ගුරු විදුහල්පති වැටුප් සටන තවමත් අවසන් වෙලා නෑ. හැබැයි ආණ්ඩුව පැත්තෙන් දෙන විසදුම නං දීලා ඉවරයි.ඒක පිලිගන්න වෘත්තීය සමිති ලෑස්තිත් නෑ.

 
ඊයේ ස්ටාලින් කිව්වේ එකවර වැටුප් වැඩිවීමක් ලැබෙනතුරු වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියනවා කියලා.
 
එයාලා කියන්නේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා කියලා ප්‍රශ්නය විසදන්නේ නෑලු. 
 
දැන් එයාලට ජනාධිපති හරි මුදල් ඇමති එකක් හරි සාකච්ඡාවක් ඕනිලු.
 
රටේ රාළ දිගටම ගුරු විදුහල්පති වැටුප් සටන ගැන කතා කරපු කෙනෙක්.
 
ඒක නිසා ආණ්ඩුව දීලා තියෙන විසදුම සම්බන්ධයෙනුත් කතා නොකොළොත් ඒකත් හරි මදී.
 
රටේ රාළ ගුරු විදුහල්පති වැටුප් සටනත් එක්ක එකඟ නොවෙන තැන් දෙකතුනක් තියනවා. එකක් ගුරු විදුහල්පති වැටුප් සටන තෝරපු වෙලාව. ඒක වැටුප් සටනකට සුදුසු වෙලාවක් නෙවෙයි. සමහරු ඒ සටන තමන්ගේ මජර දේශපාලන වෙනුවෙන් වැරදි තැනකදී ආදේශ කළා.
 
වැටුප් සටන් ඇතුළට රිංගලා දේශපාලන උවමනා ඉෂ්ඨ ගන්නවාට රටේ රාළ හැමදාම විරුද්ධයි. එයාලා ගුරුවරු එළියට ගත්තේ මාරයාත් එක්ක.
 
Online Edu
දරුවන්ගේ සීමිත අධ්‍යාපන අවස්ථාවත් කඩාකප්පල් කිරීම....
 
 
අනික තමයි ඒ වෙනකොට යම්තමින් හරි පටන් අරන් ඉදිරියට ගිය දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ගුරුවරු අයින් කරමින් කරපු දරුවන්ගේ සීමිත අධ්‍යාපන අවස්ථාවත් කඩාකප්පල් කිරීම
 
ඔය ටික තමයි. ඒ හැර රටේ රාළට ගුරු විදුහල්පති ඉල්ලීම් සම්බන්ධව වෙන කිසිම ගැටළුවක් නෑ
 
රටේ රාළ දිගටම කිව්වා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා විසදිය යුතු එකක් බව. ඒ වගේම ගුරු විදුහල්පති සේවය සංවෘත සේවවක් බවට පත් කරන්න ඕනි කියලා.
 
මේ සියල්ලට පදනම් කරගන්න ඕනි සුබෝධනී කමිටු වාර්තාව කියලත් කිව්වා.
 
දැන් කොහොම උනත් ආණ්ඩුව තමන්ගේ තීරණය දීලා ඉවරයි. ඒක කැබිනට් තීරණයක් විදිහටයි එළියට ආවේ.
ඒ විසඳුම ප්‍රකාශයට පත් කළ පළමු මොහොතේම රටේ රාළ ඒ විසදුමට විරුද්ධ වුණා. ඒක සමස්ථ ගුරු ප්‍රජාවම හෑල්ලු කරපු විසදුමක්.
  
කොහොම හරි කැබිනට් මණ්ඩලයට ඒ නිර්දේශය ලබා දුන්නේ ජනාධිපති පත්කරපු ඇමති අනු අනුකමිටුවකින්. ඒකේ විමල්, ඩලස්,  ප්‍රසන්න, අමරවීර හිටියා. 
 
අද වෙනකොට ඇමති අනු කමිටුවේ ගොඩක් අය අතුරුදහන්. පේන්ඩ ඉන්නේ විමල් විතරයි. 
 
විමල් විතරක් තමන් දුන්න මුග්ධ විසදුම ගැන ආඩම්බරයෙන් කතා කරනවා.
 
ඇත්තටම රටේ රාළ හිතන්නේ ඒක ඇමති අනුකමිටුව දුන්න විසදුමක් නෙවෙයි. රාජපක්ෂලා දුන්න විසදුම නැවත අනු කමිටුව හරහා කියවීමක් විතරයි.
 
විමල් කියවන්න දක්ෂයා නිසා දිගටම කියවනවා වෙන්න පුළුවන්. රාජපක්ෂලා ඒකට ලයිසන් එක දීලා තියෙන්නේ විමල්ට.
 
 
විමල් හරියට පෙනී ඉන්නේ ඇමති අනුකමිටුවේ මාධ්‍ය ප්‍රකාශකයා වගේ. රටේ රළට නං මේ ප්‍රශ්නනෙදී විමල්ව පෙනෙන්නේ ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය අවුල් කරපු බී.සී පෙරේරාගේ නූතන අවතාරය වගේ.
 
අපේ රටේ ගුරු සේවයට 1994 වෙනකම් සේවා ව්‍යවස්ථාවක් තිබුණේ නෑ. ගුරුවරු තමන්ට ලැබෙන සොච්චම් වැටුපට වැඩ කළා.  ඇත්තටම වැටුපට වඩා ගුරු පෞරුෂය වෙනුවෙන් හිතලා වැඩ කළේ කිව්වොත් ඒකේ ලොකු වැරැද්දක් නෑ.
 
ඒත් එතන ලොකු ප්‍රශ්නයක් තිබුණා. අවසාන විග්‍රහයෙදී ඒ අසාධාරණය උනේ අපේ සිසු පරපුරට. මොකද සිසුන්ට උගන්නන්න අවශය මානසික සුදානම ගුරුවරයා තුළ තිබුණේ නෑ.
 
ඒත් අපේ රටේ ගුරුවරු දෙවිවරු ඒ පීඩනය දරාගෙන තමන්ගේ වගකීම ඉෂ්ඨ කළා. ගුරු පවුලක දරුවෙක් විදිහට රටේ රාළ ඒක දන්නවා. 
 
 riched pathirana
හිටපු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ
 
 
ඇත්තටම මේ අවුල තේරුම් ගන්න එවකට හිටපු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණට පුළුවන් වුණා. එතුමා විදුහල්පතිවරයකු වීමත් ඒකට බලපාන්න ඇති. 
 
ඒ අනුව තමයි අපේ රටේ ගුරුවරුන්ට ගුරු සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නේ. ඇත්තටම දේශපාලන භේදයෙන් තොරව රිචඩ් පතිරණගේ ඒ උත්සාහයට අපි ගරු කරන්න ඕනි.
 
රටේ රාළ නං ඒකට ගරු කරනවා. රිචඩ් පතිරණගේ ගුරු සේවා ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය උනේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදීම. ඒ කියන්නේ පන්ති කාමරය ඇතුළේදී අධ්‍යාපන ගනුදෙනුව බේරාගන්න දක්ෂ ගුරුවරයෙක් දරුවන්ට මුණ ගැස්සවීම.
 
1943 කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය පනත ඉදිරිපත් කළාට පස්සේ ඒ අයිතිය තහවුරු කරන්න ඉදිරිපත් කරපු වැදගත් පනතක් තමයි ගුරු සේවා ව්‍යවස්ථාව පනත. රිචඩ් පතිරණ ගුරු සේවා ව්‍යවස්ථාව හදලා ඒකට කැබිනට් අනුමැතිය අරන් ඒක ක්‍රියාත්මක කළා .එතනදී රිචඩ්ට ඕනි උනා විධිමත් අධ්‍යාපන කළමණාකරණයක්. 
 
පන්ති කාමරයට දක්ෂ ගුරුවරයෙක් දෙනවා වගේම ඒක නියමිත පාලනයකට යටත් කරගන්න නං පාසැලට දක්ෂ විදුහල්පතිවරයෙක් දෙන්නත් ඕනි.
 
ඒ වගේම මේ තත්වය හරියට කළමණාකරණය කරමින් පවත්වාගෙන යන්න අධ්‍යාපන කලාප මට්ටමින් අධ්‍යාපන පරිපාලන සේවයකුත් ඕනි. රිචඩ් ඒ තුනම හරියටම කළා. කරලා ඒ ව්‍යුහයන් ශක්තිමත් කළා.
 
උදාහරණයක් විදිහට ගත්තොත් ගුරු සේවයේ එක ශ්‍රේණියේ ගුරුවරයෙකුගෙයි, විදුහල්පති පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගෙයි අධ්‍යාපන පරිපාලන පළමු ශ්‍රේණියේ අයකුගෙයි වැටුප් තල සමාන කළා.
 
ඒ වගේම ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලනයේ සමාන ශ්‍රේණිවල අයගේ වැටුප් තල සමාන කළා. ඒ විතරක් නෙවෙයි ගරු සේවාවෙන් පිටත ඇති අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රේණිවල වැටුප් තල එක්ක ගුරුසේවයේ අදාළ ශ්‍රේණිවල වැටුප් තලත් සමාන මට්ටමකට ගෙනාවා.
 
 
මෙතනදී සිද්ධ උන හොදම දේ තමයි ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ ඉන්න ගුරුවරුවරයාට විදුහල්පති සේවයට හෝ අධ්‍යාපන පරිපාලන සේවයට යෑමට තිබුණ උවමනාව නිශේෂේධ වීම.
 
මොකද එයා වැටුප් තලයෙන් විදුහල්පතිටයි, අධ්‍යාපන පරිපාලනය පළමු ශ්‍රේණියේ ඉන්න පරිපාලන නිළධාරියාටයි  සමානයි.
 
ඒක නිසා දක්ෂ ගුරුවරු ශිෂ්‍යයන් එක්ක පන්ති කාමරයේ ඉතිරි වුණා. 
 
රිචඩ් පතිරණ මහත්තයා හදපු ගුරු සේවා ව්‍යවස්ථාවේ තවත් විශේෂඥතාවයක් තමයි අඩු සුදුසුකම් සහිතව ගුරු සේවයේ පහළ ශ්‍රේණිවලට (ගුරු සේවයේ 3.1) සම්බන්ධ වන ගුරුවරුන්ට තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගනිමින් ඉහළට යෑමට අවස්ථාව සැළසීම. ඒකට කඩයිම් ක්‍රමයක් හදලා තිබුනා.
 
ඒක නිසා අඩු සුදුසුකම් සහිතව ගුරු සේවයට බැදුණු ගුරුවරයෙකුට උනත් ඒ කඩයිම් පහු කරගෙන ඩිප්ලෝමාධාරියෙක් දක්වා යන්න අවස්ථාව තිබුණා. ඇත්තටම ඒක ගුරුවරුන්ගේ පැත්තෙන් බැලුවත් දරුවන්ගේ පෑත්තෙන් බැලුවත් ඉතාමත් සාර්ථක උපක්‍රමයක්.
 
ඒක නිසා රිචඩ් පතිරණ ගෙනා ගුරු සේවා ව්‍යවස්ථාවෙන් ඒ වෙනකම් ගුරු සේවයේ තිබුණු ගැටළු ගොඩක් විසඳුනා.
 
ගුරුවරයාට හොඳ පෞරුෂයකින් හා හොඳ මානසික සුදානමකින් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු කරන්න රචඩ් අවස්ථාව හදලා දුන්නා. 
 
ඒත් මේ තත්වයට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා කන කොකා හැඩුවා. ඒ රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත්කිරීම වෙනුවෙන් නිර්දේශ ලබාදීමට1997 දී පත්කරපු බී.සී පෙරේරා වැටුප් කොමිසමෙන්. බී.සී පෙරේරා කොමිසම රාජ්‍ය සේවයේ අනිත් ක්ෂේත්‍රවල වැටුප් විෂමතා ඉවත් කරන්න නිර්දේශ ලබා දුන්නා. හැබැයි ඒක කළේ ගුරු සේවය නොසළකා හරිමින්.
  
ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන නිර්දේශ ඉදිරියේදී දෙන්නම් කියමින් ප්‍රශ්නය කල් දැම්මා. ඒ කල්දැමීම තමයි තවමත් යන්නේ. දැන් ඒක අවුරුදු 24 ක් ඉදිරියට ඇවිත්.
 
රිචඩ් පතිරණ ගුරු සේවා ව්‍යවස්ථාවෙන් හදපු ගුරු පෞරුෂය බී.සී පෙරේරා වැටුප් කොමිසමෙන් බිංදුවට දැම්මා. ඒ නිසා අවුරුදු 24 ක්ම  ගුරු විදුහල්පතිවරුන්ට තමන්ට හිමි වැටුප නැතිව වැඩ කරන්න සිද්ධ වුණා.
 
ගුරුවරුන්ට සිදුවු මේ අසාධාරණ තමයි අද ගොඩක් අය වවාගෙන කන්නේ. 
 
මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම ඒ වරද කළා. ඒ වගේම ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවලට මුවා වෙලා දේශපාලන කරන පක්ෂත් ගුරු විදුහල්පතිවරුන්ට සිදුවුණු මේ අසාධාරණය දේශපාලන වශයෙන් මංකොල්ල කෑවා.
 
 cvbcvb
 සුසිල් ප්‍රේමජයන්ත 
 
 
රටේ රාළට මතකයි 2008 දී මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාය අහෝසි කරන්න අධ්‍යාපන ඇමති විදිහට සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
 
ඒකට කැබිනට් අනුමැතියත් හම්බ වුණා. ඒත් ප්‍රශ්නය එතනමයි.
 
මේ තත්වය යටතේ තමයි ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන අධ්‍යයනය කරලා නිර්දේශ ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු හය දෙනෙක්ගෙන් සුබෝනීට කමිටුව පත් කරන්නේ.
 
සුබෝධනී කමිටුව ගුරු විදුහල්පතිව වෘත්තීය සමිති එක්කත් කතා කරලා. රිචඩ් පතිරණගේ ගුරු සේවා ව්‍යවස්ථාවත් අධ්‍යනය කරලා එයාලගේ නිර්දේශ ඉදිරිපත් කළා.
 
 
ඒක තමයි ගුරුවරුන්ට පිලිගන්න පුළුවන් එකම කම්ටු වාර්තාව. ඒක නිසා ගුරු සේවයේ ප්‍රශ්න ගැන කතා කරනවා නම් රිචඩ් පතිරණගේ ගුරු සේවා ව්‍යවස්ථාවයි, සුබෝධනී කමිටු වාර්තාවයි පැත්තකින් තියලා කතා කරන්න බෑ. කතා කරනවා නමි ඒක කාගේ හරි තක්කඩි දේශපාලන උවමනාවක් ඉටුකිරීමක්.
  
අද මේ ඇමති අනුකමිටුව කරලා තියෙන්නේ ඒක. සුබෝධනී කියන නම නෑ කියන්නේ ශයිලොක්ලා කියලා විමල්ගෙන් එලියට එන්නේ ඒක. අද විමල් සුබෝධනී කියන නමටත් බයයි.
 
ඒක නිසා රටේ රාළ විමල්ට කියනවා හරියට ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතිව ගුරුවරුන්ට බුරාගෙන පනින්න ලෑස්තිවෙලා ආයෙත් රෙදි ගලවා ගන්න හදන්න එපා කියලා.
 
ගුරු වෘත්තිය සමිතිවලට අපට දේශපාලන විවේචනයක් තියෙන්න පුළුවන්. ඒක විමල්ටත් ඇති, රටේ රාළටත් තියනවා.
 
හැබැයි ඒකට මුවාවෙලා ගුරුවරුන්ගේ මූලික අයිතිවාසිකම් පැහැර ගන්න කාටවත් අයිතියක් නෑ. ඒකට ලෑස්ති වෙන්නත් එපා කියලා රටේ රාළ විමල්ට Red Light එක දාලා අනතුරු අඟවනවා. 
 
  
විවේචනයයි, අයිතිවාසිකමයි කියන්නේ දෙකක්. ඒ දෙක හරියට බේරගන්න ඕනි. ඒකට දේශපාලන කොන්ද වැදගත්. ගුරුවරුන්ට තියෙන විවේචනය වගේම ගුරු වෘත්තිය සමිතිවලට තියෙන විවේචනයත් කෙළින් කියන්න. ඒ වගේම සාධාරණ ගුරු අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න. 
  
විමල්ගේ තාත්තත් ගුරුවරයෙක්. තාත්තගේ නාමයෙන් වත් මේ කඩාපනින එක නතර කරන්න විමල්ට හිතෙන්න ඕනි. රාජපක්ෂලා ශේප් කරගන්න ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතිවාසිකම් පාගන්න විමල්ට අයතියක් නෑ වගේ ඒකට ඉඩ දෙන්න බෑ.
 
විමල්ට පුළුවන් තමන්ගෙන් අඩුවක් වෙලා තියනවා නම් බැසිල්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න. ඒක නම්බුයි මේ කරන තුට්ටු දෙකේ දේශපාලනයට වඩා.
 
ඒක නිසා විමල් කරගහගෙන යන රාජපක්ෂලා ගුරු විදුහල්පති වැටුප් සටනට දුන්න විසදුම වැරදී. ඒක බාර ගන්න නෙවෙයි ඒ ගැන කතා කරන්නවත් වටින්නේ නෑ.
 
 image d987368db4
ආණ්ඩුව සුබෝධනී කමිටු වාර්තාව ප්‍රතිපත්තියක් විදිහට පිලිගත යුතුයි. ඒක තමයි මෙතන තියන අවම කොන්දේසිය
 
  
මෙතනදී රටේ රාළ කියන්නේ ආණ්ඩුව සුබෝධනී කමිටු වාර්තාව ප්‍රතිපත්තියක් විදිහට පිලිගන්න ඕනි. ඒක ලිඛිතව ගුරු විදුහල්පතිවරුන්ට දෙන්න ඕනි. ඒ බව ගැසට් කරන්න ඕනි. ඒක මත පදනම් වෙලා ප්‍රශ්නය විසදන්න ප්‍රවේශයක් ගන්න ඕනි. ඒක තමයි මෙතන තියන අවම කොන්දේසිය.
 
ඒක කරනවා නම් ප්‍රශ්නයේ භාගයක් විසදෙනවා. අනෙක් අතුරු ප්‍රශ්න විසදන්න එච්චර අමාරු නෑ. එතකොට මස් රාත්තලම ඉල්ලන්න වෘත්තීය සමිතිවලටත් බෑ.
 
මේ වෙලාවේ දෙන්න බැරි වෙන්න පුළුවන්, ඒත් එයාලගේ අයිතිය පිලිගන්න ඕනි. එහෙම නොකරනතාක් මේ ප්‍රශ්නය නොවිසදුන ප්‍රශ්නයක් විදිහට තවදුරටත් තියෙවි.
 
ඉදිරියේදීත් විමල්ලා වගේ තවත් දේශපාලන තක්කඩි ඇවිත් මේ ප්‍රශ්නය දඩමීමා කරගෙන තමන්ගේ ප්‍රශ්න විසදා ගන්න මාන බලාවි.
 
රටේ රාළ ඒ තුට්ටු දෙකේ දේශපාලනයට විරුද්ධයි. ඒක විමල් කලත්, ආණ්ඩුව කලත්, වෘත්තීය සමිති කළත් වැඩේ වැරදියි.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
 
මීට
රටේ රාළ
Priyant 2021 1
 
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)

 

 

 


THE LEADER TV 
 
 

බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1

 
 
ජනාධිපතිට නින්දා කළ LRC කිරිබණ්ඩා ලීක්කරගෙන!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්