1200 x 80 DMirror

"එම්බා කූඹියනි,
ලෑස්ති වෙයල්ලා විදවන්ඩ
සුළු ජාතික වීමේ
වරදට!"


යන එන අතර නිතරම
පයින් ගැහුවට විසිර යන්නට
වෙහෙසින් තැනූ පස් ගුල
පාගලත් ඇති ඉද හිට
රබර් සෙරෙප්පු දාගෙන
මහ ලොකු දෙයක් යැ ඒක
දැනුනෙවත් නෑ කකුලට..

උන් දැන් ඇවිත් මගෙ ඇඳට
කනවා රෑ එළි වෙනකම්ම
මුන් හදන්නෙ අල්ලගන්ඩ
මගේ මුළු ගෙදරම

"මේක මං උපන් ගේ බොලව්"

මරනවා කියලත් ඉවරයක් නෑ
තැන තැන පේනවා වරින් වර
මං ලිව්වා බිත්තිවල හැමතැනම
"මේ රට මගෙ රට, මා ඉපදුනු රට*"
උනුත් ලියලා තිබ්බා හීනියට
"අපි දන්නවා ගන්න හැටි අයිතිය"

මිත්‍රවරුණි සැලුනාද?
මං ගිනිතිබ්බා මුළු ගේම
දැන් පුලුවන්නම් ගනින්
සින්නක්කරේට ම මේ බිම.

-ගගන ලක්සර වර්ණකුලසුරිය-

'ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්?' කවි එකතුවෙන්


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්