1200 x 80 DMirror

 
 


මහාචාර්ය රොහාන් සමරජීව, උත්තර සභා සංයුතිය පිළිබඳ සාධාරණ සමාජයක් ව්‍යාපාරය වෙනුවෙන් මගේ විවේචනයට දැක්වූ ප්‍රතිචාර ගිය සතියේ 'අනිද්දා' පත්‍රයේ පළවිය.


මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරයෙකු නොවේ. එහෙත් සමාජ සංසිද්ධි නිරීක්‍ෂකයෙකු ලෙස නව ව්‍යවස්ථාවක් සැකසීමේදී සිද්ධි අධ්‍යයනය මුල්විය යුතු තරයේ විශ්වාස කරමි.

ඉහළ සිට පහළ දක්වා කිසිවෙකු නීතියට ගරු නොකරන අපේ රට නොනිමි අර්බුදයකට ගොදුරුව පවති.

1815 සිට 1948 තෙක් වසර 133ක් ලංකාව යටත් විජිතයක්ව පැවතිණ.  

ලංකාවට නිදහස ලැබෙන විට, අපට උචිත ව්‍යවස්ථාවක් සැකසීම යටත් විජිත පාලකයන් ස්වේච්ඡාවෙන් පවරා ගත්තේ තමන් සතුව පැවති රටේ ප්‍රගමණනය අපේක්‍ෂාවෙන්  විය හැකිය.  



ඉන්දියාව ආරම්භයේම ජන රජයක් විය. ව්‍යවස්ථා හැඩයෙන් වෙනස් වුවද, ලංකාව මෙන්  කැබිනට් ක්‍රමයට අනුගත විය. මහාචාර්ය සමරජීව උපුටා දක්වන්නේ ලංකාවේ සෙනෙට් සභාවට සමාන ඉන්දිය ද්විථීයික සභාවට අදාල අත්දැකීමකි.  



1948 සිට 1972 තෙක් සෝල්බරි ව්‍යවස්ථා නීතිය ක්‍රියාත්මකවූ ලංකාවේ ව්‍යවස්ථාව විධායකය සහ අධිකරණය එකිනෙකින් වෙන්ව ස්වාධීනව පැවතිණ.  ප්‍රිවි කවුන්සිල් බලය අධිකරණ පද්ධතියට ගැට ගැසීමත් නාමික විධායකයා බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා වීමත් හැර වෙනත් විවේචන නොපැවතිණ.

වරක් අපේ කැමැත්තට නාමික විධායකයා වෙනස් කළ අතර, ප්‍රිවී කවුන්සිල් නඩු නීතිය නොතකා අපේ  අධිකරණය ක්‍රියා කළ අවස්ථාවන්ද විය. ඒ කාලයේ, රාජ්‍ය සේවය නිර්බාධිතව පැවතිණ. බඳවා ගැනීම්, ස්ථාන මාරු, උසස්වීම් තනතුරු ප්‍රදානයන් රාජ්‍ය සේවා කොමිසමේ පාලනය යටතේ පැවතිණ. රාජ්‍ය මුදල් පාලනය රාජ්‍ය නිලධාරින්ගේ වගකීම විය. රාජ්‍ය සහ ආණ්ඩුව අතර ගනුදෙනුව සාමකාමි විය.



නව ව්‍යස්ථාවක අවශ්‍යතාවක් නො පැවති අවස්ථාවක බිහිවූ ලංකාවේ පළමුවෙනි ජනරජ ව්‍යවස්තාවෙන් 1972 රාජ්‍ය සේවය උඩුයටිකුරු විය. මුදල් පාලනය දේශපාලනඥයන් අතයට ගනුදෙනුවක් වීමෙන් රටේ නාස්තිය වැඩිවිය. සුදු අලියෙකුවූ පළාත් සභා අවශ්‍ය වුණේ සෝල්බරි ව්‍යවස්තාවෙන් ආරක්‍ෂා කළ සුළු ජාතික අයිතිවාසිකම් ජනරජ ව්‍යවස්ථාවෙන් අහිමි වූ නිසාය.



ජනරජ  ව්‍යවස්ථාව නිසා බියපත් වූ ලාංකේය දමිළ කතා කරන සකල ජනතාව වඩුක්කොඩෙයි සම්මුතියෙන් බැඳීමෙන් මෙය තහවුරු වේ. රටේ පාලකයන් සුළු ජාතික අයිතිවාසිකම් නොතකා හැරීමෙන් ඇතිවූ අසහනය සන්නද්ධ අරගලයක් තෙක් උත්සන්න විය.

නිදහස් ලංකාවට මෙවැනි අස්ථාවර භාවයන් ඇති වෙතැයි  බ්‍රිතාන්‍යයන් සැක කළහ. එහෙත් රට පාලනයට අවශ්‍ය තරම් රටේ ජනතාව බුද්ධියෙන් සහ දැනුමෙන් පරිපූර්ණ බව තහවුරු කිරීමට අපේ ජාතික නායකයන් සෝල්බරි කොමසාරිස් වරුන්ට කුඹුරු කොටමින් සිටි ගොවීන් පවා මුන ගස්වා කරුණු විමසීමට පියවර ගත් බව කියැවේ.

මෙසේ දැඩි පරිශ්‍රමයකින් අත්පත් කරගත් සොල්බරි ආණ්ඩු ක්‍රමය 24 වසරක් පුරා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සහ සන්නද්ධ කැරැල්ලක් මැඩ පවත්වා ගැනීමට සමත් විය. සොල්බරි ආණ්ඩු ක්‍රමය යහ පාලන මූලධර්මයන්ට අනුකූලවූ බවට විවාදයක් නැත. එකී පෘතුල මෙන්ම ප්‍රකට අත්දැකීම උත්තර සභා ක්‍රමය කෙරෙහි සෙනෙවිරත්නයන් මහත් විශ්වාසයෙන් පසුවේ යයි මහාචාර්ය වරයා ලඝු කර දක්වති.

රට වැටුණ තැනින් ගොඩ ගැනීමට නව ව්‍යවස්ථාවක් හඳුනා ගැනීමේදී අපට අහිමිවූ එකී සාර්ථක අත්දැකීම ගැඹුරෙන් විමසීම වාසිදායකවේ. දෙවන සභාවක වගකීම මහාචාර්ය සමරජීව ජාතික ලැයිස්තුවට ලඝු කිරිම කණගාටුදායකය.


e2fca3b42df21e279c4ad2b901ff58fb XL

ජාතික ලැයිස්තු විධිවිධානය, විධායක ජනාධිපති ක්‍රමයට ඇතුල් කළේ 1972 ජන රජයෙන් අහිමි උත්තර සභාවට ඌන පූරණයක් හැටියට  විය හැකිය. එහෙත් ජනතාව ප්‍රතික්‍ෂේප එහෙයියන් ජාතික ලැයිස්තුවේ ස්ථානගත කළ අවස්ථා අමතක කළ යුතු නැත.

ජාතික ලැයිස්තු විධිවිධානය පමණක් නොව, දෙවන ජනරජ නීතියේ බොහෝ පුළුල් විධිවිධාන අවභාවිතා කළ බව රහසක් නොවේ.

පක්‍ෂ මාරුව තහනම් කිරීමෙන් ව්‍යවස්ථාදායකය සතු අදීනත්වය කෙළෙසී පාලකයන් ඒකාධිපතින් වීම වැනි අමිහිරි අත්දැකීම් අනුව, යෝජිත ව්‍යවස්ථාවේ උත්තර සභාවෙන් පළාත් සභා ක්‍රමයේ ආරක්‍ෂාව අපේක්‍ෂා කළ නොහැකිය.


වසර තිස් ගණනක් සක්‍රියව පවත්නා පළාත් සභා සතු නෛතික අයිතිය තර්ටීන් ප්ලස් වී තවමත් හෑල්ලු වේ. 13 වෙනි සංශෝධනයට මුල්වූ ඉන්දියාව පවා සිය කලාපීය බල තුලනයේදී කේවල් කිරීමේ උපායක් ලෙස පමණක් සලකනු පෙනේ.



1972 සිට 60 වසරකට ආසන්න ශ්‍රී ලාංකේය ජනරජ අත්දැකීම තුළ පාලකයන් රටේ ජනතාවට තබා සිය හෘදය සාක්‍ෂියට හෝ අනුගතව හැසිරී නැත. එවැනි පසුබිමක, යෝජිත උත්තර සභාවට පළාත් සභා සාමාජිකයන් කැඳවීමෙන් තවත් විවාද මණ්ඩපයක් මිස, නිශ්චිත උපදේශන සහායක් අපේක්‍ෂා කළ නොහැකිය.

ජාතික ගීය භාෂා දෙකකින් ගායන කරනවාට විරුද්ධ රටේ පළාත් සභාව සතු බලය මුදා හැරීම උත්තර සභාවකින් අපේක්‍ෂා කළ හැකිද? නීතිය නවමින්  පුද්ගලයන් රකින ලංකාව අප නිවැරදිව හඳුනාගත යුතුවේ.  

හබරණ කැලෙන් සොරා ගත් අලි පැටියෙකු හඹා ආ නිලධාරින්ට මරණ තර්ජන කළ හමුදා ආඥාපතියෙකු ඇපදී ගෙදර යවන තරමට අධිකරණය අවතක්සේරුවූ රටකට අවශ්‍ය අනම්‍ය නීති ක්‍රමයක් මිස, අතුරු උපදේශන  සභා නොවේ.  


ලෝකයේ සාර්ථක ආණ්ඩු ක්‍රම සියල්ල පත එකට සිඳ ආණ්ඩුක්‍රමක් ක්‍රියාත්මක කළද, සාර්ථක රාජ්‍ය පාලනයක් තහවුරු වන්නේ රටක් ගැන ආඩම්බරවන පාලකයන් සිටිත් නම් පමණකි.  



එල්ලුම් ගස් ගිය මිනිමරුවෙකු ඉහළ මනාප වලින් තෝරා පත් කර ගත හැකි ඡන්ද ක්‍රමයක්.....? පවත්නා තෙක් නීතියේ ආධිපත්‍ය ආරාක්‍ෂා වේද?  ජනතාව ගමන් කරන මහ පාරක් ආගමික හේතුවක් මත එක් රැයකින් වසා දමන ලංකාවේ කෝවිලක බිලි පූජා නතර කිරීම විශිෂ්ඨ පාලනයක ස්වරූපය නොවේ.



Ganasar
ජන වාර්ගික භේද ඇති කොට, ලේ සෙලවූ චීවරධාරින්ට නීතිය ස්ථාපිත කිරීමේ වගකීම් පැවරීම නතර කළ හැක්කේ අනම්‍ය නීතියක් පවතී නම් පමණකි.


අප වැටුණ තැනින් රට ගොඩ ගැනීමට ඍජු නීතිය ශක්තිමත් කළ යුතුවේ. නාස්තිය අවම කළ යුතුවේ. වරප්‍රසාද වරදාන අවම කළ යුතුවේ. ඒ අපේක්‍ෂාවන් ජය ගැනීමට පාලකයන්ට ඉහළින් පවත්නා නීතියක් අවශ්‍ය වේ.

තමන්ද අපේක්‍ෂකයෙකුවන ජනාධිපතිවරණයේදී ජනතාව ආකර්ශණය කර ගැනීමට බෙදූ සිල්රෙදි මිලදී ගැනීමට රජයේ මුදල් වැය කළ පාලකයෙකු අදටත් බලයේ සිටියි. ප්‍රකට සිල්රෙදි නඩුවේදී පළමුවෙනි විත්තිකාර සුපිරි රාජ්‍ය නිලධාරියා, ජනාධිපති දුන් නියෝගය ඉක්මවා ක්‍රියා කිරිමට තමන් අපොහොසත්වූ බව අධිකරණයේදී පිළි ගත්තේය. සිය තනතුර අවභාවිතා කළ බව ඒ ප්‍රකාශයෙන් තහවුරුවූ හෙයින් ඔවුන් වරද කරුවන් විය.

අත්තනෝමතිකව රටේ ආරක්‍ෂක කවුන්සිලය නොකැඳවීම් වැනි බලය අවභාවිතා කරන පාලක නරුමයන් මැඩීමට අවශ්‍ය නීතිය මිස සම්ප්‍රදායන් නොවේ. රටට හිතැති නීතියට අවනත ගෞරවනීය පැවැත්මක් සහිත පාලකයන් නිර්මානය වන්නේ ව්‍යවස්ථාව ශක්තිමත් කළ තරමටය.

උදේ ආහාර වේලට රජයේ මුදල් වැය කළ අගමැතිවරියට එරෙහි නීතියක්.....? මුව ආවරණ නොමැතිව සාප්පු සවාරි ගිය පාලකයන්ට එරෙහි නීතියක්....?  රටක් දේශයක් යනු එවැන්නකි. සිද්ධි අධ්‍යයනය යනු යහපත අයහපත වෙන්කර ගැනීමය.



කිසිදු රාජ්‍ය තනතුරකට නුසුදුස්සෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අපතයෙක් ජනාධිපති ලේකම් ලෙස තෝරා ගත් පාලකයාට එරෙහි නීතියක් රටට අවශ්‍ය වේ.



මැතිවරණ දිනයක වෙඩි හුවමාරුවකින් සිදුවූ භාරත ලක්‍ෂමන් ඝාතනයේ සැකකාර දුමින්ද සිල්වා නීතියෙන් ආරක්‍ෂා කළ පාලකයන් අධිකරණයෙන් එල්ලා මැරිමට නියම වූ එකී පුද්ගලයාට සමාව දී රාජ්‍ය ආයතනයක් භාරදුන් ගත් පාලකයාට එරෙහි නීතියක් රටට අවශ්‍ය වේ.  

සක්‍රිය බලය යනු රටේ ගෞරවය මිස, පාලකයාගේ පවුලක හයිය නොවේ. නීතිය මමයි කී පාලකයෙකුගේ මන්ද බුද්ධික හිනාව හමුවේ අම්බේඩ්කාර්ට දුවන්නට පාරත් මදිවේ.

2015 ජනාධිපති ඡන්දයේදී මිනිසෙකු මරා එල්ලුම් ගහට තීන්දුවූ චොකා මල්ලි වැඩි මනාපයෙන් දිනවීමත්, පකිස්ථානයේ සියල් කෝට්හීදී ප්‍රියන්ත කුමාර ඝාතනයත් දෙකම අමානුෂික නොවේද? දුමින්ද සිල්වා සහ චොකා මල්ලි රැක්ක ලංකාවේ පාලකයන් සහ ඉම්රාන් ඛාන් අතර පරතරයද යහපත අයහපත මතු කරන සිද්ධි අධ්‍යයනයකි.  



184184 pjimage 1ඍජු තීන්දු ගත් ඉම්රාන් ඛාන්ට ප්‍රසංසා කළ අස්ගිරි මහ නා හිමි ලංකාවේ රාජපක්‍ෂලාට දෙන අවවාදය කුමක්ද?



යෝජනාවක් අනුමත කිරීමට එකී යෝජනාව ගැන දැන සිටීම අනවශ්‍ය බව කියන ඇමතියෙකුගේ සිවිල් අයිතිවාසිකම් තහනම් කළ හැකි නීති ප්‍රතිපාදන අපට අවශ්‍ය වේ.  

ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ හොරුන් ඇල්ලීමට නොවේ. හොරකම් කළ කළ නොහැකි රටක් නිර්මානය කිරීමය.

ලෝකයම වැඳ වැටෙන ථේරවාදි භික්‍ෂුවකට වැදූ මව් මතක් කර කුණුහරුප කී චීවරධාරියා රාජ්‍ය තනතුරක් දැරීම ඉවසන ලංකාවේ බබාසහේබ් අම්බෙඩ්කාර් වැන්නෙකුගේ චින්තනයට පැවැත්මක් වේද?

පවත්නා ක්‍රමය වෙනස් කිරීමේදී රිංගා යා හැකි, නීති හදන මිනිසුන්ද ප්‍රතික්‍ෂේප කළ යුතුවේ.


සංශෝධන 27 සහිත වසර 233ක් පැරණි අමෙරිකා ව්‍යවස්ථාව සහ සංශෝධන 20 සහිත වසර 43ක් පැරණි  ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව අතර පරතරයද සිද්ධි අධ්‍යයනයකි.


වසර විසි හතරක් සෝල්බරි ව්‍යවස්ථාවට අනුගතව පැවති නිදහස් ලංකාවේ, පනස් වසරකට ආසන්න ජනරජ ඉතිහාසයේ හොරකමට මිස, යහ පාලනයට ඉඩකඩක් නොවිණ. 2015-2019 අතර පැවති යහ පාලන බලපෑම  ඇති කළ ධනාත්මක සීමාවන් රාජපක්‍ෂ පාලනයට ඇති කළ අභියෝග අනුගම්‍ය සාර්ථක අත්දැකීමත් සිද්ධි අධ්‍යයනයකි.

සංස්කෘතික මිනිසුන් ගැවසෙන, අනභිබවනීය රටකට අවශ්‍ය විනය සහ පැවැත්ම සහතික කරන පාලන ක්‍රමයක් අප නිර්මානය කළ යුතුවේ.

ශ්‍රී ලංකාව  බුද්ධිමතුන්ගේ පාරාදිසයකි. ලෝකය ගැන මැනවින් හදාළ ඔවුන් සවස්කරයේ සතුටු සාදයකදී රටේ පවත්නා ක්‍රමය වෙනස් කළ යුතු පිළිගනිති. අවාසනාව කිසිදු දේශපාලනඥයෙකු ඊට කැමති නැති බව කියා නිහඬවීමය.


අපට පැවරී ඇත්තේ පාලකයන් චුදිතයන් කොට, රට ගොඩ නැගිය යුතු අභියෝගයකි.  



වසර තිස් ගණනක් නොදුන් පළාත් සභා බලය උත්තර මන්ත්‍රි මණ්ඩල සංයුතියක් හරහා වෙනස් කිරීමට විශ්වාස කිරීමත් හාස්‍යයකි. කොළඹ ජීවත්වනනෝ සිතන්නේ ලංකාව යනු කොළඹ කියාය.

 මනාප උපයාගෙන ගමෙන් පාර්ලිමේන්තු ආ පුද්ගලයන් එක් රැයෙන් කොළඹයන් වෙන රටේ ගම නියෝජනය කරන්නෙක් නැත.


සාධාරණ සමාජයක් ව්‍යාපාරය කඩිනමින් මේ අවුල නිරවුල් කරගත යුතුවේ. මේ සෙනෙවිරත්නයන්ගෙන් පෙරළා ඇසිය යුත්තේ ඉහත අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ජාතික ලැයිස්තුවේ ආසන 28ක් තිබියදී දෙවන මන්ත්‍රණ සභාවක් කැප කරන්නේ ඇයිද යන්නයි. යනුවෙන් මහාචාර්ය සමරජිව කරන විමසීම පිළිබඳව මගේ සරල ප්‍රතිචාරය වේ.

Bhimrao Ramji Ambedkarආචාර්ය බිම්රාඕ රාම්ජී අම්බේඩ්කාර් ලෝක පූජිත විශිෂ්ඨයකි.


උත්තර සභාව පිළිබඳ මහාචාර්ය සමරජීවගේ ඉන්දීය අත්දැකීමට බද්ධ ආචාර්ය බිම්රාඕ රාම්ජී අම්බේඩ්කාර් ලෝක පූජිත විශිෂ්ඨයකි. අම්බේඩ්කාර් ව්‍යවස්තා සම්පාදකයෙකු පමණක් නොවේ. ඔහු ඉන්දිය ජනරජ ලාංචනය හඳුන්වා දීමට මුල්වූ හරි ජනයන් වෙනුවෙන් පෙනී සිටි, හින්දු ආගම අතහැර දස දහස් ගණනක් සමග බෞද්ධාගම වැළඳ ගත් විපර්යකාරකයෙකි. ශ්‍රී නේරුගේ පළමු කැබිනට් මණ්ඩලයේ නීතිය හා අධිකරණ ඇමතිවරයාය.

විධායක ජනාධිපතිගේ පටන් එල්ලුම් ගහට නියමව සිටින චොකා මල්ලිත් තෝරා පත් කළ රටේ බහුතරයෙන් සමන්විත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ භාවිතය ගලගොඩඅත්තේලා මිස අම්බේඩ්කාර්ලා නොවේ.



පවත්නා මේ විකෘතිය කඩා බිඳ අලුතින් රටක් නිර්මානය කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය නීති මිස පරමාදර්ශ නොවේ. සක්‍රිය දේශපාලනඥයන් සතුටු කිරීමට සිදු කරන ව්‍යවස්ථා පෙරළියක් ගැන කිසිදු සිහි බුද්ධිය ඇත්තෙකු විශ්වාසය නො තැබිය යුතුවේ. පවත්නා යථාර්ථය මෙයයි.



සිද්ධි අධ්‍යයනයක් හරහා පිළියම් අවශ්‍ය මේ නිසාය. වෙනසක් කිරීමට අප හඳුනා ගන්නා චරිතය සිය මෙහෙවර නිම කොට නික්ම යන්නෙකු නොවේ නම් ඔහු තවත් පාලකයෙකු වීමෙන් අපේක්‍ෂිත කිසිවක් අපට හිමි නොවනු ඇත.

වහලෙකුගේ මුනුපුරෙකු රටේ ජනාධිපති වනතෙක්, අමෙරිකානු ඉතිහාසයට පැවති ඉවසිල්ල, පකිස්ථානයක් නිර්මානය කළ මුස්ලිම් වරුන්ගෙන් පැවත ආ අබ්දුල් කලාම් රටේ ජනාධිපති කළ ඉන්දිය චින්තනය අනුගම්‍ය පූර්වාදර්ශක් බව සැබෑය.

එහෙත් ආර්ථිකය ලිබරල්ද ධනවාදිද යන්න පටලවා නොගත යුතුවේ.

සිව් වසරකට වරක් අඛණ්ඩව අමෙරිකාවේ ජනාධිපති මැතිවරණ පැවැත්වේ. 17 සහ 19 වෙනි සංශෝධනයන්ට එරෙහිව, 18 සහ 20 වෙනි සංශෝධන අනුමැතියට තුනෙන් දෙක ලබාදුන් මහලු සමසමාජ කොමියුනිස්ට් කාරයන් මෙන්ම, ජවිපෙය තනිව දේශපාලනය කිරීමට වෙර දැරීමත් එකම ජාතියේ හැසිරීම් වේ.

පාදඩයන් රතු පලස් මගින් වඩම්මවන රටක ජීවත් වෙන අපට, මොනවද මුත්තේ මොකද කරන්නේ ගීතයෙන් කියැවෙන පණිවිඩයත් වැදගත් වේ.

 

 

 

Chandrasiri Senevirathne 21

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)


ලේඛකයාගේ ලිපියට අදාල සබැඳි ලිපි :

සෝල්බරි සෙනෙට් මණ්ඩලයට වෙනස් දෙවෙනි මන්ත්‍රණ සභාවක් අවශ්‍ය ඇයි? - මහාචාර්ය රොහාන් සමරජීව

නව ව්‍යවස්ථාවක් සැකසීමේදී සිද්ධි අධ්‍යයනය මුල් විය යුතුයි -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

  

'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip 

Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola

 

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්