The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොරෝනා අස්සේ පාර්ලිමේන්තුව එපා යැයි කියමින් පැමිණෙන විසකුරු සර්පයා!

T

The Leader Desk

April 4, 2020 • 7:40 AM

 කොරෝනා අස්සේ පාර්ලිමේන්තුව එපා යැයි කියමින් පැමිණෙන විසකුරු සර්පයා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපතිවරයා පඅප්‍රේල් 01 දා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යවා ඇත.
  • මෙනිසා ඇතිවන ගැටලූ මගහරවා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කඩිනමින් ක්‍රියාකිරීම යෝග්‍ය බවය.
  • අප්‍රේල් මාසයෙන් පසුව රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳව ද ගැටලූවක් උද්ගතව ඇත.
  • මේ සියල්ල සලකා නැවත තිබුණ පාර්ලිමේන්තුවම කැඳවිය යුතු බව විපක්ෂයද ප්‍රකාශ කරමින් සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ලිපිය තුළින් ඔහුඑම ලේකම්වරයා වෙත අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි මාර්තු මස දෙවෙනිදා සිට මාස තුනක කාලයක් ඉකුත්වෙන්නට ප්‍රථම නව පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා මැතිවරණය පැවැත්වීම දැන් උද්ගත තත්ත්වය මත දුෂ්කර බව, තම කොමිසමේ නිරීක්ෂණය බවය.

මෙනිසා ඇතිවන ගැටලූ මගහරවා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කඩිනමින් ක්‍රියාකිරීම යෝග්‍ය බවය.

මෙම ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තවම දැනගන්නට නැත. අප්‍රේල් මාසයෙන් පසුව රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳව ද ගැටලූවක් උද්ගතව ඇත.

මේ සියල්ල සලකා නැවත තිබුණ පාර්ලිමේන්තුවම කැඳවිය යුතු බව විපක්ෂයද ප්‍රකාශ කරමින් සිටියි.

 

පාර්ලිමේන්තුව ‘අනවශ්‍ය බවට' මතයක් !

එහෙත් ආණ්ඩුවට හිතවත්, ගෝඨාභය රාජපක්ෂට අතිසමීප මිලිටරි හිතවාදී දේශපාලන නායකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් සමාජය මත පතුරවා හරිමින් සිටින මතය කුමක්ද? ඔවුන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මේ යන විදිහ හොඳ නිසා නැවත පාර්ලිමේන්තුව කැඳවීම හෝ මැතිවරණය පැවැත්වීම ‘මේ මොහොතේ‘ අනවශ්‍ය බවය.

සමාජ මාධ්‍ය තුළද රැඩිකලූන් සේ පෙනී සිටින බොහෝ දෙනෙකුගේ මතය ද වන්නේ පාර්ලිමේන්තුව නැවත කැඳවීම යනු ‘මේ මොහොතේ‘ රටට අනවශ්‍ය වියදමක් බවය. තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව පරිශ්‍රය නිරෝධායන මධ්‍යස්ථානයක් කළ යුතු බවය.

pOST

මේ සියලූ කතා තුළින් විසකුරු සර්පයෙක් එළියට එයි. එනම් අධිකාරවාදී පාලනයක් මේ රටේ උද්ගත බොහෝ ප්‍රශ්නවලට පිළිතුර බවය..!

කොවිඞ් මර්දනය සඳහා පත්කළ ජනාධිපති කාර්යසාධක බලකායේ ලොක්කා ලෙස ජනාධිපතිවරයා පත් කළේ යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ය. මෙම පත්කිරීමද නිදර්ශනයට ගනිමින් පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත යන්න සමාජය තුළ පැලපදියම් කිරීමට මේ මොහොතේ බොහෝ දෙනෙකු වැඬේට බැස ඇත.

ඔවුන් දැනට කියන්නේ ‘මේ මොහොතේ‘ පාර්ලිමේන්තුව අවශ්‍ය නැති බවය. එහෙත් මේ වසංගතය කෙළවරවූ පසු ‘බලන්න පාර්ලිමේන්තුව නැති නිසානේ ඔය වැඬේ ඔච්චර සාර්ථකව කළේ‘ යැයි කියමින් මේ මොහොතේ යන්න හැමදාටම ලෙස වෙනස් කළ හැකිය.

 එනිසා පාර්ලිමේන්තුව ඕනෑ නෑ කියමින් එළියට එන මේ විසකුරු සර්පයා හඳුනාගත යුතුය.

(කේ සංජීව -අනිද්දා පුවත්පතේ වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී)

 

සබැඳි පුවත් :

කොරෝනා ජරමර අස්සේ '225 ම එපා' කියන කුමන්ත්‍රණයක් ! - අපායෙන්’ (Hell) එන 'අයිඩියා එකක්' දැයි මංගල විමසයි. 

''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි'' -මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් 

මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...