. 
 
පියරෙ බර්නාර්ඩ් තන්ත්‍ර නමින් කරගෙන ගියේ සෙක්ස් ව්‍යාපෘතියක් විතරයි.
 
 
 
තන්ත්‍ර කියන වචනෙ තේරුම වෙන්නෙම තාක්‍ෂණය කියන එක. පුහුණුව කියන එක. අනිත් හැම දර්ශනයකටම වඩා වෙනස් විදිහට තන්ත්‍ර දාර්ශනිකත්වයෙන් බැහැර වෙනවා. තර්කයෙන් බැහැර වෙනවා. ඒ වෙනුවට පුහුණුවක් ජීවිත ක්‍රමයක් යෝජනා කරනවා.
 
 
 
තන්ත්‍ර කියන එක ඉසොටරික් පුහුණුවක්. ඒ කියන්නෙ පොඩි පිරිසක් අතර රහසින් පවත්වාගෙන ගිය සම්ප්‍රදායක්. ඒක බහුතරයට ගැලපෙන පුහුණුවක් නෙමෙයි.
 
 
 

mahashivratri2021

 
 
තන්ත්‍ර එක පැත්තකින් හින්දු සම්ප්‍රදායට වගේම තව පැත්තකින් බෞද්ධ සම්ප්‍රදායට සම්බන්ධ වෙනවා. ඒත් තන්ත්‍ර ඇතිවෙන්නෙ බුදුන්ට වඩා බොහොම කලින්. වේදාන්තවල ඉඳන්ම තන්ත්‍ර ඉගැන්වීම් වල කොටස් එනවා.
 
තන්ත්‍රවල බිහිවීම සිදුවුනා කියන්නෙ ආදියෝගී විදිහට සලකන ශිවාගෙන්. ශිවා විසින් පාර්වතී ලබාදෙන පුහුණුව තමයි තන්ත්‍රවල උපත වෙන්නෙ. 
 
පාර්වතී ඇවිත් ශිවාගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න කිසි එකකට ශිවා උත්තර දෙන්නෙ නෑ. එයා ආදරයෙන් ඒ හැම ප්‍රශ්නයකටම උත්තරය හොයාගන්න පුහුණුවක් දෙනවා. මේ පුහුණු 212ක් එකතු වෙලා විඥාන භෛරව තන්ත්‍ර නිර්මාණය වෙනවා.
 
 
 
 
තන්ත්‍ර කියන්නෙම විවිධ සම්ප්‍රදායන්ගෙන් පෝෂනය වුනු එකක්. ඒක තනි ගොඩනැංවීමක් නෙමෙයි. මේ නිසාම අදටත් හින්දු, වජ්‍රයාන සහ සෙන් සම්ප්‍රදායන්වල තාන්ත්‍රික කොටස් ඉන්නවා.
 
මෑත දවසක මාත් එක්ක කතා කරපු තන්ත්‍ර ගැන හදාරන දෘවි නුලේශ්‍ය ලස්සන පැහැදිලි කිරීමක් කළා. ඉන්දියාවෙ තාන්ත්‍රකයො අතර වාමාංශික දක්ෂිනාංශික තාන්ත්‍රික වර්ග දෙකක් හිටියා කියල. වාමාංශික තාන්ත්‍රිකයො අත්තඛිලමතානුයෝගයටත් දක්ෂිණාංශික තාන්ත්‍රිකයො කාමසුඛල්ලිකානුයෝගයටත් යොමු වුනා කියල. ඒ අනුව බුදුන්ගේ දුෂ්කර ක්‍රියාව ගැනෙන්නෙත් තාන්ත්‍රික පුහුණුවක් විදිහට.
 
 
 
තාන්ත්‍රිකයන්ගෙ පිළිවෙත වුනේ කිසිවක් බැහැර නොකිරීම. හොඳ නරක, පිරිසිදු කිළිටි, උස් පහත් ආදී වශයෙන් කිසිම බෙදීමකින් තොරව ජීවිතය සමස්තයක් විදිහට බාරගැනීම. ඒක උපරිමයෙන් විඳීම.
 
බෞද්ධ සම්ප්‍රදායෙ කියන විදිහට තෘෂ්ණාව නැසීම ගැන තාන්ත්‍රිකයො උනන්දුවෙන්නෙ නෑ. ඒ අයගෙ උත්සාහය වෙන්නෙ තෘෂ්නාව පරිවර්තනය කිරීම. 
 
දැන් අපි බුදුන්ගෙ දර්ශනයෙන් ගත්තොත් සංසාරයේ කෙලවරනෙ නිර්වාණය තියෙන්නෙ. තන්ත්‍රයානය අනුව නිර්වාණය තියෙන්නෙ සංසාරය තුලමයි. මේ දෙක දෙකක් නෙමෙයි එකක්. 
 
මෙතන මේ මොහොතෙ ඔබ විඳින සංසාරයේම නිර්වාණ මොහොතත් පවතිනවා. ඒක හින්ද තන්ත්‍ර කියන්නෙ ජීවිතය බාරගැනීමේ පුහුණුවක්. බැහැර කිරීමේ හෝ බෙදා වෙන්කිරීමේ පුහුණුවක් නෙමෙයි.
 
තන්ත්‍රවල වෑයම වෙන්නෙ මේ නිර්මාණ ක්‍රියාවලිය අවබෝධ කරගැනීම.
 
 මොහොතින් මොහොත ඇතිවෙමින් පරිවර්තනය වෙමින් පවතින ජීවිතේ හැමදෙයක්ම උපරිමයෙන් විඳීමෙන් ඒ ගැන අවබෝධය ලබන්න පුළුවන් කියලයි තන්ත්‍රවල උගන්නන්නෙ. මේ අවබෝධය කියන්නෙ ජීවිතේ සැබෑ ස්වභාවය දැකීම.
 
 
 
සතුට, සමාධිය, තරහව, ඉරිසියාව මේ ඕනෑම දෙයක් බැඳීමක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආවේගයන් පාලනය කිරීම විඳවීමක් වෙන්න පුළුවන්. මෙසේ ආවේගයන් යටපත් කිරීමේ ක්‍රමය හැමකෙනෙකුටම ගැලපෙන්නෙ tantra x 399x495නෑ. ඒක වෙනත් ව්‍යාධීන් විදිහට මතුවෙන්න පුළුවන්. තන්ත්‍ර කියන්නෙ ඒ අත්දැකීම තුලට සම්පූර්ණයෙන් සිහියෙන් යුතුව ගමන් කිරීමෙන් එහි යථා ස්වභාවය පිළිබඳ අවබෝධය ලබාගන්න පුළුවන් කියල.
 
තන්ත්‍රවලට අනුව සංසාරයමයි නිර්වාණය. ඒ වගේම හැම සත්වයෙක්ම බුදු කෙනෙක්. ඒ කියන්නෙ ඕනෑම සත්වයෙක් තුල පවතින බුද්ධ ස්වභාවයක් තියෙනවා කියල තන්ත්‍ර කියනවා. ඕනම නරක ආවේගයක ධනාත්මක පැත්තකුත් තියෙනවා. අපේ ඍනාත්මක ආවේග ධනාත්මක පරිවර්තනයකට ලක්කිරීම තාන්ත්‍රික පුහුණුවක් වෙනවා.
 
ලාමා යේෂේ මේක මේ විදිහට පැහැදිලි කරනවා.
 
“අපේ අතෘප්තිය නිසා මතුවෙන සාමාන්‍ය ආශාවන්ගේ ශක්තියම තන්ත්‍ර මගින් සමාධියේ සහ ප්‍රඥාවේ අත්දැකීමක් බවට පෙරලනවා. මේ සමාධිය සහ ප්‍රඥාව තුලින් මෝහය දුරලා යතාර්ථය විනිවිද දකින්න පුළුවන් වෙනවා”
 
සෙක්ස් භාවනාවක් කරන යෝග ක්‍රම තන්ත්‍රවල තියෙනවා. ඒ වගේම ඕනම ක්‍රියාවක් තාන්ත්‍රික පුහුණුවක් මගින් භාවනාවකට පෙරලන්න පුළුවන් වෙනවා. ඇවිදීම, ඇඳීම, කාමර අස්පස් කිරීම, නිදාගැනීම පවා සිහියෙන් පරිපූර්ණව කිරීමෙන් සමාධි තත්වයක් අත්විඳින්න පුළුවන්.
 
 
 
 
බෞද්ධ සහ තන්ත්‍ර අතර සම්බන්ධයක් තිබුනත් පැහැදිලි වෙනස්කමුත් තියෙනවා. බෞද්ධ භික්ෂුවක් ලිංගිකත්වය යටපත් කිරීමේ උත්සාහයකයි ඉන්නෙ (දැන් පන්සල්වල ඉන්න අය නෙමෙයි). භික්ෂුව සෙක්ස් විතරක් නෙමෙයි සමස්ත ජීවිතයම යටපත් කිරීමේ වෑයමකයි ඉන්නෙ. සල්ලි, බලය, විලාසිතා මේ හැමදෙයක්ම බෞද්ධ භික්ෂුවකට අකැපයි. බුදුන් සෙක්ස් කියන්නෙ මහා නරක දෙයක් විදිහට දේශනා කළේ නෑ. නමුත් එය තෘෂ්නාවක් විදිහට දකිමින් විනයකින්, අවධානයෙන් සහ භාවනාවෙන් ඉක්මවා යායුතු තත්වයක් විදිහටයි බුදුන් විස්තර කළේ.
 
 
තන්ත්‍ර පුහුණු කරන්නන් උත්සාහ කරන්නෙ තෘෂ්ණාව හෝ වෛරය පරිවර්තනය කරන්න. ඒක නසන්න නෙමෙයි. ‘මුවහත් ආයුධ සහිත සක’ කියන ඉගැන්වීමේ ගෙලෙක් රිම්පුෂෙ මෙහෙම විස්තර කරනවා.
 
“අහිංසක සත්වයෝ ඔබේ වෛරයට විෂය වීම කිසිසේත් සුදුසු නෑ. අනෙක් අතින් මේ ඍනාත්මක ආවේගයන් නිර්මාණය කරන්නේම ඔබේ මමත්වය විසිනුයි. ඒ නිසා ඔබේ වෛරයට විෂය විය යුත්තේ ඔබේම මමත්වයයි.
 
ඔබ නිවැරදි දිශාවට ඔබේ වෛරය එල්ල කළහොත් ඔබට වෛරයෙන් ගැලවිය නොහැකි වුවත් ඒ ආවේගය මාර්ගයට අවතීර්ණ වීම සඳහා යොදාගත හැකියි. වෛරය අන් සත්වයන් මත හෙලීම විනාශකාරීයි”
 
 
  
 
තන්ත්‍ර පන්සල් ඇතුලෙ පුහුණු වෙන දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ ඇතුලෙ පුහුණු කළ යුතු දෙයක්.
තන්ත්‍රවල මෙහෙම කියනවා,
 
“සියලු ශබ්දයන් මන්ත්‍ර වේ. සියලු සත්වයන් බුදුවරුන් වේ”
 
තාන්ත්‍රික පුහුණුවීම් වලදී මවාගැනීමේ වෙනම භාවනා ක්‍රම තියෙනවා. ඒ එකක් අනුව අපි බුදුවරයෙක් හැටියෙන් හිතාගෙන දවස ගත කරන්න ඕන. එතකොට ඒ මවාපෑම නිසා අපේ ඇත්ත බුද්ධ ස්වභාවය අවදි වෙන්න ගන්නවා කියලයි කියන්නෙ. බුදුවරයෙක් දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ගැන සිහියෙන් අපිට අපේ ක්‍රියාවන් කරමින් දවස ගත කරන්න වෙනවා.
 
 
 
මෙතනදි වැදගත්ම දේ තමයි කිසිසේත්ම ගුරුවරයෙක් නැතුව තන්ත්‍ර පුහුණු වීම නොකළ යුතුයි කියන එක. උදා විදිහට උඩ තියෙන පුහුණුවීමක් අපි කරද්දි අපි එකිනෙකා බුදු කෙනෙක් හැටියට මවාගන්නේ මොන විදිහෙ ගුණයන් තියෙන කෙනෙක්ද කියන ප්‍රශ්නය එනවා. ඒ උපදෙස් සහ මාර්ගය ගුරු කෙනෙක් විසින් පෙන්වා දිය යුතු වෙනවා.
 10653476 10203800749192985 6362659314828383141 n
 
මෙතනදි නිතර කේන්ති යන කෙනෙකුට වෛරයේ පරිවර්තනය මූර්තිමත් කරන යමන්තක ගැන මෙනෙහි කරන්න කියනවා. කම්මැලියෙක් නම් හයාග්‍රීවගේ ශක්තිය ගැන මෙනෙහි කරන්න කියනවා. කාමාතුරයෙක් නම් වජ්‍රයෝගිනී පුහුණුව තියෙනවා. බයගුල්ලෙක් නම් තාරා සහ ප්‍රඥා පාරමිතාවේ බලය ගැන මෙනෙහි කරන්න පුළුවන්. මේ මොන විදිහකින් වුනත් තමන් ඉන්න තත්වයෙන්ම බුද්ධත්වය කරා එළඹීමක් මිස කිසිවක් පසෙක ලා මාර්ගයට පිවිසීමක් තන්ත්‍රවල කියන්නෙ නෑ.
 
 
කලින් සඳහන් කළා වගේ තන්ත්‍ර සහ සෙන් බුද්ධාගමේ එක ළඟින් යන ගතියක් තිබුණත් ඒ දෙක ප්‍රතිවිරුද්ධ ආධ්‍යාත්මික එළඹුම් දෙකක්. තන්ත්‍රවල කියන්නෙ ලෝකයේ මේ පවතින ද්විත්ව ස්වභාවය, යතාර්ථය සහ මායාව දෙකම එක මිටට අරන් උපරිමෙන් විඳින්න කියල.
 
සෙන් දහම මෙතනදි සංසාරයේ මුළාවට කෙලින්ම පහර දෙනවා. දෙබිඩි සිතීම බිඳිනවා. සෙන් සරලයි. ඍජුයි. ඒක හරියට සෙන් කතා කරන්නෙ නිර්වාණය පැත්තෙ ඉඳන් වගේ. තන්ත්‍ර කතා කරන්නෙ සංසාරය පැත්තෙ ඉඳන්.
 
 
 
සෙන් දහමේ සහ තන්ත්‍රවල වෙනස උදාහරණයකින් කිව්වොත් ලොකු කානිවල් එකක් ගැන හිතන්න. සෙන් වලින් ඇතුල්වෙන කෙනෙක් කානිවල් එකේ කිසි දෙයක් නොබලා කෙලින්ම පිටවීමේ දොරටුව කරා යනවා. තන්ත්‍රවලින් කියන්නෙ කානිවල් එකේ හැම රවුමක්ම ගහලා විනෝදවෙලා පිටවීමේ දොර ළඟට යන්න කියලා. තන්ත්‍ර කියන්නෙ ත්‍රිල් රයිඩ් එකක්. ජීවිතෙන් එලියට ගිහින් බෑ ජීවිතේ ඇතුලට ගිහින් අවබෝධය ලබන්න කියල කරන යෝජනාවක්.
 
 
තන්ත්‍රවල සංකේත දෙකක් වෙන ඝන්ටාරයයි වජ්‍රයයි කියන්නෙ ප්‍රඥාව සහ මෛත්‍රිය කියන දෙක. මේ දෙකම එකට පිහිටන්න ඕන. තන්ත්‍රවලදි නිර්වාණය සහ සංසාරය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. ආකෘතිය සහ ශුන්‍යතාවය එකක්. ප්‍රඥාව සහ මෝඩකම කියන්නෙ එකක්.
 
අනිත් භාවනා ක්‍රමවලදි මනස හිස්කිරීමෙන් සමාධිය ලැබීම වෙනුවට තාන්ත්‍රිකයන් පරිපූර්ණ මනසකින් විඳීම හරහා සමාධිය අභ්‍යාස කරනවා. ආශාව පතුලෙ නිර්වාණය ගවේෂණය කරනවා. බෙදුනු ජීවිතය වෙනුවට නොබෙදුනු පැවැත්මක් යෝජනා කරනවා.
 
chinthana dhar 189x300(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
THE LEADER TV 
 
 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

 

 

එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !

 
 
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්