The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලාංකික යුවලකට උපහාර දෙමින් සිංහරාජයෙන් පිබිදෙන අලුත් ඕකිඩ් මල

T

The Leader Desk

May 11, 2020 • 9:24 AM

 ලාංකික යුවලකට උපහාර දෙමින් සිංහරාජයෙන් පිබිදෙන අලුත් ඕකිඩ් මල  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති සිංහරාජ වනාන්තරයේ පහත් බිම්වලින් සොයා ගන්නා ලද නව ඕකිඩ් විශේෂයක් ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිසරවේදීන් දෙදෙනකු වන
  • ගැස්ට්‍රෝඩියා ගුණතිලකියෝරම් (Gastrodia gunatillekeorum) ලෙස නාමකරණය කෙරුණු එම ශාකය උද්භිද විද්‍යා  පර්යේෂකයන් පවසන පරිදි දක්නට හැක්කේ සිංහරාජ වනාන්තරය තුළ ස්ථාන තුනක, පරිණත ශාක සියයකටත් වඩා අඩු සංඛ්‍යාවක් සහිත ගහනයක් වශයෙනි.
  • එම නිසා එම ශාකය වඳ විමේ තර්ජනයකට මුහුණ පා ඇති ශාක විශේෂයක් ලෙස සැලකෙයි.
  • උඩවැඩියා ලෝකයෙන් සොයාගන්නා ලද අලුත්ම සාමාජිකාව පිළිබඳ එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කොට ඇත්තේ බයෝටැක්සා (Biotaxa) නමින් හැඳින්වෙන ශාස්ත්‍රාලීය සංග්‍රහයේ  පර්යේෂණ පත්‍රිකාවක් මඟිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිමල් සහ සාවිත්‍රි ගුණතිලක ආචාර්ය යුවළට උපහාර වශයෙන් ඔවුන්ගේ නමින් හැඳින්වීමට තීරණය කොට ඇත.

ගැස්ට්‍රෝඩියා ගුණතිලකියෝරම් (Gastrodia gunatillekeorum) ලෙස නාමකරණය කෙරුණු එම ශාකය උද්භිද විද්‍යා  පර්යේෂකයන් පවසන පරිදි දක්නට හැක්කේ සිංහරාජ වනාන්තරය තුළ ස්ථාන තුනක, පරිණත ශාක සියයකටත් වඩා අඩු සංඛ්‍යාවක් සහිත ගහනයක් වශයෙනි. එම නිසා එම ශාකය වඳ විමේ තර්ජනයකට මුහුණ පා ඇති ශාක විශේෂයක් ලෙස සැලකෙයි.

උඩවැඩියා ලෝකයෙන් සොයාගන්නා ලද අලුත්ම සාමාජිකාව පිළිබඳ එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කොට ඇත්තේ බයෝටැක්සා (Biotaxa) නමින් හැඳින්වෙන ශාස්ත්‍රාලීය සංග්‍රහයේ  පර්යේෂණ පත්‍රිකාවක් මඟිනි.

“මෙය අනාගත පරිසරවේදීන් දිරිමත් කරමින්, ඔවුන් අධීක්ෂණය කරමින් සහ නව දැනුම ලබා දෙමින් පරිසරවිද්‍යාව වෙත ගුණතිලක යුවළ විසින් සිදු කර ඇති මහඟු දායකත්වය  අගය කිරී‍මේ අපගේ නිහතමානි උත්සාහයක්,” යැයි මෙම අධ්‍යයනයේ මුල්තැන ගත්  බදුල්ල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෝහාරික පීඨයේ චම්පික බණ්ඩාර පවසයි.

වඳවී යාමේ අවදානම

new orchid 1

ගැස්ට්‍රෝඩියා කාණ්ඩයට අයත් වන්නේ ශාක දිලීර පෝෂී ශාකය; එනම් එම ශාක තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට දිලීර මත යැපෙයි.  සාමාන්‍යයෙන් එම ආහාර සබඳතාවයට දායකත්වය දෙන දිලීර විශේෂ,  ඒවා වැඩෙන  වාස්සථානයට  සුවිශ්ෂි වන නිසාම  එවැනි ආහාර සබඳතා ඇති  වන්නේ ද එවැනි සුවීශේෂී වාසස්ථානවලය. 

බණ්ඩාර පවසන පරිදි එම නව ශාක විශේෂය සොයාගෙන ඇත්තේ සිංහාරාජ වැසි වනාන්තරයේ මෙසුවා සහ ශෝරියා (සිංහරාජ වානාන්තරයේ දක්නට ලැබෙන ප්‍රමුඛ ශාක කාණ්ඩ දෙකක්) කාණ්ඩයේ ශාක විශේෂ බහුලව දක්නට ඇති  පහත්බිම් ප්‍රදේශයකය.

එම ඕකිඩ් ශාකයේ වාසස්ථානවල ස්වභාවික පරිසර තත්වයන්ගේ සිදුවන ඉතා කුඩා වෙනස්වීමක් විසින් පවා එම පරිසරයේ ජීවත්වන දිලීර ගහනයට බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇති අතර එම නිසාම තම පෝෂණ අවශ්‍යතා සඳහා දිලීර මත යැපෙන එම ඕකීඩ් ගහනයටද එම තත්ව වෙනස්වීම  සෘජුවම බලපායි.

මෙම නව ශාකයේ ඕකිඩ් පුෂ්පය සහ ඉන්දුනීසියාවට අයත්  ඒක‍දේශික ගැස්ට්‍රෝඩියා ස්පැට්‍යුලාටා (G. spatulata) නම් ඕකිඩ් ශාකයේ පුෂ්පයට තරමක සමාන ලක්ෂණ දරයි, එනම් එම මල්  දෙකම සුදු පැහැතිය, පුළුල්ව විවෘතව ඇත, පෙතිවල ඉදිරිපස දාරය පසුපසට නැවී ඇත. කෙසේ වෙතත් ගැස්ට්‍රෝඩියා ගුණතිලකියෝරම් (G. gunatillekeorum) මල් පෙති එහි මනි පත්‍ර දක්වාම විහිදෙන අතර ගැස්ට්‍රෝඩියා ස්පැට්‍යුලා පුෂ්පයේ දළ පත්‍ර පිහිටන්නේ මනිය තුළ නිදහස් රේඛීය පත්‍ර ලෙසය.

Potato orchids ලෙස ඉංග්‍රීසි භාෂාවේ පොදු නාමයෙන් හැඳින්වෙන ගැස්ට්‍රෝඩියා ඕකිඩ් ශාක කාණ්ඩයට විශේෂ 90 ක් පමණ ඇතුළත් වන අතර එම විශේෂ ඉන්දු- පැසිපික් කලාපය, අප්‍රිකාව, නවසීලන්තය මෙන්ම සයිබීරියාව වැනි උතුරු දිග ප්‍රදේශවල ද බහුලව පැතීරී ඇත.

 ශ්‍රි ලංකාවේ  මෙම නව සොයා ගැනීමට ප්‍රථම ගැස්ට්‍රෝඩියා කාණ්ඩයට අයත් වෙනත් විශේෂයක් ලෙස සොයා ගෙන තිබුනේ ගැස්‍ට්‍රෝඩියා සිලනිකා (G. zeylanica) නම් ඕකිඩ් විශේෂය පමණි. එම ශාකයෙන් ගැස්ට්‍රෝඩියා ගුණතිලකියෝරම් ශාකය වෙනස් වන්නේ, ගුණතිල‍කියෝරම් ශාක දේහය සාපේක්ෂව කුඩා වීම, මණිය ඇතුළත  දිස්වන කහ - තැඹිලි වර්ණය, සාපේක්ෂව කෙටි අධරිකාව (ඕකිඩ් පුෂ්පයක පහළට එල්ලා වැටෙන මල්ලක් වැනි කොටස) යන ලක්ෂණ නිසාය. එසේම ගැස්‍ට්‍රෝඩියා ගුණතිලකියෝරම් ශාකයේ ඇති තවත් ආවේණික ලක්ෂණයක් නම් වසරේ මල් හට ගැනීමේ සහ ඵල දැරීමේ කාල සීමාව කෙටි වීමය. එය සෑම වසරකම පෙබරවාරි අප්‍රියෙල් මාස අතර කාලයේ සිදුවෙයි.


මුල්ම හමුව

පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන සංස්කාරක චම්පික බණ්ඩාර ප්‍රථම වරට මෙම ඕකිඩ් ශාක විශේෂයේ  ශාක කිහිපයක් නිරීක්ෂණය කොට ඇත්තේ සිංහරාජ වනාන්තරයේ  ජෛව විවිධත්වය ඉතාමත් ඉහළ ප්‍රදේශයක් වන බෙවර්ලි තේ වතු යායට ඉහළින් මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනියාය නගරයට ආසන්න ප්‍රදේශයක දී, 2018 වසරේ අප්‍රියෙල් මාසයේදීය.

2019 වසරේ මාර්තු මස දී බණ්ඩාර විසින් නැවතත් එම ශාක විශේෂය නිවර්තන කලාපීය වන ජීවි විද්‍යාව සහ ගෝලීය නිරික්ෂණ මධ්‍යස්ථානයේදී නිරීක්ෂණය කරන ලද අතර එම ප්‍රදේශය මෙවර රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වූ අතර  ඉන් පසු එම ප්‍රදේශයේ බටහිර දිග සීමාවට ආසන්නව නැවතත් ඔහුට එම ශාක විශේෂය දැක ගත හැකි විය.

සිංහරාජ  වැසි වනාන්තරයේ බටහිර සහ දකුණු දිග ප්‍රදේශ වල වෙනස් ස්ථාන තුනකදී පමණක් මෙම ශාක විශේෂය සොයා ගෙන ඇති නමුත් ඒවා සංරක්ෂණය කිරීමේදී එය එක් විශේෂිත ස්ථානයකට පමණක් සිමා විය යුතු යැයි පර්යේෂකයෝ පවසති.

new orchid 2එම ඕකිඩ් ශාක සියල්ලම සොයා ගෙන ඇත්තේ දිරාපත් කොළ රොඩු  බහුලව ඇති ස්ථානවලදීය. එම වාසස්ථාන ඉතාමත් කුඩා වීමත්, එම වාසස්ථානවල දැකිය හැකි විශේෂතා නිසාත් එම වාසස්ථාන වල සිදුවන ඉතා කුඩා පරිසර වෙනස්කමක් පවා දිලීර වල පැවැත්මට හානි දායක වීමට ඉඩ ඇත. ඕකිඩ් ශාකය සිය පෝෂණ අවශ්‍යතා සඳහා මුළුමනින්  එම ස්ථානවල පවතින දිලීර විශේෂ මත යැපෙන නිසා, යම් හෙයකින් එම දිලීර විනාශ වුවහොත් එය මෙම ඕකිඩ් ශාකයේ පැවැත්මට  සෘජුවම බලපායි.

නව ඕකිඩ්  ශාකය දකින්නට ලැබෙන මෙතෙක් සොයා ගෙන ඇති වාසස්ථාන වලින් දෙකක් දෙනියායේ සිංහරාජ සදාහරිත වැසි වනාන්තර පිහිටා ඇති රක්ෂිත ප්‍රදේශවලත්, අනෙක් වාසස්ථානය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශයකත් පිහිටා ඇත. 

මෙම ශාක ගහන ත්‍රිත්වයම නිරීක්ෂණය කරන්නට හැකි වී ඇත්තේ දිගු කාලීන වනාන්තර නිරික්ෂණ කලාප තුළය. එම නිසා පර්යේෂකයන් මෙම ශාක ගහනවල ගතිකයන් සහ පරාගනය සිදුවීම පිළිබඳ අධ්‍යයනය කිරීමට සැලසුම් කොට ඇත.

මේවනට විට මෙම ඕකිඩ් ශාකය නිරීක්ෂණය කිරීම සිංහරාජ වැසි වනාන්තයේ නිවර්තන පහත් බීම් වලට සීමා වී ඇති නමුත් ඊට ආසන්න ප්‍රදේශවලද එම ශාකය පවතින්නේ දැයි අධ්‍යනය කිරීමට අදහස් කරගෙන සිටින බව පර්යේෂණ පත්‍රිකාවේ සම කර්තෘ, හොං කොං හි උද්භිද විද්‍යා පර්යේෂක පන්කජ් කුමාර් පවසයි.


-සුභාෂිණි චතුරිකා

(මෙය MONGABAY  වෙඩ් අඩවියේ 2020  මැයි මස පළමුවැනිදා පළ වුණු දිල්රුක්ෂි හඳුන්නෙත්ති විසින් සම්පාදනය කරන ලද  From a Sri Lankan rainforest, a new species of orchid blooms ලිපියේ පරිවර්තනයකි.)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...