අද ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ හැත්තෑ හයවැනි උපන්දිනයයි .
 
චන්ද්‍රිකාගේ ගුණ වයන්නන් මෙන්ම ඇගේ පාලනය විවේචනය කරන්නන් ද මේ මොහොතේත් සිය මත පල කරන සමයක මේ සටහන ලියන්නට සිතුණේ ඇය බලය අතහැර (මතක තබාගන්න "බලය අතහැර") වසර දහසයකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් තවමත් කතාබහට ලක්වන රාජ්‍ය නායකයෙකු ලෙස ඇගේ චරිතය සුවිශේෂී වන පසුබිමකයි.
 
චන්ද්‍රිකාගේ උපන්දිනය වෙනුවෙන් ඇයට හිතැති ඇගේ මිතුරන්, සහෘදයන් පමණක් නොව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා ඇගේ ෆේස් බුක් සමූහයේ තම සුභ පැතුම් සටහන් කරනු දුටුවෙමි. 
 
විශේෂයෙන් කාන්තාවක ලෙස ඇයට තිබුණ ජනතා ආකර්ෂණය වයස් බේදයකින් තොරව තවමත් තිබෙන බව CBK Fan Club සමූහයට ගියහොත් ඔබට ද බලාගත හැකිය. 
 
මේ ලියමන ඒ ගැන නොවේ. වෙනත් කරුණක් ගැනය.
 
 
sddefault 
 
චන්ද්‍රිකා මේ රටේ ජනාධිපති වන්නේ 1994 නොවැම්බරයේදී ය. එතැන් සිට 2005 නොවැම්බර් මස 19තෙක් ඇය මේ රටේ රාජ්‍ය නායකයා ය.  ඒ වසර 11 තුළ චන්ද්‍රිකාගේ පාලනය ගැන කතා කරනවාට වඩා අප අගය කළ යුත්තේ ලෝකයේ පළමු කාන්තා අගමැති බිහි වුණ රටේ කාන්තා ජනාධිපතිවරයෙකු ද බිහි වීම ගැනය.
 
1974දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටු සාමාජිකාවක ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන විට චන්ද්‍රිකා ගේ වයස අවුරුදු 29කි (70 දශකයේ කාන්තාවගේ තත්වය ගැන අමුතුවෙන් මෙහි ලිවීමට අවශ්‍යය නොවන බව සිතමි). 
 
එවන්‍ යුගයක චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය ශක්තිමත් කිරීමේ සිට බස්නාහිර පළාත් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී, අගමැති සහ පස්වන විධායක ජනාධිපති දක්වා ආ ගමන සීග්‍රගාමීය. නමුත් කාන්තා දේශපාලනය තුළ එය තීරණාත්මකය.
 
රජ පවුලක ඉපදුණත්, දුගී පැළක ඉපදුණත් රටේ මුල් පුටුවට පිවිසීමට කාන්තාවකට බොහෝ දේ අහිමි කර ගැනීමට සිදු වේ. 
 
එලෙස බොහෝ දේ අහිමි වීම සිය ඉරණමේ සටහන් කරගෙනම 1945 අද වැනි දවසක චන්ද්‍රිකා උපන්නේ පවුලේ දෙවැනියා ලෙසයි. 
 
එතැන් පටන් දේශපාලනය නිසා සිය පියා,දේශපාලනයට පැමිණීම නිසා මව, දේශපාලනය කළ නිසා සැමියා, දේශපාලනයේ නියැළීම නිසා තමන්ගේම ඇස මෙන්ම සියල්ල අහිමි වීමෙන් උගත් පාඩම් නිසා දේශපාලනයෙන් ඈත් කළ තමන්ගේම දරුවන් ද ඇයට අහිමි වන්නේ මේ රටේ දේශපාලනය නිසාය.
 
 49680797 000124203 1 
 
 
මේ ලියමන ලියන මොහොතේ නවසීලන්තයට ජසින්ඩා ආර්ඩන් අගමැතිද අමෙරිකාවට කමලා හැරිස් උප ජනාධිපතිවරිය ද සිටියි. ජර්මනියට ඇන්ජෙලා මර්කල් ද , බංග්ලාදේශයට ශෙයික් හසීනා සහ බෙගම් කලිඩාසියා ද සිටියි. නමුත් ලෝකයේ පළමු අගමැති බිහි කළ රටේ පාර්ලිමේන්තුවට සිටින්නේද කාන්තා නියෝජිතයන් 15ටත් අඩු පිරිසකි.
 
25%ක කාන්තා නියෝජනය තිබියදීත් මේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් සිටියදීත් අද මෙරට දේශපාලනය තුළ අපිට කතා කරන්න තවමත් ඉන්නේ චන්ද්‍රිකා ය. මුළු ඇමති මණ්ඩලයේම පිරිමි වටකරගෙන රටක් කරවූ චන්ද්‍රිකාගෙන් පසු අද වර්තමාන තාරුණ්‍යයට නවසීලන්තය , ජර්මනිය, අමෙරිකාව දෙස බලමින් සුසුම් හෙළීමට සිදු වී තිබේ.
 
එවන් රික්තකයක් පවතින යුගයක අපට සුදු නෙළුම තවමත් වටින්නේ ජීවිතේ බොහෝ අභියෝගයන් පසු කරමින් ඇය මේ රටේ කාන්තාවන්ට දුන් ආදර්ශය හේතුවෙනි. අදටත් පවතින රජයට ද චන්ද්‍රිකා හැරුණත් ලොකු කුකුසක්, බියක් හෝ චකිතයක් දැනෙන්නේ ගැහැණියක වුවද ඇය සතු මිනිසුන් හැසිරවීමේ කලාව ගැන ඔවුන් හොඳ හැටි දන්නා බැවින්‍ ය.
 
" මට අවශ්‍යතාවය තිබුණත් රටේ යුද්ධයක් තිබුණා, තව ප්‍රශ්න විසඳන්න තිබුණා. ඒ වෙලාවේ මම කාන්තා නියෝජනය වෙනුවෙන් වෙලාව වෙන් කළා නම් රටේ අනික් ප්‍රශ්න විසඳාගන්න මට බැරි වෙනවා".
 
මේ තමන් මෙරට පළමු සහ එකම ජනාධිපතිවරිය වී සිටියදිත් තවමත් කාන්තා  නියෝජනය වෙනුවෙන් වැඩක් කළ නොහැකි වුණේ ඇයිද? යන්න මා ඇසූ ප්‍රශ්නයට ඇය දුන් පිළිතුරයි.
 
WhatsApp Image 2021 06 29 at 4.50.53 PM  
 
චන්ද්‍රිකා බණ්ඩාරනායකට අදටත් මඩ ගසද්දිත්, අපහාස කරද්දිත්, තමන්ගේම පක්ෂයෙන් කෙනෙහිලිකම් කරද්දිත් ඇය තවමත් දේශපාලනය තුළ සිය මතය වෙනුවෙන් පෙනී සිටින්නීය. තවමත් පිරිමින් එක්ක හරි හරියට හැප්පෙන්නේය.
 
"ඇයි අපි ගැහැණු කියලා හිතන්නේ? ඇයි අපිට බැරි මිනිස්සු විදියට හිතන්න?. ප්‍රධානම දෙය තමයි වැඩක් කරගෙන යනකොට තමන් කිසිම විදියකින් ගැහැණියක කියලා හිතන්න එපා. හැමතිස්සෙම හිතන්න තමන් මනුස්සයෙක් කියලා. එතකොට වැඩ කරන්න ලෙහෙසියි".
 
ඇය කපාගෙන ආ පාරේ ඇය පසුපස ගමන් කිරීමට සිටින සමස්ත කාන්තාවන් වෙනුවෙන් ඇයට කීමට ඇත්තේ කුමක්ද? යන ප්‍රශ්නයට එක්තරා සංවාදයකදී ඇය පිළිතුරු දුන්නේ එලෙසය.
 
චන්ද්‍රිකා මේ රටේ සංහිඳියාව වෙනුවෙන් බොහෝ දේ කළ අයෙකි. දේශපාලනයේ නාමයෙන්  බොහෝ  දේ අහිමි කරගත් ගැහැණියකි. 
 
සුදු නෙළුම් අපේ රටට තව තවත් අවශ්‍යයය. 
 
මේ රටේ තරුණ පිරිස් චන්ද්‍රිකා බණ්ඩාරනායකව කියවිය යුතුමය. 
 
ඇගේ දේශපාලන ගමන් මඟේ හොඳ සහ නරක මෙන්ම ඇගේ පුද්ගලික ජීවිතය ද කියවිය යුතුය. අනාගතයට මේ රටේ තව තවත් සුදු නෙළුම් පිපෙන්නට නම් දැනට සිටින එකම සුදු නෙළුමෙන් මීට වඩා ප්‍රයෝජන තරුණ පරපුර ලබාගත යුතුය.
 
ඉතින්..
විකසිත සුදු නෙළුම..
ඔබට දීර්ඝායු!
 
(භාග්‍යා වීරකෝන්)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි 
 
 
 
 
 
##########
 
 
THE LEADER TV 
පීබීත් වලියට! ඇමතින්ට නටන්න දෙන්න බෑ....
 
ජනතාවට ඇත්ත කිව්වොත් බලාගෙනයි චීනා තගදායි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්