leader s

 අමල් අල්විස් ගේ Coffee and Wine කෙටි ටෙලිය වැඩිය සද්ද බද්ද නැතිව ගලායන එකකි. 
පාරක් තොටක් හරියට නොදන්නා විප්‍රවාසි කෙල්ලක් කාරෙකේ යතුර නැති කර ගැනීමත් එක්ක පොඩි වෙලාවක් ගලායන මෙම කතාව අවසානයේ අතනින් මෙතැනටත් මෙතැනින් අතනටත් ගොහින් වයින් වලින් නතර වන්නේ ය. 
 
කොල්ලා එළි බැස්සේ කෝපි බොන්නය. නමුත් 'නැතිවූ යතුර' හරහා ඔහුට බොන්නට සිදු වෙන්නේ වයින් ය. ඒ කියන්නේ අහිමි වූ 'යතුරු වස්තුව' හරහා නොසිතූ ආශාවක් වෙතට කොල්ලාට යන්න සිදු වුණේය. 
 
ආදරයේ හැටි එහෙමය. ආශාව විසින් මිනිසා ආපතික බව (contingency) වෙතට රැගෙන යයි. ආශාව ම ආපතිකය. ඒකෙ ඇති වරදක් මා දකින්නේ නැත. 
 
නමුත් අවශ්‍යතාව (කෝපි) නම් අරමුණ මේ ආපතික බව නිසා වෙනස් වෙන බව නම් ඇත්තය. කලින් තිබූ අවශ්‍යතාව වෙනුවට දැන් ඇත්තේ වෙනත් අවශ්‍යතාවක් ය. 
 
මේ එක් එක් නිමේෂවල මිනිස් ආශාව විසින් තමන්ගේ ගමන් දිශාව වෙනස් කරවීම විප්ලවවාදියෙක් හුරු විය යුතු තත්වයක් වෙයි. 
 
කොළඹ කොටුවේ නුවර යන්න හිටගෙන ඉන්න කොට කවුරුහරි ඇවිත් ගාල්ලට එක්කරගෙන යාමට ඉඩ තිබේ. ගාල්ලේදී ඔබට සමහර විට නුවර නොතිබූ දේවල් දැක ගැනීමට සිදුවිය හැක. එය ආපතික බවේ ම තවත් පැත්තක් ය. 
 
කෝපි බීමට ගිය කොල්ලා අන්තිමේ වයින් බොන තැනට ගියේය. දෙවියන් එපා කියූ ඇපලක්ම පිරිමියාට ගිල දමන්නට සිදු විය. දෙවියන්ට යකා නැංගේය. ඒ සාපයෙන් ගැලවෙන්නට තවමත් අපට බැරිය. 
 
ඒ ගැන දන්නා තලේබාන් පප්පලා ගැහැණුන් ගැන ප්‍රවේශම් ය. ඉම්රාන් ඛාන් වුණත් ඉන්ටවිව් දෙන්නේ නවගුණ වැල ගනිමින් ය. වැඩේ ඒ තරමට සීරියස් ය. 
 
මේ කෙල්ලයි කොල්ලයි බටහිර අතික්‍රමණය කරනවා වගේ දෙයක් නම් මට මේ විනාඩි කිහිපය තුළ පේන්නේ නැත. 
 
මට අනුව නම් උන් ලන්ඩනයේ තවත් ලංකාවක් නිර්මාණය කරන්නේය. එහෙම කියන්නේ ලාංකික 'ආශාවේ දවටනය' (encrypted desire) දෙදෙනා තුලම හරි හරියට පෙනෙන නිසාය. 
 
එහේ යන ඔක්කෝම ලන්ඩන් කාරයින් විය යුතු නැතත් හනිෆ් කුරේෂි වැන්නෙක් ගේ ප්‍රවේශය මිට වඩා වෙනස් ය. ඒ ගැන මම කතාකර තිබෙනවාය. 
 
කෙල්ල නයිට් ඩාන්ස් එකට අඳින මල් මල් ගවුම ලංකාව සිහි ගන්වනවා ය. උන්ට ඕනෑ දෙයක් අඳින්නට අයිතිය ඇතත් මා කියන්නේ ඒක නොවේය. 
 
කෙල්ල විසින් කිල් බිල් (Kill Bill) එකේ කිඩෝ වගේ පෙනුමක් නොපෙන්නන හේතුව කොල්ලාට ඒක දිරවා ගත නොහැකි නිසාවෙන් කියා මට හිතෙනවාය. ඌ දැනටත් ඉන්නේ හොල්මන් ද පොල්කොළ සයිස් එකෙන් ය.  
 
එහේ එහෙම උනාට මෙහේ ඊට වඩා බයනැති පොරවල් ඉන්නවාය. ඔයා ඇඳලා ඉන්නේ තොන්ග් වර්ගයේ එකක් දැයි උන් කෙලින්ම අහනවා ය. 
 
X කණ්ඩායමට ගෑවුන අය කිහිප වරක් නරඹා ඇතැයි සිතිය හැකි The Silence of the Lambs (1991) එකේ ක්ලැරිස් ලෙක්ටර් හමුවීමට යන සිර මැදිරි කොරිඩෝවේ මල්ටිපල් මිග්ස් (multiple Miggs) කරන ප්‍රකාශය ඔබට මතක ඇතැයි සිතන්නේ ය. 
 
 
silence of the lambs the 1991 007 anthony hopkins across cell glass from jodie foster 1000x750
 
 
'මට උඹේ හු..... සුවඳ දැනෙනවා' යැයි මිග් ක්ලැරිස් ට කෙළින්ම කියනවා ය (I can smell your cunt). ඒක ශිෂ්ට නැතැයි සිතන ලෙක්ටර් විශ්ලේෂණය ඇතුලෙම මිග් ට සියදිවි නසා ගන්නට සලස්වනවා ය. මිනිස් යථාව එකිනෙකා ට මුණ ගැසෙන්නේ එසේය. 
 
එසේ හමුවූ පුරුෂ යථාව ක්ලැරිස් දිරවා ගන්නවා ය. ඒ අසීරු යථාව ඇයට දිරවා ගැනීමට හැකිවීම සම්බන්දයෙන් ෆුල් ක්‍රෙඩිට් එක ලෙක්ටර් විසින් ක්ලැරිස් ට දෙනවා ය. (You are courteous and receptive to courtesy and had established trust with the embarrassing truth about Miggs) (12.50 මිනිත්තුව). 
 
ඔබට ආචාරශීලි බව එක්ක ගණුදෙනු කරන්න පුළුවන් වගේම අශ්ලීල බව එක්කත් ගනුදෙනු කරන්න පුළුවන් යන්න ලෙක්ටර්ගේ ක්ලැරිස් ගැන වන තක්සේරුව වන්නේ ය. 
 
මිනිස් පැවැත්මේ මේ දීප්තිමත් සහ අඳුරු ද්වෛතය අපට එකවරම පිලිගැනීමට සිදු වන්නේ ය. අපට ඕනෑ නැති කෑල්ල සමඟ අරගල කිරීමට ද සිදු වන්නේ ය. 
 
එවන් චරිත සමාජයට අනර්ථකාරී වනවිට (මිණී මස් කන විට) ඔවුන් සමාජයෙන් වෙන්ව තබන්නේ ය. 
 
එසේ වෙන්ව තැබුවා උණත් යම් යම් දේවල් වෙනුවෙන් ඔවුන් ද ආපසු අවශ්‍ය වන්නේ ය. අවසානයේ බෆලෝ බිල් කේස් එක නිසා මිණී මස් කන ලෙක්ටර් ලඟට එන්නටද ෆෙඩරල් ආණ්ඩුවට සිදු වුණේය. 
 
පවත්නා තත්වයන් ගේ සිරගත බව තුළ ඇතැම් විට මල්ටිපල් මිග් ලා වුවද අවශ්‍ය විය හැකිය. එයද විරුද්ධාභාෂයක් වන්නේ ය. 
 
නමුත් අවස්ථාවක් ලැබුණොත් ලෙක්ටර් ලා මිග්ස් ලා අපිට උවමනා දිශාවලට යවනවා නම් බොරුය. උන් ගල් ආඳන් ය. එක අතකට දැනට ඕනෑ එහෙම මිනිස්සුය. මම කියන්නේ චිත්‍රපටය ගැනය. 
 
නිරෝගී උන් එක එක පාරවල් වල ගමන් කරනා විට රෝගී උන් උන්ගේ පාරක ගමන් කරන බව ලෙක්ටර් හරහා අප ඉගෙන ගත යුතු පාඩම ය. Coffee & Wine සහ The Silence of the Lambs අතර සම්බන්දය ඒකය. 
 
දෙකේම වයින් තිබෙනවා ය. හැබැයි ලෙක්ටර් වයින් බොන්නේ මිණී මස් බයිට් සමඟ ය. ක්ලැරිස් ඒ සත්‍යය ද (යථාව) ග්‍රහණය කර ගන්නවා ය. ඉන් පසුව ඒ සත්‍යය තරණය ද කරනවා ය. ඒ හයිය ක්ලැරිස් ගේ ය. 
 
පුරුෂ යථාව ඉදිරියේ බුර්ෂුවා කාන්තා පොලිසියේ සරණ පැතීම නම් මට ඇත්තේ බොහෝ දුරින් බව මෙතැන මම ලියා තබනවා ය. මම වගේ හැමෝම ඉවසන්න ඕනෑ නැතිය. 
 
කෝපි සහ වයින් සහ තවත් බොහෝ දේ ගැන මගේ සත දෙක මෙච්චරය. මෙහෙම හරි ලිව්වේ ත්‍රිමාණ සඟරාව මා ගැන සඳහනක් කර තිබූ නිසාය. ඒ වෙනුවෙන් මගේ මෙව්වා එකත් මෙසේය. 
 
'ක්ලැරිස් දැන් බැටළුවන් කෑ ගසන හඬ ඔබට ඇසෙන්නේ නැද්ද?'
 
ත්‍රිමාණ ලින්කුව, Coffee & Wine යූ ටියුබ් ලින්කුව සහ The Silence of the Lambs හි අදාල එපිසෝඩය අඩංගු ලින්කුව පහත ය. සංවාද කිරීමේ කිසිදු ආශාවක් ද නැත්තේය. ඔනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කොමෙන්ටු වල ලිවිය හැක. සියළු කොමෙන්ටු වලට ලව් ය.?❤
 
 
 

 

 
 
 
 
 
 
 
Mahesh 2021
(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්