1200 x 80 DMirror

 
 

(ලේඛකයා Econsult Asia ආයතනයේ ආර්ථික පර්යේෂණ විශ්ලේෂකවරයෙකි. Econsult Asia යනු, විකල්ප සංවර්ධන දැක්මක් සහිත ආර්ථික පර්යේෂණ හා කළමනාකරණ උපදේශනායතනයකි)

විනිමය අනුපාතිකයන්ගේ දැවැන්ත ද්‍රවශීලතාව පසුගිය මාස කීපය තුළ ප්‍රවෘත්ති ශීර්ෂපාඨ නිර්මාණය කළේය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 202හි ස්ථාවර කිරීමට මහ බැංකුවේ හිටපු ආණ්ඩුකාරවරයා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විද්‍යාර්ථීන් හා ව්‍යාපාරිකයන් වෙතින් පක්ෂ මෙන්ම විපක්ෂ ප්‍රතිචාර ද ලැබිණි.


අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා විනිමය අගය අඩුකිරීම හෙවත් අවප්‍රමාණය කිරීම යනු ගතානුගතික ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ගතානුගතික ආර්ථික න්‍යායකි.
 


එමගින්, නිදහස් ජාත්‍යන්තර වෙළඳාමෙහි පූර්ණ ප්‍රතිඵල නෙළාගත හැකි යයි ඔවුහු පවසති. විනිමය අනුපාතිකය අවම කරන්නැයි අතීතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් දුන්නේද මෙම පදනමේ සිටයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වෙළඳ දත්ත මගින් අපනයන ප්‍රසාරණයට තුඩුදුන් ප්‍රධාන විචල්‍ය සම්බන්ධයෙන් නිර්මාණය වන්නේ වෙනස් චිත්‍රයකි.


න්‍යාය කුමක්ද?

ගතානුගතික න්‍යාය මගින් කියැවෙන්නේ විනිමය අගය අඩුකිරීම මගින් රටක අපනයනවලට වාසි සිදුවන බවයි. විදේශ විනිමය අගය අඩු වූ විට එම රටේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල වටිනාකම අඩුවන අතර සෙසු ලෝකය සමග තරග කිරීමේදී එම අඩුමිල වාසිදායකය. මෙය උදාහරණයක් මගින් ඉතා හොඳින් පැහැදිලි කළ හැකිය.

පළමු අවස්ථාවේදී, විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලර් 1 = රුපියල් 100කැයි සිතමු. කිසියම් නිෂ්පාදනයක් සිදුකිරීමේදී එයට ආනයනික යෙදවුම් වටිනාකම හා ශ්‍රමය වැනි දේශීය වටිනාකම් එකතු කිරීම අයත් වේ. ආනයනික යෙදවුම්වල වටිනාකම ඩොලර් 100ක් (රු. 10,000ක්) යයි උපකල්පනය කරමු. එම නිෂ්පාදනයේදී සිදුවන දේශීය අගය එකතු කිරීම රු. 10,000කි (ඩොලර් 100කි). එබැවින්, නිෂ්පාදන ඒකකයක වියදම රු. 20,000ක් හෙවත් ඩොලර් 200කි.

දෙවෙනි අවස්ථාවේදී ඩොලරය 100%කින් අවප්‍රමාණය වීම හේතුවෙන් ඩොලර් 1= රු. 200කැයි උපකල්පනය කරමු. ආනයනික යෙදවුම්වල වටිනාකම ඩොලර් 100ක් (රු. 20,000ක්) යයි උපකල්පනය කරමු. එම නිෂ්පාදනයේදී සිදුවන දේශීය අගය එකතු කිරීම රු. 10,000කි (ඩොලර් 50කි). එබැවින්, නිෂ්පාදන ඒකකයක වියදම ඩොලර් 150කි.


දෙවෙනි අවස්ථාවේදී, ඩොලරයා සාපේක්ෂව භාණ්ඩයේ මිල අඩුවී ඇතැයි අපට නිරීක්ෂණය වේ. එයට හේතුව විනිමය අවප්‍රමාණයයි.

එබැවින්, හුදු විනිමය අනුපාතිකය අවම කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළඳපොළේදී නිෂ්පාදනයේ මිලෙහි තරගකාරී ස්වභාවය වැඩිකළ හැකිය.

එමගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට වඩා ආකර්ශනීය වේ. පාරිභෝගික ඉල්ලීම වැඩිවේ. අපනයන වැඩිකිරීම මගින් අපනයනකරුට ආදායම නංවාගැනීමට හැකිවේ.  


ශ්‍රී ලාංකික අත්දැකීම:

2010 හා 2019 අතර කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්ෂිකව 5%කින් පමණ අගය අඩුවී තිබේ. 2012, 2015 හා 2018 වසරවලදී පිළිවෙලින් 12%, 10% හා 20% වශයෙන් ඉලක්කම් දෙකේ ප්‍රතිශතයකින් රුපියලේ වටිනාකම අවම වනු දක්නට ලැබිණි.

 2010 වසර අග භාගයේදී ඩොලරයේ වටිනාකම රු. 111ක් වූ මුත් 2019 වසර අවසානයේදී එය රු. 182 බවට පත්වී තිබිණි. මෙය 64%ක විනිමය අවප්‍රමාණයකි.

න්‍යාය අනුව, විනිමය අවප්‍රමාණය නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොළේදී  තරගකාරී මිලක් ලැබිය යුතුය. එමගින් අපනය ආදායම් වැඩිවිය යුතුය.

කෙසේ වෙතත්, විනිමය අනුපාතික හා වෙළඳ භාණ්ඩ අපනයනය අතර සන්සන්දනාත්මක දත්ත විසින් පෙන්වා දෙන්නේ වෙනස් තත්වයකි. එනම්, අපනයන ආදායම් ඉහළයන වේගය විනිමය අවප්‍රමාණ වේගයට වඩා අඩුය. ඇතැම් වසරවලදී අපනයන ආදායම් පහළ යාමක් ද වාර්තා වේ.

පළමු රූපයේ දැක්වෙන සරල සහසම්බන්ධතා විශ්ලේෂණය මගින් සාක්ෂි සහිතව පෙන්නුම් කරනු ලබන්නේ, විනිමය අවප්‍රමාණය අපනයන පුළුල් කිරීම සඳහා එතරම් හිතකර තත්වයක් නිර්මාණය නොකරන බවයි.

විනිමය අගය අඩුකිරීමෙන් අනතුරුව අපනයන පුළුල්කිරීම සඳහා කුමක් කළ යුතුද යන්න අප විමසා බැලිය යුතුය.

එසේම, විනිමය අවප්‍රමාණය ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා ඉවහල් වන සාධකයක්ද යන්න ද විමසා බැලිය යුතුය.
 
1EEEපළමු රූපය: විනිමය අනුපාතිකයට සාපේක්ෂව වෙළඳ අපනයන  - 2010=100

 


ජීවන වියදම මත ඇතිකරන බලපෑම:


ශ්‍රී ලංකාවේ ආර්ථිකය අධික ලෙස ආනයන මත රඳාපවතී. විනිමය අවප්‍රමාණය හේතුවෙන් ඇතැම් භාණ්ඩවල දේශීය මිල ඉහළයයි. සීනි, කිරි, තිරිඟු සහ ඖෂධ වැනි බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරනු ලැබේ. ඉන්ධන ආනනය සඳහා යන වියදම සමස්ත ආනයන වියදමෙන් 20%කි. තවත් 20%ක් වැයවන්නේ පාරිභෝගික භාණ්ඩ වෙනුවෙනි.



විනිමය අගය පහත යාම හේතුවෙන් මෙම ආනයනික භාණ්ඩවල මිල ඉහළ යයි. එබැවින් ජීවන වියදම ද ඉහළ යයි. එම නිසා වැටුප් වැඩිකිරීමට සිදුවේ. වෙනත් දේශීය යෙදවුම්වල ද මිළ ඉහළ යයි.

ප්‍රතිඵලය වන්නේ අපනයනවල දේශීය පිරිවැය කොටසෙහි වටිනාකම ද වැඩිවීමයි. එම නිසා, විනිමය අගය අඩුවීමෙන් න්‍යායිකව අපේක්ෂිත වාසිය අපනයනකරුවන්ට ලැබෙන්නේ නැත.


උදාහරණයක් ලෙස, ඉහත නිදර්ශනයේ විනිමය අවප්‍රමාණය 100%කි. එහි ප්‍රතිඵලයක් ලෙස, දේශීය පාරිභෝගික භාණ්ඩවල මිල 50%කින් ඉහළ යයි. කලින් රු. 10,000ක් (ඩොලර් 50ක්) වූ දේශීය පිරිවැය කොටස දැන් රු. 15,000ක් (ඩොලර් 75ක්) වේ. මේ හේතුවෙන් භාණ්ඩයේ අවසන් මිල ඩොලර් 175ක් වේ.


මෙම උදාහරණයෙන් අවධාරණය කරනු ලබන්නේ, රටක් ආනයන මත රඳාපවතින්නේ නම්, විනිමය අගය අඩුවන විට අපනයන භාණ්ඩවල මිලෙහි තරගකාරීත්වය ඉහළ යාම අවම වන බවයි.

විනිමය අවප්‍රමාණය හේතුවෙන් විදේශ පාරිභෝගිකයන් විෂයෙහි අපනයනවල මිල තරගකාරීත්වය ඉහළ ගිය ද, එය සිදුවන්නේ දේශීය පාරිභෝගිකයන්ගේ ජීවන වියදම ඉහළ යාමේ ගැටලුවත් සමගය.  



තේ හා න්‍යාය:

TEAසිලෝන් ටී ලොව හොඳම හා පිරිසිදුම තේ ලෙස සැලකේ.


සිලෝන් ටී ලොව හොඳම හා පිරිසිදුම තේ ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ තේ රටට හඳුන්වාදුන් සමයේ සිටම එය ස්ථාවර අපනයන භෝගයක් විය.

# 2019 වසරේදී, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.3ක් විය. එය එම වසරේ සමස්ත අපනයන ආදායමෙන් 11%ක් විය.

එහෙත්, තේ අපනයන ආදායම දිගු කලක් තිස්සේ වර්ධනය නොවෙමින් එක තැන තිබේ.

ශ්‍රී ලංකා රුපියලේ අගය අඩුවෙද්දී අපනයන ධාරිතාවන් අඩුවන ආකාරය 2 රූපයෙන් දැකිය හැකිය.

විනිමය අවප්‍රමාණයත් සමග තේ අපනයන සඳහා මිල තරගකාරීත්වය වැඩි වුවද, අස්වනු හා ඵලදායීතාව ඉහළ නංවාගැනීමට තේ වගා අංශය සමත් වූයේ නැත. මෙහිදී නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි ද අවධානය යොමුවේ.

 
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය විනිමය අවප්‍රමාණය මත රඳා පැවතුණු අතර, තරගකාරීත්වය පවත්වාගත්තේ අඩු වටිනාකමක් සහිත තේ තොග හා තේ පැකට් අපනයනය කෙරෙහි අවධානය යොමුකරමිනි. එයට පරස්පරව, චීනය පසුගිය අවුරුදු දහය තුළදී තේ අපනයන ඉහළ නංවාගෙන තිබෙන්නේ කල්තබා කිවහැකි ස්ථාවර ආකාරයෙන් තම විනිමය අනුපාතික පාලනය කරගැනීමෙනි.


2 EEEදෙවන රූපය: තේ අපනයනවලට එදිරිව විනිමය අනුපාතික (2010=100)


විනිමය අවප්‍රමාණය අපනය පුළුල් කිරීම සඳහා උපකාරී වන බව ගතානුගති ආර්ථික න්‍යාය විසින් යෝජනා කරන නමුදු, ප්‍රායෝගික භාවිතය තුළ, සැපයුම් දාමයෙහි කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන විට වටිනාකම එකතු කරන ලද නිෂ්පාදන විසින් ඉටුකරනු ලබන භූමිකාව වැඩි ප්‍රමුඛතාවකින් යුක්තය.



ඇඟලුම් අපනයන: අගය අඩුකිරීමද? නවෝත්පාදනයද?

ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රය පසුගිය දශකය පුරාම ඉහළම අපනයන ආදායම් උත්පාදක අංශය විය.

2019 වර්ෂයේදී මෙම අංශයේ අපනයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 47%ක් විය.

2011 - 2019 කාල පරිච්ඡේදය තුළ ඇඟලුම් හා රෙදිපිළි අපනයන ආදායම 6%ක වාර්ෂික සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ඡේදය තුළ වාර්ෂික විනිමය අවප්‍රමාණය 5%ක් විය. න්‍යායිකව ගත් කල, විනිමය අවප්‍රමාණය හේතුවෙන් ඇඟලුම් හා රෙදිපිළි අංශයේ ශ්‍රී ලාංකික නිෂ්පාදනවල මිළ තරගකාරීත්වය වර්ධනය විය යුතුය.


3 EEEතුන්වන රූපය: ඇඟලුම් අපනයනවලට එදිරිව විනිමය අනුපාතිකය (2010=100)

 


කෙසේ වෙතත්, ඇඟලුම් අපනයනය කරන බංග්ලාදේශය, ඉන්දියාව හා වියට්නාමය වැනි රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහළ මිල තරගකාරීත්වයක් පවත්වාගත්හ. එයට හේතුව ඔවුන්ගේ ලාභ ශ්‍රම බලකාය, නිෂ්පාදන පරිමාව හා පශ්චිම අනුකලනයයි (backward integration).  ඉහළ වටිනාකම් සහිත නිෂ්පාදන වෙනුවෙන් ශ්‍රී ලාංකික ඇඟලුම් ක්ෂේත්‍රයට ආචාරධාර්මික ශ්‍රම භාවිතාවන් මත පදනම් වන්නට සිදුවේ.



‘මූලික ඇඟලුම්වල’ සිට ‘විලාසිතා ඇඟලුම්’ වෙත මාරුවීම හා ඉහළ පෙළේ ක්‍රීඩා ඇඳුම් වැනි ‘ඇඟලුම් නිෂ්පාදන සැලසුම්’ වෙත තවදුරටත් සංවර්ධනය වීම හේතුවෙන් මෙම ක්ෂේත්‍රය වටිනාකම් දාමයේ ඉහළ ගොස් තිබේ. ඉහත ප්‍රකාශයෙහි ‘මූලික ඇඟලුම්’ යනු කමිස, කලිසම් වැනි ඒවාය. ‘විලාසිතා ඇඳුම්’ යනු වෙළඳ සම්මාන සඳහා නිපදවන යට ඇඳුම් ආදියයි.

විනිමය අගය පහළ බැසීම හේතුවෙන් ඇඟලුම් අපනයන මිල තරගකාරීත්වය වැඩිවීමට බලපා තිබේ.

කෙසේ වෙතත්, එම තත්වය අත්පත් කරගනු ලැබුවේ නිෂ්පාදන සංවර්ධනය සඳහා වේගවත් අන්දමින් ආයෝජන කිරීමෙනි. ඉහළ වටිනාකම සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙනි. සැපයුම් දාමය සිරස්ව අනුකලනය කිරීමෙනි (vertically integrating). මෙම පියවර ඒකාබද්ධව ගත් කල අපනයන ධාරිතාවන් හා ආදායම් ඉහළ නැංවීමට උපකාර වී තිබේ.



රබර් අපනයන: විනිමය අවප්‍රමාණය තිබියදීත් එක තැන පල්වීම:

TYREශ්‍රී ලංකාව ලොව හොඳම ටයර් නිෂ්පාදකයකු ලෙස 2016 ලෝක ආර්ථික සංසදයේදී ඇගයීමට ලක්විය.
 
 
ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 7%ක් ලබාදෙන්නේ රබර් ආශ්‍රිත නිෂ්පාදන මගිනි. එය වර්ධනය වෙමින් තිබෙන අපනයන අංශයකි.

 ශ්‍රී ලංකාව ලොව හොඳම ටයර් නිෂ්පාදකයකු ලෙස 2016 ලෝක ආර්ථික සංසදයේදී ඇගයීමට ලක්විය. කෙසේ වෙතත්, 2011 සිටම මෙම කර්මාන්ත අංශයේ වර්ධනයක් නැත.

2011දී කලින් වර්ෂයට සාපේක්ෂව රබර් ආශ්‍රිත නිෂ්පාදන 59%කින් ඉහළ ගියේය. ආදායම ඩොලර් මිලියන 885ක් විය. ඒ වෙනුවට 2012 - 2019 කාලය තුළදී වාර්ෂික සාමාන්‍ය පහත වැටීමක් සිදුවිය (4 රූපය බලන්න).


4 EEEසිව්වන රූපය: රබර් අපනයනවලට එදිරිව විනිමය අනුපාතිකය (2010=100)


නැවත වතාවක් අප නිරීක්ෂණය කරන්නේ රුපියල අවප්‍රමාණය වීම පමණක් නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

2020 වසරේදී, දේශීය ටයර් නිෂ්පාදක GRI සමාගම ඉහළ යන ගෝලීය ඉල්ලුම හේතුවෙන් තම නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදුකළේය.

මේ අතර, Shandong Haohua Tire Co. නම් චීන සමාගම තම නිෂ්පාදනායතනය පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 300ක ආයෝජනයක් කළේය. GRI සමාගම විසින් භාවිතා කරනු ලැබුවේ මූලෝපායික සංවර්ධන පනත යටතේ ලබාදෙන ලද බදු සම්බන්ධ දිරිගැන්වීම්ය. චීන සමාගම භාවිතා කළේ හම්බන්තොට වරායේ රාජ්‍ය ආයෝජනයි.

 මෙම අවස්ථා දෙකේදීම, නිෂ්පාදන සංවර්ධනය සඳහා දිරිගැන්වීම සිදුවුණේ විනිමය අවප්‍රමාණය මත පදනම් වූ මිළ තරගකාරීත්වය මගින් නොව, බදු හා යටිතල පහසුකම් සම්බන්ධ සුවිශේෂී රාජ්‍ය ප්‍රතිපත්ති මගින්ය.



ස්ථාවරභාවයේ හා දිගුකාලීන ආයෝජනයන්ගේ වැදගත්කම:

අපනයන ආදායම්වලින් 65%ක් වන තේ, ඇඟලුම් හා රබර් යන ක්ෂේත්‍රවල අපගේ විශ්ලේෂණය මගින් දක්නට ලැබුණේ විනිමය අවප්‍රමාණය අපනයන ආදායම් හා ධාරිතාවන් වර්ධනයේදී වැදගත් සාධකයක් බවට පත්වී තිබෙන්නේ කලාතුරකින් බවයි. නිෂ්පාදන ධාරිතා වර්ධනය කිරීමේදී ඊට වඩා තීරණාත්මක වී තිබෙන්නේ ස්ථාවර ආර්ථික තත්වයන් හා වැදගත් තාක්ෂණික හා යටිතල පහසුකම් අංශයන්ගේ සිදුකරන ලද ආයෝජනයි.


වැඩිදුරටත්, ශ්‍රී ලංකාවේ තිබෙන යැපුම් ස්වභාවය හේතුවෙන්, රුපියල අවප්‍රමාණය වීම නිසා මිල උද්ධමනය ඇතිවේ. එමගින් යෙදවුම් පිරිවැය හා වැටුප් ඉහළ යයි.

 මෙම සිද්ධියට අදාළව, අපනයන ප්‍රවර්ධනය කිරීමේදී ස්ථාවර විනිමය අනුපාතික වැඩි වැදගත්කමකින් යුක්ත වේ. මූල්‍ය ප්‍රතිපත්තිවලදී ස්ථාවරභාවය හා අනාවැකි කිවහැකි තත්වයක් පැවතීම අවශ්‍යය. මහ බැංකුව විසින් අඩු පොළී අනුපාතික පවත්වාගෙන යා යුතුය.

මූලෝපායික වශයෙන් වැදගත් අංශවලට ණය සැපයීම සඳහා මගපෙන්විය යුතුය. නිෂ්පාදකයන් නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා සිදුකරන දිගුකාලීන ආයෝජනවලට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා බැංකු සූදානම් විය යුතුය.



අප තවමත් ප්‍රමාද නැත !


නැගෙනහිර හා ගිනිකොණදිග ආසියාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයන් විසින් අනුගනය කරන ලද මග අනුව, ශ්‍රී ලංකාව විසින් කළ යුතුව තිබෙන්නේ නව අපනයන නිෂ්පාදන වෙත අවධානය යොමුකිරීම හා දැනට කරනු ලබන අපනයනවල වටිනාකම් දාමයේ ඉහළට යාමයි.
 
 
67794869 2314516211977785 182860899801890816 nආසියානු කොටින් ලෙස සැලකුණු රටවල් ඇඟලුම් කර්මාන්තයේ සිට ඉලෙක්ට්‍රොනික් වෙත යොමුවූහ.


ආසියානු කොටින් ලෙස සැලකුණු රටවල් ඇඟලුම් කර්මාන්තයේ සිට ඉලෙක්ට්‍රොනික් වෙත යොමුවූහ. වේගයෙන් වර්ධනය වන ඉලෙක්ට්‍රොනික් වෙළඳපොළක් තිබියදී පවා ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකර නැත.

මෝටරෝලා සමාගම විසින් 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ කරන්නට අදහස් කළ ආයෝජනයක් යුද්ධය නිසා වැළකීමත් සමග ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් අහිමි විය.

කෙසේ වෙතත්, අප තවමත් ප්‍රමාද නැත. ශ්‍රී ලංකාවේ ඉහළ සාක්ෂරතාවකින් යුත්, කුසලතා පූර්ණ ශ්‍ර ම බලකායට ගෝලීය වටිනාකම් දාමය වෙත කාර්යක්ෂම ලෙස ඒකාබද්ධ වීමේ හැකියාව තිබේ.


bODHI(බෝධ් මාතුර)

ආර්ථික පර්යේෂණ විශ්ලේෂක
Econsult Asia ආයතනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

Leader Whats app

 
 

 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්